Bon Cop Bad Cop (2006) Sinhala Subtitle
සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න කාලෙකට පස්සෙ මම ඔයාලා හමුවෙන්න ආයෙත් ආවා. පහුගිය ටිකේ නම් වැඩ කන්දරාවකට මැදි වෙලා හිටි නිසා අළුත් දේකට අත තියන්නවත් වෙලාවක් තිබුණේ නෑ. ඒකෙන් මේකෙන් කමක් නෑ ඔන්න මම ඔයාලාට ආස හිතෙන චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඇත්තටම මේක පසිදු යාළුාවගෙ ඉල්ලීමකට අනුව මම කරන්න පටන්ගත්ත උපසිරැසියක්.IMDB දර්ශකය 6.9ක් ලෙස තමයි පෙන්වන්නේ. විශේෂත්වයක් තමයි මේ චිත්‍රපටය ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම සම්මිශ්‍රිත දෙබස් දක්නට ලැබීම. චිත්‍රපටය තමයි Bon Cop Bad Cop 2006. මෙහි කතාව දක්ෂ කැනේඩියානු රහස් පරීක්ෂකයින් දෙදෙනෙකු ක්‍රීඩා කණ්ඩායම් මුදලට විකිණීම ගැන උරණ වූ ක්‍රීඩකයෙක් වටා ගොඩනැගෙන එකක්. මේකයි කථාව
ඩේවිඩ් බුචාඩ් සහ මාටින් වෝඩ් නමින් රහස් පරීක්ෂකයින් දෙදෙනෙක් ඉන්නවා. මේ දෙන්නම එකම රටක වුණත් එකිනෙකට වෙනස් නීති ,චර්යා සහිත ප්‍රාන්ත දෙකක තමයි වැඩකරන්නේ. ඩේවිඩ් බුචාඩ් ටිකක් සෙල්ලක්කාර, නීතිය අතට අරන් රාජකාරි කරන කෙනෙක්. ඒත් මාටින් වෝඩ් වැඩ කරන්නේ නීතියට අනුව වැදගත් විදිහට.
දවසක් රෑ දරුණු මිනී මැරුමක් සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ මේ රහස් පරීක්ෂයින් දෙදෙනා ඉන්න ප්‍රාන්ත දෙක වෙන්වන දේශ සීමා රේඛාව මතයි. ඉතිං මේ ගැන පරීක්ෂණ කරන්න මේ දෙන්නම එතනට එනවා. ඒත් මියගිය කෙනාගේ ශරීරයේ භාගයක් එක් ප්‍රාන්තයකත් අනෙක් භාගය අනෙක් ප්‍රාන්තයේ වීමත් නිසා පරීක්ෂණ කටයුතු කිරීමට භාරගැනීමට යද්දි මේ දෙන්නා අතර මත ගැටුමක් වෙනවා. ඉතිං මේ අපරාධයේ සුලමුල හොයන්න ඉහල නිළධාරීන් මේ දෙන්නට එකට පරීක්ෂණ කටයුතු කරන්න පවරනවා. දෙන්නා මුලින් වැඩේට ටිකක් කැමති නෑ. අකමැත්තෙන් හරි එයාලට ඒකට සම්බන්ධවෙන්න වෙනවා. මම කලින් කිව්වා වගේ මෙයාලා සමාජ දෙකක දෙන්නෙක් නිසා හොද හොද සිද්ධි මෙයාලට වෙන්නේ. ඉතිං ඊට වඩා කරුණු කිව්වාම අගයක් නෑනේ. චිත්‍රපටය බලන්නකෝ. ඇත්තටම කවුද මේ අපරාධය කලේ. තව ඉස්සරහට අපරාධ සිද්ධ වෙයිද? මොකක් උදෙසාද මේ අපරාධ කරන්නේ? මේ දෙන්නට මුහුණ දෙන්න වෙන අභියෝග මොනාද කියලා චිත්‍රපටය නරඹලාම පිළිතුරු සොයන්නේ නම් මැනවි.
එහෙනම් යාළුවනේ මම ගිහින් එන්නම්. මෙම චිත්‍රපටයේ දෙවන කථාව Bon Cop Bad Cop 2017 කථාවත් ඉක්මනටම ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් කට්ටියටම සුබ දවසක්.
elama saho thanks
puluwan nam meke 2 th sub karala dannako ….
tnx mchooo
බොහොම ස්තුතියි සහෝ සබ්ට.