Apprentice (2016) Sinhala Subtitle
ආයුබෝවන් Subz LK හැමකෙනෙක්ටම.හොලිවුඩ් චිත්‍රපටයකට (Baywatch) සබ් දීපු නිසා වෙනසකටත් එක්ක සිංගප්පූරු චිත්‍රපටයකට සබ් කලා මේ පාර.ඇත්තටම මේ ෆිල්ම් එකට සබ් කරන්න අත තිබ්බෙ මීට මාස දෙකකට විතර කලින්.ලයින් 100ක් විතර කරල පැත්තකට දාල තිබිල ඊයෙ හාඩ් එක අවුස්සද්දි ආයිත් හම්බවුණා.සිංගප්පූරු ෆිල්ම් අපේ චිත්‍රපට රසිකයින්ට වැඩිය නුපුරුදු වුණත් බලන්න වටින එකක් නිසාත් ලයින් වැඩිය නොතිබුණ නිසාත් 😀 සබ් එක ඉවරකරල දෙන්න හිතුන.
මේ චිත්‍රපටය නමින් Apprentice (2016).මේ වසරේ මාර්තු 3 එක්සත් ජනපදයේදී තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Junfeng Boo ගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ Firdaus Rahman (අයිමන්), Wan Hanafi Su (රහීම්), Mastura Ahmad (සුහයිලා) ඇතුළු නළු නිළි පිරිසක්.IMDB අඩවියෙන් 6.6 ක අගයකුත් Rotten Tomatos ලගෙන් 88%ක අගයකුත් ලබාගන්න සමත් වුණ මේ චිත්‍රපටය සම්මාන 5කට නිර්දේශ වී සම්මාන 6ක් ලබාගන්නත් සමත් වෙනවා.එසේම මෙය 2016 කැනාස් චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශන කල අවස්ථාවේ එහි සිටි සියලු දෙනා අසුන්වලින් නැගිට විනාඩි 8ක් එකදිගට අත්පොළසන් (standing ovation) දුන් බවද IMDB අඩවියේ සඳහන් වෙනවා .මේ චිත්‍රපටය අයත් වෙන්නෙ නාට්‍යමය (Drama) ඝනයට ඒ නිසා ඇක්ෂන් ෆිල්ම් බලන කෙනෙක්ටනම් මේ චිත්‍රපටය හිතට නොඅල්ලන්න පුළුවන්.නමුත් සරුව පිත්තල සිනමා ලෝකයෙන් ටිකකට මිදිල සැබෑ ලෝකයට එබිල බලන්න කැමති අයට මේ චිත්‍රපටය අල්ලල යාවි ඒ වගේම මේ ශිල්පීන්ගේ රංගනයත් ඉතාම ඉහළ තත්වයක තියන බවත් කියන්නම ඕනෙ.චිත්‍රපටයේ කතාව පැත්තට යන්න කලින් මෙහෙම ආරම්භයක් ගන්නම් මම…
“මරණ දණ්ඩනය” මේ ලෝකය තුල වරදකට ලැබියහැකි ඉහළම දඬුවම.අපේ රටේ අදවනවිට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමක් නොකෙරුණත් එය ක්‍රියාත්මක විය යුතු බවට ලොකු කතිකාවතක් සමාජය තුල තියනවා.එසේ වුණත් ලෝකයේ බොහෝ රටවල මරණ දණ්ඩනය ක්‍රියාත්මකයි.එය විවිධ ක්‍රමවලින් ක්‍රියාවට නැගුවත් වඩාත් ප්‍රසිද්ධම ක්‍රමයඑල්ලා මැරීමයි.එසේම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනා තැනැත්තා අපේ භාෂාවෙන් කිව්වොත් අළුගෝසුවාට සමාජයෙන් ලැබෙන්නේ ඒතරම් හොඳ පිළිගැනීමක් නෙමෙයි.මේ චිත්‍රපටයත් මේ තනතුර වටා ගෙතුණ කතාවක්…
අයිමන් කියන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන තරුණ නිලධාරියෙක්.ඔහුගේ තනතුර තමයි බන්ධනාගාර කාර්මික වැඩහල් පරීක්ෂක.ඔහුට ලැරැන්ගන් නම් බන්ධනාගාරයට ස්ථාන මාරුවක් ලැබෙනවා.මේ බන්ධනාගාරයෙත් මරණ දණ්ඩනය දීමේ කටයුත්ත කෙරෙනවා.නමුත් ඔහු මේ බන්ධනාගාරයට එන්නේ හිතේ යමක් තියාගෙනයි.ඒ වගේම ඔහුගේ ජීවිතයට මේ බන්ධනාගාරයේ අතීත සම්බන්ධතාවක් තියනවා.එයට සම්බන්ධ තැනැත්තාවත් ඔහුට හමුවෙනවා.තමන්ගේ සුපුරුදු රාජකාරිය කරගෙන සිටියත් අවසානයේ ඔහුට බාරවෙනවා ඔහු සිහිනෙන්වත් ප්‍රාර්ථනා නොකල රාජකාරියක.මීට වඩා කිව්වොත් කතාවෙන් වැඩක් නැති නිසා මම මෙතනින් නවතින්නම්.ආයිත් දවසක තවත් චිත්‍රපටයකින් හමුවෙමු.ඒ වගේම හොඳ පිටපතක් නිකුත් වූ සැනින් Spider Man Homecoming උපසිරැසිය අරගෙන එන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ…රැඳී ඉන්න SubzLk එක්කම!!!
Spoiler Warning : Aiman, a 28-year-old Malay correctional officer, is transferred to the territory’s top prison. At his new job, he is asked to become an apprentice to Rahim, the facility’s executioner. Aiman tells his sister of his new position, and she becomes upset when she realizes their father was actually executed by Rahim. Aiman knew this all along. Aiman must overcome his conscience and a haunted past if he wants to become the next chief executioner…
menna Direct link aka
Direct link 720p https://bdupload.info/7lu3bqlweojj
Direct link 720p https://clicknupload.org/ayqgots7ydut
menna Direct link aka hema film akema link ganna enna
http://taridusagaradl.blogspot.com/search?q=Apprentice+2016+720p+BRRip+700+MB+–+iExTV
link ganna enna onaama ekak
https://www.facebook.com/tharidu.sagara.79