සුබ දවසක් යාළුවෝ හැමෝටම.ඉතිං වෙනදා වගේම අදත් මම ඔයාලා හමුවෙන්න ආවේ තවත් ඔයාලා බලන් හිටපු ලස්සන ෆිල්ම් එකකට සිංහල සබ් එකක් අරගෙන.ඉතිං මම මුලින්ම ස්තූති කරනවා මට මේක ලියන්න දුන්න කවීෂ සහෝදරයාට.මේක මගේ 6 වෙනි සිංහල උපසිරැසිය.මේ පාර අරන් ආවේ හංදි ෆිල්ම් එකක්.උපදේශාත්මක චිත්‍රපටයක්. Baar Baar Dekho මිනිත්තු 141ක් පුරාවට දිගහැරෙන 2016 සැප්තැම්බර් මාසයේ දී නිකුත් කල චිත්‍රපටයක්.සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ කත්‍රිනා කයිෆ් මෙහි ප්‍රධාන චරිත රගදක්වනවා.5.2ක Imdb අගයක් ලැබිලා තියෙනවා.කථාව මෙහෙම කෙටියෙන් කියන්නම්.
දියා සහ ජායි පුංචි කාල ඉදල එකට හැදුන වැඩුන යාළුවෝ දෙන්නෙක්.එයාලගේ යාළුකම ආදරයක් දක්වා දුරදිග යනවා.ජායි ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ගණිත ආචාර්ය වරයෙක් ඔහුගේ මුළු ජීවිතයම වෙලා තිබුණේ ගණිතය.හැබැහි ඔහුට මේ විවාහය කියන එක ටිකක් නුහුරු දෙයක් වෙනවා.ඔහු ටිකක් බය වෙනවා මේ විවාහ ජීවිතයට.කොටින්ම කිව්වොත් අනාගන්නවා.හැබැයි අනාගතේ වෙන්න යන යම් යම් සිදුවීම් මෙයාට පෙනෙන්න ගන්නවා.ජායි නොදැනීම අනාගතේ විවිධ කාල වලට ගමන් කරනවා.සිදුවන වැරදි දැකලා ඒවා හොදට අවබෝධ කරගන්නවා.පස්සේ ඔහු තේරුම් ගන්නවා වුණ වැරදි මොනාද කියලා.ඉතිං ජායිට අනාගතේ වෙන ඒ වැරදි නිවැරදි කරලා ආයේ පියවි ලෝකෙට එන්න ලැබෙයිද.ඔයාලම බලන්නකෝ.
අපේ වැඩවලට වගේම අපේ පවුල් වෙනුවෙනුත් කාලය යොදවන්න අපි පුරුදු වෙන්න ඕනේ.එහෙම නොවුනොත් නොදැනීම අපිට එයාලව නැතිවෙනවා.පස්සේ පසුතැවෙන්න වෙනවා. ජීවිතය කියන්නේ සෙල්ලමක් නෙමෙයි.ගණිතය ජීවිතය කරගන්න ගිය ජායිටත් වෙන්න යන්නෙ ඕකම තමයි.පුංචි දේවල් වෙනුවෙන් තමුන්ගේ ජීවිත නිකං නාස්ති කරගන්න එපා.හොදයි එහෙනම් අදට සමුගන්නම්.තවත් අළුත් උපසිරැසියකින් හමුවෙමු.
සිංහල උපසිරැස Download කරගන්න 11102 times
IMDB
User Rating
නියමයි සහෝ…
උපසිරැසියට බොහොම ස්තුතියි…
ජය!!!
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
Niyamai Broooo..
Patta mcn…
thank you bro…keep do this buddy…good luck
සබ් එක ගැලපෙන්නේ නෑ සහෝ ….
elax niyamai
Thankz saho..
Digatama sub demu.
Budu saranai. Obta jaya..
Singam 3 eke sub dennako ikmnta.