Blackmail (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන්ට. කාලෙකින් හින්දි රසිකයන්ට යමක් දෙන්නත් බැරිවුණ නිසා, මේ වතාවෙ හින්දි චිත්‍රපටයකට උපසිරැසි දෙන්න හිතුවා. මේකෙ හොඳ තත්වයේ HDපිටපතක් ආවෙ දැන් දවස් කීපයකට කලින්, වැඩියක්ම ගත්තෙත් ඉර්ෆාන් ඛාන් ඉන්න නිසාමයි. හින්දි චිත්‍රපට නරඹන හැමදෙනාම වගේ ඉර්ෆාන් ඛාන්ගෙ රසිකයො කියන එක ඉතින් ආයෙත් අමුතුවෙන් කියන්න කාරණේකුත් නෙමෙයිනෙ. බැලුවහම චිත්‍රපටය හිතට අල්ලල ගිය නිසා වෙනසකටත් එක්ක මේකට උපසිරැසි කරන්න හිතාගත්ත. කොහොමහරි ඔන්න අද වැඩේ ඉවරකරගත්තා. මුලින්ම කියන්න ඕනෙ මේක හාස්‍යමය,නාට්‍යමය කියන දෙවර්ගයටම අයත් එකක්. කොමඩි කිව්වට ටිකක් සීරියස් කොමඩියක්. නම තමයි BlackMail. Imdb අගයත් මේ වනවිට 7.2ක්. මෙහි කතාව සහ තිර රචනය ප්‍රවීස් ශේක්ගෙන්. දෙබස් ප්‍රධුමන් සිංගෙන් සහ අධ්‍යක්ෂණය අභිනේ ඩියෝගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ පෙරකී විදියට ඉර්ෆාන් ඛාන් ඇතුළුව ක්‍රීති කුල්හාරි, දිව්‍යා දත්තා,අරුනෝධේ සිං, අනූජා සාත්, නලීමා අසීම්, ගජ්රාජ් රාඕ වගේ නළු නිළි පිරිසක්. ඊට අමතරව අයිටම් සෝන්ග් එකකින් උර්මිලා මතොන්ඩකාර්ව දැකගන්නත් පුළුවන් මේ චිත්‍රපටයෙන්. ඇය මේ හින්දි චිත්‍රපටයක පෙනී ඉන්නෙ වසර 10කට පසුවයි, ඒ 2008 වසරේ තිරගතවූ EMI චිත්‍රපටයෙන් පසුව. අධ්‍යක්ෂ අභිනේ ඩියෝ ගැන මතක් කරනවනම් ඔහු තමයි 2011 වසරේ නිකුත්වුණ Delly Belly චිත්‍රපටයෙ අධ්‍යක්ෂක.මේ ඔහුගෙ දෙවන හාස්‍යමය චිත්‍රපටය. කතා කලා ඇතිනෙ දැන් අපි යමු චිත්‍රපටය පැත්තට..
දේව් කෞෂාල් කියන්නේ බොහොම නීරස ජීවිතයක් ගත කරන පෞද්ගලික ආයතනයක සේවකයෙක්. නීරසයි කිව්වෙ ඔහුගේ පවුල් ජීවිතය. එක නිසාම දවසෙ වැඩිකාලයක් තම සේවා ස්ථානයේම ඉන්න තමයි දේව් වැඩිය කැමති. ආයතනේ දේව්ට ඉන්න හොඳම මිත්‍රය තමයි ආනන්ද්. තම මිතුරා ගෙවන අවුල්සහගත ජීවිතය දකින ආනන්ද් ,දේව්ට දෙනවා බිරිඳව පුදුම කරන්න අදහසක්. ඉතිං බොහොම අමාරුවෙන් මේ අදහසත් අරගෙන ගෙදර යන දේව්ට දකින්න වෙන්නෙ කිසිසේත්ම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. හැබැයි මේ දේව් ටිකක් අසාමාන්‍ය කෙනෙක්, ඒ නිසාම ඔහු ඒ දේට පිලිතුරු දෙන්නෙත් ටිකක් අසාමාන්‍ය විදියට. හැබැයි වටපිටාවෙ අයත් එක්ක මේ වැඩේ එච්චර ලේසි වෙන්නෙ නෑ. එතනින් එහාට කතාව කිව්වොත් තේරුමක් නැති නිසා, නරඹලම බලන්න කියල ආරාධනා කරනවා. එහෙනම් මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු ලඟදිම.
ඔන්න එහෙනම් හා හා පුරා කියලා මං සබ් එකයි, ෆිල්ම් එකයි ඩවුන්ලෝඩ් කරගත්තා.ඇත්තටම මං මේ ෆිල්ම් එකේ ට්‍රේලර් බැලුවා. ආසාවක් ඇතිවුණ හින්දමයි අරගත්තේ.තෑන්ක්ස් හසිත අයියේ සබ් එකට. ජයවේවා!!!😎😎😎
බොහොම ස්තූතියි, ළහිරු මල්ලි 🙂
ස්තුතියි හසිත සහෝ.ජයවේවා!
niyamai saho meka anakan balan hitiye
ඔන්න එහෙනම් අපිත් ෆිල්ම් එක බාගන්න යන්නෙ…ගොඩක් සතුටුයි සහෝදරයා හොද, අලුත්ම ෆිල්ම් එකක් දීල……….සතුතියි ගොඩක් … ඉර්ෆාන් ඛාන් ඉන්නව කියන්නෙ නොබලා කොහොමද …..සුපිරි ෆිල්ම් තම එන්නෙ…..ස්තුතියි සබ්ටයිල් එකට ගොඩක් සහෝ… අයේමත් මේවගෙ සුපිරි පහරක් ගෙන්න ඔයාට කාලය ලැබේව ජය……😘😘😘😘😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤
එල මචං සබි වලට
Thanks supiri film ekak
ela..fatta.tnx
Mama dapu comment eka ewath kare mokada Hasitha saho.?
මම අයින් කලේ නෑනෙ, Kantha . මොකක්හරි එරර් එකක්වත් වුණාද දන්නෑ. ආයිත් දාල බලන්න.
Niyamai bagenama balannam
niyammi machoo tnx uu
සුපිරි ෆිල්ම් එක සහෝ… කතාව මරු තැන්ක්ස්
😉 ඕව්නේ, මේකෙ කතාවෙ තේරුම්ගන්න ගොඩක් දේ තියනව.
එක අත්ත නිකම් සුපිරියි කියනවට වඩා හොද අරුතක් තියෙන ෆිල්ම් එකක් . ඉවසිම තමා හොදම දේ,අපිට නැත්තෙත් ඔකමනෙ😉
niyamai wadak meka anakan balan hitiye