Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. Captain Marvel (2019) Sinhala Subtitle

Captain Marvel (2019) Sinhala Subtitle

Captain Marvel (2019) Sinhala Subtitle
Watch Now
Sinhala Subtitles

Captain Marvel (2019) Sinhala Subtitle

HD
Captain Marvel (2019) Sinhala Subtitle
HD
HD Quality
Sinhala Sub
Close
March 29, 2019 Hasitha Prasad | Junior Admin
IMDB RATING 6.9
GENRES
ActionAdventureEnglish MoviesGenresMoviesSci-Fi
CAST

Brie Larson, Samuel L. Jackson, Ben Mendelsohn, Jude Law

 

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මාවල් රසිකයන් පුල පුලා බලා සිටි තවත් චිත්‍රපටයක සිංහල උපසිරැසිය. අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ මේ තමයි කැප්ටන් මාවල් සිනමා ආගමනය නොහොත් Captain Marvel (2019). මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ අපේ හෙඩ් ඇඩ්මින් දමිත් ප්‍රියංකර සහෝදරයට. එහෙනම් දැන් අපි යමු චිත්‍රපටයෙ ආගිය කතා පැත්තට..


තිරගතවීම ආරම්භවෙන්නත් කලින් රසිකයන් අතර දැඩි කැලඹීමක් ඇති කරන්න මේ චිත්‍රපටය සමත්වුණා කියල ඔබට මතක ඇති. ඒකට හේතුව වුණේ කැප්ටන් මාවල් චරිතයට පණපොවන බ්‍රී ලාසන් චිත්‍රපටයේ විචාර ගැන අහද්දි කියපු කතාවක් නිසා. ඇය කිව්වෙ ” අවුරුදු 40 සුදු ජාතික පිරිමි කියන දේවල් තමන්ට වැඩක් නෑ” කියලයි. බොහෝ පිරිසකට මේක පුරුෂ විරෝධී අදහස් දැක්වීමක් ලෙස පෙනීගිය නිසා , ප්‍රේක්ෂකයන් අතර ලොකු කතාවක් ගියා මේ චිත්‍රපටයට වර්ජනය කර මේ හා සමගාමීව තිරගතවූ Alita: Battle Angel(2019) චිත්‍රපටය නරඹන්නට. හරියට බැලුවොත් බ්‍රී ලාසන්ගෙ මේ කතාවට ප්‍රේක්ෂකයන් (ප්‍රේක්ෂිකාවන් නොවේ) බහුතරයකට කේන්තියාමේ යම් සාධාරණ පැත්තකුත් තියනවා, මාවල් සිනමා විශ්වය මේ තාක් දුරට ඔසවා තැබීමේ වැඩි ගෞරවය යන්න ඕනෙ ප්‍රේක්ෂක පාර්ශවයට නිසා. තත්වය එහෙම තියෙද්දි ඊලඟට නික් ෆියුරිට පණ පොවන සැමුවෙල් එල් ජැක්සන් වත්මන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව වහලුන්ගෙන් වැඩගන්නා ඉඩම් හිමියෙකුට සමාන කරමින් කල අදහස් පළකිරීමක් නිසා තත්වය තවත් නරක අතට හැරුණා. මෙතනින් ලොකුම ප්‍රශ්ණෙ වුණේ බ්‍රී ලාසන්ගෙ අදහස් දැක්වීම, ඊට හේතුව ඇය Avengers : End Game ඇතුළු ඉදිරි චිත්‍රපට හයක් සඳහා ඒ වනවිටත් ගිවිසුම් අත්සන් කර තිබීම සහ මේ කතාව නිසා මාවල් සිනමා විශ්වයේ ඉදිරි ගමන යම් අවිනිශ්චිත තත්වයකට ( ප්‍රධාන වශයෙන් ආදායම් අතින්) පත්වේද යන සැකය. කොහොමහරි චිත්‍රපටය තිරගත වෙලා අවසන් වුණාම තමයි තත්වය හරියටම බලන්න තියෙන්නෙ. විචාරයන් පවා බොහෝවිට ලියවෙලා තියෙන්නෙ චිත්‍රපටයට එරෙහිවයි ,එසේම සෘණාත්මක රේටින් ලබාදීම් පවා සිදුවෙලා තිබෙනවා චිත්‍රපටය තිරගතවන්නටත් ප්‍රථම. මේ නිසාම Rotten tomatoes අඩවිය තම අඩවිය වෙනස්කම්වලටද ලක්කලා, චිත්‍රපටයක් තිරගත වන්නට ප්‍රථම රේටින් සහ රිවීව්ස් පළකල නොහැකි ලෙස. හරි ඒ තමයි ආගිය කතා දැන් අපි යමු චිත්‍රපටය පැත්තට..

හරි, Avengers: Infinity War (2018) බලපු අය දැක්කනෙ තානෝස් ලෝක ජනගහණයෙන් හරි අඩක්ම තමන්ගෙ එක ස්නැප් එකකින් නැතිකරල දාපු ආකාරය.

ඒකෙම පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයෙදි ඔබ දැක්කා තානෝස්ගෙ ස්නැප් එකට ගොදුරුව අතුරුදන් වෙලා යන්න ටිකකට කලින් නික් ෆියුරි පේජර් එකකින් (මෙහි අතීත කතාවත් මෙම චිත්‍රපටයට ඇතුලත්) යමෙකුට පණිවිඩයක් යවනවා.

පේජර් පණිවිඩය යවමින් සිටියදී නික් ෆියුරි දුහුවිලිව යන අවස්ථාව

ඒ යවන්නෙ කාටද කියල සඳහන් නොවුණත්, අපි දැක්කා ඒකෙ දර්ශනය වුනේ කැප්ටන් මාවල් සලකුණ. වීඩියෝ එකම බලනවනම් මෙන්න ඒක

පේජරයේ සටහන්ව තිබූ කැප්ටන් මාවල් සලකුණ

ඒ යවන්නෙ අනිවාර්යයෙන්ම ඇයගෙ උදව් ඉල්ලල කියල පැහැදිලිනෙ. මාවල් ස්ටුඩියෝස්හි සභාපති කෙවින් ෆීජ් පවසන විදියට මාවල් සිනමා විශ්වයේ බලවත්ම චරිතය විදියට ගැනෙන කැරොල් ඩෙන්වර්ස් නොහොත් මේ කැප්ටන් මාවල් තමයි දැනට තානෝස් කල විනාශය ආපසු හැරවිය හැකි තරම් බලයක් ඇති එකම චරිතය. ඒ පණිවිඩය යැවුනෙ ඇයටයි..

නික් ෆියුරි පේජර් පණිවිඩය යවන්න කලින්ම තානෝස්ගෙ ස්නැප් එකට අහුවෙලා දූවිලි වෙලා ගියා අපි දැක්කට, අපි මෙච්චර කාලෙකට මේ කැරොල් ඩෙන්වර්ස් නොහොත් කැප්ටන් මාවල් කියන්නෙ කවුද, ඇය ඒතරම් බලවත් චරිතයක් වෙන්නෙ කොහොමද, නික් ෆියුරි ඇය හඳුනන්නෙ කොහොමද වගේ කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑනෙ. ඉතින් අන්න ඒ සියල්ල තමයි ප්‍රේක්ෂක ඔබට මේ Captain Marvel (2019) චිත්‍රපටයෙන් බලාගන්න තියෙන්නෙ. ඒ වගේම කියන්න ඕනෙ මෙහි කාලරාමුව 1990 දශකයේ මැද භාගය, ඒ කියන්නෙ Captain America: The First Avenger හැරුණවිට මාවල් සිනමා විශ්වයේ අන් සියලුම චිත්‍රපට වැටෙන්නෙ මීට පිටිපස්සට. ඒ නිසාම මේකෙදි අපි දකින්නෙ වඩා තරුණ නික් ෆියුරි කෙනෙක් වගේම සුපිරි වීරයන් ගැන දැනුමකුත් නෑ. 90 දශකයේ දිවෙන නිසාම ඒ සමයේ යම් යම් දේවල් චිත්‍රපටයට එම දශකයේ ගීත ඛණ්ඩත් ඇතුළුව. මේ එයින් කීපයක්ද ඇතුළු චිත්‍රපටය නැරඹීමේදිද වැදගත් වියහැකි කරුණු කීපයක්…

• බ්ලොක් බස්ටර් වීඩියෝ සෙන්ටර් ( Blockbuster Video )

90 දශකයේදී VHS පටවලින් ඇරඹී 2000 දශකයේ DVD ආගමනය දක්වා චිත්‍රපට ආදිය කුලියට ලබාදීමේ හිණිපෙත්තේ සිටි මේ වීඩියෝ මධ්‍යස්ථාන ජාලය කාලයාගේ ඈවැමෙන් සහ චිත්‍රපට නැරඹීමේ වඩා පහසු සහ නව තාක්ෂණයන් ඉදිරියේ හිස නමනවා. නමුත් චිත්‍රපටයේදී ඔබට දකින්න ලැබේවි එම කාලයේ ඔවුන් සිටි තත්වය (අපිත් හැඳුනුම්පත හෝ මුදල් ඇපයට තබා චිත්‍රපට නරඹපු අයනෙ ඉතිං, ඒකට අද )

• ALTAVISTA සෙවුම් යන්ත්‍රය

ගූගල් සමාගම අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර කලාව උඩු යටිකුරු කරන්නට පෙර අන්තර්ජාල පරිශීලකයන්ට සේවය සැලසූ මේ සේවය පසුව Yahoo සමාගම විසින් මිලට ගන්නවා (ඔව්, ඔව්, Google සුළු මුදලකට මිලදීගන්නට තිබූ අවස්ථාවට පයින් ගැසූ Yahooම තමයි)

• The Avengers: Kree–Skrull War ( 1971 ජූනි- 1972 මාර්තු)

මෙහි කතාව පාදක වෙන්නෙ රෝයි තෝමස් විසින් රචිත “Kree–Skrull War” ඇසුරින්. එහි ආරම්භයේදීනම් හැබැයි කැරොල් ඩෙන්වර්ස්ට තිබෙන්නේ සුළු චරිතයක්. ඒ වනවිට ඇයට සුපිරි බලයන් පවා ලැබී නෑ.

• අධ්‍යක්ෂණය
මේ චිත්‍රපටයේදී තමයි රූසෝ සහෝදරයන්ට පසුව තවත් අධ්‍යක්ෂ දෙපළක් දෙවන වරට මාවල් සිනමා විශ්වයට දායක වෙන්නෙ ඒ ඇනා බෝඩන් සහ සහය අධ්‍යක්ෂ රයන් ෆ්ලෙක් . ඇනා බෝඩන් තමයි මාවල් සිනමා විශ්වයේ ප්‍රථම කාන්තා අධ්‍යක්ෂවරිය.

• ස්ටෑන් ලී සුළු චරිත රංගනය
සුපුරුදු පරිදි මේ චිත්‍රපටයටත් ඔහුගේ සුළු චරිත රංගනයක් ඇතුලත් වගේම ඔහුට ගරු කරමින්ම චිත්‍රපටය අරඹන්නත් මාවල් ස්ටුඩියෝස් කටයුතු කරල තියනව. චිත්‍රපටයෙදි ඔබට  දකින්න ලැබෙන්නෙ ස්ටෑන් ලී පොතක් කියවමින් ඉන්නව, ඇත්තටම ඒ පොතක් නෙමෙයි Mallrats (1995) චිත්‍රපටයේ පිටපත.ස්ටෑන් ලී ඒකෙත් ඉන්නවා මෙන්න මේ විදියට.

• රොනෑන් සහ ඇකියුසර් බළකාය

මම කිව්ව මතකනෙ මේකෙ කාලරාමුව 1990 දශකයේ මැද භාගය කියල. ඒ නිසාම Guardians of galaxy (2014) චිත්‍රපටයේදී මියයන රොනෑන්, මේ චිත්‍රපටයෙ කාලය තුල ජීවත්ව ඉන්නවා. ස්ටාලෝඩ් ඇතුළු පිරිස ඔහුව විනාශ කල අවස්ථාව.

එහෙනම් මීට වඩා මෙතන කියල නරඹන ඔබේ රසවින්දනයට බාධා කරන්න මගෙ අදහසක් නෑ.  Imdb අගය 7.2ක් ලබාගෙන, Rotten Tomatoes වෙතින් 78%ක අගයක්ද ලබාගෙන බ්‍රී ලාසන්, සැමුවෙල් එල් ජැක්සන්, බෙන් මෙන්ඩල්සන්, ජූඩ් ලෝ, ඇනට් බෙනින්, ලෂානා ලින්ච්, ක්ලාක් ග්‍රෙග්, ජෙමා චෑන්, ඩ්ජෙමන් හොන්සෝ, ලී පේස්, අකිරා අක්බර් ඇතුළු පිරිසකගේ රංගන දායකත්වයෙන් හැඩවන මේ චිත්‍රපටය නරඹන්නට ප්‍රේක්ෂක ඔබට ඉඩලබාදෙමින් මම නවතින්නම්. හමුවෙමු MULE (2018) චිත්‍රපටයේ උපසිරැසියත් සමගින්..

සියලු තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි 

BLURAY පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇති අතර කැමරා පිටපතට නිකුත්කල මුල් උපසිරැසියේ තිබූ පරිවර්තන දෝෂ කිහිපයක්ද නිවැරදි කර ඇත. එසේම WEB-DL පිටපත් ඇති අයගේ පහසුව තකා WEB-DL සඳහා සකස්කල උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

විශේෂ :-
මේ වසරේ පෙබරවාරි මාසයේදී තමයි මෙම චිත්‍රපටයේ නිල වෙබ් අඩවිය එලිදැක්වුණේ. නිර්මාණකරුවන් එය 1990 දශකයේ වෙබ් අඩවියක් ලෙස තමයි සකසා තිබෙන්නේ. ගොඩවෙලා බලන්න මේ එම අඩවිය.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.

Captain Marvel (2019) Sinhala Subtitle + Video

480p 480p 696.87 MB
Download
534p 534p 591.69 MB
Download
Captain Marvel (2019) Sinhala Subtitle 35622 Downloads
උපසිරැසිය සහ වීඩියෝව බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
35622 වාරයක්
Download Links
720P
DIR
1080P
DIR
DIR
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
3D bluray 1.99 GB
GET
720p bluray 1.04 GB
GET
1080p bluray 1.99 GB
GET
720p web 1.03 GB
GET
1080p web 1.98 GB
GET
2160p web 5.52 GB
GET
Discussion (65)
← Older
Newer →
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 73
    2019-04-01

    Request :
    At War (2018)
    Welcome to Marwen (2018)
    And Breathe Normally (2018)
    Werk ohne Autor AKA Never Look Away (2018)
    Mirage (2018)
    A Vigilante (2018)
    The Highwaymen (2019)

    Reply
  • chaminda kumara User
    Android 6 UC Browser 12.9
    2019-04-01

    NIce movie

    Reply
  • upul Unregistered
    Windows 7 Chrome 73
    2019-04-02

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්..

    Reply
  • Dasun Sandeepa Unregistered
    Android 8 Chrome 72
    2019-04-02

    Meke HD kopiya kawadda dannae nae enne??

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-02

      ඩිජිටල් රිලීස් ඩේට් එකක් තාම හරියට කියල නැති නිසා දවසක් හරියටම කියන්න අමාරුයි, දසුන්. කොරියන් HC-HDrip එකක් තමයි ඊලඟට එන්න තියෙන්නෙ. ආව ගමන් අප්ඩේට් එකක් දෙන්නම්.

  • percy Unregistered
    Android 5.1 UC Browser 12.9
    2019-04-02

    Captain Marvel down wanna damma. Ikmanata hdts dunna eke hondai. Web & br Eddi parakui etakan Inna be. Thx bro ikmanata sinhala sub dunnata

    Five feet apart 2019
    Meke camera copy eke awith. Meketha sub dennako pls bro ane pls dennako
    Web enakan Inna epa, hdcam 1xbet 900mb 720p meketama Denna passe update Denna
    Meke Cole Sprouse innawa (riverdale jughead)bro pls ikmanta cam ekatama sinhala sub Denna. Mama eka down Kara ,audio video quality superb

    Reply
  • Vishwa Sandaru User
    Android 5.1 UC Browser 12.9
    2019-04-02

    Captain Marvel down wanna damma. Ikmanata hdts dunna eke hondai. Web & br Eddi parakui etakan Inna be. Thx bro ikmanata sinhala sub dunnata

    Five feet apart 2019
    Meke camera copy eke awith. Meketha sub dennako pls bro ane pls dennako
    Web enakan Inna epa, hdcam 1xbet 900mb 720p meketama Denna passe update Denna
    Meke Cole Sprouse innawa (riverdale jughead)bro pls ikmanta cam ekatama sinhala sub Denna. Mama eka down Kara ,audio video quality superb
    Plzzzzzzzzzzz

    Reply
  • Luzifar47 Unregistered
    Android 8 Chrome 73
    2019-04-03

    Subz eke Mail eka wda krnne nane bn

    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 8.1 Chrome 70
      2019-04-03

      admin@subz.lk වැඩ කරනවා

  • Gayan Chandana Junior Admin
    Windows 7 Firefox 66
    2019-04-04

    supiri….jaya wewa

    Reply
  • mayura Unregistered
    Windows 7 Maxthon 5.2
    2019-04-05

    upa siresiyata sthuthi sho namuth mewage cem rip walata sub epa.

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-05

      බොහොම ස්තූතියි, මයුර. කැම්රිප් සාමාන්‍යයෙන් මාත් බලන්නෑ. ඉල්ලීමක් නිසයි කලේ. ඔයා නොදන්නව ඇති කියලයි කියන්නෙ මෙහෙම සබ් හදල තියාගත්තම අපිට පොඩි පහසුවකුත් තියනවා, පස්සෙ කරන්න තියෙන්නෙ අප්ඩේ්‍ට් කරන්න විතරක් හින්ද. ඒ වගේම ඔයා මම නොබැලුවට කැම්රිප් බලන පිරිසකුත් ඉන්නවනෙ හදිස්සියට. මම මුලින් කිව්ව හේතු දෙකට නිසයි උපසිරැසිය කලේ. බලන නොබලන එක තම තමන්ට අයිති දෙයක් 🙂 ඒකෙ මට කිසිම අදාලත්වයක් නෑ. ඇඩ්මින්ල හෝ බෑ කියන්නම බැරි කෙනෙක් ඉල්ලුවොත් මම කැම්රිප්වලට සබ් කරනවා ඉදිරියටත්, බලන හෝ නොබල එක ඔබේ රාජකාරියක්. ( ඒ හදිසියට බලන අයත් (මේ මමත්) අනිවාර්යයෙන්ම හොඳ පිටපතක් ආවම බලනවා, සමහර අය HC-HDrip එක ආවමත් බලල, ආයිත් WEB-DL හෝ BLURAY ආවමත් බලනවා.)

    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-05

      PS :- WEB හෝ BLURAY එනකං චිත්‍රපට නරඹන්නෙ නැති අය නොමග යනවට තමයි ලිපියෙ
      ඉහලින් පැහැදිලිව සඳහන් කරල තියෙන්නෙ ” කැමරා පිටපතක්” කියල . ඔබ “කැමරා” කියල දැකපු ගමන් හැරිල ගිහින්, මේ දාපු කමෙන්ට් එක හොඳ පිටපතක් ඇවිල්ල අප්ඩේට් දුන්න දවසක දැම්මනම් අපි දෙන්නටම ලේසියි සහ හිතට සතුටක්, නේද?

  • Rajitha Unregistered
    Android 9 Chrome 72
    2019-04-08

    #Web dl enna කොච්චර kal yaida?

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-08

      මම හිතන්නෑ, රාජිත, ලඟකදිනං එයි කියල. ඉන්ටනෙට් එකේ තියන විදියට ජූනි මාසෙ වගේ තමයිලු එනවා ඇත්තෙ ( How to train your dragon 3 වගේ කලින්ම Internal Source එකකින් ලීක් වුණොත් ඇරෙන්න ඉතිං ජූනි වෙනකං ඉන්න වෙනවා.)

    • Rajitha Unregistered
      Android 9 Chrome 72
      2019-04-09

      එහෙමද el el, hdts wage koi kale wage eida kiynna be neda

    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-09

      මේ සබ් දීල තියෙන්නෙ HDTS එකකට තමයි, රාජිත. HDTS කියන්නෙ HD කැමරා ටෙලි සින්ක් කියන එක. ටෙලි සින්ක් එකේ වෙනස සවුන්ඩ් රෙකෝඩ් කරන්නෙ සිනමා ශාලාවල නරඹන්නන්ට ලබාදී ඇති හෙඩ්ෆෝන් ජැක් එක හරහා වීම. ඒ කියන්නෙ සවුන්ඩ් පැහැදිලියි සාමාන්‍ය කැමරා පිටපතකට (HDCAM) වඩා.

      මම හිතන්නෙ ඔයා අහන්නෙ කොරියන් HC-HDRIP ගැන වෙන්න ඕනෙ. ඒකනං කොහොමත් WEB-DL වලට කලින් එනවා. හරියටම දවසක් කියන්න අමාරුයි.

  • Viraj Unregistered
    Windows 10 Chrome 73
    2019-04-17

    Thnks machan…

    Reply
  • Sasa Unregistered
    Android 9 Chrome 73
    2019-04-17

    Thanks for the sub

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 520
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved