Beast (2017) Sinhala Subtitle

August 31, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම, ඔන්න අද මේ හදන්නෙ  අපේ Kantha DLA සහෝදරයගෙ ඉල්ලීමක් ඉෂ්ට කරන්නයි. ඉතිං ඔහුට ස්තූති කරල ඉන්නම්  මම මුලින්ම. මේ පසුගිය වසරේ තිරගතවූ බ්‍රිතාන්‍ය චිත්‍රපටයක්, නමින් Beast (2017) . මෙය අයත් වෙන්නෙ සයිකොලොජිකල් ත්‍රිලර් ඝනයටයි. මයිකල් පියර්ස්ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන මෙය මේ වනවිට ලබා ඇති Imdb අගය 7ක්, ඒ වගේම Rotten Tomatos වෙතින් 94%ක අගයකුත් ගූගල් පරිශීලකයන් 72%කගේ ප්‍රසාදයක් ලබා තිබෙනවා. ඊට අමතරව මෙය සම්මාන පහකටද නිර්දේශ වූවක්. රංගනයෙන් දායක වෙන්නෙ ජෙරල්ඩීන් ජේම්ස් ( හිලරි), ජෙසී බක්ලි ( මොල්- මේ නම කටට හුරු නැති නිසා මම මොලී කියන භාවිතා කලා උපසිරැසියෙදි), ජොනී ෆ්ලින් ( පැස්කල් රෙනෝෆ්), හැටී ගොටෝබඩ් (ජේඩ්),ෂැනොන් ටාබෙට් (පොලී), ට්‍රිස්ටන් ග්‍රැවෙල් (ක්ලිෆර්ඩ්) වගේ රංගන ශිල්පි ශිල්පිනියන් පිරිසක්. චිත්‍රපටයෙ කතාව පැත්තට යන්න කලින් මුලින්ම කියන්න ඕනෙ මේ චිත්‍රපටය දිවෙන්නෙ ජර්සි (Jearsy)දූපත තුල. එය බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට මැදිව ඇති දිවයිනක්, ඒ නිසාම මෙහි ඒ දෙරටේම සංස්කෘතික ලක්ෂණ තිබෙනවා. ඇත්තටම මෙහි අධ්‍යක්ෂ මයිකල් පියර්සුත් කලක් එහි ජීවත්වූ අයෙක්ලු, ඒ වගේම චිත්‍රපටයේ එන සිදුවීම් පෙළ ගොඩනගල තියෙන්නෙ 1960 සහ 70 දශකයේ එම දූපතේ සිටි සැබෑ චරිතයක් යම් තරමකින් පදනම් කරගෙනයි.ඒ ගැන මම මෙතන නොකියා ඉන්නම් චිත්‍රපටයේ රසවින්දනයට ඒක  බාධාවක් වෙන නිසා. හරි දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට….

මොලී හන්ට්ෆර්ඩ් කියන්නෙ ජර්සි දූපතේ වෙසෙන තරුණියක්, තමන්ගෙ අසනීප පියාව
බලාකියාගෙන , ගෙදර දොරේ වැඩ කරගෙන මොලී ගත කරන්නෙ ටිකක් පීඩනකාරී වටපිටාවක. ඔය අතරෙ එනවා මොලීගෙ උපන්දිනය, එයට කුඩා සාදයක්ද පැවැත්වෙනවා ඇගේ ගෙදර. කොහොමින්හරි එතනින් ටිකකට මිදිලා සමාජශාලාවක් වෙත යන ඇයට එහි සිදුවන යම් සිදුවීමක් නිසා අහම්බයෙන් මුණගැහෙනව ටිකක් අමුතු විදියෙ තරුණයෙක්ව. මේ කාලයේදීම වගේ දූපතේ ඝාතන කීපයක් සිදුවෙන අතර මේ තරුණයාත් එහි සැකකරුවෙක් බවට පත්වෙනවා.. හරි එහෙනම් මම ඉන් එහාට කියන්න යන්නෙ නෑ, ඉතිරිය නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම්.

Available Torrents
720p bluray 919.16 MB
1080p bluray 1.72 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (13)
  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    tnx fatta film

  • කවිෂ මෙත්රුවන් User
    Android 5.1 Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57

    මවිසින් ඉල්ලනු ලැබූ උපසිරසි ලබා දෙන ඔබතුමාහට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පලකරමි. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!

  • Thilina Unregistered
    Android 8 Chrome 68

    Wow thanks

  • Madusha Unregistered
    Windows 10 Opera 55

    බොහොම ස්තූතියි සහෝ

  • Mithun Unregistered
    Android 8 Chrome 68

    මෙ ඊයේ තමා හසිත සහෝ සබ් දුන්න Godless Season 1 එක බලන්න ගත්තෙ.. එක මග නතර කලා.අපහු නියෙමටම සෙට් උනා.. සුපිරිම කතාව. හින්දි අර NF වලින් ආපු ටිවි සිරියස් දෙකකට පස්සෙ බලන්නෙ. පට්ට කතාව සහෝ … oceans 8එකත් සුපිරිම ෆිල්ම් එක. මෙව මෙවිදියට දැනෙන්න රස විදින්න බැරිවෙයි මෙහෙම සබ් නැත්නම් නම්. අනිත් එක ඔයාගෙ ලිපි ලිවිම නම් මාරයි.. දකිද්දිත් පිස්සු හැදෙනව කොහොමද යකොඩෝ ඔහොම ලියන්නෙ කියල ඔක්කොම දෙවල්.. තැන්ක්ස්

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 55

      ඔව්නෙ,Godless නියම ටීවී සීරීස් එක, මාත් හරි කැමතියි ඔය Western ස්ටයිල් කතාවලට. Sacred Games, Ghoul දෙක නේද ඔය කියන්නෙ, Sacred Gamesනං මාත් බැලුව,Ghoul තාම බැරිවුනා. කොහොමහරි Netflixල ඉන්දියාව කණපිට ගහයිවගේ නේ? දැන් ඉන්දියාවෙ අලුත් පරම්පරාව පරණතාලෙ මල් කතා, චිත්‍රපටිවලට කැමති නෑ, දැක්කනෙ Race 3 හදල සල්මන් කාපු කෑමක්. Netflixල නියම මාකට් එකකට අත ගැහුවෙ. ලිපිනං ඉතිං වැඩිහරියක්ම අන්තර්ජාල දෙවියන්ගේ පිහිටෙන් තමා 😛

    • Mithun Unregistered
      Android 8 Chrome 68

      අන්න හරි එ දෙක තම .. එකනෙ ඉන්දියාවට මොනව කරයිද දන් නැ තව ඉස්සරහට Nfලා..
      පට්ට guoul එකත් … මත් ටිවි සිරියස් නම් බලන් නැ ඔය ටික නම් බැලුව ලොකු කතාබහක් උන හින්ද.පොඩි අසාවක් ඇති උනා ටිකක්. Godlessඑක පට්ට කතාව.. එක කොටසක් පැයක් යනව.. බොහොම අසාවෙන් බැලුවෙ සැහැල්ලු වේලාවක බලපු හින්ද.. 13 Reason Why ඔක තම ගන්න හිතම් ඉන්නෙ ඉලග මගෙ next download එකෙ.. ඔකට එ දවස් වලම මාත් කමෙන්ට් කලත් ..ලස්සන ෆිල්ම් ආපු හින්ද මිස් කලා. දැඩි උනන්දුවක් තියෙනවා ඔක බලන්න… බලමු එකත් ඉස්සරහට .. ඔයාගෙ සබ් එක හින්ද.. අපහු අහන්න දෙයක් නැතිවෙයි 😊

  • CrZy Shan User
    Windows 7 Chrome 68

    බොහොම ස්තූතියි සහෝ

  • Sumal Unregistered
    Android 5 Chrome 66

    Thanks. 👍

  • Ajith Lasantha Kumara Mallawa Arachchi Unregistered
    Windows 7 Chrome 68

    thanks bro sub ekata

  • asitha Unregistered
    Windows 8.1 Chrome 70

    Ela saho thanks

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search