Adopt a Highway (2019) Sinhala Subtitle

November 25, 2019 Junior Admin
Subtitle by Hasitha Prasad



ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. කාලෙකට පස්සෙ අද මේ අපේ රසික ඉල්ලීමක් ඉෂ්ට කරන්නයි හදන්නෙ. අපේ Kantha සහෝදරයාගෙ ඉල්ලීමක් අනුව කල Adopt A Highway (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි මේ. මුලින්ම ස්තූතිය ඔහුට. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන ඊතන් හෝක් රංගන ශිල්පියාගේත් ඔහුගේ බිරිඳ රයන් හෝක්ගේත් ඇතුළු පිරිසකගේ නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය වෙන මේ Adopt A Highway චිත්‍රපටයේ තිර පිටපත රචනය සහ අධ්‍යක්ෂණය ලෝගන් මාෂල්-ග්‍රීන් අධ්‍යක්ෂවරයාගෙන්. මේ වනවිට IMDB වෙතින් 6.0ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 67%ක අගයක්ද, මෙටාක්‍රිටික් වෙතින් 53%ක අගයක්ද, ගූගල් පරීශීලක ප්‍රසාදය 90% ක්ද ලබා ඇති මේ නිර්මාණයට රංගනයෙන් දායක වන්නේ : ඊතන් හෝක් ( රසල් මිලින්ග්ස්), බෙටී ගේබ්‍රියල් (ඩීක්ස්), ඩයෑන් ගේටා ( බෙකා), හොර්ගේ දියෙස් ඇතුළු පිරිසක්. චිත්‍රපටයෙ කතාව පැත්තට යන්න කලින් පැහැදිලි කරන්න දෙයක් තියනවා චිත්‍රපටයේ නම වන Adopt A Highway ගැන. මෙය ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදය තුල දියත්වන පරිසර වැඩසටහනක්. එහි මූලික අරමුණ තෝරාගත් මහාමාර්ගයක කොටසක් කැළිකසලවලින් තොර සුන්දර ප්‍රදේශයක් බවට පරිවර්තනය කිරීමට ස්වේච්ඡා දායකත්වය ලබාදීමට ජනතාව උනන්දු කිරීම. එය මේ චිත්‍රපටයේ කතාතේමාවට සෘජු සම්බන්ධයක් නැතත්, මෙහි ඇති Adopt වචනය ඉතාම ලස්සණට කතා තේමාවට ගලපාගෙන තිබෙනවා නිර්මාණකරුවන්. ඔබට එය වැටහේවි චිත්‍රපටය නැරඹුවාම. හරි දැන් අපි යමු කතාව පැත්තට…

හොලිවුඩ් චිත්‍රපට නරඹන ඔබ හොඳින්ම දන්නවා ඇමරිකාවේ ප්‍රාන්ත 50 ගත්තම ඒවායේ නීති රීති එකකට එකක් වෙනස්. එකම නීතිය සමහර ප්‍රාන්තවලදි ඉතාම ලොකු වෙනස්කම් සහිතව දකින්න ලැබෙනවා. චිත්‍රපටයේ කතාවත් දිවෙන්නේ නීතී උල්ලංඝනය කිරීම් සම්බන්ධව ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ එවක තිබූ නීතියක අමනෝඥ අඩුලුහුඬුකමක් නිසා අවාසනාවන්ත ආකාරයට තමන්ගේ ජීවිතයේ හොඳම කාලසමය අහිමි වී යන පුද්ගලයෙක් වටා. එම නීතිය මොකද්ද කියල මම ලිපියේ පැහැදිලි කරන්නට යන්නේ නෑ, එය චිත්‍රපටය ආරම්භයේදීම ඔබට පැහැදිලි කර තිබෙන නිසා. කොහොමින්හරි මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙන පුද්ගලයා තමයි රසල් මිලින්ග්ස්. තමන්ට ලැබුණු සිර දඬුවම විඳ නැවත නිදහස් ලෝකයට පිවිසෙන ඔහු වර්තමාන ලෝකය පිලිබඳව ලොකු දැනුමකින් තොර, මංමුලා වූ පුද්ගලයෙක්. ආහාර පාන ආයතනයක සුළු රැකියාවක් කරගෙන ජීවිතය අලුතින් පටන්ගන්නට සූදානම් වෙන ඔහුට අහම්බෙන් හමුවෙනවා පුංචි අමුත්තියක්. කාත් කවුරුවත් නැතිව අරමුණකින් තොරව දිවෙන රසල්ගේ ජීවිතය වෙනස් කරනවා මේ පුංචි අමුත්තිය… එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

BLURAY පිටපත් සඳහා යාවත්කාලීන කර ඇති අතර WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

Available Torrents
720p bluray 716.3 MB
1080p bluray 1.27 GB
720p web 714.63 MB
1080p web 1.27 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (12)
  • supuni ukwatte Unregistered
    Windows 10 Opera 64

    thank you …

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  • Madusha Unregistered
    Windows 10 Opera 65

    බොහොම ස්තූතියි සහෝ

  • Jay Unregistered
    Android 7 UC Browser 12.13

    Thanks macho subata.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 78

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    The Knight Before Christmas (2019)
    The Farewell (2019)
    Let It Snow (2019)
    The Courier (2019)
    (PSA)

  • mithun Unregistered
    Android 8 Chrome 78

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ!!
    මගේ බලන ලිස්ට් එකට දගත්ත මුවි එක
    ලස්සන මුවි එකක් වගෙ again thanks 🌟🌟🌟🌟🌟

  • Mithun Unregistered
    Android 8 Chrome 78

    The Nightingale 2018 .weBRip .හොද මුවි එකක් සහෝ..
    තව කෙනෙක්ට කිව්ව. පුළුවන් නම් බලල සෙට් නම් සබ් එක දෙන්න. සුපිරි කතාවක් තියෙන්නේ

  • mithun Unregistered
    Android 8 Chrome 78

    මන් කැමතිම Drama, ත්‍රිලර් මුවි වලට ,එකෙනුත් Drama වලට ගොඩක් කැමති. මෙක හිතට දැනෙන ලස්සන කතාවක් බලපු. බැලුවට පස්සෙ අදහස කියන්න තරම් සෙට් උන මුවි එකක් 🌟🌟🌟🌟🌟

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 71

      බොහොම ස්තූතියි, මිතුන් :-). මේකෙ ලොකු කතාවක් නැතත් අපි නොහිතන විදියට හදල තියනව. The Nightingale (2018) ෆිල්ම් එකත් මම බැලුවා ආව දවස්වලම. සබ් දෙන්න බලන්නම් ඉදිරියෙදි.

    • mithun Unregistered
      Android 8 Chrome 78

      එක මටත් යාලුවෙක් කිව්ව එකක්. හැබැයි පොඩ්ඩක් 18× ලු.. ෆිල්ම් එක හොදයි වගෙ හිතුන

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 71

      පොඩ්ඩක් නෙමෙයි, හොඳටම. සමහර තැන් බලාඉන්නත් අමාරුයි.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search