Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 2
    • Chinese Movies 38
    • Denmark Movies 4
    • English Movies 436
    • French Movies 9
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 17
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
Movies English Movies Battle Creek Brawl (1980) Sinhala Subtitle
Battle Creek Brawl (1980) Sinhala Subtitle

How To Download Subtitles

(මේ මගින් ලැබෙන මුදල් එවලේම උපසිරස් කරු වෙත ලැබෙනු ඇත .ඔබගේ වේලාවෙන් තත්පර 5 ක් වැය කර ඔවුන්ගේ මහන්සිය අගය කරමු )

User Block

MOVIE

Rasika Samanjith 1 month ago Action, Comedy, Crime

තඩියන්ට එරෙහිව පොඩ්ඩා

ඉතින් ජැකී චෑන් රසිකයන් වෙනුවෙන්, ඔහුගේ තවත් පැරණි සුපිරි චිත්‍රපටයක් අරගෙන තමයි මෙවර Subz.lk එකට ගොඩ වැදුනේ. ඒ තමයි, නැගෙනහිර ආසියාවේ ජය කෙහෙලි නංවා සිටි ජැකී, ඇමරිකන් සිනමා වෙළඳ පොලට කඩා වැදීමේ ඔහුගේ පළමු උත්සාහය හැටියට සටහන් වෙන Big Brawl ( චීන ) හෙවත් Battle Creek Brawl. මෙය හොංකොං සහ ඇමරිකානු සම නිෂ්පාදනයක්. 1980 සැප්තැම්බර් 10 ඇමෙරිකාවේත්, 1980 ඔක්තෝබර් 16 හොංකොංහීදිත්, මුලින්ම තිරගත වුනා. බෘස්ලීගේ “එන්ටර් ද ඩ්‍රැගන්” අධ්‍යක්ෂනය කල Robert Clouse තමයි මේ ෆිල්ම් එකත් අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ. බෙදාහරින්නන් ලෙස හොංකොං වෙනුවෙන් ගෝල්ඩන් හාවෙස්ට් සමාගමද, ඇමරිකාව වෙනුවෙන් වෝනර් බ්‍රදර්ස් සමාගමද කටයුතු කර ඇත. චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ 1930 වසරේ චිකාගෝව උනත්, රූපගත කිරීම් කරල තියෙන්නෙ ටෙක්සාස් වලයි.
සුපර් හිට් වූ Enter The Dragon වගේ සාර්ථකත්වයක්, අධ්‍යක්ෂ Clouse බලාපොරොත්තු වුවද උතුරු ඇමරිකාවේදී එම බලාපොරොත්තු සුන්වී ඇත. චිත්‍රපටය නිර්මාණයේදී ජැකීගෙ අදහස් වලට Clouse එතරම් සැලකිල්ලක් දක්වා නැත. පසු කලෙක ඔහුගේ I Am Jackie Chan: My Life in Action පොතේ ජැකී සඳහන් කර තිබුනේ තමන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාදාම නිර්මාණය කිරීමට නිදහස නොලැබීම චිත්‍රපටය අසාර්ථක වීමට හේතුව බවයි. වරක් ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ “ජැකී චෑන් ඇවිදිනවා බලන්න කිසි කෙනෙක් මුදල් ගෙවන්නෙ නෑ” යනුවෙන් පවසමිනි. එනමුත් උතුරු ඇමරිකාවේ සිනමා ශාලා 231 ක තිරගත කරමින්, ආරම්භක සතියේම ඇ.ඩො. 1,108,025 ක ආදායමක් වාර්තා කරමින් සති අන්ත බොක්ස් ඔෆීස් ලැයිස්තුවේ අංක එක වීමට සමත් වූ අතර 1980 ඔක්තෝම්බර් වන විට ඇමෙරිකාවේදී ඇ.ඩො.මිලියන 9 ක් උපයාගනිමින්, එම වසරේ උතුරු ඇමරිකාවේ ඉහළම ආදායම් ලැබු 40 වෙනි චිත්‍රපටය බවට පත්විය. කෙසේ වෙතත් හිට් වූ “එන්ටර් ද ඩ්‍රැගන්” ඉදිරිපත් කල වෝනර් බ්‍රදර් සමාගමට එය විශාල බලාපොරොත්තු සුන් වීමක් විය. එහෙත් අනෙක් රටවල අති සාර්ථකවූ බිග් බ්‍රෝල්, ඇ.ඩො. 1,160,878 ක් උපයා ගනිමින් හොංකොං බොක්ස් ඔෆීස් හී වසරේ ඉහළම ආදායම් අතරේ දෙවෙනි තැනට පත්වූ අතර එය හොංකොංවලදී “එන්ටර් ද ඩ්‍රැගන්” ඉපයූ හො.ඩො.මිලියන 3.3 ට වඩා වැඩි ආදායමක් විය. ජාත්‍යන්තර වෙළඳ පොලේ අතිශය සාර්ථකත්වයට පත්වෙමින්, ඇ.ඩො. 212,587 ක් උපයාගෙන 1980 වසරේ තායිවානයේ දෙවන ඉහළම ආදායම් වාර්තාව තමන් සතු කර ගත්තේය. දකුණු කොරියාවේද දෙවෙනි තැනට පත්වෙමින්, ( පළමු තැන ජැකීගේම Young Master විය ) ඇ.ඩො. 769,931 ක් උපයා ගත් අතර ජපානයේද එය ඇ.ඩො.මිලියන 4.3 ක් විය. 1981 වසරේදී තිරගත කරමින් ප්‍රංශයේදී වසරේ 24 වෙනි ස්ථානයද (ඇ.ඩො. 4,688,376), ජර්මනියේදී 43 වෙනි ස්ථානයටද (ඇ.ඩො. 479,574) පත්විය. ඒ අනුව සමස්ථ බොක්ස් ඔෆීස් ආදායම ආසන්න වශයෙන් ඇ.ඩො.මිලියන 20.6 ක් විය. චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 95 යි.
Cast
Jackie Chan … ජෙරී ක්වාන්
José Ferrer … ඩොමොනීසි
Kristine DeBell … නැන්සි
Mako … හර්බට්
Ron Max … ලෙගෙටි

Jackie, José Ferrer සහ Kristine DeBell රූපගත කිරීම් අතරතුර 

ජෙරී ඇමරිකාවේ චිකාගෝ වල සාමාන්‍ය ජීවිතයක් ගෙන යන තරුණයෙක්. ඔහුගෙ පෙම්වතිය තමයි නැන්සි. ජෙරී මාෂල් ආර්ට් සටන්වල දක්ෂයෙක්. ඔහුගේ තාත්තට ආපන ශාලාවක් තියෙනවා. ඔහුගේ තාත්තට ඩොමිනීසි කියලා ධනවත් දාමරිකයෙකුගෙන් කරදර හිරිහැර වෙනවා. ඒ කප්පම් මුදල් ගෙවීමට ජෙරීගෙ තාත්තා අකමැති වීම නිසා. ඒවට ජෙරී මැදිහත් වීම නිසා ඩොමිනීසිට ජෙරී හිසරදයක් වෙනවා. නමුත් පසුව ජෙරීගෙ සටන් හැකියාව තේරුම් ගන්නා ඩොමිනීසි, ටෙක්සාස් වල පැවැත්වෙන දැවැන්ත වීදි සටන් තරගාවලියක් වන “බැට්ල් ක්‍රීක් බ්‍රෝල්” එකට තමාගෙ පාර්ශ්වයෙන් ඔහුව ඉදිරිපත් කිරීමට තෝරගන්නවා. මොකද ඔහුගේ තරගකරුවා ඒ වනවිටත්, අපරාජිත ශූරයා වන යෝධ බිලී කිස් සමග මෑතකදී කල සටනකින් අම්බානට කාලා අසාධ්‍ය තත්ත්වයේ ඉන්න නිසා. මේ බිලී කිස්ව තමයි ඩොමිනීසිගෙ ව්‍යාපාරික විරුද්ධ කාරයා වන මෝර්ගන් ඉදිරිපත් කරන්නෙ. නමුත් මේකට ජෙරීව කැමති කරගන්න ඩොමිනීසි ජෙරීගෙ සහෝදරයගෙ පෙම්වතිය පැහැරගන්නවා. ජෙරීට සිද්ධවෙනව ඇය වෙනුවෙන් තරගයට ඉදිරිපත් වෙන්න. නමුත් ඔහුගේ ජයග්‍රහණය වලක්වන්නත් මෝගන් ගොඩක් යටිකූට්ටු වැඩ සැලසුම් කරනවා, ඩොමිනීසිගෙම බෑණා වන ලෙගෙටි සමග එකතුවෙලා. ඉතින් සියවසේ දැවැන්තම ගැටුම, බැට්ල් ක්‍රීක් ටෙක්සාස් එකේදී හමුවෙමු. ජය වේවා.

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.



Year : 1980

Rating : 5.8

Genre : action,comedy,crime

Actors : Jackie Chan,Kristine DeBell,José Ferrer,Mako

Writer : N/A

Director : Robert Clouse

Plot :

Directed by Robert Clouse. With Jackie Chan, Kristine DeBell, José Ferrer, Mako. A young Asian-American martial artist is forced to participate in a brutal formal street-fighting competition.


BRRip සඳහා වේ

ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 127 Views




සිංහල උපසිරැස Download කරගන්න 404 times


Rasika Samanjith

[Send Msg]

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි
5.8
IMDB
80%
User Rating



Watch More

Golmaal Again (2017) Sinhala Subtitle

Renegades (2017) Sinhala Subtitle

White Vengeance (2011) Sinhala Subtitle

Dunkirk (2017) Sinhala Subtitle

Wastelander (2018) Sinhala Subtitle

First Man (2018) Sinhala Subtitle

Vanished: Left Behind – Next Generation (2016) Sinhala Subtitle

Taxi 5 (2018) Sinhala Subtitle

The Art of Racing in the Rain (2019) Sinhala Subtitle

‹ ›

ADS


  1. Supun Kaushalya
    Unregistered User January 15, 2021 at 11:14 pm

    තෑන්ක්ස් සහෝ සුපිරි

    Reply
    • Rasika Samanjith
      Creator Of This Subtitle January 16, 2021 at 9:13 pm

      ස්තූතියි කමෙන්ට් එකට.

      Reply
  2. Chaminda Lakruwan
    Unregistered User January 16, 2021 at 12:30 am

    ජෑකීගේ ෆිල්ම් වලට සබ් දෙන එකට ගොඩක් ස්තූති
    මේවගේ පරන ෆිල්ම් වලට සබ් දෙන්න

    Reply
    • Rasika Samanjith
      Creator Of This Subtitle January 16, 2021 at 9:14 pm

      අනිවාර්යයෙන්.

      Reply
  3. Kantha_DLA
    Unregistered User January 16, 2021 at 7:02 am

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • Rasika Samanjith
      Creator Of This Subtitle January 16, 2021 at 9:15 pm

      ස්තූතියි කමෙන්ට් එකට.

      Reply
  4. sanath
    Unregistered User January 22, 2021 at 6:29 pm

    thanks bro.. Cosmoball sinhala sub denta baida saho.. russiyan film ekak

    Reply
    • Rasika Samanjith
      Creator Of This Subtitle January 23, 2021 at 10:41 pm

      balannam saho.

      Reply
  5. sasmitha
    Unregistered User January 26, 2021 at 3:02 pm

    patta wde.. go go..yhnk you..

    Reply
    • Rasika Samanjith
      Creator Of This Subtitle February 1, 2021 at 11:53 am

      Thanx for the comment.

      Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Minari (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Last Christmas (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Frozen Ii (2019) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
War (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

The Queen’s Gambit (2020) [S01 : E05] Sinhala Subtitle 1637 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E03] Sinhala Subtitle 1622 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E07] Sinhala Subtitle 1620 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E04] Sinhala Subtitle 1613 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E06] Sinhala Subtitle 1554 K.A Raveen
Synchronic (2020) Sinhala Subtitle 1124 Hasitha Prasad
News of the World (2020) Sinhala Subtitle 935 Hasitha Prasad
AK vs AK (2020) Sinhala Subtitle 906 K.A Raveen
Soul (2020) Sinhala Subtitle 810 Hasitha Prasad
Pixie (2020) Sinhala Subtitle 807 Rasika Samanjith

ads

ads