Trending

Une vie de chat (2010) Sinhala Subtitle

පැරීසියේ බළලෙක්

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මම කල්පනා කලා ප්‍රංශ සජීවීකරණ චිත්‍රපටයක සිංහල උපසිරැසිය ඔබ වෙත රැගෙන එන්නට. 2012 වසරේදී ඔස්කා සම්මානයකටද නිර්දේශ වූ මෙහි ප්‍රංශ නාමය වන්නේ Une vie de chat (2010) වන අතර ඉංග්‍රීසියෙන්නම් A Cat In Paris ලෙසයි හැඳින්වෙන්නේ. ඇලෙන් ගැග්නෝගේ රචනයෙන් ඔහුගේත් ජීන්-ලූප් ෆෙලිෂියොලිගේ අධ්‍යක්ෂණයෙනුත් නිර්මාණය වන මේ අපූරු චිත්‍රපටය IMDb වෙතින් 6.9 ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 83%ක අගයක්ද, ගූගල් පරිශීලක ප්‍රසාදය 88%ක්ද වශයෙන් ලබාගෙන තිබෙනවා. චිත්‍රපටය ගැන කියනවනම් මෙය ප්‍රංශ නිර්මාණයක් නිසාම අප හැමදෙනා හොඳින් හඳුනන ටින් ටින් නිර්මාණයේ යම් ලක්ෂණද, ඊටත් වඩා ඔබ අප හොඳින් හඳුනන, පසුගිය වසරේ අප අතරින් සමුගත්,අපේ ලමාකාලය හැඩ කල, සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ශිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මහත්මියගේ චිත්‍රවලට සම් සමානකමක්ද මේ තුලින් දැකගන්නට පුළුවන් යම් අවස්ථාවල. දැන් අපි යමු කතාව දෙසට…

සෝයි යනු කුඩා දැරිවියක්, පොලිස් නිලධාරිනියක් වන ඇගේ මව හා ජීවත්වන ඇයට සිටිනවා සුරතලෙක්, ඒ තමයි ඩීනෝ. හැබැයි දවාලට සුරතලාගේ චරිතය රඟපාන මේ ඩීනෝ රාත්‍රියට තවත් රාජකාරියක් කරනවා, ඒ නිකෝ නම් ගෙවල් බිඳින්නෙකුගේ හවුල්කරුවා විදියට. එක් දිනෙක ඩීනෝ පසුපස යන සෝයි විශාල කරදරයක පැටලෙනවා. එතනින් එහාට නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

ලබාදී ඇති උපසිරැසිය ඉංග්‍රීසි බසින් හඬකැවූ Blu-ray පිටපත් සඳහා වේ.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Direct download
Direct
Torrent / magnet link
Torrent
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 592.75 MB x264
▲2 · ▼2
Magnet GET
1080p bluray 1.19 GB x264
Discussion (2)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  • Madusha Unregistered
    Windows 10 Opera 75

    බොහොම ස්තූතියි සහෝ

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search