At First Light (2018) Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙත් අපේ කවීෂ සහෝදරයගෙම ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. චිත්‍රපටය නමින් At First Light (2018). විද්‍යා ප්‍රබන්ධ ඝනයට අයත් වන මෙහි අධ්‍යක්ෂණය ජේසන් ස්ටෝන්ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ ස්ටෙෆනි ස්කොට් (ඇලෙක්ස්), සයීඩ් ටහ්මොයි (කැල්), කේට් බර්ටන් (කේට්), තිරඩෝර් පෙලරින් (ෂෝන්), පර්සි හේන්ස් වයිට් (ඔස්කා) වගේ පිරිසක්. මේ චිත්‍රපටය ලබා ඇති IMDB අගය 5.6ක්, Rotten Tomatos අගය50%ක්. දැන් අපි යමු කතාව පැත්තට…

ෂෝන් කියන්නෙ නව යොවුන් තරුණයෙක්. ඔහුට තව ඉන්නවා ඔස්කා කියල බාල සහෝදරයෙක්. අම්මා තාත්තා නැතුව හැදෙන මේ දෙන්නට ඥාතියෙකුට කිය ල ඉන්නෙ තමන්ගෙ අත්තම්ම විතරයි. ඒත් එයත් ඉන්නෙ ලෙඩ ගාණෙ. ඒ නිසාම ෂෝන්ට තරුණ වියක් කියල දෙයක් නැති තරම්. ඔය අතරෙ දවසක් ඔහුට රාත්‍රී එලිමහන් සාදයකට සහභාගි වෙන්න ලැබෙනව. එතනදි ඔහුට ඇලෙක්ස් නම් තමන්ගෙ පැරණි මිතුරියක් මුණගැහෙනව. කොහොම නමුත් එතනින් වේලාසනින්ම පිටවෙන ෂෝන් ගෙදර යනවා. හැබැයි ඇලෙක්ස්නම් එහෙම වාසනාවන්ත වෙන්නෙ නෑ. ඇය යම් අනතුරකට මුහුණ පානව. කොහොමින්හරි ප්‍රාතිහාර්යයකින් මෙන් ඇගේ දිවි ගැලවෙන අතර  ඇය උදවු ඉල්ලා කතාකරන්නෙ ෂෝන්ට. හැබැයි ඇලෙක්ස්ට තමන්ගෙ ජීවිතය බේරුණේ ප්‍රාතිහාර්යයකට නෙමෙයි කියල වැටහෙනකොට ප්‍රමාද වැඩියි. ඒ විතරක් නෙමෙයි ෂෝනුත් මේ ප්‍රශ්ණෙ කොටස්කාරයෙක් වෙනව. එතනින් එහාට නරඹන ඔබට බාරයි. හමුවෙමු ලඟදීම තවත් උපසිරැසියකින්.

විශේෂ

  • බොනී සහ ක්ලයිඩ් :- බොනී එලිසබෙත් පාකර් සහ ක්ලයිඩ් චෙස්නට් බැරෝ නම් මේ දෙදෙනා 1930 වසරේ සිට 1934 දක්වා තම කල්ලිය සමග එක්ව ගමන් කරමින් ඇමරිකාව පුරා විවිධ කොල්ලකෑම් සහ ඝාතන රැසක් සිදුකල පෙම් යුවලක්. ඉතිහාසයේ  ජනප්‍රියම මැර යුවල ලෙසත් ඔවුන්ව හැඳින්වෙනවා. කෙසේ වෙතත් 1934 වසරේදී පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඔවුන් දෙදෙනාම මිය යනවා. ඒ වනවිට මේදෙදෙනා අතින් මියගොස් ඇති ගණන අවම වශයෙන් 13ක්වත් වන බවට සැලකෙන අතර එයින් 9 දෙනෙක්ම පොලිස් නිලධාරීන් ලෙසයි විශ්වාස කෙරෙන්නේ. මේ 1933 වසරේදී පොලිසිය විසින් සොයාගත් ඔවුන් දෙදෙනාගේ ජායාරූපයක්.


2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 185
  • File Size : 21.499KB
  • Sub Update :2020-10-19
  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 69

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!

    2018-10-03 at 9:57 pm
  • Silent$ Unregister User
    Windows 7Chrome 69

    Thnxxxxxxxxxxxxxx

    2018-10-04 at 9:42 am
  • rajitha Unregister User
    Windows 7Chrome 69

    Thanks machan……jayawewa……!

    2018-10-05 at 7:00 am
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-10-05 at 3:23 pm
  • isuru_6 User
    Windows 7Firefox 62

    ස්තුතියි…………………………!

    2018-10-12 at 12:40 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *