Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitle
ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් අපේ හිතවතෙක්ගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි මේ සූදානම. Kantha සහෝදරයගෙ ඉල්ලීමක් උඩ අද මේ උපසිරැසි අරගෙන එන්නෙ පසුගිය වසරේ තිරගත වුණ දකුණු කොරියානු චිත්‍රපටයකට. මෙහි නම Along with the Gods: The Two Worlds (2017). Imdb සිනමා දර්ශකයෙන් 7.6ක අගයක් සහ Rotten Tomatos වෙතින් 50%ක අගයක් ලබා ඇති මේ චිත්‍රපටය සම්මාන 3කටද නිර්දේශවී තිබෙනවා. ඒ වගේම දකුණු කොරියානු සිනමා ඉතිහාසයෙ වැඩිම පිරිසක් නරඹා ඇති චිත්‍රපට අතර දෙවෙනි ස්ථානය ලබාගන්නත් සමත්ව තිබෙනවා මේ වනවිට. මෙහි අධ්‍යක්ෂණය Yong-hwa Kim ගෙන්, කතාව Ho-min Ju. ඒ වගේම මෙය මේ නමින්ම යුත් ප්‍රසිද්ධ කොරියානු වෙබ්ටූන් එකක් ඇසුරින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…
අපේ මරණින් පස්සෙ අපි කොහේටද යන්නෙ මොකද වෙන්නෙ කියන කාරණය ගැන විවිධ මතිමතාන්තර තියනවනෙ, ආගම් වශයෙනුත් විවිධ ආගම්වල මේ කාරණය විවිධාකාරයයි. පුනුරුප්පත්තියත් ඒ වගේමයි, සමහර ආගම් පුනුරුප්පත්තිය විශ්වාස නොකරන අතර තවත් සමහර ආගම් එය විශ්වාස කරනවා, ඒ අතරින් ප්‍රධානයි බෞද්ධාගම. ඒ වගේම එයතමන් මෙලොවදී කල කුසල අකුසල අනුව තීරණය වන්නක් බුද්ධාගමට අනුව. මේ චිත්‍රපටය ඒ වගේ කතාවක් ඇතුලත් එකක්.
කිම් ජා-හොන් කියන්නෙ දකුණු කොරියානු ගිනි නිවන භටයෙක්. ඔහු බොහොම
කැපවීමෙන් තම රාජකාරිය කරන කාරුණික කෙනෙක්. දවසක් විශාල ගොඩනැගිල්ලක ගින්නක් නිවීමේ කටයුතුවල යෙදෙන ඔහු විශාල උසකින් ඇද වැටී මිය යනවා. ඉන් අනතුරුව ඔහුට සිදුවෙනවා මරණින් මතු ජීවිතය තුලදී සිදුවන නඩු විභාග 7කට මුහුණ දෙන්නට. එයින් ජයගතහොත් තමයි ඔහුට පුනර්භවයක් ලැබීමේ අවස්ථාව හිමිවෙන්නේ. මේ නඩුවිභාග 7දී ඔහු වෙනුවෙන් පෙනී ඉන්නට භාරකරුවන් ත්‍රිත්වයකුත් ඔහුට හිමි වෙනවා. මුලින්ම මම කිව්වනෙ කිම් ජා-හොන් කාරුණික අයෙක් කියල, එහෙනම් ඔහුට බොහොම පහසුවෙයිනෙ මේ නඩු විභාග 7 ජයගන්න…? එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ, නරඹන ඔබටම බාර කරනවා ඉතිරිය. එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
සුපිරි ෆිල්ම් එක . ❤
බොහොම ස්තූතියි, මිතුන් 🙂
thanx
woow super filumak.bohoma,jaya wewa!!!!
godakalakin balapu hoda film ekak .thanks mewage hoda film balala sub karanawata bohoma isthuti,thawath idiriyatama jaya wewa….
ela ela saho thanks
Thank you mcn. Korean movie,drama sub dena aka godak watinava. Bohoma sthuthie.
Thanks.. Good Luck..
godak sthuthi machn godakma
බොහොම ස්තූතියි ප්‍රතිචාර දැක්වූ හැමදෙනෙක්ටම ❤
සබ් එක හොඳටම තිබුනා. බොහොම ස්තූතියි..
thanks bro
godaaaak pin ayyata subtital dunnata…………!
බොහොම ස්තූතියි sub එකට හසිත සහෝ. bluray කොපියට update කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.. 🙂 ජයවේවා!