Under the Dog (2016) Sinhala Subtitle
Under The Dog Anime සිතුවම කතාංග 26 සමන්විතව නිර්මාණය කිරීමට අදහස් වී තිබුණත් පසුව කෙටි චිත්‍රපටයක් Episode 0 ලෙස නම් කර නිර්මාණ කරුවන්ගේ අදහස එලි දැක්වීමට හා කතාවේ චරිත හදුන්වා දීමට කතාංගයේ බොහෝ හිස්තැන් සහිතව 2016 වසරේ ඉදිරිපත් කරනවා
හනා ටොගෙට්සු Flowers නමින් හැදින්වෙන බුද්ධි සංවිධානයකට සේවය සපයන උසස් පාසල් සිසුවියකි. මෙම කල්ලියේ සාමාජිකයන් වැඩි දියුණු කරන ලද හැකියාවන්ගෙන් යුක්තයි.
මෙම කතාවේ ප්‍රධාන මාතෘකාව “Our enmy is the light of humanity” “අපේ හතුරා මනුෂ්‍යත්වයේ ආලෝකය” යන්නයි. මේ කතාව අවසානය වෙනකන් නැරඹුවත් එයට පිළිතුරක් මෙම කතාවෙන් ඔබට සොයා ගන්න අපහසු වෙයි.
වැඩි දියුණු කරන ලද ඝාතකයින්, පැන්ඩෝරා නමින් හැදින්වෙන ජීවින් මෙම කතාව තුල හමුවුනත් ඔවුන්ගේ ආරම්භය, විකාශය පිළිබද කිසිදු දෙයක් චිත්‍රපටය පුරාවට සොයා ගන්න ලැබෙන්නේ නෑ.
මෙම පැන්ඩෝරා නම් ජීවීන් මිනිසුන් නිර්මාණය කලාද, නැතිනම් වැඩි දියුණුකරන ලද ඝාතකයින් නිර්මාණයේ අතුරුඵලයක්ද යන්න සිතා ගැනීම නරඹන්නා සතුයි.
මෙම විශේෂ ඝාතකයන්, පුද්ගලයින් Black සහ White කියලා වර්ණ දෙකකට වෙන් කරගෙන තමයි ඝාතනය කරන්නේ.ඔවුන් සෑම තැනම white පුද්ගලයා සොයා යනවා.ඒ ඔවුන්ගේ කල්ලියේ අරමුණයි. ඔහු උසස් පාසල් සිසුවෙක්.හමුදාවේ අයත්, පැන්ඩෝරා ජීවීන් මොහුව සොයා යන නිසා හනා ටොගෙට්සුගේ මෙහෙයුම ඒ සියලු දෙනාගෙන් ඔහුව බේරා ගෙන රැගෙන ඒමයි.
පැන්ඩෝරා ජීවීන් කියන්නේ කවුද?
පුද්ගලයින් Black සහ white කියලා වර්ග කරන්නේ කොහොමද?
පැන්ඩොරා ජීවීන් Black නම් ඔවුන්ට White පුද්ගලයන් සමග ඇති සම්බන්ධය මොකක්ද?
White පුද්ගලයෙකු නිරුපද්‍රිතව ලැබුනොත් ඔවුන්ගේ සියල්ල විසදෙන්නේ කෙසේද?
යන ප්‍රශ්න අවසානයේ ඉතිරි වෙයි .ඒවාට පිළිතුරු සිතා ගැනීම ඔබට භාරයි
Under the Dog කතාවේ නිර්මාණ කණ්ඩායම විසුරුවා හැරීම නිසා කතාව අතර මග නැවතුනත් රචකයාගේ තීරණය මත ඉදිරීයේදී නැරඹීමට හැකි වුනොත් ඉහත ප්‍රශ්න සියල්ලට තොරතුරු සොයා ගන්න පුළුවන් වෙයි.
නියමයි සහෝ.බොහොම ස්තූතියි සබ් එකට.one punch man season 2 සබ් දෙනවද?.season 1 නම් සබ් තියෙනවා සයිට් එකේ.දිගටම ඇනිමේ වලට සබ් දෙන්න.ජය වේවා!
Anime series ekkta sub karana gamn inne
Eka iwara wela try ekak dennam
නියමයි සහෝ
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍…
ජය වේවා.!
ස්තූතියි සහෝ comment එකට
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
ස්තූතියි සහෝ comment එකට
බොහොම ස්තුතියි…!!
ස්තූතියි සහෝ Comment එකට