Apprentice (2016) Sinhala Subtitle
ආයුබෝවන් Subz LK හැමකෙනෙක්ටම.හොලිවුඩ් චිත්‍රපටයකට (Baywatch) සබ් දීපු නිසා වෙනසකටත් එක්ක සිංගප්පූරු චිත්‍රපටයකට සබ් කලා මේ පාර.ඇත්තටම මේ ෆිල්ම් එකට සබ් කරන්න අත තිබ්බෙ මීට මාස දෙකකට විතර කලින්.ලයින් 100ක් විතර කරල පැත්තකට දාල තිබිල ඊයෙ හාඩ් එක අවුස්සද්දි ආයිත් හම්බවුණා.සිංගප්පූරු ෆිල්ම් අපේ චිත්‍රපට රසිකයින්ට වැඩිය නුපුරුදු වුණත් බලන්න වටින එකක් නිසාත් ලයින් වැඩිය නොතිබුණ නිසාත් 😀 සබ් එක ඉවරකරල දෙන්න හිතුන.
මේ චිත්‍රපටය නමින් Apprentice (2016).මේ වසරේ මාර්තු 3 එක්සත් ජනපදයේදී තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Junfeng Boo ගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ Firdaus Rahman (අයිමන්), Wan Hanafi Su (රහීම්), Mastura Ahmad (සුහයිලා) ඇතුළු නළු නිළි පිරිසක්.IMDB අඩවියෙන් 6.6 ක අගයකුත් Rotten Tomatos ලගෙන් 88%ක අගයකුත් ලබාගන්න සමත් වුණ මේ චිත්‍රපටය සම්මාන 5කට නිර්දේශ වී සම්මාන 6ක් ලබාගන්නත් සමත් වෙනවා.එසේම මෙය 2016 කැනාස් චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශන කල අවස්ථාවේ එහි සිටි සියලු දෙනා අසුන්වලින් නැගිට විනාඩි 8ක් එකදිගට අත්පොළසන් (standing ovation) දුන් බවද IMDB අඩවියේ සඳහන් වෙනවා .මේ චිත්‍රපටය අයත් වෙන්නෙ නාට්‍යමය (Drama) ඝනයට ඒ නිසා ඇක්ෂන් ෆිල්ම් බලන කෙනෙක්ටනම් මේ චිත්‍රපටය හිතට නොඅල්ලන්න පුළුවන්.නමුත් සරුව පිත්තල සිනමා ලෝකයෙන් ටිකකට මිදිල සැබෑ ලෝකයට එබිල බලන්න කැමති අයට මේ චිත්‍රපටය අල්ලල යාවි ඒ වගේම මේ ශිල්පීන්ගේ රංගනයත් ඉතාම ඉහළ තත්වයක තියන බවත් කියන්නම ඕනෙ.චිත්‍රපටයේ කතාව පැත්තට යන්න කලින් මෙහෙම ආරම්භයක් ගන්නම් මම…
“මරණ දණ්ඩනය” මේ ලෝකය තුල වරදකට ලැබියහැකි ඉහළම දඬුවම.අපේ රටේ අදවනවිට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමක් නොකෙරුණත් එය ක්‍රියාත්මක විය යුතු බවට ලොකු කතිකාවතක් සමාජය තුල තියනවා.එසේ වුණත් ලෝකයේ බොහෝ රටවල මරණ දණ්ඩනය ක්‍රියාත්මකයි.එය විවිධ ක්‍රමවලින් ක්‍රියාවට නැගුවත් වඩාත් ප්‍රසිද්ධම ක්‍රමයඑල්ලා මැරීමයි.එසේම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනා තැනැත්තා අපේ භාෂාවෙන් කිව්වොත් අළුගෝසුවාට සමාජයෙන් ලැබෙන්නේ ඒතරම් හොඳ පිළිගැනීමක් නෙමෙයි.මේ චිත්‍රපටයත් මේ තනතුර වටා ගෙතුණ කතාවක්…
අයිමන් කියන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන තරුණ නිලධාරියෙක්.ඔහුගේ තනතුර තමයි බන්ධනාගාර කාර්මික වැඩහල් පරීක්ෂක.ඔහුට ලැරැන්ගන් නම් බන්ධනාගාරයට ස්ථාන මාරුවක් ලැබෙනවා.මේ බන්ධනාගාරයෙත් මරණ දණ්ඩනය දීමේ කටයුත්ත කෙරෙනවා.නමුත් ඔහු මේ බන්ධනාගාරයට එන්නේ හිතේ යමක් තියාගෙනයි.ඒ වගේම ඔහුගේ ජීවිතයට මේ බන්ධනාගාරයේ අතීත සම්බන්ධතාවක් තියනවා.එයට සම්බන්ධ තැනැත්තාවත් ඔහුට හමුවෙනවා.තමන්ගේ සුපුරුදු රාජකාරිය කරගෙන සිටියත් අවසානයේ ඔහුට බාරවෙනවා ඔහු සිහිනෙන්වත් ප්‍රාර්ථනා නොකල රාජකාරියක.මීට වඩා කිව්වොත් කතාවෙන් වැඩක් නැති නිසා මම මෙතනින් නවතින්නම්.ආයිත් දවසක තවත් චිත්‍රපටයකින් හමුවෙමු.ඒ වගේම හොඳ පිටපතක් නිකුත් වූ සැනින් Spider Man Homecoming උපසිරැසිය අරගෙන එන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ…රැඳී ඉන්න SubzLk එක්කම!!!
Spoiler Warning : Aiman, a 28-year-old Malay correctional officer, is transferred to the territory’s top prison. At his new job, he is asked to become an apprentice to Rahim, the facility’s executioner. Aiman tells his sister of his new position, and she becomes upset when she realizes their father was actually executed by Rahim. Aiman knew this all along. Aiman must overcome his conscience and a haunted past if he wants to become the next chief executioner…
උපසිරැසියට තුති සහෝ???
බොහොම ස්තූතියි, පසිඳු..! 🙂
නියමයි.බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි, Madusha..!
elama saho thanks
Thanks, Asitha..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
බොහොම ස්තූතියි, Kantha..!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා….!!
බොහොම ස්තූතියි, Sajith..!
Thank bro sub ekata…
ගොඩාක් ස්තූතියි!
Hoda move ekak wage watinawa sab eka gatta saho thx
මට මතකයි දැම් සැහෙන කලයක් වෙනව මෙ සයිඩ් එකෙන් මන් පලවෙනි පාරට උපසිරැසි යක් අරගත්ත
– මාර්ශලැන්ඩ් කියල තම නෙම් එක, රහස් පරිෂ්ශක මුවි එකක්. අන්තර්ජාලයෙ කිසිම තැනක තිබුන් නැ සිංහල උපසිරැසි .
– හසිත ප්‍රසාද් කියල තිබුනෙ මතක විදියට උපසිරැසි ගැන්විම.
බලපු සුපිරිම මුවි එකක් .
බොහොම ස්තූතියි, මිතුන්. ඔව්, මාෂ්ලෑන්ඩ් කියන්නෙ බැලුවොත් කවදාවත් අමතක වෙන්නෙ නැති ෆිල්ම් එකක්. තව බාගෙට කරපු සබ් තියනව හාඩ් එක හැමතැනම , පුළු පුළුවන් වෙලාවට එක එක ඉවර කර කර දෙන්නයි හිතාඉන්නෙ.
ලිපියනම් හාෙදට ලියලා තියනවා(හැමදාමත්ම වග්‍ෙ;-)).drama කියන්න්‍ෙ මග්‍ෙ කැමතිම කැටගරි එක.action(or any genre)film එකක් යළුවොත් එක්ක බලන්න පටන්ගත්ත ගමන් මම එක පිස්සු වැඩක් කරනවා.එක තමයි අන්න අර යකාව මැරැවනම් ඔක්කොම ඉවරයි කියලා film එක පටන්ගන්න කොටම ගමටම ඇහෙන්න කෑගහනවා:-D:-D.මොකද ගොඩක් film වල .(මාව විස්වාස කරන්න මග්‍ෙ සාර්ථකත්වයෙ අගය 80%100 වැඩිමිස අඩුනැ:-))හාෙදම යාළුවා,girlfrind කවුරැහරි කමන්නැ ලගින්ම ඉන්න(බොක්ක දෙන්න වග්‍ෙ ඉන්න)එකාතමා ඔක්කොම කරන්නෙ.
ම්‍ෙ අවුරැද්දෙ අපු film එකක් බලන්න යාළුවො කට්ටියත් එක්කset උනා.ෆිලුම පටන්ගන්න කාෙටම මම කෑගැහුවා(like always ගමටම ඇහෙන්න:-D)ඔය කෙල්ලව මැරැවනම් කතාව ඉවරයි කියලා:-D(film එක තමා get out)හිතා ගන්න පුලුන්න්‍ෙ ඉතිං මග්‍ෙ සාර්තකත්වය්‍ෙ අනුපාතය වැඩිමිස අඩු නාෙවිය යුතුයි කියලා.මම ඔය වැඩෙනිතරම කරන නිසා කට්ටිය මාත් එක්ක වැඩිය film බලන්න එන්නෑ(මචං ෆිලුම බලන්න වරෙං කියලා කතාකරාම උන්ට දැන් මාරවැඩ)කුතුහලය නැති වෙන නිසා.action film වල ම්‍ෙ අවුල ගාෙඩක් තියනවා drama වල එච්චර නෑ(අනික හතුරව මරලා ඉවර වෙන එකට වඩා හොද කතාවක් බලන්න තියන එක පට්ට)එක නිසා තමා drama මග්‍ෙ ආසම කැටගරි එක වෙන්නෙ.එනිසා ම්‍ෙ ෆිල්ම් එක දිපු එකට විශ්‍ෙෂයෙන්ම ස්තුති bro.ම්‍ෙකෙ අලු ගාෙසුවෙක් ඉන්න සින් එකක් තියනවා කිව්වාම මට මගෙ ආසම drama movie එක වෙව්ච green mile මතක් උනා.
we all waiting till you coming home
With homecoming
😀 යාළුවො බිසී වෙන හේතුව සාධාරණයිනේ. හැබැයි ෆිල්ම් එකක් කලින් එහෙම Guess කරන්න පුළුවන් එක විශේෂ හැකියාවක් Sam. Green mile කියන්නෙ මගෙත් ප්‍රියතම ෆිල්ම්වලින් එකක් ,Get Out ෆිල්ම් එක බලල නෑ මං. ඒක හොඳ එකක් වගේ නේද, බලන්න ඕනෙ. තොරතුරට වගේම ප්‍රතිචාරයටත් බොහොම ස්තූතියි, Sam. 🙂
niyamai yaluwa… subata bohoma sthuthi..13reasons wage teen series ekk krmud……kollo kellanta blnna series aduine(teen wolf, scream,13reasons why)me tika witaraine tynne….please……