U.S. Marshals (1998) Sinhala Subtitle
ඉතින් අපේ හැම සොහොයුරෙක්ම හොඳින් කියල හිතනවා, තවත් සබ් එකක් අරගෙන තමයි ආවෙ, වෙනසකටත් එක්ක Wesley Snipes ගෙ ෆිල්ම් එකක්, වෙස්ලි ස්නයිප්ස්ගෙ ෆිල්ම් හැමෝම වගේ බලල තියෙනවා, මේකත් අනිවාරයෙන්ම බලන්න ඇති, එයාගෙ ෆිල්ම් ගැන අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑ, මේ ෆිල්ම් එක එයාගෙ ආපු සුපිරිම ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි, මොකද 1998 මාර්තු 6 වෙනිද, ඇමෙරිකාවෙදි තිරගතවුනු මේ ෆිල්ම් එකට නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ගිහින් තියෙනවා, අවසර පත් වලින් ගත් ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 102.4, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 88% ලැබිල, IMDB අගය 6.5, අධ්‍යක්ෂණය Stuart Baird.
ෆිල්ම් එකේ කතාවත් චුට්ටක් මතක් කරන්නම්, ඇමෙරිකානු විශේෂ පොලිස් බලකායට අයත් සිරකරුවන් පිරිසක් ගුවන් යානයකින් ප්‍රවාහනය කරන අතරතුර යානය උඩදි අනතුරට පත් වෙනවා, ගුවන් නියමුවා යානය පාත් කරන්න උත්සාහ කලත් අන්තිමේදි යානය ගංගාවකට පෙරලෙනවා, යානයේ ඉන්න පොලිස් නිලධාරීන් සිරකරුවන්ව එලියට ගන්න උත්සාහ කරන අතරතුර එක සිරකරුවෙක් පලා යනවා, අන්න ඔහු තමයි වෙස්ලි ස්නයිප්ස්, මිනීමැරුම් දෙකක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නෙ, ෆිල්ම් එකේ හැටියට ඔහු ඇමෙරිකානු විශේෂ බලකාය ඇතුළු රාජ්‍ය අංශ කීපයක රාජකාරි කරල තියෙනවා, ඉතින් මේ යානය කඩා වැටෙන ගංගාව වටේටම තියෙන්නෙ කැලෑබද ප්‍රදේශයක්, වෙස්ලි පලා යන්නෙ මේ කැලෑබද ප්‍රදේශය හරහා, පොලිස් සුනඛයන් ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක්ම ඔහුව අල්ලන්න සෝදිසි මෙහෙයුම් දියත් කරනවා, අපි බලමු එතනින් එහාට කොයි විදිහට සිද්ධ වෙයිද කියල, නවතින්න කලින් මතක් කරන්නම් Subz.lk වෙබ් අඩවියට යන එන සියළුම සොහොයුරන්ව, සියළුම දෙනාට ජයෙන් ජයම වේවා!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
ela ekak bro