Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: Crime

  හොඳයි එහෙම නම් අදට මාස 3කට කලින් විතර 100 වෙනි උපසිරැසි නිර්මාණය ඔයාලා වෙතට අරන් ආව මට අද 150 වෙනි උපසිරැසි නිර්මාණය අරන් එන්න පුලුවන්කම ලැබුණා. ඉතින් කලින් කඩයිමේදී මන් ගැනත්, මේ සයිට් එකෙන් දැන හඳුනගත්තු අය ගැනත් මන් කිව්ව නිසා ආයේත් ඒකම කියන්න මගේ කිසි බලාපොරොත්තුවක් නෑ. නමුත් ඉතින් අමතක නොකරන්න බැරි චරිතයක් ඉන්නවා. ඒ ඉතින් දමිත් සහෝ. සෑහෙන්න කට්ටක් කනවා මේ සයිට් එක මේ විදියට පවත්ත ගන්න. ඒවගේමයි මන් ඇතුළුව අනෙකුත් සෙසු උපසිරැසි කරුවන්ගේ දායකත්වයෙනුත් යහතින් සයිට් එක පැවැත්වීගෙන යනවා. ඒවගේමයි ඉදිරියේදීත් සයිට් එකේ වෙනස්කම් වෙනවා කියලයි දමිත් සහෝගෙන් දැනගන්න ලැබුණේ. බොහෝ දුරට උපසිරැසිකරුවන්ට හොඳ කාලයක් උදා …

ඉතිරිය කියවන්න »

ඉතින් ජැකී චෑන් රසිකයන් වෙනුවෙන්, ඔහුගේ තවත් පැරණි සුපිරි චිත්‍රපටයක් අරගෙන තමයි මෙවර Subz.lk එකට ගොඩ වැදුනේ. ඒ තමයි, නැගෙනහිර ආසියාවේ ජය කෙහෙලි නංවා සිටි ජැකී, ඇමරිකන් සිනමා වෙළඳ පොලට කඩා වැදීමේ ඔහුගේ පළමු උත්සාහය හැටියට සටහන් වෙන Big Brawl ( චීන ) හෙවත් Battle Creek Brawl. මෙය හොංකොං සහ ඇමරිකානු සම නිෂ්පාදනයක්. 1980 සැප්තැම්බර් 10 ඇමෙරිකාවේත්, 1980 ඔක්තෝබර් 16 හොංකොංහීදිත්, මුලින්ම තිරගත වුනා. බෘස්ලීගේ “එන්ටර් ද ඩ්‍රැගන්” අධ්‍යක්ෂනය කල Robert Clouse තමයි මේ ෆිල්ම් එකත් අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ. බෙදාහරින්නන් ලෙස හොංකොං වෙනුවෙන් ගෝල්ඩන් හාවෙස්ට් සමාගමද, ඇමරිකාව වෙනුවෙන් වෝනර් බ්‍රදර්ස් සමාගමද කටයුතු කර ඇත. චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ 1930 වසරේ චිකාගෝව …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මම කල්පනා කලා වෙනසකටත් එක්ක 2019 වසරේ නිකුත්වූ ආජන්ටිනා චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එන්න (ඇත්තටම මේක මම අඩක් නිමකරල පැත්තකට කරල තිබුණ එකක්) . මේ තමයි Heroic Losers(2019) චිත්‍රපටය. මෙහි ස්පාඤ්ඤ භාෂා නාමය වන්නේ La odisea de los giles වන අතර, වීරවෘතාන්ත, හාස්‍යමය, අපරාධමය යන තුන් වර්ගයට අයත් වන මෙය Sebastián Borensztein ගේ අධ්‍යක්ෂණයක්. මේ වනවිට Imdb අඩවියෙන් 7.3 අගයක්ද Rotten Tomatoes වෙතින් 100%ක අගයක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 94%ක්ද දිනා ඇති මෙය අපූරු චිත්‍රපටයක් වන්නේ අවසානය මැද භාගය වනවිට සිතාගන්නට හැකි නමුත් සියුම් හාස්‍ය රසය මෙන්ම ත්‍රාසයද කැටිකරගෙන අවසානය තෙක්ම ප්‍රේක්ෂකයා තමන් වෙත ඇඳ බැඳ …

ඉතිරිය කියවන්න »

                       2020 ඔක්තෝබර් 23 දින එක්සත් රාජධානියේ මුලින්ම තිරගත කිරීම ඇරැඹි තවත් අපූරු සිනමා සිත්තමක් තමයි Pixie. මේක Comedy, Crime, Thriller වර්ගවලට අයිතියි. සුන්දර අයර්ලන්තය පසුබිම් කරගෙන තමයි කතාව ගලාගෙන යන්නෙ. රූපගත කරලා තියෙන්නෙත් අයර්ලන්තයේම තමයි. මැර පවුලක සාමාජිකාවක් වන පික්සි, ඒ ජරාජීර්ණ ජීවිතයෙන් ඈත්වෙලා අලුතෙන් ජීවිතය පටන්ගන්න කරන අරගලයක් තමයි තේමාව. ඩොලර් 479,31 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත් චිත්‍රපටයක්. Rotten Tomatoes අගයත් 93% දක්වා කරකවන්න සමත් වෙලා තියෙනවා. ධාවන කාලය විනාඩි 93 යි. Cast Olivia Cooke … පික්සි Fra Fee … ෆර්ගස් Rory Fleck Byrne … කොලින් Alec Baldwin …

ඉතිරිය කියවන්න »

EP : 12 සැලැස්මනම් සුපිරි.. [18 +] සුභ දවසක් මේ ඇරගෙන එන්නෙ බාස්කර් ශෙට්ටිගෙ මුම්බායි වික්‍රමයෙ අවසාන කොටස.. බාස්කර් හිරේට යවන්න සැලැස්ම හැදුවෙ කවුද.. රාමාගෙ පුතා බාස්කර් ගැන දැනගෙන පලිගන්න එන්නෙ ඇයි.. වයිශ්නාවිත් ඇත්තටම වෛශ්‍යාවක්ද.. හැම දේකටම උත්තර ගොඩක් දුරට මේ කොටසින් හම්බවෙයි.. මොන දේකින් ගැලවුනත් හෘද ශාක්ෂියෙන් ගැලවෙන්න ලැබෙයිද.. තවත් උපසිරසියකින් හමුවෙමු.. එතෙක් ඔබට ජය.. Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Mihira Madushanka කල උපසිරැසි නිර්මාණයකි

ඉතිරිය කියවන්න »

EP : 11 විශේෂ රාජකාරියෙ ඉන්න සෙබලා.. [18 +] සුභ දවසක් මේ ඇරගෙන එන්නෙ එකලොස් වෙනි කොටස.. බාස්කර්ගෙ ඉස්සරහ ලමයි පිරුන බස් එකක් පුපුරනව ඒක කරන්නෙ පුජාරි ඒක හින්ද පුජාරිව මරන්න ප්ලෑන් කරනව. කරේකර් බාස්කර්ව මාරුකරන්න හිටියට කරේකර්ටම තමයි මාරුවීම හම්බෙන්නෙ.. අවසන් කොටසින් හමුවෙමු! ඔබට ජය! Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Mihira Madushanka කල උපසිරැසි නිර්මාණයකි

ඉතිරිය කියවන්න »

                              Subz.lk සමග අත්වැල් බැඳගෙන සිටින ජැකී චෑන් රසිකයන් වෙනුවෙන් මේ පාර අරගෙන ජැකීගේ අමුතුම ආරක සිනමා පටයක්. Fast & Furious චිත්‍රපට පෙළ කවුරුත් දන්නවනෙ. මේක ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකේ පරණ වර්ෂන් එකක් කිව්වොත් වැරදි නෑ. ඒවල තියෙන අති ධාවනකාරී අත්දැකීම මේකෙත් නොඅඩුව තියෙනවා. ඒ අති ධාවනකාරී බවට ජැකීගේ සටන් හැකියාවත් එකතුවුනොත් කොහොමට හිටීවිද? එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ෆිලුමක් තමයි 1995 අගෝස්තු 05 හොංකොංහීදී තිරගත කිරීම ආරම්භ කල THUNDERBOLT. රේසින් කාර් ධාවකයෙක් සම්බන්ධ කතාවක් තමයි තියෙන්නෙ. ඒ වුනාට ජැකීගෙ සටන් වල අඩුවක් නෑ. මේකෙ ක්‍රියාදාම …

ඉතිරිය කියවන්න »

කලින් කොටසේ කතාවේ ආරම්භය දකින්න ඇතිනේ. ටිකක් මන් කලින් උපසිරැසි අරන් ආව Defending Jacob වගේ කියලත් ඔයාලට හිතෙන්න ඇති. බයික් එකක් පැදන් එන රොකෝ බැක්ස්ටර් ඇඩම්ගේ කාර් එකේ හැප්පෙනවා. එතනම පණ ඇඳ ඇඳ ඉන්න රොකෝව දාලා ඇඩම් මාරු වෙනවා බයටම. ඇවිල්ලා තාත්තව විස්තරේ කියනවා. තාත්තා කවුද කියලා දැක්කනේ. ඩෙෂියාටෝ විනිසුරුතුමා. ඉතින් පොලිසියට භාර වෙන්න කියලා යනකොට තමා දකින්නේ තමන්ගේ පුතා අතින් මැරුනේ නිකන්ම නිකන් කොල්ලෙක් නෙමේ ජිමී බැක්ස්ටර් එහෙම නැත්නම් මුළු නගරයම රන් කරන් ඉන්න ඩයල් එකෙක්ගේ පුතෙක් කියන එක. ඔක්කොම දමලා ගහලා ඩෙෂියාටෝ ඇවිත් පුතාව බේරගන්නම් කියලා පුළු පුළුවන් විදියට සාක්ෂි මකනවා. ඉතින් අද කතාවේදී ඩෙෂියාටෝ සාක්ෂි පටලවන්න කියලා …

ඉතිරිය කියවන්න »

EP : 10 හීන හැබෑවෙන්නෙ නැහැ.. [18 +] සුභ දවසක් මේ ඇරගෙන එන්නෙ දසවෙනි කොටස.. ATS එකයි ඇමතිලයි වයිශ්නාවි මොනා කරයිද කියල කලබල වෙනව. රාමාගෙ මලගෙදරට බාස්කර් වගේම වයිශ්නාවිත් යනව. කරේකර් බාස්කර්ට කෙලවන්න විදිහක් සැලසුම් කරමින් ඉන්නව. තවත් කොටසකින් හමුවෙමු! ඔබට ජය! Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Mihira Madushanka කල උපසිරැසි නිර්මාණයකි

ඉතිරිය කියවන්න »

                      ජැකී චෑන් විසින්ම ලියා, අධ්‍යයක්ෂනය කර, රඟපෑ තවත් සුපිරිම චිත්‍රපටයක් තමයි Project A II. මුලින්ම තිරගත වුනේ 1987 අගෝස්තු 19 හොංකොංවලදි. මේක 1983 තිරගත වූ ජැකී චෑන්ගේම පට්ටම ෆිල්ම් එකක් වුනු Project A චිත්‍රපටයේ දෙවන කොටස. ඒක බලලා නැත්නම් සිංහල උපසිරැසිත් එක්ක මෙතනින් අරන් බලන්න පුලුවන්. සුපිරිම භාණ්ඩයක්. මුල් ෆිල්ම් එකේ හිටපු Sammo Hung සහ Yuen Biao මේ ෆිල්ම් එකේ නෑ. ඒකට හේතුව වෙලා තියෙන්නෙ ඒ දෙන්නා ඒ වනවිට Eastern Condors (1987) චිත්‍රපටයේ රූපගත කිරීම් වල නිරතව සිටීමයි. හොංකොං බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් ඇ.ඩො. 4,034,357 ක ආදායමක් උපයාගත් …

ඉතිරිය කියවන්න »

Up Dates

Achievements

Last Month Top 10

ads

ads