12 Strong (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. සතියක විතර මෙහෙයුමකින් පස්සෙ
ඔන්න චිත්‍රපටයකට උපසිරැසි කරල ඉවර කලා. මේක අපේ හිතවතෙක් බලාපොරොත්තුවෙන් ඉන්න එකක් (දැක්කෙ කමෙන්ට් එකකින්) ඇත්තටම හැබැයි එයා දන්නෙ නෑ මම මේක කරන බව, මම කිව්වෙත් නෑ සප්‍රයිස් එකක් වෙන්න දෙන එක හොඳයි කියල හිතුණ නිසා. ඇමරිකානු යුධ ඉතිහාසයේ සුවිශේෂවූත් සත්‍යවූත් සිදුවීමක් පදනම් කරගෙන ලියවුණ Doug Stanton ගේ Horse Soldiers කෘතිය ඇසුරින් නිමවුණ Ted Tally , Peter Craig දෙදෙනාගේ තිරචනයෙන් Nicolai Fuglsig ගේ අධ්‍යක්ෂණයෙන් සහ Chris Hemsworth ( කපිතාන් මිච් නෙල්සන්) Michael Shannon ( හැල් ස්පෙන්සර් ), Michael Peña ( සෑම් ඩිලර්), Navid Negahban (ජෙනරල් දෝස්තම්) ඇතුළු නළු නිලි කැලක රංගන දායකත්වයෙන් අප හමුවට එන මේ චිත්‍රපටය තමයි 12 Strong (2018) .
චිත්‍රපටයට පදනම් වෙන්නෙ 9/11 ප්‍රහාරය විදියට ප්‍රසිද්ධ 2001 වසරේ සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවේ ලෝක වෙලඳ මධස්ථාන කුළුණු දෙකට එල්ලවූ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඔසාමා බින් ලාඩන්ට සහ අල් කයිඩාවට එරෙහිව දියත්වූ පලමු ඇමරිකානු ප්‍රතිප්‍රහාරයේ කතාව..මේ මෙහෙයුම සිදුවෙන්නෙ එවක තලේබාන් බලකඳවුරක් වූ ඇෆ්ගනිස්ථානය තුල.මේක ඇමරිකානු යුධ ඉතිහාසයේ සුවිශේෂම විශේෂ බලකා මෙහෙයුමක් ලෙසටයි සැලකෙන්නෙ, එකක් මේ මෙහෙයුම කරන්නෙ අශ්වාරෝහක සෙබළුන් පිරිසක්, අනිත් කාරණය ඉන් පෙර කිසිම යුධමය අත්දැකීමක් ලබා නැති කපිතාන්වරයෙකු යටතේ. සැබෑ සිදුවීම ගැන විස්තරයක් චිත්‍රපටය ආරම්භයේ සහ අවසාන භාගයේ තියන නිසා මම ඒ ගැන වැඩිය කියන්නෙ නෑ. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට..
කැප්ටන් මිච් නෙල්සන් ඇමරිකානු ග්‍රීන් බෙරෙට් විශේෂ බලකා කණ්ඩායම් අංක ODA 595හි කපිතාන්වරයා. 9/11 ප්‍රහාරය සිද්ධවෙනකොට ඔහු ඉන්නෙ නිවාඩු පිට. ඒ විතරක් නෙමෙයි ඔහුත් බිරිඳත් කුඩා දියණියත් අලුත් නවාතැනකට ආවා විතරයි. කොහොමින්හරි මේ ප්‍රහාරය ගැන දැනගත්ත ගමන්ම ඔහු යනව තම හමුදා ප්‍රධානිය හමුවෙන්න. ඒ තමන්ව නැවතත් කණ්ඩායමට අනුයුක්ත කරන ලෙස ඉල්ලමින්. ඒකට ඒතරම් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණත් අවසානයේ ඒක සාර්ථක කරගන්න මිච් සමත්වෙනවා. ඊලඟට මිච්ට සහ ඔහුගේ සගයන් 11 දෙනාට ලැබෙනවා ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඒ ෂරීෆ් නගරයෙන් තලේබාන් සංවිධානය අතුගා දැමීමේ වගකීම . ඔහු ඇෆ්ගන් සන්නද්ධ ඒකකයකත් උදවුවෙන් ඒ සටන කරන ආකාරයයි මේ චිත්‍රපටයෙ තියෙන්නෙ..
එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්.
පිටපත :-
* උපසිරැසි ගොණුවේ Web-Dl සහ Bluray යන පිටපත් දෙකටම අදාල උපසිරැසි ඇතුලත්ව ඇත. ඩවුන්ලෝඩ්ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක Web-Dl සඳහා වන අතර පහල ලින්ක් එක Bluray සඳහා වේ.
විශේෂ :-
* චිත්‍රපටයේ මිච් නෙල්සන් විදියට රංගනයෙන් දායක වෙන ක්‍රිස් හෙම්ස්වර්ත්ගේ බිරිඳ විදියට රංගනයෙන් දායක වෙන්නෙ ඔහුගේ සැබෑ ජීවිතයෙ බිරිඳමයි, ඇය නමින් ස්පාඤ්ඤ ජාතික Elsa Pataky.
* ජෙනරල් දෝස්තම් මේ ඇමරිකානු සෙබළ කණ්ඩායම ගැන පවසල තියනවලු මෙහෙම :
” මම ඉල්ලුවෙ ඇමරිකානුවො කීපදෙනෙක්ව, ඒ කීපදෙනා මුළු හමුදාවකම ධෛර්යය තමන් සමග ගෙන ආවා”
* කර්නල් මැක්ස් බවර්ස්ගේ චරිතය රඟන රොබ් රිග්ල් හිටපු 5වන විශේෂ බලකා කණ්ඩායම් බැටෑලියන් කමාන්ඩර්වරයෙක්ලු. ඔහු සැබෑ මැක්ස් බවර්ස් යටතෙත් සේවය කරල තියනවලු ඒ කාලයෙ.
supiri film eka tnx
Niyamaii brow
බොහොම ස්තූතියි සහො සබ් එකට!
Super film eka thanks subz.lk
😊😊😎😎😎😎😎😎😎😎
Man aluth kenek mata torrent eka download karaganna bahane puluwan help karannakoo
ඒ ටොරන්ට් සයිට් එක දැන් වැඩ නෑ ඒකයි. ඔන්න මම ලින්ක් අප්ඩේට් කලා, දැන් ගන්න පුළුවන්. උඩින් තියන ලින්ක් එකWEB-Dl , ඊට පහලින් තියන එක Bluray. දෙකම එක වගේ කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න. පිටපත් දෙකටම හරියනසබ් ටයිටල්ස් තියනවා සබ් ෆයිල් එකේ.