AK vs AK (2020) Sinhala Subtitle

January 19, 2021 Expert Subtitler
Subtitle by K.A Raveen
අනිල් කපූර් ද අනුරාග් කාශ්‍යප් ද???
 

හොඳයි එහෙම නම් අදට මාස 3කට කලින් විතර 100 වෙනි උපසිරැසි නිර්මාණය ඔයාලා වෙතට අරන් ආව මට අද 150 වෙනි උපසිරැසි නිර්මාණය අරන් එන්න පුලුවන්කම ලැබුණා. ඉතින් කලින් කඩයිමේදී මන් ගැනත්, මේ සයිට් එකෙන් දැන හඳුනගත්තු අය ගැනත් මන් කිව්ව නිසා ආයේත් ඒකම කියන්න මගේ කිසි බලාපොරොත්තුවක් නෑ. නමුත් ඉතින් අමතක නොකරන්න බැරි චරිතයක් ඉන්නවා. ඒ ඉතින් දමිත් සහෝ. සෑහෙන්න කට්ටක් කනවා මේ සයිට් එක මේ විදියට පවත්ත ගන්න. ඒවගේමයි මන් ඇතුළුව අනෙකුත් සෙසු උපසිරැසි කරුවන්ගේ දායකත්වයෙනුත් යහතින් සයිට් එක පැවැත්වීගෙන යනවා. ඒවගේමයි ඉදිරියේදීත් සයිට් එකේ වෙනස්කම් වෙනවා කියලයි දමිත් සහෝගෙන් දැනගන්න ලැබුණේ. බොහෝ දුරට උපසිරැසිකරුවන්ට හොඳ කාලයක් උදා වෙයි කියන එකයි මට නම් දැනගන්න ලැබුණේ. අපි බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා..

ඒවගේම අපිට තියෙන ලොකු චෝදනාවක් තමා කතාමාලා පටන් අරන් භාගෙට නැවතුණු එක. ඒක ඇයි එහෙම උනේ කියන්න, මන් කතා කරන්න කැමති නෑ. ඒකට දෙපැත්තේම වැරදි ඇති. ඒ නමුත් මන් ඔයාලට එහෙම නැවතුණු කතා අරන් එන්න මින් ඉදිරියට උත්සහ කරන්නම්. ඔක්කොම එකපාර නෙමේ ඉතින්. පුලුවන් විදියට.

ආ ඒවගේම මන් මේක අවස්ථාවක් කරගන්නවා අළුතින් සහ අපිත් එක්ක එකතු වෙලා හිටිය ඕන උපසිරැසිකරුවෙක්ට සුහද ආරාධනාවක් කරන්න. අපිත් එක්ක එකතු වෙන්න කියලා. 

එහෙම නම් චිත්‍රපටයට යමු නේද……

අනිල් කපූර්ට විරුද්ධව අනුරාග් කාශ්‍යප්. IMDB අගය 7.1 ක වගේ ඉහළ අගයක් තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Vikramaditya Motwane. Sacred Games, Bhavesh Joshi Superhero, Trapped, Lootera වගේ අග්‍රගණ්‍ය චිත්‍රපටි හදපු අධ්‍යක්ෂකවරයෙක්. මේක ප්‍රධාන චරිත කරන්නේ කවුද කියලා ඔයාලට දැනටම තේරෙනවා ඇතිනේ. එක්කෙනෙක් අනිල් කපූර්. එයා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේද? හින්දි ෆිල්ම් නොබලපු කෙනෙක් උනත් අනිල් කපූර්ව දන්නවනේ. අනික් කෙනා අනුරාග් කාශ්‍යප්. ඔහුත් අතිදක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක්. ඉඳලා හිටලා රඟත්පානවා. එහෙම රඟපෑවට ඔහු කොච්චර දක්ෂයිද කියලා හිතාගන්න පුලුවන් ඔයාලා Imaikka Nodigal බලලා තියෙනවා නම්. ඒවගේමයි සහය නළු නිළියන් විදියට අනිල් කපූර්ගේ මුළු පවුලම ඉන්නවා. ඒ කිව්වේ අනිල් කපූර්ගේ දුව සෝනම් කපූර්, පුතා හර්ෂ්වධන් කපූර් එහෙම.

ඉතින් මේක කොයි වගේද කියලා පැහැදිලි කරන්නත් අමාරුයි. ඔයාලා මේ බලන්නේ ෆිල්ම් එකක් ඇතුළේ ෆිල්ම් එකක්. නැත්නම් මෙහෙම කියන්නම්. අනුරාග් කාශ්‍යප් හදන ෆිල්ම් එකක් තමා ඔයාලා බලන්නේ. එහෙම උනාට මේක පොඩ්ඩක්වත් කම්මැළි ජාතියේ එකක් නෙමේ. අන්තිම වෙනකම්ම කුතුහලය තියෙන කතාවක්. පැහැරගැනීමක් ගැන තියෙන්නේ. ඒ වගේමයි මේකේ නළු නිළියන් ඉන්නෙත් ඇත්ත නම් වලින්. කොටින්ම කිව්වොත් මේ බලන්නේ ෆිල්ම් එකක්ද කියලත් හිතාගන්න බැරි වෙනවා.

මේකේ වෙන දේ කිව්වොත් ඇත්තටම කතා රසය නැති වෙනවා. ඉතින් මන් ඒක නොකියා ඔයාලට නරඹන්න ඉඩ තියනවා එහෙනම්…. 

Download Links
720P
TOR
Available Torrents
720p web 993.67 MB
1080p web 2 GB
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (12)
  • Hashan Unregistered
    Android 9 Chrome 80

    බොහොම ස්තූතියි බලන්න සබ් දෙනකන් හිටපු film එකක් :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:

    • K.A Raveen Expert Subtitler
      iOS 14.3 Chrome 83

      thanku hashan

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 87

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • K.A Raveen Expert Subtitler
      iOS 14.3 Chrome 83

      thanku kantha

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 87

    අනිවා ලොකු වෙනස් කම් කිහිපයක් ඉස්සරහාට වෙනවා ..මම හිතන්නේ ඉතාමත් ඉක්මනින් උපසිරැසි 150ක් දීපු කෙනා ඔයා …මගෙන් උණුසුම් සුබ පැතුම් …

    • K.A Raveen Expert Subtitler
      iOS 14.3 Chrome 83

      thanku damith ayye

  • Hasitha Prasad Junior Admin
    Windows 10 Firefox 84

    :punch::punch::clap::clap::trophy:උපසිරැසි 150 කඩයිම වෙනුවෙන් මුලින්ම උණුසුම් සුභ පැතුම්, රවීන්. ලේසි පහසු කාර්යයක් නෙමෙයි උපසිරැසි 150ක් කියන්නෙ, ඉතාම ලොකු කාලය හා ශ්‍රමය කැපකිරීමක් තමන්ගෙ අනෙකුත් වැඩ රාජකාරි දහසකුත් එකක් මැද කරන. ඒ වෙනුවෙන් නැවතත් සුභ පැතුම් එක්කරන අතරම තවත් ඉදිරි කඩයිම් බොහෝ ගණනක් වෙත සාර්ථකව ගමන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 87

      thank you hasitha ayye

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 88

    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    Request :
    Run Hide Fight (2020) – IMDb

    • K.A Raveen Expert Subtitler
      iOS 14.4 Chrome 83

      thanku saho

  • Hansani Rupasingha Moderator
    Windows 10 Chrome 88

    150 වෙනි කඩයිමටත් සුභ පැතුම් අයියේ!!

    • K.A Raveen Expert Subtitler
      iOS 14.4 Chrome 83

      thank you nangi

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search