Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • Captain Marvel (2019) Sinhala Subtitle

Captain Marvel (2019) Sinhala Subtitle

වීඩියෝව සූදානම් වෙමින් පවතී...
සිංහල උපසිරැසි සේවාදායකය
March 29, 2019 Junior Admin

 

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මාවල් රසිකයන් පුල පුලා බලා සිටි තවත් චිත්‍රපටයක සිංහල උපසිරැසිය. අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ මේ තමයි කැප්ටන් මාවල් සිනමා ආගමනය නොහොත් Captain Marvel (2019). මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ අපේ හෙඩ් ඇඩ්මින් දමිත් ප්‍රියංකර සහෝදරයට. එහෙනම් දැන් අපි යමු චිත්‍රපටයෙ ආගිය කතා පැත්තට..


තිරගතවීම ආරම්භවෙන්නත් කලින් රසිකයන් අතර දැඩි කැලඹීමක් ඇති කරන්න මේ චිත්‍රපටය සමත්වුණා කියල ඔබට මතක ඇති. ඒකට හේතුව වුණේ කැප්ටන් මාවල් චරිතයට පණපොවන බ්‍රී ලාසන් චිත්‍රපටයේ විචාර ගැන අහද්දි කියපු කතාවක් නිසා. ඇය කිව්වෙ ” අවුරුදු 40 සුදු ජාතික පිරිමි කියන දේවල් තමන්ට වැඩක් නෑ” කියලයි. බොහෝ පිරිසකට මේක පුරුෂ විරෝධී අදහස් දැක්වීමක් ලෙස පෙනීගිය නිසා , ප්‍රේක්ෂකයන් අතර ලොකු කතාවක් ගියා මේ චිත්‍රපටයට වර්ජනය කර මේ හා සමගාමීව තිරගතවූ Alita: Battle Angel(2019) චිත්‍රපටය නරඹන්නට. හරියට බැලුවොත් බ්‍රී ලාසන්ගෙ මේ කතාවට ප්‍රේක්ෂකයන් (ප්‍රේක්ෂිකාවන් නොවේ) බහුතරයකට කේන්තියාමේ යම් සාධාරණ පැත්තකුත් තියනවා, මාවල් සිනමා විශ්වය මේ තාක් දුරට ඔසවා තැබීමේ වැඩි ගෞරවය යන්න ඕනෙ ප්‍රේක්ෂක පාර්ශවයට නිසා. තත්වය එහෙම තියෙද්දි ඊලඟට නික් ෆියුරිට පණ පොවන සැමුවෙල් එල් ජැක්සන් වත්මන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව වහලුන්ගෙන් වැඩගන්නා ඉඩම් හිමියෙකුට සමාන කරමින් කල අදහස් පළකිරීමක් නිසා තත්වය තවත් නරක අතට හැරුණා. මෙතනින් ලොකුම ප්‍රශ්ණෙ වුණේ බ්‍රී ලාසන්ගෙ අදහස් දැක්වීම, ඊට හේතුව ඇය Avengers : End Game ඇතුළු ඉදිරි චිත්‍රපට හයක් සඳහා ඒ වනවිටත් ගිවිසුම් අත්සන් කර තිබීම සහ මේ කතාව නිසා මාවල් සිනමා විශ්වයේ ඉදිරි ගමන යම් අවිනිශ්චිත තත්වයකට ( ප්‍රධාන වශයෙන් ආදායම් අතින්) පත්වේද යන සැකය. කොහොමහරි චිත්‍රපටය තිරගත වෙලා අවසන් වුණාම තමයි තත්වය හරියටම බලන්න තියෙන්නෙ. විචාරයන් පවා බොහෝවිට ලියවෙලා තියෙන්නෙ චිත්‍රපටයට එරෙහිවයි ,එසේම සෘණාත්මක රේටින් ලබාදීම් පවා සිදුවෙලා තිබෙනවා චිත්‍රපටය තිරගතවන්නටත් ප්‍රථම. මේ නිසාම Rotten tomatoes අඩවිය තම අඩවිය වෙනස්කම්වලටද ලක්කලා, චිත්‍රපටයක් තිරගත වන්නට ප්‍රථම රේටින් සහ රිවීව්ස් පළකල නොහැකි ලෙස. හරි ඒ තමයි ආගිය කතා දැන් අපි යමු චිත්‍රපටය පැත්තට..

හරි, Avengers: Infinity War (2018) බලපු අය දැක්කනෙ තානෝස් ලෝක ජනගහණයෙන් හරි අඩක්ම තමන්ගෙ එක ස්නැප් එකකින් නැතිකරල දාපු ආකාරය.

ඒකෙම පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයෙදි ඔබ දැක්කා තානෝස්ගෙ ස්නැප් එකට ගොදුරුව අතුරුදන් වෙලා යන්න ටිකකට කලින් නික් ෆියුරි පේජර් එකකින් (මෙහි අතීත කතාවත් මෙම චිත්‍රපටයට ඇතුලත්) යමෙකුට පණිවිඩයක් යවනවා.

පේජර් පණිවිඩය යවමින් සිටියදී නික් ෆියුරි දුහුවිලිව යන අවස්ථාව

ඒ යවන්නෙ කාටද කියල සඳහන් නොවුණත්, අපි දැක්කා ඒකෙ දර්ශනය වුනේ කැප්ටන් මාවල් සලකුණ. වීඩියෝ එකම බලනවනම් මෙන්න ඒක

පේජරයේ සටහන්ව තිබූ කැප්ටන් මාවල් සලකුණ

ඒ යවන්නෙ අනිවාර්යයෙන්ම ඇයගෙ උදව් ඉල්ලල කියල පැහැදිලිනෙ. මාවල් ස්ටුඩියෝස්හි සභාපති කෙවින් ෆීජ් පවසන විදියට මාවල් සිනමා විශ්වයේ බලවත්ම චරිතය විදියට ගැනෙන කැරොල් ඩෙන්වර්ස් නොහොත් මේ කැප්ටන් මාවල් තමයි දැනට තානෝස් කල විනාශය ආපසු හැරවිය හැකි තරම් බලයක් ඇති එකම චරිතය. ඒ පණිවිඩය යැවුනෙ ඇයටයි..

නික් ෆියුරි පේජර් පණිවිඩය යවන්න කලින්ම තානෝස්ගෙ ස්නැප් එකට අහුවෙලා දූවිලි වෙලා ගියා අපි දැක්කට, අපි මෙච්චර කාලෙකට මේ කැරොල් ඩෙන්වර්ස් නොහොත් කැප්ටන් මාවල් කියන්නෙ කවුද, ඇය ඒතරම් බලවත් චරිතයක් වෙන්නෙ කොහොමද, නික් ෆියුරි ඇය හඳුනන්නෙ කොහොමද වගේ කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑනෙ. ඉතින් අන්න ඒ සියල්ල තමයි ප්‍රේක්ෂක ඔබට මේ Captain Marvel (2019) චිත්‍රපටයෙන් බලාගන්න තියෙන්නෙ. ඒ වගේම කියන්න ඕනෙ මෙහි කාලරාමුව 1990 දශකයේ මැද භාගය, ඒ කියන්නෙ Captain America: The First Avenger හැරුණවිට මාවල් සිනමා විශ්වයේ අන් සියලුම චිත්‍රපට වැටෙන්නෙ මීට පිටිපස්සට. ඒ නිසාම මේකෙදි අපි දකින්නෙ වඩා තරුණ නික් ෆියුරි කෙනෙක් වගේම සුපිරි වීරයන් ගැන දැනුමකුත් නෑ. 90 දශකයේ දිවෙන නිසාම ඒ සමයේ යම් යම් දේවල් චිත්‍රපටයට එම දශකයේ ගීත ඛණ්ඩත් ඇතුළුව. මේ එයින් කීපයක්ද ඇතුළු චිත්‍රපටය නැරඹීමේදිද වැදගත් වියහැකි කරුණු කීපයක්…

• බ්ලොක් බස්ටර් වීඩියෝ සෙන්ටර් ( Blockbuster Video )

90 දශකයේදී VHS පටවලින් ඇරඹී 2000 දශකයේ DVD ආගමනය දක්වා චිත්‍රපට ආදිය කුලියට ලබාදීමේ හිණිපෙත්තේ සිටි මේ වීඩියෝ මධ්‍යස්ථාන ජාලය කාලයාගේ ඈවැමෙන් සහ චිත්‍රපට නැරඹීමේ වඩා පහසු සහ නව තාක්ෂණයන් ඉදිරියේ හිස නමනවා. නමුත් චිත්‍රපටයේදී ඔබට දකින්න ලැබේවි එම කාලයේ ඔවුන් සිටි තත්වය (අපිත් හැඳුනුම්පත හෝ මුදල් ඇපයට තබා චිත්‍රපට නරඹපු අයනෙ ඉතිං, ඒකට අද )

• ALTAVISTA සෙවුම් යන්ත්‍රය

ගූගල් සමාගම අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර කලාව උඩු යටිකුරු කරන්නට පෙර අන්තර්ජාල පරිශීලකයන්ට සේවය සැලසූ මේ සේවය පසුව Yahoo සමාගම විසින් මිලට ගන්නවා (ඔව්, ඔව්, Google සුළු මුදලකට මිලදීගන්නට තිබූ අවස්ථාවට පයින් ගැසූ Yahooම තමයි)

• The Avengers: Kree–Skrull War ( 1971 ජූනි- 1972 මාර්තු)

මෙහි කතාව පාදක වෙන්නෙ රෝයි තෝමස් විසින් රචිත “Kree–Skrull War” ඇසුරින්. එහි ආරම්භයේදීනම් හැබැයි කැරොල් ඩෙන්වර්ස්ට තිබෙන්නේ සුළු චරිතයක්. ඒ වනවිට ඇයට සුපිරි බලයන් පවා ලැබී නෑ.

• අධ්‍යක්ෂණය
මේ චිත්‍රපටයේදී තමයි රූසෝ සහෝදරයන්ට පසුව තවත් අධ්‍යක්ෂ දෙපළක් දෙවන වරට මාවල් සිනමා විශ්වයට දායක වෙන්නෙ ඒ ඇනා බෝඩන් සහ සහය අධ්‍යක්ෂ රයන් ෆ්ලෙක් . ඇනා බෝඩන් තමයි මාවල් සිනමා විශ්වයේ ප්‍රථම කාන්තා අධ්‍යක්ෂවරිය.

• ස්ටෑන් ලී සුළු චරිත රංගනය
සුපුරුදු පරිදි මේ චිත්‍රපටයටත් ඔහුගේ සුළු චරිත රංගනයක් ඇතුලත් වගේම ඔහුට ගරු කරමින්ම චිත්‍රපටය අරඹන්නත් මාවල් ස්ටුඩියෝස් කටයුතු කරල තියනව. චිත්‍රපටයෙදි ඔබට  දකින්න ලැබෙන්නෙ ස්ටෑන් ලී පොතක් කියවමින් ඉන්නව, ඇත්තටම ඒ පොතක් නෙමෙයි Mallrats (1995) චිත්‍රපටයේ පිටපත.ස්ටෑන් ලී ඒකෙත් ඉන්නවා මෙන්න මේ විදියට.

• රොනෑන් සහ ඇකියුසර් බළකාය

මම කිව්ව මතකනෙ මේකෙ කාලරාමුව 1990 දශකයේ මැද භාගය කියල. ඒ නිසාම Guardians of galaxy (2014) චිත්‍රපටයේදී මියයන රොනෑන්, මේ චිත්‍රපටයෙ කාලය තුල ජීවත්ව ඉන්නවා. ස්ටාලෝඩ් ඇතුළු පිරිස ඔහුව විනාශ කල අවස්ථාව.

එහෙනම් මීට වඩා මෙතන කියල නරඹන ඔබේ රසවින්දනයට බාධා කරන්න මගෙ අදහසක් නෑ.  Imdb අගය 7.2ක් ලබාගෙන, Rotten Tomatoes වෙතින් 78%ක අගයක්ද ලබාගෙන බ්‍රී ලාසන්, සැමුවෙල් එල් ජැක්සන්, බෙන් මෙන්ඩල්සන්, ජූඩ් ලෝ, ඇනට් බෙනින්, ලෂානා ලින්ච්, ක්ලාක් ග්‍රෙග්, ජෙමා චෑන්, ඩ්ජෙමන් හොන්සෝ, ලී පේස්, අකිරා අක්බර් ඇතුළු පිරිසකගේ රංගන දායකත්වයෙන් හැඩවන මේ චිත්‍රපටය නරඹන්නට ප්‍රේක්ෂක ඔබට ඉඩලබාදෙමින් මම නවතින්නම්. හමුවෙමු MULE (2018) චිත්‍රපටයේ උපසිරැසියත් සමගින්..

සියලු තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි 

BLURAY පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇති අතර කැමරා පිටපතට නිකුත්කල මුල් උපසිරැසියේ තිබූ පරිවර්තන දෝෂ කිහිපයක්ද නිවැරදි කර ඇත. එසේම WEB-DL පිටපත් ඇති අයගේ පහසුව තකා WEB-DL සඳහා සකස්කල උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

විශේෂ :-
මේ වසරේ පෙබරවාරි මාසයේදී තමයි මෙම චිත්‍රපටයේ නිල වෙබ් අඩවිය එලිදැක්වුණේ. නිර්මාණකරුවන් එය 1990 දශකයේ වෙබ් අඩවියක් ලෙස තමයි සකසා තිබෙන්නේ. ගොඩවෙලා බලන්න මේ එම අඩවිය.

Direct Download සිංහල උපසිරැසිය හා වීඩියෝ පිටපත ලබා ගන්න
35510 Downloads
Download Links
720P
DIR
1080P
DIR
DIR
Available Torrents
3D bluray 1.99 GB
GET
720p bluray 1.04 GB
GET
1080p bluray 1.99 GB
GET
720p web 1.03 GB
GET
1080p web 1.98 GB
GET
2160p web 5.52 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (65)
← Older
Newer →
  • yohan sameera Unregistered
    Windows 7 Firefox 66
    2019-04-19

    thank you very much bro .really impressive.clear video copy my kid love to watch the video

    Reply
  • Himasha Kavinda User
    Windows 10 Opera 58
    2019-04-22

    Captain marvel film eka ganne kohomada

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-22

      දීල තියන ඩවුන්ලෝඩ් ලින්ක්ස්වලින් පුළුවන්. මම මඒ දැනුත් චෙක් කලා ලින්ක් සේරම වැඩ.

    • Himasha Kavinda User
      Windows 10 Opera 58
      2019-04-27

      OK mama film eka gaththa

  • gihan Unregistered
    Windows 10 Chrome 73
    2019-04-22

    ft saho

    Reply
  • Dineth rangika Unregistered
    Android 6 Chrome 73
    2019-04-24

    තෑන්ක්ස් බ්‍රෝ…ඔයා මේකට ගොඩක් මහන්සි වෙලා තියනවා…පිලිවෙලට වැඩේ කරලා…good luck

    Reply
  • Thushanka Unregistered
    Android 8 Chrome 72
    2019-04-28

    Endgame eke cam copyakata sub denawada?

    Reply
  • කවින්ද Unregistered
    Android 9 Chrome 74
    2019-04-29

    මචං ඇවෙන්ජර් ඉන්ඩ්ගේම් එකේ හොද HDCAM එකක් ඇවිල්ලා පොඩ්ඩක් බලහන් සබක් දියන් ඉක්මනට හැමදාම කොමෙන්ට් කරේ නතුවට උබේ සබ් එනකම් ඉන්නවා මේ වගේ ඒවට

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-29

      එන්ඩ්ගේම් එක අපේ දමිත් සහෝදරයා කරමින් ඉන්නෙ මේ දවස්වල. ලඟදීම අඩවිය හරහා නිකුත් කරයි, කාවින්ද.

  • sasanka Unregistered
    Android 9 Chrome 74
    2019-05-28

    Thanks for the sub

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 74
    2019-05-28

    … ගොඩක්ම ස්තූතියි. …

    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 73
    2019-05-28

    මම පරක්කුයි …….යකඩෝ අප්ඩේටුත් දිලනෙ………😍😍😍😍😍😍😍😍😍 කියන්න හැදුව විතරයි
    ගොඩක් ස්තුතියි සහෝ…. සතුටු දවසක් බානගමන් ඉන්නෙ😍

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.5
      2019-05-28

      මමත් මේක web ප්‍රින්ට් එකක් එනකං හිටියෙ. ඊයෙ රෑ Mkvcage එකට ආව ගමන්මයි ගත්තෙ. එවෙලෙ බලන ගමන්ම සබ් එක එජස්ට් කලා. උදේ පාන්දර සයිත් එකට අප්ඩේට් කලා 😉

    • Mithun Unregistered
      Android 8 Chrome 73
      2019-05-30

      හිතුව තරම් මුවි එක සාර්ථක නැහැ මට නම්.
      කතාව රසවත් මදිකමක් දැනුන
      කොහොමද උනත් අනිවා Marval රසිකයෙක් නම් බලන්න එපෑ.
      Avenge අලුත් එක තම ඉගවට …. එක ණම් පට්ට වෙන්න ඔන….

    • Mithun Unregistered
      Android 8 Chrome 73
      2019-05-30

      *Avengers Endgame

  • Mithun Unregistered
    Android 8 Chrome 73
    2019-05-29

    Bluray ekat awaa

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.5
      2019-05-29

      Updated 😉

  • nipun Unregistered
    Windows 10 Chrome 74
    2019-05-30

    thanks macho!!!!!

    Reply
  • Anusara User
    Windows 7 Chrome 74
    2019-05-31

    Thanks brother….

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip
Update
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated: BRRip
Update
Silent Night (2023) Sinhala Subtitle
Updated: BRRip
Update
Deewaanapan (2001) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 119
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Update
Justice League (2017) Sinhala Subtitle
Apr 24, 2026
Update
Aquaman (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Captain Marvel (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Alita: Battle Angel (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Asterix: The Secret of the Magic Potion (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Fifty Shades Freed (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Avengers: Infinity War (2018) Sinhala Subtitle
Apr 23, 2026
Update
Avengers: Endgame (2019) Sinhala Subtitle
Apr 23, 2026
Update
Cold Eyes (2013) Sinhala Subtitle
Apr 23, 2026
Update
War Machine (2026) Sinhala Subtitle
Apr 23, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved