Coco (2017) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදනම් අරගෙන එන්නෙ වෙනද ගේන ඒවට ටිකක් වෙනස් චිත්‍රපටයක් , මොකද මේක ඇනිමේෂන් චිත්‍රපටයක්. දන්නවනෙ මම සාමාන්‍යයෙන් ඇනිමේෂන් ඒවට උපසිරැසි කරන්න ටිකක්විතර කම්මැලියි. ඒ වුණත් මේක බැලුවම උපසිරැසි නොකර ඉන්න බැරිවුණා. දැන් ටික දවසක ඉඳල ටිකින් ටික ඉවර කරල කොහොමහරි ඉවරකරගත්ත. ඇනිමේෂන් චිත්‍රපටයක් කිව්වට මේක එසේමෙසේ එකක් නෙමෙයි. මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම චලනචිත්ර - සජීවීකරණ සම්මානයද ඇතුළුව 52ක්ද ඔස්කා සම්මාන දෙකක් ඇතුළුව තවත් සම්මාන 46කටද නිර්දේශ වී ඒකෙනුත් නොනැවතී Imdb හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 39වන ස්ථානයත් තමන් සතු කරගන්නට සමත් වුණ Coco (2017) චිත්‍රපටය තමයි මේ. හැමදාමත් සුන්දර ඇනිමේෂන් නිර්මාණ ලෝකයට තිලිණ කරන ඩිස්නි පික්සාර් වෙතින් නිමවුණ මේ චිත්‍රපටයට Imdb අඩවියෙන් ලැබී ඇති අගය 8.7ක්, Rotten Tomatos ලගෙන් ලැබී ඇති අගය 97%ක්.. ඊට වඩා කියන්න දෙයක් නෑනේ හිතාගන්න පුළුවන්නෙ චිත්‍රපටයෙ තරම. Lee Unkrich ,Jason Katz ,Matthew Aldrich,Adrian Molina යන අයගේ රචනයෙන්ද, Lee Unkrich, Adrian Molina දෙදෙනාගේම අධ්‍යක්ෂණයෙන් හැඩවුණ මේ චිත්‍රපටයට හඬ දායකත්වය Anthony Gonzalez (මිගෙල්), Gael García Bernal (හෙක්ටර්), Benjamin Bratt ( අර්නස්ටෝ ඩි ලා කෲස්) ,Alanna Ubach ( ඉමෙල්ඩත්තම්ම),Renee Victor ( අත්තම්මා) ඇතුළු පිරිසකගේ දායකත්වයෙන්. මෙතනින් Benjamin Bratt නම් හොලිවුඩ් රසිකයන්ට පුරුදු චරිතයක්නෙ.ඇත්තටම මේ චිත්‍රපටයේ එක් ගීතයකුත් ඔහුගේමයි. Gael García Bernal හොඳින්ම මතක ඇති The Motorcycle Diaries (2004) ,The Crime of Father Amaro (2002) වගේ චිත්‍රපට නරඹපු අයට. මේ වගේ දක්ෂයන් රැසකගේ දක්ෂකම්වලින් වගේම ගීත රැසකිනුත් වර්ණවත් වුණ මේ චිත්‍රපටය කුඩා දරුවන්ගේ ආදරය දිනාගන්නවාට කිසිම සැකයක් නෑ. ඇත්තටම මේක මෙක්සිකෝව වටා ගෙතුණ කතාවක්, ඒ නිසාම ස්පාඤ්ඤ වචනත් යම් තරමකින් ඇතුලත් . ඒ වගේම මෙක්සිකානු සංස්කෘතියේ විශේෂ චාරිත්‍රයකුත් චිත්‍රපටය තුල තියනවා. චිත්‍රපටයේ කතාව මෙන්න මෙහෙමයි..... මෙක්සිකෝවෙ ශාන්ත සිසිලියා ගමේ ඉන්න පොඩිත්තෙක් තමයි මිගෙල්. මිගෙල්ට වගේම ශාන්ත සිසිලියාවල හැමෝටම ඉන්නවා එක් වීරයෙක් ඒ තමයි අර්නස්ටෝ ඩි ලා කෲස්. සංගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ඔහු තමයි දන්න කියන කාලෙ ඉඳන්ම මිගෙල්ගෙ ලෝකෙ වීරයා...මිගෙල්ටත් ඕනෙ දවසක ඔහු වගේ දක්ෂ සංගීතඥයෙක් වෙන්න.. හැබැයි ඒකට තියනව ලොකූ බාධාවක්... ඒක මැඩගෙන තමන්ගේ හීනය දිනාගන්න මිගෙල් ගන්න උත්සාහය තමයි චිත්‍රපටයේ ඇතුලත් වෙන්නේ... එහෙනම් මම ගියා මේ සුන්දර නිර්මාණය මහැරගන්න එපා .
IMDB
Year : 2017
Actors : Anthony Gonzalez, Gael García Bernal, Benjamin Bratt, Alanna Ubach
Aspiring musician Miguel, confronted with his family's ancestral ban on music, enters the Land of the Dead to find his great-great-grandfather, a legendary singer.
2021-11-04 11:38 am
- Download : 20351
- File Size : 41.359KB
- Sub Update :2020-10-09
Download Links:
Leave a Reply
Sub Updated List
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Windows 10Chrome 64
ela bro thanks.br avilla dendooo………
Windows XPFirefox 52
Bluray අප්ඩේට් කර ඇත.
Android 4.2Chrome 34
ගොඩාක් ස්තුති සහො blu ray එක එනකම්ම හිටිය බොහොම අමාරැවෙන්.උපසිරසත් කරල හොද පිටපත් එනකොට අප්ඩෙඩ් කරන්න මහන්සි වෙනවට(අපිවෙනුවෙන්නෙ?) නැවත් ස්තුති
Windows XPFirefox 52
ඒවනං මොනවද, මිත්‍රයා 😉
Windows 8.1Firefox 58
sub ekata thanks saho.. jaya wewa!!
Android 7Chrome 64
බොහොම ස්තුතියි සහෝදරය
Windows XPFirefox 52
බොහොම ස්තූතියි, මිතුන් 😉
Windows 7Chrome 63
Thank you Hasitha…
Windows 10Chrome 64
Pahaharaaaaaaaaaaaaaaaaaa
Android 5UC Browser 11.5
Supiriii,sub ekata thank you?????
Windows 7Chrome 64
අති විශිෂ්ටයි …..මම දැන් තම ෆිල්ම් එක බලලා ඉවර කරේ …මාර විදියට රස වින්දා ෆිල්ම් එක ..නියමයි ……..
Windows XPFirefox 52
ඇත්තමයි, දමිත්.. කාලෙකින් බලපු හොඳ ඇනිමේෂන් ෆිල්ම් එකක්. බලපු ගමන්ම සබ් කරන්න ආස හිතුණ.ඔස්කා ඇවෝඩ් දෙකකට නොමිනේට්. එකක් හරි ලැබෙයි අනිවාර්යයෙන්ම.
Windows 7Firefox 58
patta broooooo
Windows 10Opera 51
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Windows 10Firefox 59
Thanks for the sinhala subtites brother….
Android 6UC Browser 12.5
Thz bro.. 😊