Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Drama
  3. Blade Runner 2049 (2017) Sinhala Subtitle

Blade Runner 2049 (2017) Sinhala Subtitle

August 29, 2018 Hasitha Prasad | Junior Admin
IMDB RATING 8.1
GENRES
DramaEnglish MoviesGenresMoviesMysterySci-Fi
CAST

Ryan Gosling, Dave Bautista, Robin Wright, Mark Arnold

හොඳයි එහෙනම් Blade Runner(1982), Blade Runner: Blackout-2022 (2017),Blade Runner:2036:Nexus Dawn(2017), Blade Runner: Nowhere To Go:2048 (2017) විදියට එක පෙලට ගෙනාව ගමනේ අවසන් පුරුක Blade runner:2049 තමයි මේ අරගෙන එන්නෙ

හැම්ප්ටන් ෆැන්චර්, මයිකල් ග්‍රීන් දෙදෙනාගේ තිර රචනයෙන් ඩෙනිස් විලනිව්ගේ අධ්‍යක්ෂණ දායකත්වයෙන් නිමවී 2017 වසරේ තිරගත වූ මෙය Imdb සිනමා දර්ශකයෙන් 8.1ක අගයක් ලබා එහි හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 222වන ස්ථානය තමන් සතු-කරගෙන සිටිනවා. ඊට අමතරව Rotten Tomatos වෙතින් 87%ක් වැනි විශාල අගයක්ද ලබා ඇති මෙය ඔස්කා සම්මාන ද්විත්වයක් සමගින් තවත් සම්මාන 84ක්ද දිනාගෙන තිබෙනවා.මෙවර රංගනයෙන් දායක වෙන්නෙ රයන් ගොස්ලින් ( K),ඩේව් බැටිස්ටා ( සැපර් මෝර්ටන් ), රොබින් රයිට් ( ලුතිනන් ජෝෂි ),ඇනා ඩි අර්මාස් ( ජෝයි) ,සිල්වියා හෝක්ස් (ලව්), එඩ්වඩ් ජේම්ස් ඔල්ම්ස් (ගැෆ්),ජෙරාඩ් ලිටෝ (නියැන්ඩල් වොලස්) වගේ රංගන ශිල්පි ශිල්පිනියන් පිරිසක්. ලොකු විස්තර පසුවට තියල අපි දැන් යමු එහෙනම් ඉක්මනින්ම චිත්‍රපටය පැත්තට…

දැන් කට්ටියට 1982 මුල් චිත්‍රපටය සහ 2017 කෙටි චිත්‍රපට තුනේ සිදුවුණ දේවල් මතක ඇතිනෙ. පොලිස් ප්‍රධානී බ්‍රයින්ට් විසින් හිටපු බ්ලේඩ් රනර්වරයෙකු වන ඩෙකර්ඩ්ව ආපසු සේවයට කැඳවූයේ රෝයි බැටී නැමැත්තෙකුගේ නායකත්වයෙන් පෘතුවියට පැමිණ සිටි කෘතිමානවයන් පිරිසක් මරා දමන්නයි. ඔවුන් එන්නේ තම නිර්මාපනකයා වන ආචාර්ය. එල්ඩන් ටයිරෙල් ලවා වසර හතරක් වැනි තම කෙටි ආයුකාලය දීර්ඝ කරගැනීමේ අරමුණෙනුයි. ඩෙකර්ඩ්ට සහායට ගැෆ් නම් නිලධාරියෙකුත් ලැබෙනවා. කෙසේ හෝ ඔහුට ඒ කෘතිමානවයන් නිෂ්පාදනය කල ආචාර්ය. එල්ඩන් ටයිරෙල්ට අයත් ටයිරෙල් සමාගමේ සිටින කෘතිමානවයෙක්ව වොයිට්-කැම්ෆ් පරීක්ෂණයට ලක් කරන්න එතනට යාමට සිදුවුණා. පරීක්ෂණයෙන් රේචල් නම් වූ ඇය කෘතිමානවයෙක් බව ඔප්පු වුණත් ඩෙකර්ඩ් ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ. ඒ වගේම තම පොලිස් ප්‍රධානියාට හෝ සගයාට ඒ ගැන පවසන්නෙත් නෑ. රේචල් කෘතිමානවයෙක් බව බ්‍රයින්ට් පසුව දැනගන්නා නමුත් ඒ වනවිටත් රේචල් පැනගොස් හමාරයි. හැබැයි ඇය වොයිට් -කාම්ෆ් පරීක්ෂණයෙන් අසමත්වූ බවක් හෝ ඩෙකර්ඩ් මේ සියල්ල දැනසිටි බවක් හෝ බ්‍රයින්ට්ට දැනගන්නට ආචාර්ය. එල්ඩන් ටයිරෙල් ඉඩතබන්නේ නෑ.ඒ නිසා ඩෙකර්ඩ් එතනදී බේරෙනවා. කෙසේ හෝ අවසානයේ මේ රේචල්- ඩෙකර්ඩ් පලහිලව්ව ප්‍රේම සබඳතාවක් දක්වා දුරදිග යනවා. ඔය සිදුවීම් ඔහොම වෙන අතරෙ අර කෘතිමානවයන් පසුපස හඹාගොස් එයින් තිදෙනෙකු විශ්‍රාම යවන්නට ( මරා දමන්නට) ඩෙකර්ඩ් සමත් වුණත්, දීර්ඝායුෂ ලබා ගැනීමෙ තම අරමුණ සාර්ථක නොවීමෙන් කෝපයට පත් රොයි ආචාර්ය එල්ඩන්ව සහ ඔහුගේ ජාන නිර්මාණකරන සහායක J.F සෙබස්තියන්ව මරා දමනවා. ඉන්පසු තම සගයන් මරාදැමූ ඩෙකර්ඩ්ව මරා දමන අදහසින් ඔහු හා සටන් වැදුණ කෘතිමානව රෝයි අවසානයේ තමන්ව නිමවූ මනුෂ්‍යයන්ට වඩා තමන් උසස් අයෙක් බව පෙන්වමින් ඩෙකර්ඩ්ගේ ජීවිතයද බේරා තබමින් මියගියා. අවසාන මොහොතේ එතනට පැමිණෙන ගැෆ් ව්‍යංගයෙන් ඩෙකර්ඩ්ට පැවසුවා තමන් රේචල්ව මරා නොදැමූ බවත්, ඔහු හා රේචල් පසුපස එලවීමේ අදහසක්ද තමන් සතුව නැති බවත්. රේචල් සහ ඩෙකර්ඩ් දෙදෙනා එකට පිටවන දර්ශනයකින් තමයි මුල් චිත්‍රපටය අවසන් වුණේ..

ඉන් පසුව Blackout:2022 කෙටි චිත්‍රපටයෙන් ඔයගොල්ලො දැක්කා, නෙක්සස්-6 කෘතිමානව මාදිලිවලින් පසුව ටයිරෙල් සමාගම නෙක්සස්-8 නමින් නව මාදිලි පෙළක් පෘතුවි සහ ඉන් පිටත වෙලඳපොලවල් සඳහා හඳුන්වා දුන් කතාවක්. ඒ වගේම නෙක්සස්-8 පෙර මාදිලිය මෙන් නොව ස්වභාවික ආයුකාලයක් ඇති කෘතිමානවයෙක්. මේ කරුණ මුල්කරගෙන මිනිසුන් විසින් මේ කෘතිමානවයන්ව මරාදැම්මා සමූහ වශයෙන්. ඔවුන් කෘතිමානවයන්ව හඳුනාගැනීම සඳහා භාවිතා කලේ කෘතිමානව ලියාපදිංචි කිරීම් දත්ත. මේ නිසා තමන්ගේ වර්ගයා ගැන දත්ත ඇතුලත් දත්ත ගබඩා විනාශ කරන්නට ඉගී සිග්නස් නම් කෘතිමානවයෙක් හා පිරිස කටයුතු කලේ ලොවපුරා ව්‍යාප්ත බල බිඳවැටුමක් ඇති කරමින්. අනිත් කාරණය තමයි තමන් මිනිසුන් හා කැලන්තා සටන්බිමේ කල සටනේදී ඔහුට දැනගන්න ලැබී තිබුණා මිනිසුන් සමග යැයි සිතා තමන් කල සටන මුලාවක් බව, මොකද කිව්වොත් මිනිසා විසින් මේ කෘතිමානවයන් හා සටනට එවා තිබුණේද කෘතිමානවයන්ම වීම නිසා. කෙසේ හෝ බලබිඳවැටුම ඇති කර තම වර්ගයාගේ දත්ත සියල්ල ලොවෙන් මකාදමන්නට ඉගී ඇතුළු පිරිසට හැකිවුණා…ඒත් සමගින්ම ඇතිවන කෘතිමානවයන් නිෂ්පාදන තහනමත් සමගින් ටයිරෙල් සමාගමේ අවසානයත් උදාවෙනවා. ඉන් අනතුරුව ටයිරෙල් සමාගම මිලයට ගන්නා නියැන්ඩර් වොලස් නැමැත්තාට හිමි වොලස් සමාගම උත්සාහ කරනවා නැවත කෘතිමානවයන් නිෂ්පාදනය සඳහා අවසර ගන්න…

ඊලඟට අපි එන්නෙ 2036:Nexus Dawn චිත්‍රපටයට..
විනාඩි හයක මේ කෙටි චිත්‍රපටය පුරාවට තියෙන්නෙ නියැන්ඩර් වොලස් නව නෙක්සස් මාදිලි පෙළක් හඳුන්වාදීමට තමන්ගේ ඇති අභිප්‍රාය රජයේ නිලධාරීන් පිරිසක් ඉදිරියේ සාධාරණීකරනය කරන ආකාරය. දැවැන්ත ආහාර හිඟයකට වොලස් පිළියම් යොදපු කතාවකුත් මේකෙදි අහන්න ලැබෙනවා.

ඉන් පස්සෙ තියෙන්නෙ 2048: Nowhere To Go..
ඔයගොල්ලන්ට මතකනම් Blackout:2022දි අපි දැක්කා ගැෆ් සහ බ්‍රයින්ට් දෙදෙනා කැලන්තා සටන්බිමේ සටන් කරමින් සිට හමුදාවෙන් පැනගිය කෘතිමානව සෙබලුන් පස් දෙනෙක් ගැන සාකච්ජා කරනවා. ඒ අතර එතන තිබුණු පරිගණක තිරයෙන් ඕගොල්ලො දකින්න ඇති සැපර් මෝර්ටන්ව. ඔහු හමුදා වෛද්‍ය සෙබලෙක්. අන්න එයාගෙ එතනින් පසු කතාව තමයි මේ කෙටි චිත්‍රපටයෙ තියෙන්නෙ.. ප්‍රෝටීන පණුවන් වගාවක් කරමින් පාඩුවේ කාලය ගත කරන ඔහුට තම වගාවන් විකුණාගැනීමට ගිය අවස්ථාවකදී තමන් දන්නා හඳුනන කාන්තාවක් සහ ඇගේ දියණියගේ ගෞරවය වෙනුවෙන් සටන් කරන්නට ඔහුට සිදුවෙනවා. වගාවන් විකුණා ගත් රිසිට් පත සමග ඔහුගේ ලියකියවිලි සියල්ල එහි බිම වැටෙනවා ඔහු නොදැනුවත්වම. ඔහු කෘතිමානවයෙකු බව වටහාගන්නා තැනැත්තෙක්
එම ලියකියවිලිවල සියලු තොරතුරු පොලිස් බ්ලේඩ් රනර් ඒකකයට ලබා දෙනවා…

ඔන්න එතනින් තමයි අද අපි බලන්න යන Blade Runner:2049 ආරම්භ වෙන්නෙ…
ඔන්න මේ වෙනකොට නියැන්ඩර් වොලස් තම නව කෘතිමානවයන් නිෂ්පාදනය අරඹල ඉවරයි. ඔවුන් කොයිතරම් මිනිසාට කීකරුද සහ ආරක්ෂිතද කියල ඔහු ඔප්පු කරලම පෙන්නුව මතකනෙ 2036: Nexus Dawn එකේදි. ඔන්න ඔයගොල්ලන්ට අලුත් බ්ලේඩ් රනර් කෙනෙක් දකින්න ලැබෙනව මේකෙදි , ඒ තමයි K. ඔවුන්ට නම් නෑ තියෙන්නෙ කේතයක් විතරයි Kගෙ කේතය වෙන්නෙ KD6-3.7. ඔහු වොලස් සමාගමේ නිෂ්පාදිත නෙක්සස්-9 කෘතිමානව පරම්පරාවට අයත් කෙනෙක්. ඔහුට බාර රාජකාරිය තමයි තමන්ට පෙර මාදිලිය එහෙමත් නැත්නම් නෙක්සස්- 8 මාදිලියෙ කෘතිමානවයන්ව විශ්‍රාම යැවීම නොහොත් මරා දැමීම. මුල් චිත්‍රපටය පුරාවට අපි දැක්කෙ කෘතිමානවයන්ව හඳුනාගැනීම ඉතාම අසීරු බව, ඔවුන්ව හඳුනා ගැනුනෙ ප්‍රශ්ණ විමසා එයට පිලිතුරු ලැබෙන වේගය සහ ප්‍රශ්ණවලට කෘතිමානවයන් දක්වන හැඟීම් ප්‍රකාශන එහෙම වොයිට්-කාම්ෆ් යන්ත්‍රය මගින් සසඳා බැලීමෙන්. හැබැයි මේ වෙනකොට ඒක ඉතාම පහසු කාර්යයක් වෙලා වගේ තමයි පේන්නෙ තාක්ෂණයේ දියුණුවත් සමග. හැබැයි මේ කෘතිමානව බ්ලේඩ්රනර්ලටනම් ප්‍රශ්ණවලින් ගැලවුමක් නෑ. මේ වතාවෙ ප්‍රශ්ණවලට උත්තර දෙන්න වෙලා තියෙන්නෙ ඔවුන්ට. ඒකෙ නම බේස්ලයින් පරීක්ෂණය. තමන් විසින්ම තෝරාගත් වාක්‍ය කණ්ඩයක් ස්කෑනර් යන්ත්‍රයක් ඉදිරියේ පවසන්න ඕනෙ. කෘතිමානව බ්ලේඩ්රනර්වරුන් ලවා මේ වාක්‍ය කණ්ඩය විවිධාකාරයට කියවා බලා , එය ප්‍රශ්ණ ආකාරයට විමසමින් එයට ඔවුන් පෙන්වන භාව ප්‍රකාශනයන් පරීක්ෂා කෙරෙනවා ස්කෑනරය මගින්. පොඩි හරි වෙනසක් පෙන්නුවොත් මොකද වෙන්නෙ කියල චිත්‍රපටය තුලදි බලාගන්න පුළුවන් වෙයි. සෑම මෙහෙයුමකටම පසුව ඔවුන්ව මේ විදියට පරීක්ෂා කරනවා ඔවුන් නියමිත තත්වයන්ට අනුකූලව සිටිනවාදැයි සැකහැර දැනගැනීමට. මේකෙදි K තෝරාගෙන තියන බේස්ලයින් වාක්‍යය රුසියානු ලේඛක ව්ලැද්මීර් නබොකොව්ගේ Pale Fire නම් කාව්‍යයකින් තෝරාගත් එකක්. ඒක මරණාසන්න තත්වයකදි එක සමාන අත්දැකීමක් විඳින දෙදෙනෙක් ගැන ලියවුණු එකක් කෙටියෙන්ම කිව්වොත්. ඒ පොත දකින්න ලැබෙයි ජෝයි සහ K එකට දකින්න ලැබෙන මුල්ම දර්ශනයෙදි. කොහොමහරි චිත්‍රපටයට ආරම්භයක් විදියට මේ තොරතුරු ටික හොඳටම ඇති කියල මම හිතනවා. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු අපි තවත් උපසිරැසියකින්.

ස්තූතිය – කවීෂ සහෝදරයාට.

විශේෂ :-

* අධ්‍යක්ෂක ඩෙනිස් විලනිව් මුලින්ම කැමති වෙලා නෑ Blade Runner චිත්‍රපටයෙ දෙවන කොටසක් කරන්න. ඔහු කියල තියෙන්නෙ ඒකෙන් මුල් නිර්මාණයට හානියක් වෙන්න ඉඩ තිබෙන බව.කෙසේ හෝ පිටපත කියවීමෙන් පසුව ඔහු සහ හැරිසන් ෆෝඩ් දෙදෙනාම කියා තිබෙන්නෙ එය තමන්ට කියවන්නට ලැබුණ හොඳම පිටපතක් බවයි. ඉන් පසුවයි ඩෙනිස් විලනිව් චිත්‍රපටය කරන්නට එකඟවී ඇත්තේ.

* නියැන්ඩර් වොලස් චරිතයට අධ්‍යක්ෂඩෙනිස් විලනිව්ගේ මුල්ම තේරීම වී ඇත්තෙ බ්‍රිතාන්‍ය ගායක ඩේවිඩ් බොවී, නමුත් ඔහු මියගියා රූගත කිරීම් ඇරඹීමට පෙරාතුව. ඉන්පසුවයි ජෙරාඩ් ලිටෝට එම චරිතය ලැබෙන්නේ.

*මෙහි K ව හඳුන්වා දීමට භාවිත කර ඇති මුල් දර්ශනය 1982 චිත්‍රපටයේ මුල් තිර පිටපතේ තිබී පසුව ඉවත්කල දර්ශනයකට සමානයිලු.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
16752 වාරයක්
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
3D bluray 2.5 GB
GET
720p bluray 1.2 GB
GET
1080p bluray 2.51 GB
GET
2160p bluray 7.76 GB
GET
Discussion (13)
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57
    2018-08-30

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • ushan Unregistered
    Windows 7 UC Browser 7
    2018-08-31

    tnx godak

    Reply
  • chamika Unregistered
    Windows 7 Firefox 60
    2018-08-31

    elaaa thanks

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 55
    2018-09-01

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • CrZy Shan User
    Windows 7 Chrome 68
    2018-09-07

    ස්තූතියි සහෝ

    Reply
  • ajith_2 User
    Windows 10 Firefox 63
    2018-09-10

    thanks weawa sub ekata

    Reply
  • Ajith Lasantha Kumara Mallawa Arachchi Unregistered
    Windows 7 Chrome 68
    2018-09-12

    thanks bro sub ekata

    Reply
  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 93
    2021-09-22

    ඔන්න පිලිවෙළටම බලලා ඉවරකළා. කතාවනං පට්ට.
    උපසිරැසියට වෙච්ච මහන්සියට ස්තූතියි හසිත!
    වෙනද වගේම නියමෙටම කරල තිබ්බා.

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 92
      2021-09-22

      බොහොම ස්තූතියි, ඉනුක. ඇනිමේෂන් ටිකත් බැලුවනෙ?

    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 93
      2021-09-23

      ඔව් හසිත.

  • Isiwaruna Unregistered
    iOS 18 Chrome 130
    2024-10-28

    කලින් film ඔක්කොම බලල තිබ්බෙ ඒත් හරියට තේරුනේ නෑ. මේකෙ විස්තරේ කියවල ආයෙ මුල ඉදන් බැලුවම තේරුනා. Thank you sub ඔක්කොටම 💗

    Reply
  • Chathuranga Unregistered
    Android 10 Chrome 138
    2025-09-25

    Meka balana widiha therenna kohomada balance ane

    Reply
    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 140
      2025-09-26

      ඩිරෙක්ට් ලින්ක් වැඩ නැත්නම් ටොරන්ට් ෆයිල් එකෙන් අරගන්න.

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 498
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved