Clash (2016) Sinhala Subtitle
Nelly Karim, Hani Adel, El Sebaii Mohamed, Ahmed Abdelhamid Hefny
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ අපේ අපේ සුමින්ද සහෝදරය තෝරල දුන්න තවත් චිත්රපටයකට. මේ චිත්රපටයත් ඇතුළුව ඉතාම වටින චිත්රපට ලැයිස්තුවක් තෝරල දුන්නට සුමින්ද සහෝදරයට බොහොමත්ම ස්තූතියි.
ගැටුම්…ලෝකයේ නිතරම ගැටුම් ඇතිවෙනවනෙ. ඒක හැම ජීවියෙක්ටම පොදුයි. හැබැයි මනසින් අන් සියලු ජීවීන්ට වඩා දියුණුයැයි කියවෙන මනුෂ්යයන් අතර තරම් ගැටුම් නැතුව ඇති වෙන කිසිම ජීවි විශේෂයක් අතර. අපි විවිධ හේතු මුල්කරගෙන ගැටුම් ඇති කරගන්නවා, සමහරවිට ඒව සාධාරණ හේතු මත ඇතිවෙන ඒව, සමහරවිට කිසිසේත්ම තේරුමක් නැති හේතු මත. ආගම්, ජාති, කුල-මල, පක්ෂ-පාට වගේ නොයෙක් විකාර හේතු ප්රධානයි ඒ අතරින්.මේ ගැටුම් දුරදිග ගියාම අපි මනුෂ්යයන් බවත් අපිටම අමතක වෙනවා බොහෝවිට. ඒ කරුණු එහෙම වෙන අතරෙ, සමහරවෙලාවට ජීවිතය අපිට අපි මනුෂ්යයන් බව මතක් කරනවා හිතාගන්නවත් බැරි තැන්වලදි. ඊජිප්තුවේ අඳුරු කාලසමයක් වටා ගෙතුණ මේ Clash(2016) චිත්රපටයත් ඒ වගේ කතාවක් තියන එකක්. මතකද සුමින්ද සහෝදරයගෙම ඉල්ලීමක් මත මම ඔයගොල්ලන්ට ගෙනාව The Nile Hliton Inciedent (2017) චිත්රපටය. ඒ චිත්රපටයේ තිබෙන කාලසමයෙන් පසු එලඹෙන කාලසමය තමයි මේ චිත්රපටයට ඇතුලත් වෙන්නෙ. මම ඒ චිත්රපටයට ලියපු ලිපියෙන්ම කොටසක් උපුටාගන්නම් මේ විදියට…
” මතක ඇතිනෙ ඒ කාලයේ අරාබි රටවල් පුරා පැතිර ගිය අරාබි වසන්තය. දූෂිත පාලනයන් නිසා දිගුකාලයක් පුරා ඊජිප්තුවද ඇතුළු යම්රටවල තිබූ පොලිස් අමානුෂිකකම්, රාජ්ය දූෂණය ,විරැකියාව, අධික උද්ධමනය ආදි පීඩාවන්, 2010 වසරේ දෙසැම්බර් 17වන දින ටියුනීසියාවේ පළතුරු වෙළෙන්දෙක් රජයේ ගොඩනැගිල්ලක් ඉදිරිපිට ගිනිතබා ගැනීමත් සමගින් පුපුරාගොස් ඊට එරෙහි දැවැන්ත උද්ඝෝෂණ සහ ගැටුම් රැල්ලක් ඒ ඒ රටවල් පුරා පැතිර ගියා. මේවා යම් රටවල සාමකාමී උද්ඝෝෂණවලට සීමාවුවත් ,තවත් සමහර රටවල පාලකයන් වෙනස් කිරීමට පවා සමත්වුණ එකක් වුණා. එයින් එක් රටක් තමයි ඊජිප්තුව, මේ කාලය වෙනකොට එහි ජනපති පදවිය දරන්නේ 1981 වසරේදී බලයට පත්වූ හොස්නි මුබාරක් ජනපතිවරයා . තම රට පුරාද පැතිර යන මේ උද්ඝෝෂණයන් වලට ඔහු ප්රතිචාර දැක්වුවේ දරුණු විදියට. කොහොමවුණත් 2011 ජනවාරි 25වන දින ඊජිප්තුවේ අගනුවරවන කයිරෝහි තාහීර් චතුරස්රය අභියසදී ඇතිවන දැවැන්ත ගැටුමකුත් සමගින් අවසන් වන මේ ඊජිප්තු විප්ලවය 2011 පෙබරවාරි 11වන දින අවසන් වන්නේ හොස්නි මුබාරක්ව ජනපති පදවියෙන් පහ කරමිනුයි.”
හොස්නි මුබාරක් ජනපතිවරයා බලයෙන් පහ කල පසු ටික කාලයක් ඊජිප්තුව පාලනය කෙරෙන්නෙ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කවුන්සලයක් මගින්. ඉන්පසු පැවැත්වෙන ජනමත විචාරණ රැසකින් මුස්ලිම් සහෝදරත්ව එකමුතුව ( Muslim Brotherhood) නම් පක්ෂයක් බලයට පත්වෙනවා. ජනපති ලෙස පත්වන්නේ එම පක්ෂයේ මොහොමඩ් මෝසි නම් අයෙක්. ඒ 2012 වසරේ ජූනි මසදී.ඔහුත් ඔහුගේ පක්ෂයත් දැඩි ඉස්ලාම් මතධාරියි. දැඩි ඉස්ලාම් ව්යවස්ථාවක් සම්මත කරගනිමින් ඊජිප්තු ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් බලයක් ජනපති පදවියට එකතු කරගන්න උත්සාහ කල මොහොමඩ් මෝසි ජනපතිවරයාට ඊජිප්තු වැසියන්ගෙන් ඉල්ලවෙන්නෙ දැඩි විරෝධයක්. අවසානයේදී 2013 වසරේ ජූලි මස 3වන දින හමුදා මැදිහත්වීමකින් ඔහුව බලයෙන් පහ කරනවා. මේ සිද්ධියෙන් මුස්ලිම් සහෝදරත්ව පක්ෂ (MB)හිතවාදින් සහ හමුදා හිතවාදීන් අතර රටපුරා උද්ඝෝෂණ පවත්වන අතර එහිදී ප්රචණ්ඩකාරී ගැටුම්ද ඇතිවෙනවා.. එහෙමයි පසුබිම් කතාව .දැන් චිත්රපටය පැත්තට යමු අපි..
මේ වගේ එක් දිනයක උද්ඝෝෂණයකදි මේ දෙපාර්ශවයට අයත් සහ එසේ නොවෙන විවිධ සමාජ ස්තරවල කීපදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. ඒ ඔවුන් සියලු දෙනාම මුස්ලිම් සහෝදරත්ව පක්ෂ හිතවාදීන් කියලයි පොලිසිය චෝදනා කරන්නේ. බන්ධනාගාරයක් වෙත යැවීම සඳහා මේ සියලු දෙනාම පොලිස් ට්රක් රථයකට දානව.. මොකක් වෙයි කියලද හිතන්නේ?
Mohamed Diab ගේ අධ්යක්ෂණයෙන් Nelly Karim (නග්වා),Hani Adel (ඇඩම්),
El Sebaii Mohamed (සේන්), Ahmed Abdelhamid Hefny (අවාඩ්) වගේ නළුනිළියන්
රැසකගේ රංගනයෙන් හැඩවූ Imdb වෙතින් 7.7කද Rotten Tomatos වෙතින් 93% ක අති විශාල අගයක්ද ලබා සම්මාන 18කට නිර්දේශ වී එයින් 11ක්ම දිනාගන්නත් සමත්වුණ මෙය ජනප්රිය හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස්ගේ පෞද්ගලික අගය කිරීමට පවා ලක්වුණ චිත්රපටයක්. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්.
බොහොම ස්තූතියි සහෝ මගේ List එකෙ තිබුණු තවත් ෆිලුමකට උපසිරැසි දුන්නට..???අනිත් ඒවටත් ඉක්මනටම දෙමු..?ඔබට ජය සහො..??
බොහොම ස්තූතියි සුමින්ද ඒ ලිස්ට් එක තෝරල දුන්නට ??
Thanks bro……jayawewa……!
Thanks mewage supiri nirmana idiriyatath denna..
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.. ?බලන ටයිප් ෆිල්ම් එකක් වගේ,, ගන්නම ඔනේ..මෙක ගන්න කලින් The Man from Earth Holocene 2017 එ ෆිල්ම් දෙක බලලාඉන්න ඔනේ, එකෙ පලවෙනි එකට කමෙන්ට්කලත් එක බලන එක මිස් උනා .බොහොම ස්තුතියි සහෝ සබ් වලට
ආ ඔව්, ඒ දෙක බලල ඉන්න. බලන්න වටින ෆිල්ම් දෙකක්, බොහොම ස්තූතියි ප්රතිචාරයට 🙂
බොහොම ස්තුතියි සහෝ
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
Ela ela Supiri bn Me Math Filme ekaka sub Damma eth eka post wela nane
බොහොම ස්තූතියි, නුවන් 🙂 * සබ් එකක් යැව්වොත් අපේ ඇඩ්මින්ල අනිවාර්යයෙන්ම ඒක පළ කරනව. පොඩ්ඩක් මේල් එකක් දාල බලන්න ආයිත්.
ලිපිනම් වෙනද වගෙම නියමෙ ලියල තියනව.අපි ගැටුම් අැතිකර ගන්ත එව අතර වරදවා වටහ ගැනිමුත් ප්රධානයි sir නොලන්ගෙ ඩන්කිර් film එකෙ වගෙ ගිස්බන්ට මිනිවලලන්නැ(ප්රංශ ජාතිකයො)කියල බැන්නට පටන් ගන්නකොටම අපි දැක්ක මොකද උනෙකියල(මම හිතන්නෙ වදරවා වටහ ගැනිම වගෙම,අැත්තටම මිනි වලලන් නැති එක අවුල් එත් වැරද්දක් පෙන්නුවොත් එක වැරදි කියල දැනුනෙත් මිනිස්සු එ වැරද්ද හදාගන්නව කියන එක නොලන් ස පෙන්නන්න හදන් ඇත්තෙ,මිනිස්සු කරන්නෙ කිපදෙනෙක් කරන වැරැද්දට මුලු ප්රංශයටම බනිනව)ඔයා කිවුව වගෙ ගොඩාක් ගැටුම් ඇති වෙන්නෙ විකර හෙතුනිසා
ඇත්ත, වරදවා වටහාගැනීම තමයි හරිනං ඒ ලැයිස්තුවෙ පළවෙනියට එන්න ඕනෙ එක. මට ඒක මිස් වෙලා. ඔයා කිව්වමයි මට ඒක මතක් වුණේ. බොහොම ස්තූතියි, මිත්රයා 🙂
The Nile Hliton Inciedent (2017) බලන්න බැරිඋනා ස්තුති සබ් එකට සහො
බලන්නකො ඒකත්. මේ චිත්රපටයට පෙර කාලසමය තමයි ඔය චිත්රපටයෙ තියෙන්නෙ.
tnx film ekata
me wage thada film walata sub denawata thanks machooooo………………..??
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!