Trending

Blackmail (2018) Sinhala Subtitle

26 Views

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන්ට. කාලෙකින් හින්දි රසිකයන්ට යමක් දෙන්නත් බැරිවුණ නිසා, මේ වතාවෙ හින්දි චිත්‍රපටයකට උපසිරැසි දෙන්න හිතුවා. මේකෙ හොඳ තත්වයේ HDපිටපතක් ආවෙ දැන් දවස් කීපයකට කලින්, වැඩියක්ම ගත්තෙත් ඉර්ෆාන් ඛාන් ඉන්න නිසාමයි. හින්දි චිත්‍රපට නරඹන හැමදෙනාම වගේ ඉර්ෆාන් ඛාන්ගෙ රසිකයො කියන එක ඉතින් ආයෙත් අමුතුවෙන් කියන්න කාරණේකුත් නෙමෙයිනෙ. බැලුවහම චිත්‍රපටය හිතට අල්ලල ගිය නිසා වෙනසකටත් එක්ක මේකට උපසිරැසි කරන්න හිතාගත්ත. කොහොමහරි ඔන්න අද වැඩේ ඉවරකරගත්තා.  මුලින්ම කියන්න ඕනෙ     මේක  හාස්‍යමය,නාට්‍යමය කියන දෙවර්ගයටම අයත් එකක්. කොමඩි කිව්වට ටිකක් සීරියස් කොමඩියක්. නම තමයි BlackMail.  Imdb අගයත් මේ වනවිට 7.2ක්. මෙහි කතාව සහ තිර රචනය ප්‍රවීස් ශේක්ගෙන්. දෙබස් ප්‍රධුමන් සිංගෙන් සහ අධ්‍යක්ෂණය අභිනේ ඩියෝගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ පෙරකී විදියට ඉර්ෆාන් ඛාන් ඇතුළුව ක්‍රීති කුල්හාරි, දිව්‍යා දත්තා,අරුනෝධේ සිං, අනූජා සාත්, නලීමා අසීම්, ගජ්රාජ් රාඕ වගේ නළු නිළි පිරිසක්. ඊට අමතරව අයිටම් සෝන්ග් එකකින් උර්මිලා මතොන්ඩකාර්ව දැකගන්නත් පුළුවන් මේ චිත්‍රපටයෙන්. ඇය මේ හින්දි චිත්‍රපටයක පෙනී ඉන්නෙ වසර 10කට පසුවයි, ඒ 2008 වසරේ තිරගතවූ EMI චිත්‍රපටයෙන් පසුව. අධ්‍යක්ෂ අභිනේ ඩියෝ ගැන මතක් කරනවනම් ඔහු තමයි 2011 වසරේ නිකුත්වුණ Delly Belly චිත්‍රපටයෙ අධ්‍යක්ෂක.මේ ඔහුගෙ දෙවන හාස්‍යමය චිත්‍රපටය. කතා කලා ඇතිනෙ දැන් අපි යමු චිත්‍රපටය පැත්තට..

දේව් කෞෂාල් කියන්නේ බොහොම නීරස ජීවිතයක් ගත කරන පෞද්ගලික ආයතනයක සේවකයෙක්. නීරසයි කිව්වෙ ඔහුගේ පවුල් ජීවිතය. එක නිසාම දවසෙ වැඩිකාලයක් තම සේවා ස්ථානයේම ඉන්න තමයි දේව් වැඩිය කැමති. ආයතනේ දේව්ට ඉන්න හොඳම මිත්‍රය තමයි ආනන්ද්. තම මිතුරා ගෙවන අවුල්සහගත ජීවිතය දකින ආනන්ද් ,දේව්ට දෙනවා බිරිඳව පුදුම කරන්න අදහසක්. ඉතිං බොහොම අමාරුවෙන් මේ අදහසත් අරගෙන ගෙදර යන දේව්ට දකින්න වෙන්නෙ කිසිසේත්ම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. හැබැයි මේ දේව් ටිකක් අසාමාන්‍ය කෙනෙක්, ඒ නිසාම ඔහු ඒ දේට පිලිතුරු  දෙන්නෙත් ටිකක් අසාමාන්‍ය විදියට. හැබැයි වටපිටාවෙ අයත් එක්ක මේ වැඩේ එච්චර ලේසි වෙන්නෙ නෑ. එතනින් එහාට කතාව කිව්වොත් තේරුමක්  නැති නිසා, නරඹලම බලන්න කියල ආරාධනා කරනවා. එහෙනම් මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු ලඟදිම.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 1.16 GB x264
▲0 · ▼1
Magnet GET
1080p bluray 2.22 GB x264
Discussion (21)
  • kasun Unregistered
    Windows 7 Firefox 38

    thankuuuuuuuu brooooooo

  • Athula Unregistered
    Android 8 Chrome 67

    Thanks …

  • THE NEW FOLDER Unregistered
    Windows 7 Firefox 62

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  • tharindu Unregistered
    Android 6 UC Browser 11.5

    Niyamai hide.. digatama k.

  • CrZy Shan User
    Windows 7 Chrome 68

    එල මචං සබි වලට

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search