Along with the Gods: The Last 49 Days (2018) Sinhala Subtitle

October 25, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. සෑහෙන දවසකින් හොලිවුඩ්වලින් පිටත චිත්‍රපටයකට උපසිරැසි දෙන්න බැරිවුණ නිසා ඔන්න මේ වතාවෙ තෝරගත්තා ගොඩක් අය ප්‍රිය කරන කොරියානු සිනමාවෙ චිත්‍රපටයක්. ඇත්තටම මේක පසුගිය වසරේ නිකුත් වුණ Along With The Gods : Two Worlds (2017) චිත්‍රපටයේ දෙවැන්න Singwa hamkke: Ingwa yeon (2018) නොහොත් Along with The Gods : The Last 49 Days. මුලින්ම කියන්න ඕනෙ මේක නරඹන්නනම් අනිවාර්යයෙන්ම මුල් චිත්‍රපටය නරඹන්නම ඕනෙ. මොකද කතා දෙක සෘජුවම එකිනෙක සම්බන්ධයි. මම මුල් චිත්‍රපටයටත් උපසිරැසි ලබාදීලයි තියෙන්නෙ. මෙතනින් ගිහින් බලන්න පුළුවන්  ඒක. ඇත්තටම කිව්වොත් මුල් චිත්‍රපටය ගැන මට ඔත්තුව දුන්නෙ අපේ Kantha DLA සහෝදරයා. ඉතින් ඔහුට ස්තූතිවන්ත වෙන්න ඕනෙ ආයිමත් වතාවක් ඒකට. දෙවැනි චිත්‍රපටය ගැන කිව්වොත් අපේ මිතුන් සහ සුමින්ද ලක්ෂාන් යන සොහොයුරන් දෙදෙනාම ඉල්ලීමක් කරල තිබුණ මේකට උපසිරැසි දෙන්න කියල. ඒ තුන් දෙනා ඇතුළු කොරියානු සිනමා රසිකයන් සියලු දෙනාටයි එහෙනම් මේ උපසිරැසිය. Ho-min Juගේ Singwa hamkke නම් චිත්‍ර කථාවක් ඇසුරින් Yong-hwa Kimගේ අධ්‍යක්ෂණයෙන් මෙවරත් එලිදකින මේ චිත්‍රපටය ලබා ඇති IMDB අගය 6.9ක්. ඊට අමතරව Rotten Tomatos වෙතින් 57%ක අගයක් ලබාගන්නත් සමත්වෙලා තියන අතර සම්මාන 9කට නිර්දේශ වෙලත් තියනවා. පැය දෙකකුත් මිනිත්තු 22ක ධාවන කාලයකින් යුත් මෙයට රංගනයෙන් දායක වෙන්නෙ සුපුරුදු පරිදි Jung-woo Ha (ගැන්-ලිම්), Ji-Hoon Ju (හෙවොන්මක්), Hyang-gi Kim (ලී ඩෙක්- චුන්), Dong-seok Ma (සුන්-ජූ) ප්‍රධාන රංගන ශිල්පි ශිල්පිනියන් පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට.

මුල් චිත්‍රපටය ටිකක් මතක් කලොත් ඔබට මතකනම් ගින්නකින් ජීවිතයක් බේරාගැනීමට ගිය කිම් ජා-හොන් නම් ගිනිනිවන නිලධාරියාගෙ මරණයෙන් තමයි චිත්‍රපටය ආරම්භවුණේ. ජීවිතයක් බේරාගැනීමට කල උත්සාහයකදී සිදුවූවක් නිසා මරණින් මතු ලෝකයේ එය සැලකෙන්නේ ගෞරවනීය මරණයක් ලෙසයි, මෙසේ මියගිය අය සැලකෙන්නෙ “පරමාදර්ශියන්” ලෙසයි. මියගිය අයට මරණින් මතු ලෝකයේ පැවැත්වෙන නඩු විභාග හතකට මුහුණ දීමට සිදුවෙනවා , මියගිය තැනැත්තා ජීවතුන් අතර සිටියදී සිදුකර ඇති පව් සහ පින් මත පදනම්ව දින 49ක් ඇතුලත පැවැත්වෙන මේ නඩු විභාග හතෙන් ලැබෙන තීන්දුව මත තමයි මියගිය තැනැත්තාට (මෙතනදීනම් කිම් ජා-හොන්) පුනර්භවයක් සඳහා අවස්ථාව ලැබෙන්නේ, නඩුවලින් යම් තැනකදී ඔහු පුනර්භවයක් ලැබීමට නුසුදුසු බවට තීරණය වුවහොත් ඔහුට සිදුවන්නේ සිදුකර ඇති පව අනුව ලැබෙන දඬුවම අදාල අපායේ ගෙවාදැමීමටයි. කොහොමවුණත් මේ නඩුවලට තනිවම මුහුණදීමට සිදුවන්නේනම් නෑ මියගිය තැනැත්තාට, මොකද ඔවුන්ට නීතීඥ සහය ලැබෙනව අදාල නඩුවලදි, ඔවුන්ට කියන්නෙ භාරකරුවන් කියලයි. මේ භාරකරුවන්ගේ කාර්යය තමයි ආත්ම 49කට පුනර්භවයන් ලබාදීම, මේ කාර්යය සාර්ථක කරගතහොත් තමයි ඔවුන්ට තම පුනර්භවය ලැබීමේ වරම ලැබෙන්නේ. කිම් ජා-හොන්ට ලැබුණ භාරකරුවන් තිදෙනා වුණේ ගැන්-ලිම් ප්‍රධානව හෙවොන්මක් සහ ලී ඩෙක්-චුන් නම් තිදෙනා. මේ නඩුවිභාගවලදී තමයි එලිදරව් වෙන්නෙ කිම් ජා-හොන්ගේ සහෝදරයාවන යුධ හමුදා සෙබළෙක්ව සිටි කිම් සූ-හොන්ගෙ මරණය ගැන . ඔහු මියයන්නෙ හමුදා මුරපොළකදී කනිෂ්ඨ හමුදා සෙබළෙකුවූ වොන් ඩොන්-යොන් අතින් වැරදීමකින් ගිනි අවිය ක්‍රියාත්මක වීමකින්. නමුත් ඔහුගේ ලුතිනන්වරයා වූ පාක් සහ වොන් ඩොන්-යොන් එක්ව කිම් සූ-හොන්ව කඳවුර පිටුපස රහසේම වළදමා ඔහු හමුදා සේවයට වාර්තා නොකල බව පවසනවා. නමුත් වළදමන අවස්ථාව වන විටත් ඔහු සිටින්නේ පණපිටින්. වළදැමීමෙන් පසු මියයන ඔහු පළිගන්නාසුලු ආත්මයක් බවට පත්ව පෘතුවියේ කලකෝලාහල කරන්නට පටන්ගන්නවා. නමුත් ගැන් ලිම් භාරකරු පැමිණ ඔහුට පවසනවා සොහොයුරු කිම් ජා-හොන්ගේ මරණින් මතු ලොව නඩුවට අවශ්‍ය නිසා තම මරණය උපේක්ෂාවෙන් පිළිගෙන මරණින් මතු ලොවට එන ලෙස. ඒ නිසා අවසානයේ ඔහු තීරණය කරනව පළිගැනීම අත්හැර මරණින් මතු ලොවට එන්නට. මේ සිදුවීම් සියල්ල අතරතුර ඔබට මතක ඇති ගැන්-ලිම් භාරකරු කිම් සූ-හොන්ගේ පළිගන්නාසුලු ආත්මය හා සටන් කරන අවස්ථාවේ එය දකින වයසක පුද්ගලයෙක් අපට පෙන්වනවා. ඒ වගේම ක්‍රෙඩිට් දර්ශනයේදි අපිට දකින්න ලැබෙනවා ඔහුව මරණින් මතු ලොවට ගෙනයාමට වෙනත් භාරකරුවන් තිදෙනෙක් පැමිණි විට එතනට එනවා තව පුද්ගලයෙක්. භාරකරුවන් තිදෙනා පවසන්නේ ඔහු ගෘහාධිගෘහිත දෙවියෙක් බවයි…අන්න ඒ දෙදෙනා සහ කිම් සූ-හොන් තමයි මෙවර චිත්‍රපටයේ ප්‍රධාන චරිත බවට පත්වෙන්නෙ. හැබැයි මෙවරනම් අපිට අපායන් හතේ නඩු විභාග හතම දකින්නට ලැබෙන්නේ නෑ, ඒ මොකද කියල චිත්‍රපටය තුලදිම දැනගන්න ලැබෙයි ඔබට. එහෙනම් මම හිතනවා මෙතනින් එහාට විස්තර කරනවට වඩා නරඹන ඔබටම චිත්‍රපටය බාර කරන එක හොඳයි කියල.මම ගිහින් එන්නම්. හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

ක්‍රෙඩිට් දර්ශන ද්විත්වයක් ඇති බැවින් අවසානය තෙක් නරඹන්න

Available Torrents
720p bluray 1.19 GB
1080p bluray 2.27 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (27)
  • Mithun Unregistered
    Android 8 Chrome 69

    Fatta film eka. sahana kalakin koriyan movie ekak bluwa thankS hasita nawatawarak sab eka dunnata .supiri film eka❤️❤️

    • Mithun Unregistered
      Android 8 Chrome 69

      ෆිල්ම් එක බලල ඉවර උනාට පස්සෙ නම් හිතුන සබ් එක දන්න හැහෙන මහන්සි වෙලා පටයි.. ලයින් බර ගානක් තියෙන්න ඇති කියල හිතෙනව. පරිවර්තන නම් සුපිරි සහෝපුලුවන් නම් නිවාඩු පාඩුව ganool එකේ තියෙන සුපිරි කොරියන් මුවී තියෙනවා නම් දෙන්න බලන්න . A Taxi Driver මුවි නම් අමතක වෙන් නැති කොරියන් චිත්‍රපට තමා

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 56

      බලමු මිතුන් මම වෙලාව ලැබෙන විදියට කොහොමහරි දෙන්නම්. ලයින්නං ලොකු ගාණක් තිබුණ, ඒ වුණාට මේ වගේ ෆිල්ම්වලට සබ් කරද්දි ඒක එච්චරම දැනෙන්නෙ නෑ, කරල ඉවරකරන්නමයි හිතෙන්නෙ 🙂

    • Mithun Unregistered
      Android 8 Chrome 69

      මෙවගෙ තේරුමක් තියෙන සුපිරි චිත්‍රපට ගොඩක් දෙනෙක් මගහරිනව.අපරාදෙ ඉතින් .පලවෙනි කොටස බලපු හින්ද පැයදෙකක් යනව දැනුනෙවත් නැ.. අපායවල් ටික තමා මරු..😁

  • Mithun Unregistered
    Android 8 Chrome 69

    Leave No Trace මෙකත් සුපිරිම Drama ස්ටොරි එකක්.. ❤️

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 56

      මටත් එහෙමයි. මේ අවුරුද්දෙ මං බලපු හොඳම ඩ්‍රාමා කැටගරි ෆිල්ම් එක.

  • asitha Unregistered
    Windows 8.1 Chrome 70

    Ela saho thanks

  • Shanthani Unregistered
    Android 7 Chrome 70

    Korean drama ekakatath subs demuda yalu. Nomile karana mewani sewayata oba samata jaya patanawa.

  • ashan lankanath Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Thanks ………good luck …………….The zookeeper 2011,now is good 2012 movie valatath sinhala sub denna ……………………..

  • kenny Unregistered
    Windows 7 Opera 56

    Thank you very much for the sub

  • Lahiru rajapaksha Unregistered
    Android 7.1 Chrome 70

    Thankzz bro…….Sub niyamai……..

  • Gayan Unregistered
    Android 8.1 UC Browser 12.9

    Thanks bro sub 1ta

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 78

    sub ekata godak sthuthiyi bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search