Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 2
    • Chinese Movies 38
    • Denmark Movies 4
    • English Movies 436
    • French Movies 9
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 17
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
Movies English Movies Adopt a Highway (2019) Sinhala Subtitle
Adopt a Highway (2019) Sinhala Subtitle

How To Download Subtitles

(මේ මගින් ලැබෙන මුදල් එවලේම උපසිරස් කරු වෙත ලැබෙනු ඇත .ඔබගේ වේලාවෙන් තත්පර 5 ක් වැය කර ඔවුන්ගේ මහන්සිය අගය කරමු )

User Block

MOVIE

Hasitha Prasad 1 year ago Drama



ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. කාලෙකට පස්සෙ අද මේ අපේ රසික ඉල්ලීමක් ඉෂ්ට කරන්නයි හදන්නෙ. අපේ Kantha සහෝදරයාගෙ ඉල්ලීමක් අනුව කල Adopt A Highway (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි මේ. මුලින්ම ස්තූතිය ඔහුට. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන ඊතන් හෝක් රංගන ශිල්පියාගේත් ඔහුගේ බිරිඳ රයන් හෝක්ගේත් ඇතුළු පිරිසකගේ නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය වෙන මේ Adopt A Highway චිත්‍රපටයේ තිර පිටපත රචනය සහ අධ්‍යක්ෂණය ලෝගන් මාෂල්-ග්‍රීන් අධ්‍යක්ෂවරයාගෙන්. මේ වනවිට IMDB වෙතින් 6.0ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 67%ක අගයක්ද, මෙටාක්‍රිටික් වෙතින් 53%ක අගයක්ද, ගූගල් පරීශීලක ප්‍රසාදය 90% ක්ද ලබා ඇති මේ නිර්මාණයට රංගනයෙන් දායක වන්නේ : ඊතන් හෝක් ( රසල් මිලින්ග්ස්), බෙටී ගේබ්‍රියල් (ඩීක්ස්), ඩයෑන් ගේටා ( බෙකා), හොර්ගේ දියෙස් ඇතුළු පිරිසක්. චිත්‍රපටයෙ කතාව පැත්තට යන්න කලින් පැහැදිලි කරන්න දෙයක් තියනවා චිත්‍රපටයේ නම වන Adopt A Highway ගැන. මෙය ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදය තුල දියත්වන පරිසර වැඩසටහනක්. එහි මූලික අරමුණ තෝරාගත් මහාමාර්ගයක කොටසක් කැළිකසලවලින් තොර සුන්දර ප්‍රදේශයක් බවට පරිවර්තනය කිරීමට ස්වේච්ඡා දායකත්වය ලබාදීමට ජනතාව උනන්දු කිරීම. එය මේ චිත්‍රපටයේ කතාතේමාවට සෘජු සම්බන්ධයක් නැතත්, මෙහි ඇති Adopt වචනය ඉතාම ලස්සණට කතා තේමාවට ගලපාගෙන තිබෙනවා නිර්මාණකරුවන්. ඔබට එය වැටහේවි චිත්‍රපටය නැරඹුවාම. හරි දැන් අපි යමු කතාව පැත්තට…

හොලිවුඩ් චිත්‍රපට නරඹන ඔබ හොඳින්ම දන්නවා ඇමරිකාවේ ප්‍රාන්ත 50 ගත්තම ඒවායේ නීති රීති එකකට එකක් වෙනස්. එකම නීතිය සමහර ප්‍රාන්තවලදි ඉතාම ලොකු වෙනස්කම් සහිතව දකින්න ලැබෙනවා. චිත්‍රපටයේ කතාවත් දිවෙන්නේ නීතී උල්ලංඝනය කිරීම් සම්බන්ධව ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ එවක තිබූ නීතියක අමනෝඥ අඩුලුහුඬුකමක් නිසා අවාසනාවන්ත ආකාරයට තමන්ගේ ජීවිතයේ හොඳම කාලසමය අහිමි වී යන පුද්ගලයෙක් වටා. එම නීතිය මොකද්ද කියල මම ලිපියේ පැහැදිලි කරන්නට යන්නේ නෑ, එය චිත්‍රපටය ආරම්භයේදීම ඔබට පැහැදිලි කර තිබෙන නිසා. කොහොමින්හරි මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙන පුද්ගලයා තමයි රසල් මිලින්ග්ස්. තමන්ට ලැබුණු සිර දඬුවම විඳ නැවත නිදහස් ලෝකයට පිවිසෙන ඔහු වර්තමාන ලෝකය පිලිබඳව ලොකු දැනුමකින් තොර, මංමුලා වූ පුද්ගලයෙක්. ආහාර පාන ආයතනයක සුළු රැකියාවක් කරගෙන ජීවිතය අලුතින් පටන්ගන්නට සූදානම් වෙන ඔහුට අහම්බෙන් හමුවෙනවා පුංචි අමුත්තියක්. කාත් කවුරුවත් නැතිව අරමුණකින් තොරව දිවෙන රසල්ගේ ජීවිතය වෙනස් කරනවා මේ පුංචි අමුත්තිය… එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

BLURAY පිටපත් සඳහා යාවත්කාලීන කර ඇති අතර WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.


Year : 2019

Rating : 6.7

Genre : Drama

Actors : Elaine Hendrix, Ethan Hawke, Chris Sullivan, Christopher Heyerdahl

Writer : N/A

Director : Logan Marshall-Green

Plot :

An ex-felon discovers a live baby left in a dumpster.





BRRip සඳහා යාවත්කාලීන කර ඇත

ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 352 Views




සිංහල උපසිරැස Download කරගන්න 1507 times


Hasitha Prasad

[Send Msg]

6.7
IMDB
100%
User Rating



Watch More

Goblin (2020) Sinhala Subtitle

Cats & Dogs 3: Paws Unite (2020) Sinhala Subtitle

Nekromantik (1987) Sinhala Subtitle

Double Impact (1991) Sinhala Subtitle

2048: Nowhere to Run (2017) Sinhala Subtitle

The Devil’s Backbone AKA El espinazo del diablo (2001) Sinhala Subtitle

Harry Potter and the Order of the Phoenix (2007) Sinhala Subtitle

Alpha (2018) Sinhala Subtitle

Matchless Mulan (2020) Sinhala Subtitle

‹ ›

ADS


  1. supuni ukwatte
    Unregistered User November 25, 2019 at 11:48 pm

    thank you …

    Reply
  2. පසිදු සාරංග
    Subtitler November 25, 2019 at 11:58 pm

    උපසිරැසියට බොහොම ස්තුතියි!

    Reply
  3. Hashan M. Priyadarshana
    Unregistered User November 26, 2019 at 1:38 am

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

    Reply
  4. Madusha
    Unregistered User November 26, 2019 at 2:24 am

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  5. Jay
    Unregistered User November 26, 2019 at 7:37 am

    Thanks macho subata.

    Reply
  6. Kantha_DLA
    Unregistered User November 26, 2019 at 10:30 am

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    The Knight Before Christmas (2019)
    The Farewell (2019)
    Let It Snow (2019)
    The Courier (2019)
    (PSA)

    Reply
  7. mithun
    Unregistered User November 26, 2019 at 6:08 pm

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ!!
    මගේ බලන ලිස්ට් එකට දගත්ත මුවි එක
    ලස්සන මුවි එකක් වගෙ again thanks 🌟🌟🌟🌟🌟

    Reply
  8. Mithun
    Unregistered User December 3, 2019 at 4:42 pm

    The Nightingale 2018 .weBRip .හොද මුවි එකක් සහෝ..
    තව කෙනෙක්ට කිව්ව. පුළුවන් නම් බලල සෙට් නම් සබ් එක දෙන්න. සුපිරි කතාවක් තියෙන්නේ

    Reply
  9. mithun
    Unregistered User December 6, 2019 at 7:13 pm

    මන් කැමතිම Drama, ත්‍රිලර් මුවි වලට ,එකෙනුත් Drama වලට ගොඩක් කැමති. මෙක හිතට දැනෙන ලස්සන කතාවක් බලපු. බැලුවට පස්සෙ අදහස කියන්න තරම් සෙට් උන මුවි එකක් 🌟🌟🌟🌟🌟

    Reply
    • Hasitha Prasad
      Co - admin December 6, 2019 at 10:01 pm

      බොහොම ස්තූතියි, මිතුන් :-). මේකෙ ලොකු කතාවක් නැතත් අපි නොහිතන විදියට හදල තියනව. The Nightingale (2018) ෆිල්ම් එකත් මම බැලුවා ආව දවස්වලම. සබ් දෙන්න බලන්නම් ඉදිරියෙදි.

      Reply
      • mithun
        Unregistered User December 7, 2019 at 8:00 am

        එක මටත් යාලුවෙක් කිව්ව එකක්. හැබැයි පොඩ්ඩක් 18× ලු.. ෆිල්ම් එක හොදයි වගෙ හිතුන

        Reply
        • Hasitha Prasad
          Co - admin December 7, 2019 at 3:36 pm

          පොඩ්ඩක් නෙමෙයි, හොඳටම. සමහර තැන් බලාඉන්නත් අමාරුයි.

          Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Minari (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Last Christmas (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Frozen Ii (2019) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
War (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

Palmer (2021) Sinhala Subtitle 980 Hasitha Prasad
The Mortuary Collection (2019) Sinhala Subtitle 359 දමිත් ප්‍රියංකර
Our Friend (2021) Sinhala Subtitle 304 Hasitha Prasad
The Defender (1994) Sinhala Subtitle 238 Rasika Samanjith
Secrets of Sulphur Springs (2021) [S01 : E02] Sinhala Subtitle 209 Gayan Chandana
The Little Things (2021) Sinhala Subtitle 197 Hasitha Prasad
Space Sweepers (2021) Sinhala Subtitle 184 Nimansa Bandara
The Vampire Diaries (2009) [S04 : E04] Sinhala Subtitle 141 දමිත් ප්‍රියංකර
Secrets of Sulphur Springs (2021) [S01 : E03] Sinhala Subtitle 136 Gayan Chandana
Wolfwalkers (2020) Sinhala Subtitle 117 Hasitha Prasad

ads

  • සිංහල උපසිරැසි කතා එකතුව
  • සිංහල උපසිරැසි චිත්‍රපට එකතුව
  • මාගේ ගිණුම