The Vatican Tapes (2015) Sinhala Subtitle
හැමදාම වගේ Site එකට ඇවිත් Sub බාගෙන යන එකේ වෙනසකටත් එක්ක සබ් එකක් ලියන්න හිතුවා.මේ මගේ පළවෙනි සබ් එක.මේකෙ අඩුපාඩු ගොඩක් ඇති මං අලුත් නිසා එව්වා පෙන්නලා දෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.ඒවගේම තවත් පොඩි දෙයක් කියන්න තියනවා.මේ ෆිල්ම් එක ක්‍රිස්තියානි ආගමට ගොඩක් දුරට සම්බන්දයි.මං ඒ ගැන ලොකු දැනීමක් නෑ.ඒත් පුලුවන් තරම් හොදට පරිවර්තනය කලා කියලා හිතනවා.එහෙනම් ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමුකෝ …
කතාවට පාදක වෙලා තියෙන්නේ Christopher Bo විසින් රචනා කරන ලද කතාවක්.ඒ කතාව ඇසුරු කරගෙන Chris Morgan විසින් පිටපත ලියා තිබෙන අතර Mark Neveldine විසින් චිත්‍රපටය අධ්‍යයක්ශනය සිදු කර තිබෙනවා.මේකට 4.5 IMDb අගයක් තමා ලැබී තියෙන්නේ. මේ සේයා පටය මිනිත්තු 91ක කාලයක් ධාවනය වෙනවා.මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන්නන් ගැන කිව්වොත්..
Olivia Dudley -Anjela
Dougray Scott -Roger Holmes
Micheal Pena -Father Lozano
Jhon Patrick -Pate
Peter Andersson -Cardinal Bruun
මේ ඉන්නෙ මේකෙ ඉන්න ප්‍රධාන නලු නිලියන් කිහිපදෙනෙක් විතරයි. කොහොම උනත් ඔයාල ඉන්න නලු නිලියො ගැන වැඩිය හිතන්නෑනෙ…….
කථාවේ සාරාංශය කෙටියෙන් ගත්තොත් ඇන්ජෙලා නම් තරුණියට යක්ශයෙකු ආවේස වීමක් හා ඇයව බේරා ගැනීමට දරන උත්සහය මේ චිත්‍රපටිය පුරා, දැකගන්න පුලුවන්.කේක් කෑල්ලක් කපන්න යෑමේදී සිදුවන පුංචි තුවාලයක් නිසා මේ යක්ශයා ඇතුලුවෙනවා.ඒ වගේම Raven යනුවෙන් හදුන්වන කලු කපුටාගේ බලපෑම නිසා තත්වය එන්න එන්නම දරුනු වෙනවා.
ඇත්තටම කිව්වොත් මේක තරමක් බිය උපදවන සුලු ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි.ඉතින් මේ යක්ශයා සමග සටන් කර ඇන්ජෙලාගේ දිවි බේරා ගැනීමට හැකිවේද ? ඉතින් කාටත් බලන්න කියල ආරාධනා කරනව ෆිලුම. එහෙනම් ඉතින් අදට සමුගන්නව. ආපහු ඉක්මනින්ම එන්නම්…සියලු දෙනාටම ජය…෴
සුපිරි මචන්…
දිගටම උපසිරැසි දෙමු…
-Good Luck-
Thanks bro
elazzzz bro
Thanks brother and good luck.
movie download link ko bn???