Trending

Tiger Cage II (1990) Sinhala Subtitle

            Donnie Yen කියන්නේ ලංකාවේ සිනමා ලෝලීන්ට දෙපාරක් මතක් කල යුතු නලුවෙක් නෙවෙයිනෙ. පොඩි හරි ටියුබ් ලයිට් කාරයෙක් හිටියොත් Ip Man කිව්වොත් ටක්කෙටම මතක් වෙනවා. ඩොනීගෙ තවත් පරණ ෆිල්ම් එකක් වුනු In The Line of Duty 4 [1989] එකටත් මන් කලින් සබ් එක දීලා තියෙනවා. ඩොනීගෙ ෆෑන් කෙනෙක් නම් බැලිය යුතුම ෆිලුමක් ඒකත්. Ip Man ෆිල්ම් සෙට් එක හරහා නව පරපුරේ අතිශය ජනාදරයට පත් Donnie Yen ගේ ඉතාමත්ම ජනප්‍රිය වූ පැරණි සිනමා පටයක් තමයි Tiger Cage 2 කියන්නෙ. දැන් ඔයාල බලයි කෝ පළවෙනි කොටස කියලා. පළවෙනි කොටසෙත් ඩොනී ඉන්නවා. හැබැයි ප්‍රධාන චරිතෙට නෙවේ. මැදදි මැරෙනවත් එක්ක. හැබැයි කතා දෙකේ කිසිම සම්බන්ධයක් නෑ. ඒ නිසා “එක” බැලුවෙ නෑ ප්‍රශ්නයකුත් නෑ.

        Tiger Cage 2 හොංකොංහීදී මුලින්ම ප්‍රදර්ශනය ආරම්භ කලේ 1990 අගෝස්තු 11. විනාඩි 96 ක ධාවන කාලයක් සහිතයි. Action, Crime, Thriller, Martial Arts, Comedy යන ගණවලටයි වැටෙන්නෙ. සුපිරි සටන් ගොන්නකින් පිරුණු පට්ට කොමඩියක්. වෙලාව යනව තේරෙන එකක් නෑ. ජෙට් ලි රඟපෑ Tai Chi Master [1993], ජැකී චෑන්ගෙ Drunken Master [1978] සහ Snake in the Eagle’s Shadow [1978] වැනි අතිශයින් ජනප්‍රිය චිත්‍රපට සිනමා ලෝකයට දායාද කල Yuen Woo-Ping ගේ අධ්‍යක්ෂනයක්. Donnie Yen (ඩ්‍රැගන්) සමඟ රංගනයෙන් දායක වෙනවා තවත් ජනප්‍රිය සටන් නලුවෙක් වන Robin Shou (චෝ වයි-සැන්ග්). මතක ඇතිනෙ Mortal Kombat චිත්‍රපට දෙකේ කතා නායකයා. ඊට අමතරව Rosamund kwan (මන්-වායි), David Wu (ඩේවිඩ්) සහ එකල තවත් දක්ෂ සටන් නිළියක් වුනු Cynthia khan රංගනයෙන් එකතු වෙනවා.

           ඩේවිඩ් ඇමෙරිකාවේ සිට හොංකොං එන්නෙ විශාල මුදලක් අරගෙන. ඒක කලු සල්ලි සුදු කිරීමේ වැඩක්. ඒ ක්‍රියාවලිය මෙහෙයවන්නේ හොංකොංවල බලවත් පුද්ගලයෙක් වන නීතිඥ චෝ වයි-සැන්ග් විසින්. ඒ වගේම ඔහු දක්ෂ සටන් ශූරයෙක්. ඩේවිඩ්ගේ හොඳම යාලුවෙක්. නමුත් මේ අති විශාල මුදල් තොගය කොල්ලකන්න චෝ සැලසුම් කරනවා. එහිදී දරුණු සටනක් සහ වෙඩි හුවමාරුවක් සිදුවන අතර සල්ලි බෑගය අතැතිව සිටි ඩේවිඩ්ගේ මිතුරා ඇතුලු කීප දෙනෙක්ම මරණයට පත්වෙනවා. සල්ලි බෑගය අතුරුදන් වෙනවා. වුනු දෙයක් කාටවත් හොයාගන්න බෑ. දන්න එකම කෙනා වන ඩේවිඩ්ගෙ යාලුවත් මැරිලා. අන්තිමේදී මේ සිද්ධියට සැක පිට දෙදෙනෙක්ව අත් අඩංගුවට ගන්නවා. ඒ ටිකක් පිස්සු තියෙන නීතිඥවරියක් වන මන්-වායි සහ හිටපු පොලිස් නිලධාරියෙක් වන නාහෙට අහන්නෙ නැති ඩ්‍රැගන්. මේ දෙන්නට දෙන්නත් පෙන්නන්න බෑ. ඒත් දෙන්නටම එකට මාංචු දැම්මට පස්සෙ අකමැත්තෙන් වුනත් එකට වැඩ කරන්න වෙනවා. මේ දෙන්නගෙ එකම අභිප්‍රාය ඔවුන්ගෙ නිර්දෝෂීභාවය ඔප්පු කරගැනීමයි. කුරිරු චෝ වයි-සැන්ග් එක්ක ඒක ලේසි පහසු දෙයක් නම් වෙන්නෙ නෑ. මොකද චෝත් මෙයාලගෙ පස්සෙ පන්නනවා. චෝ, ඩේවිඩ් හැමෝම හිතන් ඉන්නෙ සල්ලි තියෙන්නෙ මේ දෙන්නා ගාව කියලයි.

මේ චිත්‍රපටයෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියලා විශේෂයෙන්ම කියන්න ඕනෙ. සටන් ගැටුම් ඇරුණම පවුලේ සැමට එකට සිට විනෝදයෙන් නැරඹිය හැකි චිත්‍රපටයක්.

ජය වේවා.

QUALITY // 480p – 350MB // 720p – 880MB // 1080p – 1.6GB

SUB FORMAT // SRT // IDXTV

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
183 Movies
0 TV Series
183 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 884.2 MB x264
1080p bluray 1.6 GB x264
▲10 · ▼0
Magnet GET
Discussion (2)
  • Udaya prasanna User
    Android 11 Chrome 104

    සුපිරි බ්‍රෝ ජය වේවා!!!!

  • Rasika Samanjith Admin
    Windows 10 Chrome 107

    Thanx Saho.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search