Bad Times at the El Royale (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ ඔබවෙත අරගෙන එන්නෙ මේ වසරේ තිරගතවූ තවත් අපූරු චිත්‍රපටයක්. මෙය නමින් Bad Times at the El Royale (2018). අපි හැමෝම කැමතියිනෙ ක්වැන්ටින් ටැරන්ටිනෝ අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපට බලන්න. එකිනෙක වෙනස් චරිත ගණනාවක් හෙමින් හෙමින් එකම කතාවෙකට ගොණුවෙන ඔහුගේ සිනමා ශෛලිය ගොඩක් අයගේ සිත්ගත් එකක්. මම අද අරගෙන එන මේ Bad Times at the El Royale (2018) චිත්‍රපටය ඔහුගේ අධ්‍යක්ෂණයක් නොවුණත් භාවිතා කර තිබෙන්නේ ඒ සිනමා ශෛලිය, මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ ඩෲ ගොඩාඩ්. ඒ නම කිව්වම මතක් වෙන තව එකම එක චිත්‍රපටයක් තිබෙනවා, ඒ තමයි සංත්‍රාස, ත්‍රාසජනක වර්ගීකරණයට අයත්වූ The Cabin in the Woods (2011) චිත්‍රපටය. ඉතින් එහෙනම් අහන්න දෙයක් නෑනෙ චිත්‍රපටයෙ තත්වෙ. හැබැයි මට හිතෙන විදියට ටිකක් දිග වැඩියි ධාවන කාලය පැය දෙකකුත් මිනිත්තු විසි එකක්. මේ කාලයේ හරිම අඩුයිනෙ පැය දෙකකට එහා චිත්‍රපටයක් හොයාගන්නත්. කොහොමහරි අපරාධ, නාට්‍යමය, අභිරහස් යන තුන් වර්ගයට අයත් මෙය ලබා ඇති Imdb අගය 7.3ක්, ඊට අමතරව Rotten Tomatoes වෙතින් 74%ක අගයකුත් , මෙටාක්‍රිටික් වෙතින් 60%ක අගයකුත් ලබාගන්න මේ චිත්‍රපටය සමත්කම් දක්වා තිබෙනවා. ඒ වගේම සම්මාන 4කට නිර්දේශව එයින් එක් සම්මානයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා, ඒ හොඳම සිනමා සංගීත භාවිතාව සඳහායි. චිත්‍රපටයේ චරිතවලට පණ පොවන්නේ අපි හැමෝම තෝර් විදියට දන්න ක්‍රිස්හෙම්ස්වර්ත් ( බිලී ලී) ඇතුළුව ජෙෆ් බ්‍රිජස්, සින්තියා එරීවො, ඩැකෝටා ජොන්සන්, ජොන් හැම්, කේලි ස්පේනි, ලුවිස් පුල්මන්, නික් ඔෆර්මන් වගේ නළු නිළි පිරිසක්. හරි දැන් අපි චිත්‍රපටයේ කතාව පැත්තට යමු, හැබැයි මම කතාව අඳුන්වා දෙන්නෙ වෙනස් විදියට…
*වර්ෂ 1969 ජනපති රිචඩ් නික්සන් පාලන සමය නොහොත් වියට්නාම යුධ සමයේ අවසන් කාර්තුව
*නෙවාඩා සහ කැලිෆෝනියා යන ප්‍රාන්ත ද්විත්වයම හසුවන සේ ටාහෝ විල ආසන්න ප්‍රදේශයේ ඉදිවුණු ඉතාම අඳුරු අතීතයක් ඇති එල් රොයෙල් නම් වර්තමානයේ අප්‍රකට හෝටලයක්…
*හෝටලයේ සේවයේ නියුතු එහි චරිත කීපයකටම පණපොවන තරුණ ලිපිකරුවෙක්..
*හෝටලයේ නවාතැන් ගැනීමට පැමිණෙන එකිනෙනා නාඳුනන අමුත්තන් සිව්දෙනෙක්.
• අංක 1 අමුත්තා – වයස්ගත ක්‍රිස්තියානි පූජකවරයෙක්
• අංක 2 අමුත්තා – අප්‍රිකානු- ඇමරිකානු සම්භවයක් සහිත ආධුනික ගායිකාවක්
• අංක 3 අමුත්තා – හිපි පෙනුමැති තරුණ කාන්තාවක්
• අංක 4 අමුත්තා – කථාවෙහි ශූර ගෘහභාණ්ඩ ආයතනයක වෙළඳ සේවකයෙක්.
මේ සිව්දෙනා පැමිණෙන්නේ එකිනෙකට වෙනස් අරමුණු තබාගෙන. නමුත් හෝටලයේ ගත කරන රාත්‍රිය ඔවුන්ගේ ජීවිත එකට ඝට්ටනය කරන්නට සමත්වෙනවා නොසිතූ ආකාරයට..ඔය අතරේ පස්වෙනි අමුත්තෙකුත් මෙතනට පැමිණෙනවා… එහෙනම් ඊට වඩා කියන්නට ගිහින් ඔබේ රසවින්දනයට බාධා කරන්නට මම කැමති නෑ. ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.
අවධානයටයි
උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BLURAY පිටපත් ද්විත්වයටම උපසිරැසි අන්තර්ගත වේ. ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න. ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එකේ අදාල පිටපත් සියල්ල ඇතුලත්ය.
විශේෂ :-
• චිත්‍රපටයේ එන හෝටලයේ ( සැබැවින්ම මෙය හෝටලයක සහ මොටලයක එකතුවක්) සැබෑ නම Cal Neva Lodge & Casino . සැබෑවටම මෙය නෙවාඩා සහ කැලිෆෝනියා මායිම මත තැනුනක්. මේ එහි එකල පෙනුම..

සුප්‍රකට ඇමරිකානු ගායිකාවක් සහ නිළියක් වූ ජූඩි ගාලන්ඩ් (1922-1969) ඇයට වයස 13දී මේ හෝටලයේ ගායනයන් ඉදිරිපත්කර ඇති බවත්, ඇමරිකානු නිළි මැරිලින් මොන්රෝ මියයාමට දින කිහිපයකට පෙරාතුව ඖෂධ අධි මාත්‍රාවක් ගෙන ඇත්තේ මෙම හෝටලයේදී බවත් කියවෙනවා. සමහරුන් විශ්වාස කරන්නෙ ඇය සැබෑවටම මියගොස් ඇත්තේද මෙම හෝටලය තුලදී බවයි. තවද අවසානයේ සුප්‍රකට ඇමරිකානු නළු සහ ගායක ෆ්‍රෑන්ක් සිනාත්‍රා විසින් මිලදී ගෙන ඇති මෙම හෝටලයට ඔහුද සමාජිකත්වය දැරූ කැසිනෝ ශාලා වාදක මඩුල්ලක් වන “Rat Pack” හි සමාජිකයන් වරින්වර කැඳවාගෙනවිත් ඇතැයිද කියවේ. එසේම මාෆියා කල්ලි ආශ්‍රිත ක්‍රියාකාරකම්ද දේශපාලන බලවතුන්ගේ දුරාචාර ක්‍රියා රැසක්ද සිදුවූ තැනක් ලෙසටත් මෙය ප්‍රසිද්ධලු. ඉහත සඳහන් යම් සිදුවීම්වල ඡායාරූප චිත්‍රපටයේ මුල් කාර්තුව තුලදී ඔබටම දැකගන්න පුළුවන්. තවද චිත්‍රපටයේ එන යම් සිදුවීම්ද එම කාලසමයේ සැබෑ සිදුවීම් සහ චරිත අනුසාරයෙන් ගොඩනැගූ ඒවා බව අන්තර්ජාලයේ තිබෙන නමුත්, ඒ සියල්ල මෙහි සඳහන් කිරීම රසවින්දනයට බාධාවක් වියහැකි නිසා එසේ නොකර සිටිමි. කෙසේ හෝ ඇමරිකාවේ ප්‍රසිද්ධ චරිත රැසකගේ පහස ලබා 2013 වසරේ වසා දැමුණු මෙම හෝටලය මේ වසරේ නව හිමිකරුවකු අතට පත්ව නවීකරණය වෙමින් තිබෙන බවද කියවේ. මෙන්න එම හෝටලයේ වෙබ් අඩවිය https://thecalneva.com
බොහොම ස්තූතියි සහෝදරයා චිත්‍රපටයෙ උපසිරැසිය ලබාදුන්නට..! ❤️
දෙන්කන් බලන් හිටිය එකක් සහෝ බොහොම ස්තුතියි
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Patta.supiri .thank brother
super….!!Thanks.
සහො පුළුවන්නම් A Simple Favor 2018 ෆිල්ම් එකටත් උපසිරැසි දෙනවද.? ❤️
Ekata danawa nm hodi tama.ekat hoda film ekak
ඔය ෆිල්ම් එක ඩවුන්ලෝඩ්කරගෙන ඉන්නෙ, තාම බලන්න බැරිවුනා, මිතුන් & සුමින්ද. බලමු මම ඉදිරියෙදි දෙන්න උත්සාහ කරන්නම්. සුභ නව වසරක් වේවා දෙන්නටම.
Eka nm bluwa .ecchara set na
ඒක ඇත්ත. මාත් ඊයෙ රෑ බැලුවා, මිතුන්. නිකං ඇවරේජ් ෆිල්ම් එකක් විතරයි. කවුරු එච්චර රේටින් දුන්නද මන්ද.
Godak sthuthi bro sub ekata…
බොහොම ස්තූතියි සහෝ
තැන්ක්ස් මචං සබට. සුභ අලුත් අව්රැද්දක් සෙට් එකටම
Thankssssssssssssssssssssss
බොහෝම ස්‍තූති උපසිරැසට . පුලුවන්‍නම් banshee tv එකටත් සබ් දෙන්‍න සුපිරිමකතාවක් . ජයෙන් ජ්‍ය වේවා,,,,
godak pin oyata