Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • CANTONESE Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy Young Sheldon (2017) [S01 : E15] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E14] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E13] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E12] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E11] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E10] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E09] Sinhala Subtitle Action Spectral (2016) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E08] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E07] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E15] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E14] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E13] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E12] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E11] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E10] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E09] Sinhala Subtitle Action Spectral (2016) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E08] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E07] Sinhala Subtitle
  1. Movies
  2. Drama
  3. Chappaquiddick (2017) Sinhala Subtitle

Chappaquiddick (2017) Sinhala Subtitle

July 09, 2018 Hasitha Prasad | Junior Admin
IMDB RATING 6.8
GENRES
DramaEnglish MoviesGenresHistoryMoviesThriller
CAST

Jason Clarke, Ed Helms, Jim Gaffigan, Kate Mara

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ තවත් හොලිවුඩ් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. ඇමරිකානු ඉතිහාසයේ ආන්දෝලනාත්මක සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වී පසුගිය වසරේ තිරගත වූ මෙය නමින් Chappaquiddick (චැපක්විඩික් සිදුවීම) . ඇත්තටම මේ චැපක්විඩික් කියන්නෙ මාර්තාස් විනියාඩ් නම් දූපතක අනු දූපතක්. මෙන්න මේ  සිතියම  බැලුවහම යම් වැටහීමක් ගන්න පුළුවන් ඕගොල්ලන්ට.

මේ චිත්‍රපටයට පාදක වුණ සිදුවීම සිදුවන්නේ චැපක්විඩික් දූපතේ නිසයි මෙයට චැපක්විඩික් සිදුවීම කියල කියන්නෙ. හරි දැන් අපි දූපත ගැන යම් වැටහීමක් ලබාගත්තනෙ, දැන් අපි බලමු මේ සිදුවීමට පාදක වෙන ප්‍රධාන චරිතය.

කෙනඩි පවුල කිව්වහම ලෝකයේ නොදන්නා කෙනෙක් නෑනෙ. ලෝක ඉතිහාසයේ ඉතාම අවාසනාවන්ත දේශපාලන පවුල කිව්වත් මම හිතන්නෙ වරදක් නෑ. සමහරු විශ්වාස කරන්නෙ කෙනඩි පවුල පසුපස යම් ශාපයක් වගේ දෙයක් තියන බවයි. ඉතිහාසය බැලුවහම ඒ මතයේ ඇති වරදක් කියන්නත් බෑ හැබැයි. ඒ අවාසනාවන් පිළිවෙලින් මෙහෙමයි. ගොඩක් අය මේවා ගැන දන්නවා ඇති නොදන්න අයගේ දැනුම පිණිසයි මේ ලියන්නෙ. කොහොමත් මෙයින් සමහර විස්තර ඕනවෙනවා චිත්‍රපටය හරියට තේරුම්ගන්න. කෙනඩි පවුලෙ එක යුගයක් අත්ඇරල මම මේ චිත්‍රපටයට අදාල වෙන යුගය විතරක් ගන්නම්.

ජෝෂප් පී ‘ජෝ’ කෙනඩි,ජ්‍යේෂ්ඨ සහ රෝස් එලිසබෙත් ෆිට්ස්ජෙරල්ඩ්ට දාව උපන් දරුවන් ගණන නමයක් ඒ…..
ජෝෂප් පැට්‍රික් කෙනඩි කණිෂ්ඨ, ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් ‘ජැක්’ කෙනඩි, රෝස්මරී කෙනඩි, කැතලීන් ඇග්නස් කෙනඩි, ඉයුනිස් මේරි කෙනඩි,පැට්‍රීෂියා හෙලන් කෙනඩි,රොබට් ෆ්‍රැන්සිස් ‘බොබී’ කෙනඩි, ජීන් ඈන් කෙනඩි, එඩ්වර්ඩ් මූර් ‘ටෙඩ්’ කෙනඩි.

ඔවුන්ගෙන් කීප දෙනෙකුට සිදුවූ අවාසනාවන්ත ඛේදවාචකයන් පිළිවෙලින් මෙහෙමයි…

*ජෝෂප් පැට්‍රික් කෙනඩි,කණිෂ්ඨ
1915 වසරේ උපත ලැබූ මොහු දෙවන ලෝක යුධ සමයේ ලුතිනන්වරයෙකු ලෙස සේවය කල අයෙක්. ඔහු මියයන්නේ සටනක් අතරතුර තම ගුවන්යානය පුපුරායාමෙන්. එවිට ඔහුගේ වයස අවුරුදු 29ක්.

* ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් ‘ජැක්’ කෙනඩි ( ජෝන් F කෙනඩි)
මේ තමයි මෙතනින් විවාදාත්මකම මරණය. ඇමරිකා එක්සත් ජනපදයේ 35 වන ජනාධිපතිවරයාවූද, සඳ ගමනට මුල පිරූ තැනැත්තා වූද ඔහු තම බිරිඳ වූ ජැකලීන් ලී බොවියර් ( ජැකී කෙනඩි ) සමග නිල රථයෙන් ගමන්කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය යනවා. ඒ ලී හාවි ඔස්වල්ඩ් නම් තැනැත්තෙකු අතින් .කෙසේ හෝ ඊට දින දෙකකට පසු නඩු විභාගය අතරතුර ඔහුවත් මරාදැමෙනවා ජැක් රූබි නම් තැනැත්තෙකු අතින්. මෙයට ඇමරිකානු CIA ආයතනය වක්‍රව සම්බන්ධ බවටත් යම් මතයක් තිබෙනවා.
මේ තමයි ජනපති කෙනඩි ඝාතනය වූ අවස්ථාව https://youtu.be/iU83R7rpXQY

* රෝස්මරී කෙනඩි
ඇය ඉගෙනීමේ නොහැකියාවක් සහිත ( Intelectually disabled) සහිත තැනැත්තියක් ලෙසයි සැලකුනේ, ඇයගේ මේ මානසික ප්‍රශ්ණ කෙනඩි පවුලට අවනම්බුවක් වේයැයි කල්පනා කල ඇයගේ පියා ජෝෂප් පී කෙනඩි,ජ්‍යේෂ්ඨ, ඇයව හොර රහසේ මොළය ආශ්‍රිත වෛද්‍ය ප්‍රතිකාරවලට භාජනය කරනවා. නමුත් සුව වනවා වෙනුවට  මේ ප්‍රතිකාර, කතාකිරීමේ සහ ඇවිදිමේ හැකියාවද ඇයට සදහටම අහිමිකරනවා. 2005 වසරේ මියයන තෙක්ම ඇයට ජීවත්වන්නට සිදුවන්නේ රෝහල් ඇඳක.

*කැත්ලීන් ඇග්නස් කෙනඩි ( කික් කෙනඩි)
ඇය මියයන්නේ ප්‍රංශයේදී සිදුවූ ගුවන් අනතුරකින්.

*රොබට් ෆ්‍රැන්සිස් ‘බොබී’ කෙනඩි ( රොබට් F කෙනඩි)
1961 වසරේ සිට 64 දක්වා ඇමරිකාවේ 64වන නීතිපතිවරයා ලෙස සේවය කර 1965 සිට 1968 වසරේදී ඝාතනයට ලක් වන තෙක්ම එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කලේය. ඔහු ඝාතනයට ලක්වන්නේ පලස්තීන ජාතික
සිර්හාන් බිෂාරා සිර්හාන් නම් අයෙකු අතින්.

* එඩ්වර්ඩ් මූර් ‘ටෙඩ්’ කෙනඩි ( එඩ්වඩ් කෙනඩි නොහොත් ටෙඩ් කෙනඩි)
මේ තමයි මේ චිත්‍රපටයේ කථානායකයා. ඔහු ඛේදවාචක දෙකකටම ගොදුරුවුණ අයෙක්. මුල් එක ගුවන් අනතුරක්. එයින් ඔහුගේ සහායකයෙකුත් යානයේ නියමුවාත් මියයන නමුත්, දැඩි තුවාල ලබා එඩ්වඩ් කෙනඩි දිවි ගලවා ගන්නවා.දෙවන ඛේදවාචකය චිත්‍රපටය තුලින් බලාගන්න පුළුවන් නිසා මම එය සඳහන් නොකර ඉන්නම්.

මේ ලැයිස්තුවට මින් පසු පරම්පරාවල තවත් කිහිප දෙනෙක්ද ඇතුලත්. අන්තර්ජාලයේ Kennedy curse ලෙස සොයාබැලීමක් කලොත් ගොඩක් විස්තර හොයාගන්න පුළුවන්. හරි දැන් අපි යමු චිත්‍රපටය පැත්තට.

ටයිලර් ඇලන් සහ ඇන්ඩෲ ලෝගන් යන දෙදෙනාගේ රචනයෙන් ජෝන් කරන් ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මානය වෙන මේ චැපක්විඩික් චිත්‍රපටය අයත් වන්නේ නාට්‍යමය ,ඉතිහාස, ත්‍රාසජනක නම් වර්ගීකරණයට. මේ වනවිට මෙය ලබා ඇති Imdb අගය 6.7ක් වන අතර Rotten tomatos වෙතින් 80%ක දැවැන්ත අගයක්ද හිමිකරගෙන සිටිනවා. රංගනයෙන් දායක වෙන්නෙ ජේසන් ක්ලාක් (ටෙඩ් කෙනඩි), එඩ් හෙල්ම්ස් ( ජෝෂප් ගාගන්), ජින් ගැෆිගන් (මාකම්), කේට් මාරා ( මේරි ජෝ කොපෙක්නි), බ්‍රූස් ඩර්න් ( ජෝෂප් කෙනඩි), ජෝන් ෆිඕරේ ( පොලිස් ප්‍රධානී ඇරීනා) වගේ නළු නිළි පිරිසක්. එහෙනම් ඉතින් කතාව ගැන දැන් ඕගොල්ලන්ට දල අදහසක් ඇති නිසා, මම කතාව ගැන කියන්න යන්නෙ නෑ, ඒක නරඹන ඔබටම බාර කරමින් මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

විශේෂ :-
* ටෙඩ් කෙනඩි මෝටර්රථයෙන් පිටතට පැමිණියේ කෙසේදැයි ඔහුවත් එම විමර්ශණය කල නිලධාරීන්වත් කිසිදු පැහැදිළි කිරීමක් කර නැත.

*ටෙඩ් කෙනඩිගේ චරිතය නිරූපණය කරන ජේසන් ක්ලාක් උපත ලබා ඇත්තෙ චැපක්විඩික් සිදුවීමට දිනකට පෙර, එනම් 1969 වසරේ ජූලි මස 17වන දිනය.

Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2909 වාරයක්
Available Torrents
720p bluray 900.56 MB
GET
1080p bluray 1.7 GB
GET
Discussion (21)
  • ushan Unregistered
    Windows 7 UC Browser 7
    2018-07-10

    fatta niyamai

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 54
      2018-07-10

      බොහොම ස්තූතියි,උෂාන් 🙂

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57
    2018-07-10

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 54
      2018-07-10

      බොහොම ස්තූතියි, Kantha 🙂

  • Mithun Unregistered
    Android 8 Chrome 67
    2018-07-10

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ.. කොහෙන් ෆිල්ම් ඩව්න්ලෝර් කරත් ,කොහෙන් සබ් ගත්තත් , ඔයාගෙන් ගන්න එව නම් වෙනස්ම ෆිල්ම් ටිකක් තමා හම්බවෙන්නෙ.තැන්ක්ස් . Sabz.lk වලටත් ස්තුතිය ජය”””!

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 54
      2018-07-10

      බොහොමත්ම ස්තූතියි, මිතුන් 🙂

  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Chrome 65
    2018-07-10

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට 😍💛✌️

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 54
      2018-07-10

      බොහොම ස්තූතියි, සුමින්ද මල්ලි. ඔන්න ඔයා ඉල්ලපු Gringo එකටත් සබ් දුන්න මං.

  • Madusha Unregistered
    Windows 10 Opera 53
    2018-07-11

    බොහොම ස්තූතියි සහෝජය වේවා!

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 54
      2018-07-15

      බොහොමත්ම ස්තූතියි,මධූෂ 🙂

  • Mithun Unregistered
    Android 8 Chrome 67
    2018-07-11

    Blockers 2018. Imdb 6.4Rotten tomatoes 🍅 83.මෙකටත් සබ් කරන්නකො සහෝ…තව මෙක කවුරුත් දිල නැ… John cena ඉන්නව හොද විනොදාස්වා මුවි එකක් වගේ

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 54
      2018-07-15

      මාත් බලල නෑ මිතුන් ඒක, මම බලන්නම්කො. බොහොම ස්තූතියි තොරතුරට සහ ප්‍රතිචාරයට 🙂

    • Mithun Unregistered
      Android 8 Chrome 67
      2018-07-17

      සබ් එකක් නම් හම්බවුනා..

  • THE NEW FOLDER Unregistered
    Windows 7 Firefox 62
    2018-07-11

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 54
      2018-07-15

      බොහොම ස්තූතියි,මිත්‍රයා 🙂

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 60
    2018-07-13

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 54
      2018-07-15

      බොහොම ස්තූතියි, සජිත් 🙂

    • Udaya Kumara Unregistered
      Windows 10 Chrome 67
      2018-08-09

      sinhala sub aka thanks machan. well done bro

  • CrZy Shan User
    Windows 7 Chrome 68
    2018-09-07

    Ela saho thanks

    Reply
  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 7.4
    2018-11-28

    ගොඩක් ස්තුතියි..දැන් නම් සවසකට එක පිලුමක් වත් බලන්න ඇබ්බැහි වෙලා.නිතරම FB එකේ උඩ පහළ යනවට වඩා පිලුමක් බලලා ආතල් එකේ ඉන්න එක වටිනවා. ඒ ඉතින් සිංහල උපසිරැසි වලට පින්සිද්ධ වෙන්න තමයි.දිගටම උපසිරැසි දෙන්න. ජයවේවා..!තෙරුවන් සරණයි…!

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 56
      2018-11-28

      ඒක ඇත්ත, හිරාන්. FB කියන්නෙ නිකං කාලය කෑමක් විතරයි. මමනං අතෑරල දාල දැන් ගොඩක් කල්. ෆිල්ම් එකක් බැලුවාම අඩුගාණෙ වචනයක් හරි ඔළුවට වැටෙනවා. Fb ඇවිද්දාම නිකං ඔළුව නරක් වෙන එක විතරයි වෙන්නෙ.

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 233
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved