මුලින්ම හැමෝටම කියන්න ඕන හැමෝටම සුබ අලුත් අවුර්දුද්දක් වේවා.ටිකක් වෙලාව කලින් වැඩි තමා.ඒත් ගණන් ගන්න එපා.ටීවී සීරියස් කර කර වේලි වේලි ඉද්දි එක පාරටම මනෝජ් සහෝ ඇවිල්ලා කියුවා Boyka: Undisputed IV (2016) ෆිල්ම් එක කරමුද බං…ඒක නම් සුපිරි කියලා.මං මේකේ කලින් ෆිල්ම් බලලා නම් නැහැ.මනෝජ් කියුව නිසා Boyka: Undisputed IV (2016) බාගෙන බැලුවා.ආය ඉතින් දෙපාරක් හිතුවේ නැහැ සබ කරන්න පටන් ගත්තා.හැමෝම මේකේ කලින් ෆිල්ම් තුනත් බලන්න..බැලුවා කියලා කිසිම පාඩුවක් නැහැ…
මේකේ කලින් ෆිල්ම් බලලා නැති අයත් ඉන්න නිසා මං සාරාංශය හැමෝටම තේරෙන විදිහට කියන්නම්.යූරි බෝයිකා කියන්නේ අති දක්ෂ සටන් කරුවෙක්.මෙයා සල්ලි හොයන්න සටන් වල යෙදෙනවා.තවත් පැත්තකින් බැලුවොත් මෙයා මිණි මරුවෙක් කියලා කියන්නත් පුළුවන්මොකද ඒ සමහර වටන් වලදී මෙයා අතින් කට්ටිය මැරෙනවා.හැබැයි පොර ටිකක් ආගම පැත්තට බරයි.මෙයාට මේ විදිහටම සටනක් හම්බෙනවා වික්ටර් කියලා කෙනෙක් එක්ක.හැම සටනකදීම වගේම මේ සටනේදීත් යූරි දිනනවා ඉතින්.ඒ සටන ඉවර වෙලා ගෙදර යද්දී දකිනවා යූරිගේ ප්‍රතිවාදියා විදිහට සටන් කරපු වික්ටර්ව රෝහලට අරගෙන යනවා.මේ ගැන යූරි එයාගේ සහයකයගෙන් ඇහුවාම දැනගන්න ලැබෙන්නේ වික්ටර් මැරුණා කියලා.යූරි වික්ටර්ගේ පවුල ගැන ටිකක් හොයලා බැලුවාම දැනගන්න ලැබෙනවා එයාට බිරිදක් හිටි බව.ඉතින් ඒ වැරැද්ද හරි ගස්සගන්න ඕන කිසා යූරි රුසියාවට යනවා.එතකොට යූරිට දැනගන්න ලැබෙනවා වික්ටර් වගේම එයාගේ නෝනා රුසියාවේ ස්වුරබ් කියලා කෙනෙක්ගෙන් විශාල සල්ලි වගයක් ණයට අරගෙන තියෙනවා වගේම වික්ටර් මැරුණ නිසා එයාගේ බිරිද ඇල්මට ස්වුරබ්ගේ ක්ලබ් එකේ සේවිකාවක් විදිහට වැඩ කරන්න වෙන වග.යූරි එයාගෙන් උන වැරැද්ද කියලා ඇල්මට සල්ලි දෙනවා ඒ ණයෙන් නිදහස් වෙන්න.ඒත් ඒ සල්ලි ඇල්මා ගන්නේ නැහැ.ඒ නිසා යූරි එයාගෙන් උන වැරැද්දට සදරනයක් ඉෂ්ට කරන්න ඕන නිසා ස්වුරබ් එක්ක එකගතාවයක් වෙනවා ස්වුරබ් වෙනුවෙන් සටන් තුනක් යූරි කරනවා.ඒ සටන් තුන යූරි දින්නොත් ඇල්මව ණයෙන් නිදහස් කරන්න ඕන කියලා…ඇත්තටම යූරි ඒ සටන් තුන දිනයිද?ඇල්මට ණයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයිද?ස්වුරබ් පොරොන්දු ඒ විදිහටම ඉෂ්ට කරයිද?ඒ ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්න නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා…
සටන් ජවනිකා ඇතුලත් මේ ෆිල්ම් එක නම් ඔයාලා හැමෝම බලන්නම ඕන එකක්.ඒ වගේම ලබා ගෙන ඇති IMDB අගය 7.9 ක් තරම්.ඉතින් එහෙනම් ඔයාලා හැමෝම උපසිරැසිය අරගෙන යද්දී නිකං යන්න එපා.කමෙන්ට් එකකුත් දාගෙනම යන්න…එහෙනම් තවත් උපසිරැසියක් තුලින් හමුවෙන තුරු ඔබට ජය!!!
“I Am The Most Complete Fighter, In The World”
“මම ලෝකේ සිටින පරිපූර්ණ සටන්කරුවෙක්”
Spoiler Warning : Boyka (Scott Adkins) accidentally kills an opponent in the ring, forcing him to question everything he’s worked for. When he finds out his opponent’s widow is in trouble, he becomes her champion in a series of seemingly impossible fights…
සබට තුති සහෝ!
ඉක්මනටම දීලා..
Bluray ආවම අප්ඩේට් කරන්න හොදේ!
ස්තූතියි සහෝදරයා. ජය වේවා!!!
supirimaa film ekak thnx sub ekata
නියමයි සහෝ…
උපසිරසියට බොහොම ස්තුතියි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
සබට ස්තූතියි***
සබ් එකට තුති… ? දිගටම කරමු…ජය!!
Elama macho…thnx
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ස්තුතියි සහෝ.
ඔබ හට තුති .. SubzLK හට ජය..!
Ela machan
Download & Watch Online
https://www.sirisarafilmslk.com/movies/boyka-undisputed-iv/
Bluray updat eka denna puluvanda?