Beautiful Vampire (2018) Sinhala Subtitle
කොහොමද ඉතින් ඔයාලට?
ඔන්න ඉතින් අන්තිමට මාත් 50 වෙනි කඩයිමට ආව. මන් මුලින්ම subz lk එක හොයා ගත්තේ scholar who walk at night කතාවට සබ් හොය හොය ඉද්දි. ඔන්න ඉතින් එතකොට subz lk එකේ ඔන්න ඔය කතාව තිබ්බ. මන් ඊට පස්සේ මේකෙ තිබ්බ ඔක්කොම කතා ටික බලල තමයි නතර කලේ.. ඊට පස්සේ ඉතින් මන් O/L කරල ඉවර වුනාට පස්සේ ගෙදර ඉන්න කාලේ මටත් සබ් එකක් දාල බලන්න හිතුන.. එහෙම තමයි මුලින්ම මන් Tale of nokdu කතාවට මුලින්ම සබ් දාන්න පටන් ගත්තේ. පස්සේ ඉතින් strong woman doo bong soon එකට උපසිරැස දාන්න පටන් ගත්ත. ඒකටනම් පොඩි පොඩි සිද්ධි ටිකක් නිසා සබ් දෙන්න ගොඩක් පරක්කු වුනා. ඒ කාලේ සබ් දෙනකන් ඉවසන් හිටිය හැමෝටම ස්තූතියි! ඒ වගේම මොන ප්‍රශ්නයක් ආවත් කිව්ව ගමන් උදව් කරපු ඉෂී අක්කට, ඇඩ්මින්ට වගේම හැම කොටසකටම කමෙන්ට් එකක් දාල දිරිමත් කරන හැමෝටමත් ගොඩක් ස්තූතියි! මට මේ පොස්ට් ලියන එක තමයි කරන්න බැරිම දේ ඉතින්. එහෙනම් අන්තිමට මට මේ වෙනකන් මෙතනට එන්න උදව් කරපු මන් සබ් දාපු කතා බලපු හැමෝටම ගොඩක් ස්තූතියි!
Beautiful Vampire
ඔන්න එහෙනම් මන් දැන් කතාව ගැන චුට්ටක් කියන්නම්. මේකේ ගෑනු ළමය අවුරුදු 500 කට කලින් අවුරුදු 19 යෙදි වැම්පයර් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ කාලේ එයා වැම්පයර් කෙනෙක් වුනහම උදව් කරලා තියෙන්නේ ජින් යි කියල ගෑනු ළමයෙක්.මේ ගෑනු ළමයට අවුරුදු ගානකට පස්සේ ඒ ජින් යිගෙම සුවඳ තියෙන පිරිමි ළමයෙක් හම්බ වෙනවා. ඒ වගේම මේ කතාවේ නියම ගෙවල් අයිති කාරියකුත් ඉන්නවා. එයා කවුද කියලයි කතාවේ සිද්ධ වෙන දේවලුයි එහෙනම් ෆිල්ම් එක බලලම දැනගන්න. තවත් ලස්සන ෆිල්ම් එකකින් හරි කොටස් කතාවකින් හරි හම්බවෙමු!
?????
බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!
Thank you!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි:pray:
50 වෙනි උපසිරැසියට සුභ පැතුම් ඉක්මනට 100 වෙනි සබ් එකත් ගහමු:blue_heart:
පුලුවන්නම් Mulan Rise of a Warrior 2009 ෆිල්ම් එක්ටත් සබ් දෙන්න
Thank you! oya kiyala thiyena katawatath sub denna balannam..