12 Strong (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. සතියක විතර මෙහෙයුමකින් පස්සෙ
ඔන්න චිත්‍රපටයකට උපසිරැසි කරල ඉවර කලා. මේක අපේ හිතවතෙක් බලාපොරොත්තුවෙන් ඉන්න එකක් (දැක්කෙ කමෙන්ට් එකකින්) ඇත්තටම හැබැයි එයා දන්නෙ නෑ මම මේක කරන බව, මම කිව්වෙත් නෑ සප්‍රයිස් එකක් වෙන්න දෙන එක හොඳයි කියල හිතුණ නිසා. ඇමරිකානු යුධ ඉතිහාසයේ සුවිශේෂවූත් සත්‍යවූත් සිදුවීමක් පදනම් කරගෙන ලියවුණ Doug Stanton ගේ Horse Soldiers කෘතිය ඇසුරින් නිමවුණ Ted Tally , Peter Craig දෙදෙනාගේ තිරචනයෙන් Nicolai Fuglsig ගේ අධ්‍යක්ෂණයෙන් සහ Chris Hemsworth ( කපිතාන් මිච් නෙල්සන්) Michael Shannon ( හැල් ස්පෙන්සර් ), Michael Peña ( සෑම් ඩිලර්), Navid Negahban (ජෙනරල් දෝස්තම්) ඇතුළු නළු නිලි කැලක රංගන දායකත්වයෙන් අප හමුවට එන මේ චිත්‍රපටය තමයි 12 Strong (2018) .
චිත්‍රපටයට පදනම් වෙන්නෙ 9/11 ප්‍රහාරය විදියට ප්‍රසිද්ධ 2001 වසරේ සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවේ ලෝක වෙලඳ මධස්ථාන කුළුණු දෙකට එල්ලවූ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඔසාමා බින් ලාඩන්ට සහ අල් කයිඩාවට එරෙහිව දියත්වූ පලමු ඇමරිකානු ප්‍රතිප්‍රහාරයේ කතාව..මේ මෙහෙයුම සිදුවෙන්නෙ එවක තලේබාන් බලකඳවුරක් වූ ඇෆ්ගනිස්ථානය තුල.මේක ඇමරිකානු යුධ ඉතිහාසයේ සුවිශේෂම විශේෂ බලකා මෙහෙයුමක් ලෙසටයි සැලකෙන්නෙ, එකක් මේ මෙහෙයුම කරන්නෙ අශ්වාරෝහක සෙබළුන් පිරිසක්, අනිත් කාරණය ඉන් පෙර කිසිම යුධමය අත්දැකීමක් ලබා නැති කපිතාන්වරයෙකු යටතේ. සැබෑ සිදුවීම ගැන විස්තරයක් චිත්‍රපටය ආරම්භයේ සහ අවසාන භාගයේ තියන නිසා මම ඒ ගැන වැඩිය කියන්නෙ නෑ. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට..
කැප්ටන් මිච් නෙල්සන් ඇමරිකානු ග්‍රීන් බෙරෙට් විශේෂ බලකා කණ්ඩායම් අංක ODA 595හි කපිතාන්වරයා. 9/11 ප්‍රහාරය සිද්ධවෙනකොට ඔහු ඉන්නෙ නිවාඩු පිට. ඒ විතරක් නෙමෙයි ඔහුත් බිරිඳත් කුඩා දියණියත් අලුත් නවාතැනකට ආවා විතරයි. කොහොමින්හරි මේ ප්‍රහාරය ගැන දැනගත්ත ගමන්ම ඔහු යනව තම හමුදා ප්‍රධානිය හමුවෙන්න. ඒ තමන්ව නැවතත් කණ්ඩායමට අනුයුක්ත කරන ලෙස ඉල්ලමින්. ඒකට ඒතරම් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණත් අවසානයේ ඒක සාර්ථක කරගන්න මිච් සමත්වෙනවා. ඊලඟට මිච්ට සහ ඔහුගේ සගයන් 11 දෙනාට ලැබෙනවා ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඒ ෂරීෆ් නගරයෙන් තලේබාන් සංවිධානය අතුගා දැමීමේ වගකීම . ඔහු ඇෆ්ගන් සන්නද්ධ ඒකකයකත් උදවුවෙන් ඒ සටන කරන ආකාරයයි මේ චිත්‍රපටයෙ තියෙන්නෙ..
එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්.
පිටපත :-
* උපසිරැසි ගොණුවේ Web-Dl සහ Bluray යන පිටපත් දෙකටම අදාල උපසිරැසි ඇතුලත්ව ඇත. ඩවුන්ලෝඩ්ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක Web-Dl සඳහා වන අතර පහල ලින්ක් එක Bluray සඳහා වේ.
විශේෂ :-
* චිත්‍රපටයේ මිච් නෙල්සන් විදියට රංගනයෙන් දායක වෙන ක්‍රිස් හෙම්ස්වර්ත්ගේ බිරිඳ විදියට රංගනයෙන් දායක වෙන්නෙ ඔහුගේ සැබෑ ජීවිතයෙ බිරිඳමයි, ඇය නමින් ස්පාඤ්ඤ ජාතික Elsa Pataky.
* ජෙනරල් දෝස්තම් මේ ඇමරිකානු සෙබළ කණ්ඩායම ගැන පවසල තියනවලු මෙහෙම :
” මම ඉල්ලුවෙ ඇමරිකානුවො කීපදෙනෙක්ව, ඒ කීපදෙනා මුළු හමුදාවකම ධෛර්යය තමන් සමග ගෙන ආවා”
* කර්නල් මැක්ස් බවර්ස්ගේ චරිතය රඟන රොබ් රිග්ල් හිටපු 5වන විශේෂ බලකා කණ්ඩායම් බැටෑලියන් කමාන්ඩර්වරයෙක්ලු. ඔහු සැබෑ මැක්ස් බවර්ස් යටතෙත් සේවය කරල තියනවලු ඒ කාලයෙ.
tnx film ekata
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..! සුබ අලුත් අවුරුද්දක් වේවා …!! mkvcage wala thiyana honda films walata sub denna puluwanda saho..
මම ට්‍රයි එකක් දෙන්නම්, Kantha 🙂 බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.
බොහොම ස්තූතියි සහො උපසිරැසියට..🙂අපෙ තෝර් හාදයා ඉන්න නිසා අනිවාර්යයෙන්ම බලන්න වටිනම ෆිල්ම් එකක්..🙂😍
ඔව්,ඔව්, මාත් අතාරින්නෙ නෑ ක්‍රිස් හෙම්ස්වර්ත් ඉන්නව කියන්නෙ.
අනිවා බැලිය යුතු සුපිරි ෆිලුමක්.කියන්න බලන්න බලන්න ක්‍රිස්ගෙ කොන්ඩෙ කොටට කැපුවෙ කවුද කියල ස්ටැන් ලි😂😂😂මුලින්ම Chris Hemsworth තොර් විදිහට තර්ජනය දානව කොන්ඩෙට අතතියනව නෙමෙ කියල ඉටපස්සෙ මාවල් ලොක්ක ස්ටැන්ලි තිරනය කරාම තොර්ගෙ කොන්ඩෙ කොට කරන්න ස්ටැන් ලි ගෙ මේසෙ ලගට ගිහින් වදින්නැති(චිත්‍රපටියෙ විදිහටම)අනෙ මහත්තයො කොන්ඩෙනම් කපන්න බැ කියල 😂😂
😀ඇත්තට වැන්දද දන්නෙ නෑ නේ ( හැබැයි තෝර් එකේ කොණ්ඩෙ විග් එකක් නේද? ) කොහොමහරි ක්‍රිස් හෙම්ස්වර්ත්ගෙ මේ පෙනුම තමයි මටනං ලස්සන . ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, Amigo.
එකත් එහෙමද😜😜
කිව්වට මාත් දන්නෙ නෑ හරියට. හොයල බලන්න ඕනෙ.
මේක එනකන් මම ගොඩක් මග බලාගෙන හිටියා ….ගොඩාක් interview වලදී මේක ගැන කතා උනා …එතින් මේක බලනකන් ඉවසිල්ලක් තිබ්බේ නැහැ ….නියමයි හසිත !!!!!!!!🙅
Thanks, Boss 😉
හොද ෆිල්ම් එකකට ටොරෙන්ට් එකක් ආපුම දැනෙන සතුට වගේම තමා, එවගේ මුවි එකකට ඔයාගෙන් උපසිරැසියක් ආපුමත් දැනෙන්නෙ.
-මෙකෙ ඔර්ජිනල් ටොරෙන්ට් එකක් ආපු දවස් වලම කමෙන්ට් එකකුත් දැම්ම. හිතුවෙ නම් නැ සබ් දෙයිකියල .. කොහොම හරි උපසිරැසි හම්බවෙලා ෆිල්ම් එක බැලුව.
-කියන්නම ඔන ඉතින් කොච්චර කල් ගියත් මෙවගේ සුවිශේෂී චිත්‍රපටයකට ඔයාගෙන් උපසිරැසියක් ආව කියන්නෙ ආපහු බලනව.. මෙක නැවත වතාවක් බලන්න ඔන කියල හිතුන දැම් එක ස්තිරයි ..
මෙතෙක් ඔයාගෙන් උපසිරැසි එක්ක බලපු ෆිල්ම් බලළ ඉවර කලේ සතුටින් වගේම උපරිම රස වින්ද එව නම්…
Coco එකනම් දෙපාරක් බැලුව..
Maze Runner එකත් එහෙමයි එක නම් idx හදම් ටිවි එකෙත් බැලුව…😊
ලිපියේ කෙටි විස්තර කිරිමට සහ උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ නැවත බැලිල්ලක් තම ජයවේවා සුපිරි ෆිල්ම් එකක් නෙ !!!
😉 හහ් හා, මට කමෙන්ට් මිස් වෙන්නෑ ලේසියෙන්. Coco මාත් දෙපාරක් බැලුව. මාත් වෙලාවකට IDX කරගෙන බලනව ටීවී එකේ හැබැයි බොහොම කලාතුරකින්. Peter Rabbit බැලුව අද දවාලෙ (එවෙලෙම වෙන් කරගත්ත) .ලඟදිම දෙනවා Br වලටම .බොහොම ස්තූතියි,මිතුන් ප්‍රතිචාරයට.
Thanks machan……..jayawewa……!
නියමයි.බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Re: Born මෙ ෆිල්ම් එකටත් සබි සියන්කො මචං.
Supiri……Thank you
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..