Bon Cop Bad Cop (2006) Sinhala Subtitle

December 10, 2017 Executive Subtitler
Subtitle by Isuru Dananjaya

සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න කාලෙකට පස්සෙ මම ඔයාලා හමුවෙන්න ආයෙත් ආවා. පහුගිය ටිකේ නම් වැඩ කන්දරාවකට මැදි වෙලා හිටි නිසා අළුත් දේකට අත තියන්නවත් වෙලාවක් තිබුණේ නෑ. ඒකෙන් මේකෙන් කමක් නෑ ඔන්න මම ඔයාලාට ආස හිතෙන චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඇත්තටම මේක පසිදු යාළුාවගෙ ඉල්ලීමකට අනුව මම කරන්න පටන්ගත්ත උපසිරැසියක්.IMDB දර්ශකය 6.9ක් ලෙස තමයි පෙන්වන්නේ. විශේෂත්වයක් තමයි මේ චිත්‍රපටය ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම සම්මිශ්‍රිත දෙබස් දක්නට ලැබීම. චිත්‍රපටය තමයි Bon Cop Bad Cop 2006.  මෙහි කතාව දක්ෂ කැනේඩියානු රහස් පරීක්ෂකයින් දෙදෙනෙකු ක්‍රීඩා කණ්ඩායම් මුදලට විකිණීම ගැන උරණ වූ ක්‍රීඩකයෙක් වටා ගොඩනැගෙන එකක්. මේකයි කථාව

ඩේවිඩ් බුචාඩ් සහ මාටින් වෝඩ් නමින් රහස් පරීක්ෂකයින් දෙදෙනෙක් ඉන්නවා. මේ දෙන්නම එකම රටක වුණත් එකිනෙකට වෙනස් නීති ,චර්යා සහිත ප්‍රාන්ත දෙකක තමයි වැඩකරන්නේ. ඩේවිඩ් බුචාඩ් ටිකක් සෙල්ලක්කාර, නීතිය අතට අරන් රාජකාරි කරන කෙනෙක්. ඒත් මාටින් වෝඩ් වැඩ කරන්නේ නීතියට අනුව වැදගත් විදිහට.

දවසක් රෑ දරුණු මිනී මැරුමක් සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ මේ රහස් පරීක්ෂයින් දෙදෙනා ඉන්න ප්‍රාන්ත දෙක වෙන්වන දේශ සීමා රේඛාව මතයි. ඉතිං මේ ගැන පරීක්ෂණ කරන්න මේ දෙන්නම එතනට එනවා. ඒත් මියගිය කෙනාගේ ශරීරයේ භාගයක් එක් ප්‍රාන්තයකත් අනෙක් භාගය අනෙක් ප්‍රාන්තයේ වීමත් නිසා පරීක්ෂණ කටයුතු කිරීමට භාරගැනීමට යද්දි මේ දෙන්නා අතර මත ගැටුමක් වෙනවා. ඉතිං මේ අපරාධයේ සුලමුල හොයන්න ඉහල නිළධාරීන් මේ දෙන්නට එකට පරීක්ෂණ කටයුතු කරන්න පවරනවා. දෙන්නා මුලින් වැඩේට ටිකක් කැමති නෑ. අකමැත්තෙන් හරි එයාලට ඒකට සම්බන්ධවෙන්න වෙනවා. මම කලින් කිව්වා වගේ මෙයාලා සමාජ දෙකක දෙන්නෙක් නිසා හොද හොද සිද්ධි මෙයාලට වෙන්නේ. ඉතිං ඊට වඩා කරුණු කිව්වාම අගයක් නෑනේ. චිත්‍රපටය බලන්නකෝ. ඇත්තටම කවුද මේ අපරාධය කලේ. තව ඉස්සරහට අපරාධ සිද්ධ වෙයිද? මොකක් උදෙසාද මේ අපරාධ කරන්නේ? මේ දෙන්නට මුහුණ දෙන්න වෙන අභියෝග මොනාද කියලා චිත්‍රපටය නරඹලාම පිළිතුරු සොයන්නේ නම් මැනවි.

එහෙනම් යාළුවනේ මම ගිහින් එන්නම්. මෙම චිත්‍රපටයේ දෙවන කථාව Bon Cop Bad Cop 2017 කථාවත් ඉක්මනටම ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් කට්ටියටම සුබ දවසක්.

 

Available Torrents
720p bluray 844.78 MB
1080p bluray 1.76 GB
Isuru Dananjaya
15 Movies
22 TV Series
37 Total
Discussion (16)
  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Chrome 62

    උපසිරැසියට ස්තූතියි සහෝ…??

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 62

    අම්මෝ ..සුපිරි එකෙත් සුපිරි මචන් ..කියන්න වචන නැහැ ..බලන්න ෆිල්ම් එකක් නැතිව කල්පනා කර කර ඉද්දි තාම ..මේකේ සබ් එක දාද්දි මේකේ Genres එක දැක්කේ .. action comedy කියලා වැඩක් නැහැ ..සුපිරි එකෙත් සුපිරි අහා ..තෑන්ක් ඉසුරු ..තෑන්ක් පසිදු !!!!!

  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7

    එල එල නියමයි සහෝ.
    සෑහෙන දවසකට පස්සේ සබ් එකක් ගෙනල්ලා.
    තෑන්ක්ස් සහෝ. දෙවෙනි ෆිලුමේ එකත් ගේනකම් බලන් ඉන්නවා.

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.2

    හම්මෙ ඉසුරු සහෝ ගෙනල්ල තියෙන්නෙ සබ් එක
    දැන් ඉතින් බැලිල්ලක් තමා✌️✌️✌️
    උපසිරැසියට තුති සහෝදරයා
    ඔබට ජය???
    ඊලග 50 ඔයාගෙන් තමා බලාපොරොත්තුව???

  • Rajitha Unregistered
    Windows 7 Chrome 63

    Thanks machan……jayawewa……..!

  • Madusha Unregistered
    Windows 10 Opera 49

    බොහොම ස්තූතියි සහෝ

  • madhawa supun Unregistered
    unknown Opera Mini 9.1

    ado ela ela oke 2 ta sub dapan. good luck

  • ashan salinda Unregistered
    Android Opera Mini 7.6

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.

  • KANTHA Unregistered
    Windows 7 Firefox 54

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  • Mithun Unregistered
    Android 6 Chrome 58

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදර …. දෙවෙනි එකත් ඔනෙ …

  • mahesh Unregistered
    Windows 10 Firefox 56

    thanks bro

  • sankha sandaruwan Unregistered
    Windows 7 Chrome 63

    thanks saho sub ekata, jaya wewa. puluwannam part 2 ekatath sub eka apita denna.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search