Home Movies English Movies Aquaman (2018) Sinhala Subtitle

Aquaman (2018) Sinhala Subtitle

 

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ DC රසිකයන් බොහෝදෙනෙක් මහත් ආශාවෙන් බලාපොරොත්තුව සිටි Aquaman (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය අරගෙන. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ චිත්‍රපටයෙ උපසිරැසිය මාහට බාරදුන් කවීෂ සහෝදරයට. කොහොම නමුත් දැන් මේක බාරගෙන සතියක් විතර වෙනව මම හිතන්නෙ. ප්‍රමාදයට කාලයටත් වඩා මූලික වුණ හේතුව තමයි තවමත් ( 2019: ජන: 30) මේ චිත්‍රපටයට නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වී නොමැතිකම (මොකක්හෝ හේතුවකට මේ දවස්වල චිත්‍රපට ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ජාලයට නිකුත්වීම ඉතාම අඩුයි ). ඒ නිසාම අන්තර්ජාලයේ තිබෙන උපසිරැසියක අඩුපාඩු සකසමින් හැකි පමණින් ඉංග්‍රීසි උපසිරැසියක් දළ වශයෙන් හදාගෙන තමයි උපසිරැසි කරන්න පටන්ගත්තෙ. හරියට බැලුවොත් චිත්‍රපටය තුන්වතාවක් විතර බලලයි තියෙන්නෙ මේ වෙනකොට. එහෙනම් දැන් අපි යමු චිත්‍රපටය පැත්තට… 

DC එක්ස්ටෙන්ඩඩ් යුනිවර්ස් කිව්වම, Wonder women වෙතින් ලද සාර්ථකත්වය හැරෙන්නට, ඔවුන් පහුගිය කාලෙ සෑහෙන පසුබෑමකට ලක්වුණ බව ඔබට මතක ඇති. විශේෂයෙන්ම 2017 වසරේ තිරගතවූ Justice League චිත්‍රපටය එහෙම ප්‍රේක්ෂකයන් ඒතරම් සතුටින් වැළඳගත්තේ නෑ. කෙසේ හෝ මේ Aquaman චිත්‍රපටයට එසේ වනු දැකීමට ඇති අකමැත්ත නිසාම වන්නට ඇති මේ චිත්‍රපටය හොරර් චිත්‍රපට සඳහා ප්‍රසිද්ධියක් උසුලන ඕස්ට්‍රේලියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් වැන්හට බාරදෙන්න වෝනර් බ්‍රදර්ස් ආයතනය තීරණය කරන්නෙ. ඔහු මාධ්‍යයට පවසා තිබුණ විදියට වෝනර් බ්‍රදර්ස් ආයතනය ඔහුට මේ Aquaman චිත්‍රපටය හෝ 2020 වසරේ තිරගතවීමට නියමිත Flash Point චිත්‍රපටය යන දෙකින් එකක් තෝරාගන්න ඉඩදීල තියනව, රූපවාහිනියෙත් විකාශය වුණ Flash බාරගන්නවට වඩා, Aquaman තුලින් තමන්ට යමක් කලහැකියි කියල හිතපු ඔහු අවසානයේ තීරණය කරල තියනව Aquamanට ජීවය දෙන්න. නරඹද්දි කතාව ටිකක් Predictable වැඩියි කියල හිතෙනව, විශේෂයෙන්ම Twist විදියට භාවිතා කරන්න තිබුණ බොහෝ තැන් මගහැරගෙන තියනව. කොහොමවුණත් අපූරු සටන් ජවනිකා සහ දෘශ්‍ය ප්‍රයෝගවලින් හැඩවුණු මෙය මේ වනවිට එතෙක් මෙතෙක් ඉහලම ආදායම ලැබූ DC චිත්‍රපටය බවට පත්වෙන්නට සමත්කම් ලබාගෙන තිබෙනවා. ඒ ක්‍රිස්ටෝෆර් නෝලන් අධ්‍යක්ෂවරයාගේ අතිශය ජනප්‍රිය වූ The Dark Knight Rises (2012) තබා තිබූ ආදායම් වාර්තාව පරදවමින්. ඒ අනුව බැලුවාම DC විශ්වය වැටී සිටි තැනින් සෑහෙන ඉහලට ගන්නට සමත්ව තිබෙනවා ජේම්ස් වැන්. ඔහුගේ පළමු සුපිරිවීර චිත්‍රපටය විදියට ගත්තාම කියන්න තරම් වරදක් නැතත්, කතාව පැත්තෙන් මීට වඩා දෙයක් කරන්න තිබුණා කියලයි මගෙ හැඟීම. දැන් අපිට තියෙන්නෙ කතාව පැත්තට යන්නයි.

මේ ඇක්වාමෑන් නොහොත් සිය මිනිසාව අපි මීට කලින් සිනමාව තුලින් දැක්කෙ මුලින්ම Batman v Superman: Dawn of Justice (2016) තුලින්. හැබැයි යාන්තමට . ඒ මේ විදියට .

ඊලඟට අපි මේ දිය මිනිසව දකින්නෙ Justise League තුලින්. බැට්මෑන් ඔහුව ඩොලර් 25,000 කට නම්මගන්න ගිහින් වෙච්ච ටික මෙතන තියනවා. කොහොමහරි අන්තිමේ ආතර් කරී නොහොත් මේ දිය මිනිසා එකතුවෙනවා ජස්ටිස් ලීගයට, ඒ ස්ටෙෆන්වුල්ෆ්ව පරදවන්න . අර්ධ මිනිසෙක් අර්ධ ඇට්ලන්ටියානුවෙක් වන තමන් මේ දෙකටම අයිති නැති කෙනෙක් වගේ දැනෙන බවක් ඔහු වොන්ඩර්වුමන්ගෙ සත්‍යයේ රැහැන උඩ වාඩිවෙලා හාස්‍යය අතරින්ම කිව්ව මතක ඇති කට්ටියට. අමතක අයට මෙන්න ඒක.

හරි, අපි දන්නෙ මේ දිය මිනිසා අර්ධ මිනිසෙක් අර්ධ ඇට්ලන්ටියානුවෙක් කියල විතරනෙ. ඇට්ලන්ටිස් කිව්වම ඕනෙම කෙනෙක් දන්නව. ඇට්ලන්ටිස් කියන්නෙ ග්‍රීක පුරාවෘතවල එන අතුරුදන් යැයි සැලකෙන පුරාණ අති දියුණු රාජධානියක්. ඇට්ලාන්ටිස්වල කොමික් නොවන අතීතය මේ වීඩියෝවෙ තියනවා සරලව. එය සාගරයේ ගිලීගොස් තිබෙන බව තමයි මේ අතීත කතාවල කියවෙන්නෙ. දිය මිනිසා මෙන්න මේ ඇට්ලන්ටියානුවෙක් මව් පාර්ශවෙන්. මේ කතාවේ විදියට ඇට්ලන්ටිස්වල රාජධානි හතක එකතුවක්, මේ සතම එක්සත්වයි තිබී තිබෙන්නේ ඇට්ලන්ටිස්වල මුල්ම පාලකයා වූ ඇට්ලන් රජු යටතේ. එම රාජධානි සත  පිළිවෙලින් මෙන්න මෙහෙමයි…

ඇට්ලාන්ටිස් (Atlantis)
මෙය ගිලී ගිය ඇට්ලාන්ටිස් රාජධානියේ සුන්බුන් මත ඉදිවූ දියුණු රාජධානියක්. පාලනය කරන්නේ මැරියස් ඕර්ම් රජු විසින්.

ක්සෙබෙල් (Xebel)
මෙය පාලනය කරන්නේ නෙරියස් රජු විසින්. කොමික්ස්වලදි මේ ක්සෙබෙල් රාජධානිය ඇට්ලාන්ටිස්වල අපරාධකරුවන් පිටුවහල් කරන්නට භාවිතා කල, බර්මියුඩා ත්‍රිකෝණය හරහා පමණක් ඇතුල්විය හැකි දඬුවම් ජනපදයක් ලු, නමුත් චිත්‍රපටයේදී එය වෙනස් කර තිබෙනවා .මේ නෙරියස් රජු තමයි මේරා කුමරියගෙ පියා . මේරා කුමරිය සහ ඇක්වාමෑන් හමුවුණා අපි දැක්කා Justice League චිත්‍රපටයේදී, ඒ ස්ටෙෆන්වුල්ෆ් හා සටනෙදි. අමතකනම් මෙන්න ඒ අවස්ථාව. දෙදෙනාගේ හමුව තියනවා වීඩියෝවෙ විනාඩි 3:10 පමණ සිට.

ෆිෂර්මන් රාජධානිය ( Fishermen Kingdom )

මම මෙය සිංහලට හැරෙව්වා මීන-ජන රාජධානිය විදියට.මෙහි වෙසෙන ජනතාවට අර්ධ මත්ස්‍යයන් කිව්වත් හරි, එහෙම වෙන්න හේතුව චිත්‍රපටය තුල තියනවා. මෙය වැඩිපුරම කාව්‍යශිල්පීන්ගෙන් සහ දාර්ශනිකයන්ගෙන් පිරි රාජධානියක් . පාලකයා වන්නේ රීකෝ රජු.

බ්‍රයින් රාජධානිය ( Brine Kingdom)

මම මෙය සිංහලට හැරෙව්වා කරදිය රාජධානිය ලෙස. මේ කරදිය රාජධානිවාසීන් බොහෝදුරට කකුළුවන්ට සමානයි.

ඩෙසර්ටර්ස් රාජධානිය ( Deserters Kingdom )

මම මේ ඩෙසර්ටර්ස් රාජධානිය පැනගියවුන්ගේ රාජධානිය විදියට සිංහලට හැරෙව්වා. මේ ගැන වැඩිදුරටත් කියන්න ගියොත් රසවින්දනයට බාධාවක් වියහැකි නිසා මම නොකිය ඉන්නම්. මේ රාජධානියට එම නම වැටෙන්න හේතුව චිත්‍රපටය තුලදි බලාගන්න පුළුවන්.

 ට්‍රෙන්ච් රාජධානිය ( Trench Kingdom )

මම මෙය සිංහලට හැරෙව්වා ආගාධ රාජධානිය විදියට. මෙහි වෙසෙන්නේ ආගාධ ජීවීන් නම් දරුණු ජීවීන් විශේෂයක්. මුහුදේ තමන්ගේ බලපෙදෙසට එන කිසිවෙකුට මේ අයගෙන් සමාවක් නෑ.

 හත්වෙනි එක මම හිතන්නෙ චිත්‍රපටයෙන්ම නරඹන්න ඉඩ අරින එකයි හොඳම, ඒ නිසා මම මේ කොටස මෙහෙම හිස්වම තියනවා. හරි අපි දැන් ඇට්ලන්ටිස් රාජධානිය ගැන ටිකක් දැනගත්තනෙ. අපි බලමු චිත්‍රපටයෙ කතාව පැත්තට හැරිල ටිකක් විතර.

ටොම් කරී , වෘතියෙන් ප්‍රදීපාගාර භාරකරුවෙක්. එක් කුණාටු දිනෙක වෙරළට ගසාගෙන එනවා ඔහුගේ ඉරණම්කාරිය, ඒ තමයි ඇට්ලන්ටිස් රාජධානියේ ඇට්ලනා රැජිණ . පෞද්ගලික හේතුවක් නිසා තම රාජධානියෙන් පැන එන ඇය මේ ප්‍රදීපාගාර භාරකරු හා ප්‍රේමයෙන් බැඳෙනවා. මේ යුවලට උපදින දරුවා තමයි ආතර් කරී. එහෙත් සාගරයේ රැජිණක් වූ ඇට්ලනාට වැඩිකල් තම දරුවා හා සැමියා ලඟ රැඳෙන්නට ඉඩදෙන්නේ නෑ අර පෙරකී පෞද්ගලික හේතුව. දරුවාත් සැමියාත් රැකගැනීමේ අරමුණින් ඇය දැඩි තීරණයක් ගන්නවා. තමන් ඇට්ලන්ටා රාජධානියේ උරුමකරු බව දැනගෙනම ලොකු මහත්වන ආතර් කරීගේ කිසිම කැමැත්තක් නෑ ඇට්ලන්ටා රාජධානියට හෝ රජකම බාරගන්න. (මතක ඇතිනෙ ජස්ටිස් ලීග් චිත්‍රපටයෙදි මේරා කුමරිය ඔහුට ඇට්ලන්ටාවලට ආරාධනා කරනව එතනදිත් ඔහු කැමැත්තක් දක්වන්නෙ නෑ) ඒත් මේ සැඟව ගිය රාජධානිය ගොඩබිමට එහෙමත් නැත්නම් ඇට්ලන්ටිස් ව්‍යවහාරයෙන් භූමිලෝකයට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීමත් සමග ආතර් කරීට තමන් අකමැතිම ගමනක් බොහොම අකමැත්තෙන් යන්න වෙනව. එතනින් එහාට නරඹන ඔබට බාරයි , මම රසවින්දනයට බාධා නොවෙන ලෙස ඉතාම අඩුවෙන් තමයි විස්තර කිව්වෙ. මේ වනවිට Imdb වෙතින් 7.4ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 64%ක අගයක්ද, මෙටාක්‍රිටික් වෙතින් 55%ක අගයක්ද ලබා සම්මාන 7කට නිර්දේශව ඇති මේ ඇක්වාමෑන් චිත්‍රපටය නරඹන ලෙස ඔබට ආරාධනා කරනවා. ඒ වගේම කියන්න ඕනෙ මෙහි රංගනයෙන් දායක වන පිරිසත්. ජේසන් මැමෝආ ( ආතර් කරී/ ඇක්වාමෑන් ) ,ඇම්බර් හර්ඩ් ( මේරා) , විලියම් ඩැෆෝ ( වුල්කෝ) , පැට්‍රික් විල්සන් ( ඕර්ම් රජු) ,නිකොල් කිඩ්මන් ( ඇට්ලනා රැජිණ) , ඩොල්ප් ලන්ඩ්‍රග්න් (නෙරියස් රජු), යහ්යා අබ්දුල් මතීන් II ( මන්තා) , ටෙමුඑරා මොරිසන් ( ටොම් කරී) , රැන්ඩොල් පාක් ( ආචාර්ය ස්ටීෆන් ෂින්) ඇතුළු පිරිසක් තමයි මෙහි රංගන තරු. එහෙනම් මම ගිහින් එන්නම් මතක ඇතුව ක්‍රෙඩිට් දර්ශනයත් නරඹන්න.

 IMAX  BLURAY පිටපත් සඳහා උපසිරැසි යාවත්කාලීන කර ඇත. අවශ්‍යනම් ‍WEB-DL පිටපතට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අන්තර්ගතවේ. BLURAY පිටපත් සමග නරඹන අය BRRIP ලෙස නම් කල උපසිරැසිය භාවිතා කරන්න. WEB-DL පිටපත් ඇති අය WEB-DL ලෙස නම්කර ඇති උපසිරැසිය භාවිතා කරන්න. 

විශේෂ :-
• මෙහි බූවල්ලෙකු බෙර වාදනය කරන දර්ශනයක් දකින්නට ලැබෙයි ඔබට. මේ සත්වයා 1950-60 දශකවල ඇක්වාමෑන් කොමික්වලදි ඇක්වාමෑන්ගෙ ලඟම සගයෙක්ලු. මේ බෙරවාදන දර්ශනය චිත්‍රපටයට ඇතුල් කරනවද නැද්ද කියල ජේම්ස් වැන් මුලදි ඉඳල තියෙන්නෙ දෙගිඩියාවක, නමුත් පසුව Mad Max: Fury Road (2015) චිත්‍රපටය නැරඹීමෙන් පසුව ඔහුට හිතල තියනව මේ චිත්‍රපටයට ගිනිදලු පිටවන ගිටාරයක් වාදනය කරන කෙනෙක් දාන්න පුළුවන්නං, බෙරවාදනය කරන බූවල්ලෙක් මගෙ චිත්‍රපටය එක්කිරීමෙ වරදක් නෑ කියල. මේ ඒ ගිටාර දර්ශනය.

• මුළු රූගතකිරීම් කාල පුරාවටම විහිළුවට බර ජේසන් මැමෝආගෙන් අනිත් අයට බේරිමක්නම් ලැබිල නෑ නිකොල් කිඩ්මෑන්ට ඇරුණම. එයිනුත් වැඩිම අපහසුතාවයට පත්වෙලා තියෙන්නෙ මේරා කුමරියගෙ චරිතයට පණපොවන ඇම්බර් හර්ඩ්. රූගතකිරීම් අතරතුර පොත් කියවීමට ආසා කරන ඇයගේ පොත්වල පිටු ඇයට හොරා ඉරාදැමීම ජේසන් මැමෝආ නිතරම කරල තියනව.

• චිත්‍රපටයේ මුල් කාර්තුව තුල ඔබට දකින්න ලැබෙයි සංත්‍රාස ඝනයේ කතාවලට ප්‍රසිද්ධ එච්.පී ලෝක්‍රාෆ්ට් ලේඛකයා විසින් රචිත The Dunwich Horror පොත. ඔහු විසින් නිර්මාණය කල Cthulhu නම් මුහුදු සත්වයාට සමාන සතෙක් ඉන්නවා මේ චිත්‍රපටය තුල. ඒවගේම එම චරිතය ඇතුලත් The Call of Cthulhu පොත්මාලාවෙන් උපුටාගත් වාක්‍යයකුත් මෙහි ඇතුලත්.

  • Details
  • Trailer
  • Download links

Year : 2018

Rating : 7.5

Genre : Action, Adventure, Fantasy, Sci-Fi

Actors : Jason Momoa, Amber Heard, Willem Dafoe, Patrick Wilson

Writer : N/A

Director : James Wan

Plot :

Arthur Curry learns that he is the heir to the underwater kingdom of Atlantis, and must step forward to lead his people and be a hero to the world.



සිංහල උපසිරැස Download කරගන්න 23808 times


Hasitha Prasad

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

The Boys (2019) [S01 : E04] Sinhala Subtitle

!…ස්පයිස් වල ෆීමෙල්…!(18+) කොහොමද කට්ටියටම. සමාවෙන්න මේ එපිය පරක්කු වුනාට.කාට හරි බනින්න ඕනේ නම් CIB …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

51 comments
  1. Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  2. දමිත් ප්‍රියංකර

    හසිත dc fan කියලා දැනගෙන හිටියේ නැහැ නේ :p

    • හසිත අයියට තේරිලා මාවල් ෆෑන් කෙනෙක් වෙලා ඉදලා වැඩක් නෑ කියලා. ඒ නිසා ශේප් එකේ DC පැත්තට මාරු වෙලා 😁😁🤗

      • දමිත් ප්‍රියංකර

        පල පල කවිශ dc fan ලාට ඇපත් නැහැ ..මම ලිපියේ අන්තර්ගතය දැකලා තමයි dc fan කෙනෙක් කිව්වේ ..මම දන්නවා හසිත marvel fan කෙනෙක් කියලා …

        • හසිත ප්‍රසාද්

          DC vs Marval සීතල යුද්ධයක් තියනව නේ සැරටම? Dc කියන්නෙ මෙහෙමයි, මම බැට්මෑන් ෆෑන් කෙනෙක් වැඩියම. එහෙන් මෙහෙන් අනිත් ඒවත් බලනව ඉතිං. තාම ස්ථිරව මාවල්වලින් අයින් වෙන්න තරම් දෙයක් නෑ ඇත්තටම කිව්වොත්.

      • දමිත් ප්‍රියංකර

        හු හු ඇත්ද කවියෝ …/ ඔව් ලොකු සිතල යුද්දක් යනවා මායි කවිශයි ..මොනවාද එතින් හැමදාම වාගේ marvel දිනනවා වාගේ මම දිනනවා කවිශ පරදිනවා ..ඔට්ටුවකුත් ඇල්ලුවා ..එකෙනුත් පරාදයි කවිශ @හසිත

  3. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජය!

  4. ස්තුතියි සහෝ සබ් එකට..

  5. Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  6. VinoD

    Elh………………….

  7. VinoD

    😍😍😍😍😍😍😍

  8. VinoD

    සුපිරියක්……

  9. සහන් සුලක්ඛණ

    එලම හසිත අයියේ,පට්ටම ලිපිය.ඒ වගේම උපසිරසියට ගොඩාක් ස්තුතියි සහෝ.මමත් දැක්කා ඇක්වාමෑන් ලෝකයේ වැඩිම ආදායමක් ඉපැයූ ෆිල්ම් 50 අතරට ඇවිත් තියනවා.

  10. ලහිරු සඳරුවන්

    බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට.
    ලිපියත් සුපිරියි.

  11. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට ජය!

  12. udayanga

    thanks machan

  13. රොශාන්

    බොහොම ස්තූතියි 🙏🙏🙏.ජය වේවා

  14. Ruhithasubhasha

    Supiri wadak ayye

  15. VinoD

    සුපිරියක් ……………….

  16. Monti

    කරදරයක් නැතුව ඉක්මනට සබ් ෆයිල් එකක් ගත්තා තැන්ක්ස් බං..🙏

  17. Monti

    කරදරයක් නැතුව ඉක්මනට සබ් ෆයිල් එකක් ගත්තා තැන්ක්ස් බං..🙏

  18. Dimuthu

    Thanks ayya.fatta

  19. Dimuthu

    Hasitha ayya me original copy ekak neweine.thanks sub ekata.elama

    • හසිත ප්‍රසාද්

      තාම රිලීස් වෙලා තියෙන්නෙ මේ කොපි එක විතරයි, දිමුතු.
      හොඳ ප්‍රින්ට් එකක් ආවම අප්ඩේට් එක දෙන්නම්.

  20. Tharindu Lakshan

    Boma stuti saho..keep it up

  21. Amoda

    Thanx for the sub…

  22. Dimuthu

    Thnkz brother…🔥❤

  23. Gayan kanishka

    ජයම වේවා හැමෝටම ගොඩක් ස්තුතිය 🙏 🙏🙏

  24. Gayan kanishka

    ජයම වේවා හැමෝටම ගොඩක් ස්තුතිය 🙏 🙏🙏
    eLama

  25. Namal Ekanayake

    Patta bro. Thanks

  26. Mithun

    Please updated WEB-DL ……..😍

  27. Ruwin chamodya

    WEB-Dl eke post credit eka tynwada bro

  28. Ruwin chamodya

    Hasitha ayye web -DL eke post credit eka tynwada

    • Hasitha Prasad

      ඔව්, තියනවා, මල්ලි. සාමාන්‍යයෙන් ඒ වගේ දර්ශනයක් අඩුවෙන්නෙ, කැමරා , HC-HDRIP , DVDScr වගේ ප්‍රින්ට්වල විතරයි. WEB-DL කියන්නෙ ඔෆීෂියල් රිලීස් එකක්නෙ, අනිවාර්යයෙන්ම දර්ශන අඩුවීමක් වෙන්නෙ නෑ.

  29. superman

    Sub akata thanks…

  30. Sahan Jayawardhane

    Tnx machan loku seen nodi sub eka denawata….jayawewa

  31. Ruwin chamodya

    Hasitha ayye WEB-DL ekai BLURAY ekei වෙනස pddk kyla denwda

    • Hasitha Prasad

      ‍WEB-DL එකක් කියන්නෙ වීඩියෝ ඔන් ඩිමාන්ඩ් සර්විස් එකකින් ඒ කිව්වෙ iTunes, Netflix, Amazon Prime Video වගේ සේවාවලින් ඩවුන්ලෝඩ් කරගෙන පස්සෙ 720P,1080P විදියට එන්කෝඩ් කරල ටොරන්ට් අඩවිවෙත අප්ලෝඩ් කෙරෙන පිටපතක් ඒ කියන්නෙ ඔෆීෂියල් රිලීස් එකක අනවසර පිටපතක්. WEB-DL කියන නමේ තේරුම WEB-DOWNLOAD කියන එක. මේ හා සමානයි WEB-RIP කියන ප්‍රින්ට් එකත්. කලින් වගේ ඩවුන්ලෝඩ් නොකර ස්ක්‍රීන් කැප්චර් මෘදුකාංගයක් මගින් පිටපත් කර ගන්න නිසයි මේක WEB-RIP වෙන්නෙ, සමහරවෙලාවට HDRIP නමිනුත් රිලීස් වෙනව මේක.

      BRRIP සහ BDRIP විදියට නිකුත්වෙන්නෙ අදාල චිත්‍රපටයෙ නිල BLURAY 3D ඩිස්ක් එකක් රිප් කිරීමෙන් ලබාගන්න අනවසර පිටපත්. එකම source එකෙන් ගන්නව වුණාට දෙකේ තියනව ලොකු වෙනසක්. BDRIP කියන්නෙ ප්‍රමාණයෙන් සහ රූප තත්වයෙන් අඩුයි, ගොඩක් වෙලාවට 480P.

      BRRIP පිටපත් එහෙම නෑ, රූප ශබ්ද තත්වයෙන් ඉතාම ඉහලයි වගේම නිකුත්වෙන්නෙ 720P සිට ඉහලට. අපි සාමාන්‍යයෙන් බලන්නෙ 720P, 1080P වගේ පිටපත් නිසා BRRIP සහ WEB-DL අතර සැලකියයුතු වෙනසක් නෑ, දෙකම එක වගේම තමයි. අනිත් එක රිපර්ගෙ දක්ෂතාවයත් බලපානවා පිටපතේ තත්වයට. මට හම්බවෙලා තියනවා BRRIP පිටපත්වලට වඩා පැහැදිලි HDRIP.

      • Ruwin chamodya

        Thnx Hasitha ayye mehema danne nathi ewa kyla denwta digatama sub dena eka krgena ynna jayawewa

  32. Mithun

    පට්ට ෆිල්ම් එක නම්.wonderful movie … DC ලත් ගේම අතාරින්නෙම නෑ නෙද කොච්චර වැටුනත්…. මාරම ෆිල්ම් නෙ ගහන්නෙ.එකපාරක් Wonder Woman අක්කව එලියට දළ ලොකේම ප්‍රසිද්ධ කලා..
    සුපිරි ෆිල්ම් එක!

  33. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…

  34. Tharuu

    පට්ට web එක…no any problems …

  35. Namal

    Thank sub akata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *