Heart of Dragon (1985) Sinhala Subtitle December 13, 2020 Admin Subtitle by Rasika Samanjith මකරාගෙ සොහොයුරු සෙනෙහස ජැකී චෑන් සහ සැමූ හුන්ගේ සුසංයෝගයෙන් හැඩවුනු තවත් කදිම නිර්මාණයක් තමයි 1985 ඔක්තෝබර් 16 දින හොංකොංහි ප්‍රදර්ශනය ආරම්භකල Heart of the Dragon. බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා පොතේ ලියැවුනු ජැකීගෙ තවත් සිනමා පටයක්. හොංකොං ඩොලර් මිලියන 20.3 ක ආදායමක් උපයාගෙන හොංකොං බොක්ස් ඔෆීස් වාර්තා තබා වාණිජ අතින් සාර්ථක වුවද, එයා 80 දශකයේ ජැකීගෙ අනෙක් ෆිල්ම් වලට වඩා සාපේක්ෂව අඩු මට්ටමක් විය. තමාගෙ සුපුරුදු සටන් විලාශය අත් හැර දමා, සැමූ මෙහි රඟපාන්නේ මන්ද මානසික චරිතයකුයි. සටන් දර්ශන කීපයක් සැමුට යෝජනා කලද, මන්ද බුද්ධික තරුණයෙක් හදිසියේ සටන් කලොත්, එය සිනමා පටයේ කතා සාරයට හානියක් ගෙන දෙන බව සහ තමාගෙ මන්ද මානසික චරිතය එලෙසම කරන බව පවසා, චිත්‍රපටයේ ක්‍රියාදාම පැත්ත ජැකී ප්‍රමුඛ සගයන්ට බාර දී ඇත. මෙහි අධ්‍යක්ෂනය කලේද සැමූ වන අතර ක්‍රියාදාම අධ්‍යක්ෂනය, ඔවුන්ගේ මිතුරු Yuen Biao විය. Best Action Choreography සම්මානය සඳහා, 1986 පැවති 5th Hong Kong Film Awards සම්මාන උළෙලේදී නිර්දේශිත වුවද, ජැකීගේම Police Story චිත්‍රපටයට පරාදවිය. එම සම්මාන උළෙලේදීම හොඳම අධ්‍යක්ෂනය සඳහා සැමූගෙ නමද, හොඳම නලුවා සඳහා ජැකීගෙ නමද, නිර්දේශිත නම් අතර විය. ධාවන කාලය විනාඩි 98 කි. Cast Jackie Chan – ටැට් Sammo Hung – ඩෝ-ඩෝ Emily Chu – ජෙනී Melvin Wong – ඉන්ස්පැක්ටර් වොං ටැට් SWAT සාමාජිකයෙක්. පසුව ඔහු රහස් පොලීසියට අනුයුක්ත වී සේවය කරනවා. ඔහුගේ පෙම්වතිය තමයි ජෙනී. ඔහුගේ සහෝදරයා තමයි මන්ද මානසික ඩෝ-ඩෝ. වයස අවුරුදු 30 ත් පැනලා. තාම පොඩි ළමයෙක්ගෙ මනසක් තියෙන්නෙ. දෙමව්පියන් නෑ. ටැට් තමයි අනන්ත ප්‍රශ්න වලට මුහුන දිදී ඩෝ-ඩෝව බලාගන්නෙ. මංකොල්ල කන කල්ලියක් ගැන රහස් පොලීසිය කටයුතු කරමින් ඉන්නෙ. ඔවුන්ගෙ රත්‍රන් බඩු බෑග එකක්, ඩෝ-ඩෝ සහ එයාගෙ යාලුවො වන පුංචි කොලු පැටව් ටිකකට හම්බෙනවා. එක හොරෙක් ඩෝ-ඩෝව දැකලා, පොලීසියෙන් කියල හිතලා බෑග් එකත් දාලා දුවනවා. ඒකෙ තියෙන්නෙ මොනාද කියලත් දන්නෙ නෑ. එයාලා බයට බෑග් එක හංගනවා. ඊට පස්සෙ හොරා කියපු හැඩහුරුකම් අනුව පොලීසියයි, මංකොල්ල කල්ලියයි දෙගොල්ලොම ඩෝ-ඩෝ පස්සෙ පන්නනවා. ඊට පස්සෙ ඉතින් කසිලි බිසිලි තමා. ජය වේවා. ♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣ ඔබටත් ඉඩක්… ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
දිගටම ජැකී චෑන්, වෑන් ඩෑම්, ආනොල්ඩ්, ජෙට් ලී, සිල්වෙස්ටර් ස්ටැලෝන් වගේ අයගේ ෆිල්ම් ම දෙන්න.
Request …
Down of the Dead – 1978
Day of the Dead – 1985
Thanx bro.
ගොඩක් ස්තූති සබ් එකට
Rob-B-Hood ekata sab dennako Blurry
balannam, Bro.
මේ ෆිල්ම් එකේ Chinese කොපියක් දෙන්න පුළුවන්ද?
දීලා තියෙන්නේ English Dubbed කරපු කොපි නේද!
ඉන්ටර්නෙට් එකෙන් හෙව්වා. Chinese කොපි තිබුණත් ඒවල Seeds නෑ.
try karannam.
තෑන්ක්ස් සහෝ
thanks bro