Ardaas (2016) Sinhala Subtitle
Subzlk අඩවියෙන් මීට කලින් උපසිරැසි දීපු Ambarsariya නම් පන්ජාබ් චිත්‍රපටය මතක ඇතිනේ. ඔන්න මේ වතාවේ අරගෙන එන්නේ මේ වසරේ තිරගත කල තවත් පන්ජාබ් චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිප්පි ග්‍රේවාල්ගෙන්.ඕගොල්ලෝ Ambarsariya චිත්‍රපටය නැරඹුවානම් මේකට රංගනයෙන් දායක වෙන නළු නිළියන්ව අමුතුවෙන් හඳුන්වල දෙන්න ඕන වෙන්නෙ නෑ.IMDB අගය ගැන බැලුවොත් 8.5 ක් වගේ දැවැන්ත අගයකට හිමිකම් කියන්නත් මේ චිත්‍රපටය සමත් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය බොලිවුඩ් රංගන ශිල්පී අමීර් ඛාන්ගේ විශේෂ ඇගයීමටත් පාත්‍ර වෙලා තියනවා. බොහොම ලස්සණ ගීත කීපයකුත් මේ චිත්‍රපටයට ඇතුලත්…
කතාව පැත්තෙන් ගත්තොත් කතාව ගෙතෙන්නේ සීක් ආගමික ඉගැන්වීම් වටා. ගුරුමුක් කියන්නේ පාසල් ගුරුවරයෙක් තම ආගමට මහත් භක්තියක් දක්වන ඔහුට රාජකාරි මාරුවක් ලැබෙනවා පිටිසර ගමක පාසලකට . එහිදී ඔහු ආගමික ඉගැන්වීම් ඇසුරෙන් තමන්ගේ පාසලේ දරුවන්ට සහ සහෝදර ගම් වැසියන්ට තමන්ගේ ජීවිත ගොඩනගා ගැනීමට උපකාර කරන ආකාරයයි මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ.
අන්තිමට කියන්න තියෙන්නෙ මේක පොඩි පහේ විහිළු- තහළු තියන ඒත් බොහොම ගැඹුරු අර්ථයක් ඇති ආදර්ශවත් සරල කතාවක් කියලයි. ඇත්තටම ඒ නිසා වෙන්න ඇති මේ චිත්‍රපටය මෙච්චර දැවැන්ත විචාරක ප්‍රේක්ෂක ප්‍රසාදයකට හිමිකම් කියන්නේ. නරඹල බලන්න නැරඹුවාට කිසිම පාඩුවක් වෙන්නේ නෑ…
Spoiler Warning : Ardaas is an Indian Punjabi-language film. It is directed Gippy Grewal and written by Rana Ranbir and was released on 11 March 2016…
නියමයි සහෝ…
ජය…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Jaya wewa
Suba pathum
Elma sahoo
Ela.. Tnx…
Digatama wede ken yamu. Jaya..
Congtzzz brooooo
බොහොම ස්තුතියි සහෝ …
දිගටම කරගෙන යමු..
තෙළිගු ෆිලිම් ටිකක් දුන්නොත් නරකද… මොකද ගොඩක් දෙනෙක් තෙළිගු ෆිල්ම් බලන්න කැමතියි… ඒවගේම
Subz LK වෙබ් අඩවිය ඉදරියට ගෙනයන්න අපේ උපරිම සහයෝගය දෙනවා……. ජයෙන් ජයම වේවා