ඔන්න එහෙනම් මගේ 4 වෙනි උපසිරැසියත් ගෙනාවා. මගේ කලින් උපසිරැසි වලටත් කට්ටිය ෆුල් සප් එකක් දීලා තිබ්බා.ඒකට ගොඩක් ස්තූතියි.!
Wastelander (2018)
මේ ෆිල්ම් එකත් රිලීස් වෙලා වැඩි දවසක් නෑ. ජනවාරි 12 වෙනිදා තමයි මේක රිලීස් උනේ. මේක Action, Adventure, Sci-Fi යන කාණ්ඩ වලට තමයි අයත් වෙන්නෙ.මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Angelo Lopes විසින්. මේ ෆිල්ම් එක පැය 1 යි මිනිත්තු 30 ක් පුරාවට ධාවනය වෙනවා.
නලුවො නිලියො සෙට් එක ගැන කිව්වොත්,
*Brendan Guy Murphy – Rhyous
*Carol Cardenas – Neve
*Jon Proudstar – Solek
*David Morden – Duran
*Sian Vilaire – Miranda
*Aaron Stielstra – Hildenstern The Cyber
කියන නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කිව්වොත්, හිටපු සොල්දාදුවෙකු විසින් තම අහිමි වූ නිවස හා පවුලේ අය සොයා යයි. එහිදී ඔහු ජනප්‍රවාදයක් වන ඊඩන් සොයා යන බවට බෙනඩික් කියලා පුද්ගලයෙක් දැනගන්නවා. එතනින් එහාට කතාව කිව්වොත් හරි නෑනෙ.ඒ නිසා ඔයාලම කතාව බලන්න කියලා ආරාධනා කරනවා. තව දෙයක් මම නිර්දේෂ කරනවා වැඩිහිටි අයට මේක බලන්න කියලා. එහෙනම් තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු….
එහෙනම් ගිහින් එන්නම් ජය වේවා…!!!
සුප්පා බන්..දිගටම දෙමු..tv series එකක් කරමුනේ. Kungfu panda tv series එකට සබ් කරපන් පුලුවන්නම්..ජය වේවා
thankz kave nice job😀