Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • Aquaman (2018) Sinhala Subtitle

Aquaman (2018) Sinhala Subtitle

වීඩියෝව සූදානම් වෙමින් පවතී...
සිංහල උපසිරැසි සේවාදායකය
January 29, 2019 Junior Admin

                      

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ DC රසිකයන් බොහෝදෙනෙක් මහත් ආශාවෙන් බලාපොරොත්තුව සිටි Aquaman (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය අරගෙන. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ චිත්‍රපටයෙ උපසිරැසිය මාහට බාරදුන් කවීෂ සහෝදරයට. කොහොම නමුත් දැන් මේක බාරගෙන සතියක් විතර වෙනව මම හිතන්නෙ. ප්‍රමාදයට කාලයටත් වඩා මූලික වුණ හේතුව තමයි තවමත් ( 2019: ජන: 30) මේ චිත්‍රපටයට නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වී නොමැතිකම (මොකක්හෝ හේතුවකට මේ දවස්වල චිත්‍රපට ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ජාලයට නිකුත්වීම ඉතාම අඩුයි ). ඒ නිසාම අන්තර්ජාලයේ තිබෙන උපසිරැසියක අඩුපාඩු සකසමින් හැකි පමණින් ඉංග්‍රීසි උපසිරැසියක් දළ වශයෙන් හදාගෙන තමයි උපසිරැසි කරන්න පටන්ගත්තෙ. හරියට බැලුවොත් චිත්‍රපටය තුන්වතාවක් විතර බලලයි තියෙන්නෙ මේ වෙනකොට. එහෙනම් දැන් අපි යමු චිත්‍රපටය පැත්තට… 

DC එක්ස්ටෙන්ඩඩ් යුනිවර්ස් කිව්වම, Wonder women වෙතින් ලද සාර්ථකත්වය හැරෙන්නට, ඔවුන් පහුගිය කාලෙ සෑහෙන පසුබෑමකට ලක්වුණ බව ඔබට මතක ඇති. විශේෂයෙන්ම 2017 වසරේ තිරගතවූ Justice League චිත්‍රපටය එහෙම ප්‍රේක්ෂකයන් ඒතරම් සතුටින් වැළඳගත්තේ නෑ. කෙසේ හෝ මේ Aquaman චිත්‍රපටයට එසේ වනු දැකීමට ඇති අකමැත්ත නිසාම වන්නට ඇති මේ චිත්‍රපටය හොරර් චිත්‍රපට සඳහා ප්‍රසිද්ධියක් උසුලන ඕස්ට්‍රේලියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් වැන්හට බාරදෙන්න වෝනර් බ්‍රදර්ස් ආයතනය තීරණය කරන්නෙ. ඔහු මාධ්‍යයට පවසා තිබුණ විදියට වෝනර් බ්‍රදර්ස් ආයතනය ඔහුට මේ Aquaman චිත්‍රපටය හෝ 2020 වසරේ තිරගතවීමට නියමිත Flash Point චිත්‍රපටය යන දෙකින් එකක් තෝරාගන්න ඉඩදීල තියනව, රූපවාහිනියෙත් විකාශය වුණ Flash බාරගන්නවට වඩා, Aquaman තුලින් තමන්ට යමක් කලහැකියි කියල හිතපු ඔහු අවසානයේ තීරණය කරල තියනව Aquamanට ජීවය දෙන්න. නරඹද්දි කතාව ටිකක් Predictable වැඩියි කියල හිතෙනව, විශේෂයෙන්ම Twist විදියට භාවිතා කරන්න තිබුණ බොහෝ තැන් මගහැරගෙන තියනව. කොහොමවුණත් අපූරු සටන් ජවනිකා සහ දෘශ්‍ය ප්‍රයෝගවලින් හැඩවුණු මෙය මේ වනවිට එතෙක් මෙතෙක් ඉහලම ආදායම ලැබූ DC චිත්‍රපටය බවට පත්වෙන්නට සමත්කම් ලබාගෙන තිබෙනවා. ඒ ක්‍රිස්ටෝෆර් නෝලන් අධ්‍යක්ෂවරයාගේ අතිශය ජනප්‍රිය වූ The Dark Knight Rises (2012) තබා තිබූ ආදායම් වාර්තාව පරදවමින්. ඒ අනුව බැලුවාම DC විශ්වය වැටී සිටි තැනින් සෑහෙන ඉහලට ගන්නට සමත්ව තිබෙනවා ජේම්ස් වැන්. ඔහුගේ පළමු සුපිරිවීර චිත්‍රපටය විදියට ගත්තාම කියන්න තරම් වරදක් නැතත්, කතාව පැත්තෙන් මීට වඩා දෙයක් කරන්න තිබුණා කියලයි මගෙ හැඟීම. දැන් අපිට තියෙන්නෙ කතාව පැත්තට යන්නයි.

මේ ඇක්වාමෑන් නොහොත් සිය මිනිසාව අපි මීට කලින් සිනමාව තුලින් දැක්කෙ මුලින්ම Batman v Superman: Dawn of Justice (2016) තුලින්. හැබැයි යාන්තමට . ඒ මේ විදියට .

ඊලඟට අපි මේ දිය මිනිසව දකින්නෙ Justise League තුලින්. බැට්මෑන් ඔහුව ඩොලර් 25,000 කට නම්මගන්න ගිහින් වෙච්ච ටික මෙතන තියනවා. කොහොමහරි අන්තිමේ ආතර් කරී නොහොත් මේ දිය මිනිසා එකතුවෙනවා ජස්ටිස් ලීගයට, ඒ ස්ටෙෆන්වුල්ෆ්ව පරදවන්න . අර්ධ මිනිසෙක් අර්ධ ඇට්ලන්ටියානුවෙක් වන තමන් මේ දෙකටම අයිති නැති කෙනෙක් වගේ දැනෙන බවක් ඔහු වොන්ඩර්වුමන්ගෙ සත්‍යයේ රැහැන උඩ වාඩිවෙලා හාස්‍යය අතරින්ම කිව්ව මතක ඇති කට්ටියට. අමතක අයට මෙන්න ඒක.

හරි, අපි දන්නෙ මේ දිය මිනිසා අර්ධ මිනිසෙක් අර්ධ ඇට්ලන්ටියානුවෙක් කියල විතරනෙ. ඇට්ලන්ටිස් කිව්වම ඕනෙම කෙනෙක් දන්නව. ඇට්ලන්ටිස් කියන්නෙ ග්‍රීක පුරාවෘතවල එන අතුරුදන් යැයි සැලකෙන පුරාණ අති දියුණු රාජධානියක්. ඇට්ලාන්ටිස්වල කොමික් නොවන අතීතය මේ වීඩියෝවෙ තියනවා සරලව. එය සාගරයේ ගිලීගොස් තිබෙන බව තමයි මේ අතීත කතාවල කියවෙන්නෙ. දිය මිනිසා මෙන්න මේ ඇට්ලන්ටියානුවෙක් මව් පාර්ශවෙන්. මේ කතාවේ විදියට ඇට්ලන්ටිස්වල රාජධානි හතක එකතුවක්, මේ සතම එක්සත්වයි තිබී තිබෙන්නේ ඇට්ලන්ටිස්වල මුල්ම පාලකයා වූ ඇට්ලන් රජු යටතේ. එම රාජධානි සත  පිළිවෙලින් මෙන්න මෙහෙමයි…

ඇට්ලාන්ටිස් (Atlantis)
මෙය ගිලී ගිය ඇට්ලාන්ටිස් රාජධානියේ සුන්බුන් මත ඉදිවූ දියුණු රාජධානියක්. පාලනය කරන්නේ මැරියස් ඕර්ම් රජු විසින්.

ක්සෙබෙල් (Xebel)
මෙය පාලනය කරන්නේ නෙරියස් රජු විසින්. කොමික්ස්වලදි මේ ක්සෙබෙල් රාජධානිය ඇට්ලාන්ටිස්වල අපරාධකරුවන් පිටුවහල් කරන්නට භාවිතා කල, බර්මියුඩා ත්‍රිකෝණය හරහා පමණක් ඇතුල්විය හැකි දඬුවම් ජනපදයක් ලු, නමුත් චිත්‍රපටයේදී එය වෙනස් කර තිබෙනවා .මේ නෙරියස් රජු තමයි මේරා කුමරියගෙ පියා . මේරා කුමරිය සහ ඇක්වාමෑන් හමුවුණා අපි දැක්කා Justice League චිත්‍රපටයේදී, ඒ ස්ටෙෆන්වුල්ෆ් හා සටනෙදි. අමතකනම් මෙන්න ඒ අවස්ථාව. දෙදෙනාගේ හමුව තියනවා වීඩියෝවෙ විනාඩි 3:10 පමණ සිට.

ෆිෂර්මන් රාජධානිය ( Fishermen Kingdom )

මම මෙය සිංහලට හැරෙව්වා මීන-ජන රාජධානිය විදියට.මෙහි වෙසෙන ජනතාවට අර්ධ මත්ස්‍යයන් කිව්වත් හරි, එහෙම වෙන්න හේතුව චිත්‍රපටය තුල තියනවා. මෙය වැඩිපුරම කාව්‍යශිල්පීන්ගෙන් සහ දාර්ශනිකයන්ගෙන් පිරි රාජධානියක් . පාලකයා වන්නේ රීකෝ රජු.

බ්‍රයින් රාජධානිය ( Brine Kingdom)

මම මෙය සිංහලට හැරෙව්වා කරදිය රාජධානිය ලෙස. මේ කරදිය රාජධානිවාසීන් බොහෝදුරට කකුළුවන්ට සමානයි.

ඩෙසර්ටර්ස් රාජධානිය ( Deserters Kingdom )

මම මේ ඩෙසර්ටර්ස් රාජධානිය පැනගියවුන්ගේ රාජධානිය විදියට සිංහලට හැරෙව්වා. මේ ගැන වැඩිදුරටත් කියන්න ගියොත් රසවින්දනයට බාධාවක් වියහැකි නිසා මම නොකිය ඉන්නම්. මේ රාජධානියට එම නම වැටෙන්න හේතුව චිත්‍රපටය තුලදි බලාගන්න පුළුවන්.

 ට්‍රෙන්ච් රාජධානිය ( Trench Kingdom )

මම මෙය සිංහලට හැරෙව්වා ආගාධ රාජධානිය විදියට. මෙහි වෙසෙන්නේ ආගාධ ජීවීන් නම් දරුණු ජීවීන් විශේෂයක්. මුහුදේ තමන්ගේ බලපෙදෙසට එන කිසිවෙකුට මේ අයගෙන් සමාවක් නෑ.

 හත්වෙනි එක මම හිතන්නෙ චිත්‍රපටයෙන්ම නරඹන්න ඉඩ අරින එකයි හොඳම, ඒ නිසා මම මේ කොටස මෙහෙම හිස්වම තියනවා. හරි අපි දැන් ඇට්ලන්ටිස් රාජධානිය ගැන ටිකක් දැනගත්තනෙ. අපි බලමු චිත්‍රපටයෙ කතාව පැත්තට හැරිල ටිකක් විතර.

ටොම් කරී , වෘතියෙන් ප්‍රදීපාගාර භාරකරුවෙක්. එක් කුණාටු දිනෙක වෙරළට ගසාගෙන එනවා ඔහුගේ ඉරණම්කාරිය, ඒ තමයි ඇට්ලන්ටිස් රාජධානියේ ඇට්ලනා රැජිණ . පෞද්ගලික හේතුවක් නිසා තම රාජධානියෙන් පැන එන ඇය මේ ප්‍රදීපාගාර භාරකරු හා ප්‍රේමයෙන් බැඳෙනවා. මේ යුවලට උපදින දරුවා තමයි ආතර් කරී. එහෙත් සාගරයේ රැජිණක් වූ ඇට්ලනාට වැඩිකල් තම දරුවා හා සැමියා ලඟ රැඳෙන්නට ඉඩදෙන්නේ නෑ අර පෙරකී පෞද්ගලික හේතුව. දරුවාත් සැමියාත් රැකගැනීමේ අරමුණින් ඇය දැඩි තීරණයක් ගන්නවා. තමන් ඇට්ලන්ටා රාජධානියේ උරුමකරු බව දැනගෙනම ලොකු මහත්වන ආතර් කරීගේ කිසිම කැමැත්තක් නෑ ඇට්ලන්ටා රාජධානියට හෝ රජකම බාරගන්න. (මතක ඇතිනෙ ජස්ටිස් ලීග් චිත්‍රපටයෙදි මේරා කුමරිය ඔහුට ඇට්ලන්ටාවලට ආරාධනා කරනව එතනදිත් ඔහු කැමැත්තක් දක්වන්නෙ නෑ) ඒත් මේ සැඟව ගිය රාජධානිය ගොඩබිමට එහෙමත් නැත්නම් ඇට්ලන්ටිස් ව්‍යවහාරයෙන් භූමිලෝකයට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීමත් සමග ආතර් කරීට තමන් අකමැතිම ගමනක් බොහොම අකමැත්තෙන් යන්න වෙනව. එතනින් එහාට නරඹන ඔබට බාරයි , මම රසවින්දනයට බාධා නොවෙන ලෙස ඉතාම අඩුවෙන් තමයි විස්තර කිව්වෙ. මේ වනවිට Imdb වෙතින් 7.4ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 64%ක අගයක්ද, මෙටාක්‍රිටික් වෙතින් 55%ක අගයක්ද ලබා සම්මාන 7කට නිර්දේශව ඇති මේ ඇක්වාමෑන් චිත්‍රපටය නරඹන ලෙස ඔබට ආරාධනා කරනවා. ඒ වගේම කියන්න ඕනෙ මෙහි රංගනයෙන් දායක වන පිරිසත්. ජේසන් මැමෝආ ( ආතර් කරී/ ඇක්වාමෑන් ) ,ඇම්බර් හර්ඩ් ( මේරා) , විලියම් ඩැෆෝ ( වුල්කෝ) , පැට්‍රික් විල්සන් ( ඕර්ම් රජු) ,නිකොල් කිඩ්මන් ( ඇට්ලනා රැජිණ) , ඩොල්ප් ලන්ඩ්‍රග්න් (නෙරියස් රජු), යහ්යා අබ්දුල් මතීන් II ( මන්තා) , ටෙමුඑරා මොරිසන් ( ටොම් කරී) , රැන්ඩොල් පාක් ( ආචාර්ය ස්ටීෆන් ෂින්) ඇතුළු පිරිසක් තමයි මෙහි රංගන තරු. එහෙනම් මම ගිහින් එන්නම් මතක ඇතුව ක්‍රෙඩිට් දර්ශනයත් නරඹන්න.

 IMAX  BLURAY පිටපත් සඳහා උපසිරැසි යාවත්කාලීන කර ඇත. අවශ්‍යනම් ‍WEB-DL පිටපතට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අන්තර්ගතවේ. BLURAY පිටපත් සමග නරඹන අය BRRIP ලෙස නම් කල උපසිරැසිය භාවිතා කරන්න. WEB-DL පිටපත් ඇති අය WEB-DL ලෙස නම්කර ඇති උපසිරැසිය භාවිතා කරන්න. 

විශේෂ :-
• මෙහි බූවල්ලෙකු බෙර වාදනය කරන දර්ශනයක් දකින්නට ලැබෙයි ඔබට. මේ සත්වයා 1950-60 දශකවල ඇක්වාමෑන් කොමික්වලදි ඇක්වාමෑන්ගෙ ලඟම සගයෙක්ලු. මේ බෙරවාදන දර්ශනය චිත්‍රපටයට ඇතුල් කරනවද නැද්ද කියල ජේම්ස් වැන් මුලදි ඉඳල තියෙන්නෙ දෙගිඩියාවක, නමුත් පසුව Mad Max: Fury Road (2015) චිත්‍රපටය නැරඹීමෙන් පසුව ඔහුට හිතල තියනව මේ චිත්‍රපටයට ගිනිදලු පිටවන ගිටාරයක් වාදනය කරන කෙනෙක් දාන්න පුළුවන්නං, බෙරවාදනය කරන බූවල්ලෙක් මගෙ චිත්‍රපටය එක්කිරීමෙ වරදක් නෑ කියල. මේ ඒ ගිටාර දර්ශනය.

• මුළු රූගතකිරීම් කාල පුරාවටම විහිළුවට බර ජේසන් මැමෝආගෙන් අනිත් අයට බේරිමක්නම් ලැබිල නෑ නිකොල් කිඩ්මෑන්ට ඇරුණම. එයිනුත් වැඩිම අපහසුතාවයට පත්වෙලා තියෙන්නෙ මේරා කුමරියගෙ චරිතයට පණපොවන ඇම්බර් හර්ඩ්. රූගතකිරීම් අතරතුර පොත් කියවීමට ආසා කරන ඇයගේ පොත්වල පිටු ඇයට හොරා ඉරාදැමීම ජේසන් මැමෝආ නිතරම කරල තියනව.

• චිත්‍රපටයේ මුල් කාර්තුව තුල ඔබට දකින්න ලැබෙයි සංත්‍රාස ඝනයේ කතාවලට ප්‍රසිද්ධ එච්.පී ලෝක්‍රාෆ්ට් ලේඛකයා විසින් රචිත The Dunwich Horror පොත. ඔහු විසින් නිර්මාණය කල Cthulhu නම් මුහුදු සත්වයාට සමාන සතෙක් ඉන්නවා මේ චිත්‍රපටය තුල. ඒවගේම එම චරිතය ඇතුලත් The Call of Cthulhu පොත්මාලාවෙන් උපුටාගත් වාක්‍යයකුත් මෙහි ඇතුලත්.

Direct Download සිංහල උපසිරැසිය හා වීඩියෝ පිටපත ලබා ගන්න
34117 Downloads
Download Links
720P
DIR
720P
TOR
1080P
TOR
Available Torrents
3D bluray 2.31 GB
GET
720p bluray 1.22 GB
GET
1080p bluray 2.32 GB
GET
2160p bluray 6.94 GB
GET
720p web 1.2 GB
GET
1080p web 2.31 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (51)
← Older
Newer →
  • රොශාන් Unregistered
    Android 9 Chrome 71
    2019-02-01

    බොහොම ස්තූතියි 🙏🙏🙏.ජය වේවා

    Reply
  • Ruhithasubhasha Unregistered
    Android 4.4 Chrome 68
    2019-02-01

    Supiri wadak ayye

    Reply
  • VinoD Unregistered
    Android 5.1 Opera 36
    2019-02-03

    සුපිරියක් ……………….

    Reply
  • Monti Unregistered
    Android 7 UC Browser 12.9
    2019-02-06

    කරදරයක් නැතුව ඉක්මනට සබ් ෆයිල් එකක් ගත්තා තැන්ක්ස් බං..🙏

    Reply
  • Monti Unregistered
    Android 7 UC Browser 12.9
    2019-02-06

    කරදරයක් නැතුව ඉක්මනට සබ් ෆයිල් එකක් ගත්තා තැන්ක්ස් බං..🙏

    Reply
  • Dimuthu Unregistered
    Android 6 Chrome 70
    2019-02-11

    Thanks ayya.fatta

    Reply
  • Dimuthu Unregistered
    Android 6 Chrome 70
    2019-02-11

    Hasitha ayya me original copy ekak neweine.thanks sub ekata.elama

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 8.1 Vivaldi 2.3
      2019-02-12

      තාම රිලීස් වෙලා තියෙන්නෙ මේ කොපි එක විතරයි, දිමුතු.
      හොඳ ප්‍රින්ට් එකක් ආවම අප්ඩේට් එක දෙන්නම්.

    • Dimuthu Unregistered
      Android 6 Chrome 70
      2019-02-12

      Thanks..jayawewa

  • Tharindu Lakshan Unregistered
    Windows 8.1 Firefox 65
    2019-02-15

    Boma stuti saho..keep it up

    Reply
  • Amoda Unregistered
    Windows 8.1 Opera 58
    2019-02-16

    Thanx for the sub…

    Reply
  • Dimuthu Unregistered
    Android 4.4 Chrome 71
    2019-02-16

    Thnkz brother…🔥❤

    Reply
  • Gayan kanishka Unregistered
    Android 7 UC Browser 12.9
    2019-02-25

    ජයම වේවා හැමෝටම ගොඩක් ස්තුතිය 🙏 🙏🙏

    Reply
  • Gayan kanishka Unregistered
    Android 7 UC Browser 12.9
    2019-02-25

    ජයම වේවා හැමෝටම ගොඩක් ස්තුතිය 🙏 🙏🙏
    eLama

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip
Update
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated: BRRip
Update
Silent Night (2023) Sinhala Subtitle
Updated: BRRip
Update
Deewaanapan (2001) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 119
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Update
Justice League (2017) Sinhala Subtitle
Apr 24, 2026
Update
Aquaman (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Captain Marvel (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Alita: Battle Angel (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Asterix: The Secret of the Magic Potion (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Fifty Shades Freed (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Avengers: Infinity War (2018) Sinhala Subtitle
Apr 23, 2026
Update
Avengers: Endgame (2019) Sinhala Subtitle
Apr 23, 2026
Update
Cold Eyes (2013) Sinhala Subtitle
Apr 23, 2026
Update
War Machine (2026) Sinhala Subtitle
Apr 23, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved