The Art of War (2000) Sinhala Subtitle

July 30, 2018 Senior Subtitler
Subtitle by Dinusha Rukshan

සියළුම දෙනාට ජය වේවා කියන ගමන්, ඔන්න ආයෙමත් Wesley Snipes ගෙ මූවි එකක් තමයි අරගෙන ආවෙ, ෆිල්ම් එක මං හිතන්නෙ ගොඩක් අය බලල ඇති, සාර්ථක ෆිල්ම් එකක්, නිදහස් වෙලා තියෙන්නෙ 2000 අවුරුද්දෙ, අගෝස්තු මාසෙ 25 වෙනිද, ඇමෙරිකාවෙදි තමයි පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ, ගූගල් පාවිච්චි කරන්න ඇබ්බැහි වුනු අයගෙ කැමැත්ත 85% ක් ලැබිල, IMDB අගය 5.7 ක් කියල සඳහන් වෙනවා, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Christian Duguay, මෙම අධ්‍යක්ෂවරයා ගැනත් ගොඩක් අය දන්නවා, ෆිල්ම් ගොඩක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්, හොඳයි එහෙනම් ෆිල්ම් එකේ කතාව ගැනත් පුංචි විස්තරයක් කරන්නම්.

ඉතින් ෆිල්ම් එකේ හැටියට වෙස්ලිට කියන්නෙ ෂෝ කියල, ඔහු ජගත් සංවිධානයේ රහස් ඔත්තු කරුවෙක් විදිහට සේවය කරන්නෙ, නමුත් රාජකාරිමය වශයෙන් නෙමෙයි, කොහොම හරි ජගත් සංවිධානය සහ චීනය අතර වාණිජ ගිවිසුමක් අත්සන් කරන්න සැලසුම් කරන අතරෙ එය විනාශ කරන්න සැලසුම් කරන්නෙත් ජගත් සංවිධානයේ රාජකාරි කරන නිලධාරිනියක්, එම නිලධාරිනියගෙ තනතුර තමයි එක්සත් ජාතීන්ගෙ මහලේකම්තුමාගෙ උපදේශක, ඉතින් ඇය ජගත් සංවිධානයට රහසින් වෙනම සැලැස්මක් කරගෙන යනවා, එයාගෙ සේවකයෙක් තමයි ෂෝ කියන්නෙ, කොහොම හරි එයා වෙඩික්කරුවෙක් ලවා චීන තානාපතිතුමාවත් ඝාතනය කරනවා, ඇය එම මිනීමැරුමට පටලවන්නෙ ෂෝ ව, මහලේකම්තුමා මේ කිසිම දෙයක් දන්නෙ නෑ, ඔහු උත්සාහ කරන්නෙ චීන වාණිජ ගිවිසුම සාර්ථක කරන්න, ඉතින් ෂෝ ට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ, ඔහු පසුපස පොලීසිය ලුහු බඳින අතරෙ චීන මැර කල්ලිත් ඔහුව ලුහු බඳිනවා, ෂෝ ට ලොකු සටනක් දෙන්න වෙනවා මේ තර්ජන වලින් ජය ගන්න, අපි බලමු කොහොමද ෂෝ ඒකට මුහුණ දෙන්නෙ කියල, යන්න කලින් මතක් කරනවා අපේ Subz.lk වෙබ් අඩවියට යන එන සියළුම සොහොයුරන්ව, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට තෙරුවන් සරණයි!
Available Torrents
720p bluray 866.42 MB
1080p bluray 1.84 GB
Dinusha Rukshan
24 Movies
0 TV Series
24 Total
Discussion (5)
  • Kavisha Methruwan Expert Subtitler
    Android 5.1 Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජය!

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

  • THE NEW FOLDER Unregistered
    Windows 7 Firefox 62

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි……….

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 60

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • CrZy Shan User
    Windows 7 Chrome 68

    උපසිරැසියට බොහෝම ස්තුතියි

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search