47 Meters Down: Uncaged (2019) Sinhala Subtitle
ආයුබෝවන් කියලා පිලිගන්නවා Subz LK රසික රසිකාවියන්ට. ඔන්න අදත් මම ෆිල්ම් එකකට උපසිරැසි දෙන්න තීරණය කළා. මේ ෆිල්ම් එකේ පලවෙනි කොටස අපේ ඇඩ්මින්තුමෙක් වෙන සමීර සහෝ දුන්නා. ඔන්න ඉතීන් අද මම අරන් එන්නේ ඒ ෆිල්ම් එකේ මේ අවුරුද්දේ නිකුත් වුන දෙවෙනි කොටස.
47 Meters Down: Uncaged (මීටර් 47ක් පතුලට)
මෙම සිනමා පටය එලිදැක්වුනේ 2019 අගෝස්තු 16 වෙනිදා.මෙහි අධ්‍යක්ෂණය Johannes Roberts යන අයගේ වන අතර නිෂ්පාදනය සදහා Mark Lane සහ James Harris යන දෙපල දායකත්වය සපයා තිබෙනවා. කතාවේ පිටපත් රචකයින් වන්නේ අධ්‍යක්ෂණ භූමිකාව කල JohannesRoberts සහ Enerst Riera යන දෙදෙනා වනවා. ච්ත්‍රපටයක් නරබන්න ගියහම සුපුරුදු ලෙස අපි කවුරුත් අවධානය යොමු කරන IMDb දර්ශකයේ 5.1 ක අගයක් මෙම සිනමා පටය ලබාගෙන තිබෙන අතර Rotten Tomatoes (කුණු තක්කාලි) දර්ශකයේ 43% ක අගයක් ලබාගෙන තිබෙනවා.
හොදයි අපි කතාව ගැන කිව්වොත්,
මේ කතාව මෙක්සිකෝවේ ඉන්න ගැහැණු ළමයි දෙන්නෙක් වටා තමයි ගලාගෙන යන්නේ. ඉතින් මේ ගැහැණු ළමයි දෙන්නාගේ තාත්තා කිමිදුම්කරුවෙක්. ඉතින් ඔවුන්ගේ තාත්තා එහි තියෙන වැවකින් ගුහාවක් හොයාගෙන තියෙනවා ඒ වගේම ඒක හාරනවා. ඉතින් මේ ගුහාව ඇතුලේ තියෙනවා පැරණි ඓතිහාසික දේවස්ථානයක් වතුරට යට වෙච්ච. ඉතින් එයාගේ දුවලා දෙන්නා වන ඇලෙක්සා සහ මේරි යාළුවන් දෙදෙනෙක් සමග මේ දේවස්ථානය බලන්න යනවා යාලුවෙක්ගෙ කීමට. ඉතින් ඒ අතර තුර මොරන්ගේ ප්‍රහාර වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් ඔහොම තමයි කතාව ගලාගෙන යන්නේ. වැඩි විස්තර ඕනේ නැහැ ඔයාලම බලලා කතාව ගැන අදහසක් පහලින් දාගෙන යන්න! තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔබට ජය!
Four teenage divers discover that the sunken ruins of a Mayan city are also a hunting ground for deadly great white sharks. With their air supply steadily dwindling, the frightened girls must navigate the underwater labyrinth of claustrophobic caves and eerie tunnels in search of a way out of their watery hell.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.
Thanks jayawewa…..!
තෑන්ක්ස් සබ් එකට 👊👍 පුළුවන් නම් BR copy එකක් ආවම සබ් එක update කරන්න 😊
Supiri film1k thanks sub ekata jayawewa budusaranai
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thanks….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ඔබට ජය👌👌
සබ් වලට බොහොමත්ම ස්තූති