Trending

Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitle

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් අපේ හිතවතෙක්ගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි මේ සූදානම. Kantha සහෝදරයගෙ ඉල්ලීමක් උඩ අද මේ උපසිරැසි අරගෙන එන්නෙ පසුගිය වසරේ තිරගත වුණ දකුණු කොරියානු චිත්‍රපටයකට. මෙහි නම Along with the Gods: The Two Worlds (2017). Imdb සිනමා දර්ශකයෙන් 7.6ක අගයක් සහ Rotten Tomatos වෙතින් 50%ක අගයක් ලබා ඇති මේ චිත්‍රපටය සම්මාන 3කටද නිර්දේශවී තිබෙනවා. ඒ වගේම දකුණු කොරියානු සිනමා ඉතිහාසයෙ වැඩිම පිරිසක් නරඹා ඇති චිත්‍රපට අතර දෙවෙනි ස්ථානය ලබාගන්නත් සමත්ව තිබෙනවා මේ වනවිට. මෙහි අධ්‍යක්ෂණය Yong-hwa Kim ගෙන්, කතාව Ho-min Ju. ඒ වගේම මෙය මේ නමින්ම යුත් ප්‍රසිද්ධ කොරියානු වෙබ්ටූන් එකක් ඇසුරින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…
අපේ මරණින් පස්සෙ අපි කොහේටද යන්නෙ මොකද වෙන්නෙ කියන කාරණය ගැන විවිධ මතිමතාන්තර තියනවනෙ, ආගම් වශයෙනුත් විවිධ ආගම්වල මේ කාරණය විවිධාකාරයයි. පුනුරුප්පත්තියත් ඒ වගේමයි, සමහර ආගම් පුනුරුප්පත්තිය විශ්වාස නොකරන අතර තවත් සමහර ආගම් එය විශ්වාස කරනවා, ඒ අතරින් ප්‍රධානයි බෞද්ධාගම. ඒ වගේම එයතමන් මෙලොවදී කල කුසල අකුසල අනුව තීරණය වන්නක් බුද්ධාගමට අනුව. මේ චිත්‍රපටය ඒ වගේ කතාවක් ඇතුලත් එකක්.
කිම් ජා-හොන් කියන්නෙ දකුණු කොරියානු ගිනි නිවන භටයෙක්. ඔහු බොහොම
කැපවීමෙන් තම රාජකාරිය කරන කාරුණික කෙනෙක්. දවසක් විශාල ගොඩනැගිල්ලක ගින්නක් නිවීමේ කටයුතුවල යෙදෙන ඔහු විශාල උසකින් ඇද වැටී මිය යනවා. ඉන් අනතුරුව ඔහුට සිදුවෙනවා මරණින් මතු ජීවිතය තුලදී සිදුවන නඩු විභාග 7කට මුහුණ දෙන්නට. එයින් ජයගතහොත් තමයි ඔහුට පුනර්භවයක් ලැබීමේ අවස්ථාව හිමිවෙන්නේ. මේ නඩුවිභාග 7දී ඔහු වෙනුවෙන් පෙනී ඉන්නට භාරකරුවන් ත්‍රිත්වයකුත් ඔහුට හිමි වෙනවා. මුලින්ම මම කිව්වනෙ කිම් ජා-හොන් කාරුණික අයෙක් කියල, එහෙනම් ඔහුට බොහොම පහසුවෙයිනෙ මේ නඩු විභාග 7 ජයගන්න…? එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ, නරඹන ඔබටම බාර කරනවා ඉතිරිය. එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
4 FILES
720p bluray 1.17 GB x264
▲13 · ▼0
Magnet GET
1080p bluray 2.24 GB x264
▲53 · ▼12
Magnet GET
720p web 1.17 GB x264
▲0 · ▼1
Magnet GET
1080p web 2.24 GB x264
▲9 · ▼1
Magnet GET
Discussion (40)
  • Mithun Unregistered
    Android 8 Chrome 69

    මන් හිතන්නෙ මේක අමතක වෙන මුවී එකක් නම් නෙවේ ,එ තරම් පට්ට කතාව. හසිත සහෝ මෙකෙ අලුත් එකක් ඇවිත් වගේ අනේ මන්ද නොකියත් බෑ කියලත් බැ දැන් නම් ,එත් ඉතින් මේ ෆිල්ම් එක උනත් අමතක නොවෙන තරමට රස වින්දේ ඔයාගෙ සබ් එක හින්දයි..
    මේකේ අලුත්ම එකක් අද දැක්ක සහෝ පුලුවන්ද හොයල බලන්න 👀 . මන් හිතන්නෙ මේක ඉවර උනෙත් දෙවෙනි ෆිල්ම් එකකට මග පාදමින්.. එච්චරම පට්ට කොරියන් මූවි එකක් නෙ මෙක ලොකූ කතාබහට ලක් උන .
    _______________________________
    Along with the Gods: The Last 49 Days
    2018 ‧
    Imdb 6.9
    Rotten tomatoes 57/
    __________________________________
    1337x.to මෙන්න මෙ ටොරන්ට් සයිට් එකේ සර්චින් කරාම
    Web-dl
    Hdrip දෙකම තිබ්බ .
    Along.with.the.Gods.The.Last.49.Days.2018.720p.WEB-DL.x264-TV21
    බලල හොද නම් සබ් එකක් නිවාඩුව දෙන්න.😊❤️

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 55

      ඔව්මනේ මම දැක්කෙම නෑ තව එක්ක ඇවිත් තියනවා කියල. ඒකත් මම හෙමීට දෙන්නම්, මිතුන්, තෑන්ක්ස් දැනුම්දුන්නට 🙂

    • Pahan Cha User
      Android 5.1 Chrome 73

      සබ් එක⁣ට තෑන්ක්ස් සහෝ

  • kenny Unregistered
    Windows 7 Opera 56

    Thank you very much for the sub

  • vinod Unregistered
    Windows 8.1 UC Browser 7

    supiri……….

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search