Alien: Covenant (2017) Sinhala Subtitle
ආයුබෝවන් Subz.lk හැමදෙනාටම.සෑහෙන කාලෙකින් ෆිල්ම් එකකට සබ් කරන්න අවස්ථාවක් ලැබුණා.ඇත්තටම කිව්වොත් මේක අපේ ඇඩ්මින් මණ්ඩලයේ ඉල්ලීමක් ඉතින් ඔවුන්ටත් ස්තූති කරන ගමන්ම ඒ ඉල්ලීම ඉටු කිරීමයි මේ.
රිඩ්ලි ස්කොට් කිව්වම නොදන්නා කෙනෙක් නෑනෙ Blade Runner,A Good Year,Body of Lies, Gladiator,Prometheus වගේ සම්මානනීය චිත්‍රපට රැසක නිමැවුම්කරුවා ඔහුයි.ඉතින් ඔහුගේ නවතම සිනමාපටය තමයි මේ Alien Covenant චිත්‍රපටය.ඔහුගේ චිත්‍රපට බලපු අය දන්නවනෙ ඔහු මේ විද්‍යා ප්‍රබන්ධ පැත්තට අති දක්ෂයෙක් බව.නමෙන්ම තේරෙනවනේ මේක පිටසක්වල ජීවින් සම්බන්ධ කතාවක්.Imdb අඩවියෙන් 6.7ක අගයක් සහ Rotten Tomatos වලින් 77%ක අගයක් ලබා ගූගල් පරිශීලකයින් 80%ක් දෙනාගේ කැමැත්ත ලබාගන්නත් සමත්වුණ මේ චිත්‍රපටය සම්මානයකට නිර්දේශ වන්නත් සමත්කම් දක්වා තිබෙනවා.
මේකෙ කතාව ආරම්භ වෙන්නේ වර්ෂ 2104න්.මේ වෙනකොට මනුෂ්‍ය වර්ගයා පෘතුවියට එපිටින් ජනාවාස වෙත මිනිසුන් යවන තත්වයට දියුණුයි.එවන් මෙහෙයුමකට ගමන්කරමින් සිටින යානයක් තමයි කොවනන්ට්.මේ යානයේ එලෙස ඈත ග්‍රහලොවක පදිංචියට ගෙන යන ජනපදිකයන් 2000ක් සහ කළළ දහස් ගණනක් රැගෙන යනවා, බොහොම බැරෑරුම් මෙහෙයුමක්.යානයේ ගමනාන්තය වන්නේ ඔරිගායි-6 නම් ග්‍රහලොවක්.යානයේ කාර්ය මණ්ඩලය ඉන්නවා 15දෙනෙක්.ගමනට සෑහෙන කාලයක් ගතවන නිසා මේ අය ඉන්නේ ශිශිර නින්දකට පත්කරලා.නමුත් හදිසියේ සිදුවන සිදුවීමක් නිසා මේ අය වසර ගණනාවකට කලින් අවදි වෙනවා.මෙ සිදුවීමට හේතුකාරණා සොයන ඔවුන්ට මෙතෙක් සොයානොගත් ජීවයට සුදුසු ග්‍රහලොවක් හමුවෙනවා.ඉතින් තමන්ට අහම්බෙන් හමුවන මේ වාසනාව කුමක්දැයි සොයාබලන්න තීරණය කරනවා යානයේ කපිතාන් විසින්.කෙසේ වෙතත් මේ අහම්බයෙන් හමුවූ වාසනාව වාසනාවක්මද කියල බලන්නනම් ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා.මේ චිත්‍රපටය ගැන සෑහෙන්න විස්තර කරන්න පුළුවන් වුණත් එහෙම කරල රසවින්දනයට බාධාවක් කරන්න මම කැමති නෑ.එහෙනම් ඔයාල නරඹලම බලන්න.
විශේෂයි :- රිඩ්ලි ස්කොට් කියන විදියට මේක ඔහු නම් කරන්නේ Prometheus (2012) චිත්‍රපටයේ දෙවැන්න ලෙසයි.ඒ නිසා ඒක නරඹල තියනවනම් තවත් පහසුයි,නමුත් අවශ්‍යම නෑ.ඒ වගේම ඔබට එම චිත්‍රපටය මතකනම් එහි සිටි ඩේවිඩ් සහ ආචාර්ය වේලන්ඩ්ව මතක ඇති මේ චිත්‍රපටයේත් ඔවුන් සිටිනවා,මෙහිදිත් ඒ චරිතවලට පණ පොවන්නේ මයිකල් ෆසබෙන්ඩර් සහ ගයි පියර්ස්.ඒ වගේම මෙහි රිඩ්ලි ස්කොට්ගේම Alien (1979) චිත්‍රපටයේ භාවිතා වුණ දෙබස් කීපයකුත් ඇතුලත්.
පැහැදිළි කිරීම්
කාර්ලෝ බුගාටි – (1856-1940) :- ඉතාලි ජාතික සැරසුම් කරුවෙක් හා කලාත්මත ගෘහ භාණ්ඩ නිපයූ අයෙක්.එයින් කීපයක් බලන්න පුළුවන් මෙතනින්.
පියරෝ ඩිලා ෆ්‍රැන්චෙස්කා – (1415- 1492) Piero della Francesca :- පුනරුද සමයේ සිටි ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙකි.ඔහුගේ සිතුවම් අතරින් ජනප්‍රිය ක්‍රිස්තු උපත නම් සිතුවම සම්බන්ධව චිත්‍රපටයේ තැනක සඳහන් වෙනවා. බලන්න කැමති අයට මේ ඒ සිතුවම.
වල්හලාව (Valhalla) මළවුන්ගේ ශාලාව :- නෝස්මන් මිථ්‍යා විශ්වාසයන්ට අනුව ඔඩින් දෙවියන් විසින් පාලනය කරනු ලබන අස්ගාඩයේ (Thor රසිකයින්ට මතක ඇතිනෙ) ඇති ස්ථානයකි.යුද්ධයේදී දිවිපුදන විරුවන් මරණින් පසු යන්නේ මේ ස්ථානයට බව සැලකේ.චිත්‍රපටය තුලදී ඩේවිඩ් විසින් රිචඩ් වැග්නර් සංගීතඥයාගේ Entry of the Gods into Valhalla වාදනය කරනවා.කැමති අයට අහන්න ඒක පුළුවන් මෙතනින්.
ඔසිමෙන්ඩියස් (Ozymendias) :- ඔසිමෙන්ඩියස් යනු ඊජිප්තුවේ දෙවන රැම්සෙස් රජුගේ ග්‍රීක නාමයයි.පර්සි බිෂේ ෂෙලීගේ (Percy Bysshe Shelley 1792- 1822) මේ නමින් ලියවුණ කවි පංතියක කොටසක් චිත්‍රපටයේ ඇතුලත්.මේ කාව්‍යය ලියවෙන්නෙ වරෙක මහා බලවතෙක්ව සිට අද වැලිකතරක තනිව සිටින රැම්සෙස් රජුගේ ප්‍රතිමාව දෙස බලාසිටින සංචාරකයෙකුට දැනෙන හැඟීම් සමුදායක් ලෙසයි.ඔහු මෙයින් ඉදිරිපත් කරන අදහස වන්නේ කෙතරම් බලවතෙක් වුවද කෙතරම් බලයක් තිබුණද ස්වභාව ධර්මයා ඉදිරියේ ඒ සියල්ල තාවකාලික බවයි. සම්පූර්ණ කවිය සහ ප්‍රතිමාවේ රූපයක් මෙතන තියනවා.
BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
BluRay Updated
Spoiler Warning : Bound for a remote planet on the far side of the galaxy, members (Katherine Waterston, Billy Crudup) of the colony ship Covenant discover what they think to be an uncharted paradise. While there, they meet David (Michael Fassbender), the synthetic survivor of the doomed Prometheus expedition. The mysterious world soon turns dark and dangerous when a hostile alien life-form forces the crew into a deadly fight for survival…
ELA BROOO GOOD WORK
බොහොම ස්තූතියි, ලක්මාල්..!
හොද ෆිල්ම් එකක් …හොද විචාරාත්මක ලිපියක් ..
බොහොමත්ම ස්තූතියි, දමිත්..!
Thxxxxxxxxxxxx
Thanks, Silent$..!
Tnx brooo ela
Thanks, Oshada..!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
හොඳ කොපියක් එනකල් ඉවසන් ඉන්නවා 😀
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තූතියි, සජිත්..!
ඩවුන්ලෝඩ් කරල බලන් හිටියේ කවුරුහරි සබක් දෙනකන්.තෑන්ක්ස් බොක්ක
Bluray 1k ikmnata dendòoooo
තාම බ්ලූරේ ඇවිත් නෑ, අසලක . ආවගමන් දෙන්නම්.
supiri…
Thanks Bro. Niyma wedak.
ela sahooo
බොහොම ස්තූතියි
niyama wadak ..watinawa…