Coco (2017) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදනම් අරගෙන එන්නෙ වෙනද ගේන ඒවට ටිකක් වෙනස් චිත්‍රපටයක් , මොකද මේක ඇනිමේෂන් චිත්‍රපටයක්. දන්නවනෙ මම සාමාන්‍යයෙන් ඇනිමේෂන් ඒවට උපසිරැසි කරන්න ටිකක්විතර කම්මැලියි. ඒ වුණත් මේක බැලුවම උපසිරැසි නොකර ඉන්න බැරිවුණා. දැන් ටික දවසක ඉඳල ටිකින් ටික ඉවර කරල කොහොමහරි ඉවරකරගත්ත. ඇනිමේෂන් චිත්‍රපටයක් කිව්වට මේක එසේමෙසේ එකක් නෙමෙයි. මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම චලනචිත්‍ර – සජීවීකරණ සම්මානයද ඇතුළුව 52ක්ද ඔස්කා සම්මාන දෙකක් ඇතුළුව තවත් සම්මාන 46කටද නිර්දේශ වී ඒකෙනුත් නොනැවතී Imdb හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 39වන ස්ථානයත් තමන් සතු කරගන්නට සමත් වුණ Coco (2017) චිත්‍රපටය තමයි මේ.
හැමදාමත් සුන්දර ඇනිමේෂන් නිර්මාණ ලෝකයට තිලිණ කරන ඩිස්නි පික්සාර් වෙතින් නිමවුණ මේ චිත්‍රපටයට Imdb අඩවියෙන් ලැබී ඇති අගය 8.7ක්, Rotten Tomatos ලගෙන් ලැබී ඇති අගය 97%ක්.. ඊට වඩා කියන්න දෙයක් නෑනේ හිතාගන්න පුළුවන්නෙ චිත්‍රපටයෙ තරම. Lee Unkrich ,Jason Katz ,Matthew Aldrich,Adrian Molina යන අයගේ රචනයෙන්ද, Lee Unkrich, Adrian Molina දෙදෙනාගේම අධ්‍යක්ෂණයෙන් හැඩවුණ මේ චිත්‍රපටයට හඬ දායකත්වය Anthony Gonzalez (මිගෙල්), Gael García Bernal (හෙක්ටර්), Benjamin Bratt ( අර්නස්ටෝ ඩි ලා කෲස්) ,Alanna Ubach ( ඉමෙල්ඩත්තම්ම),Renee Victor ( අත්තම්මා) ඇතුළු පිරිසකගේ දායකත්වයෙන්. මෙතනින් Benjamin Bratt නම් හොලිවුඩ් රසිකයන්ට පුරුදු චරිතයක්නෙ.ඇත්තටම මේ චිත්‍රපටයේ එක් ගීතයකුත් ඔහුගේමයි. Gael García Bernal හොඳින්ම මතක ඇති The Motorcycle Diaries (2004) ,The Crime of Father Amaro (2002) වගේ චිත්‍රපට නරඹපු අයට. මේ වගේ දක්ෂයන් රැසකගේ දක්ෂකම්වලින් වගේම ගීත රැසකිනුත් වර්ණවත් වුණ මේ චිත්‍රපටය කුඩා දරුවන්ගේ ආදරය දිනාගන්නවාට කිසිම සැකයක් නෑ. ඇත්තටම මේක මෙක්සිකෝව වටා ගෙතුණ කතාවක්, ඒ නිසාම ස්පාඤ්ඤ වචනත් යම් තරමකින් ඇතුලත් . ඒ වගේම මෙක්සිකානු සංස්කෘතියේ විශේෂ චාරිත්‍රයකුත් චිත්‍රපටය තුල තියනවා.
චිත්‍රපටයේ කතාව මෙන්න මෙහෙමයි….. මෙක්සිකෝවෙ ශාන්ත සිසිලියා ගමේ
ඉන්න පොඩිත්තෙක් තමයි මිගෙල්. මිගෙල්ට වගේම ශාන්ත සිසිලියාවල හැමෝටම ඉන්නවා එක් වීරයෙක් ඒ තමයි අර්නස්ටෝ ඩි ලා කෲස්. සංගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ඔහු තමයි දන්න කියන කාලෙ ඉඳන්ම මිගෙල්ගෙ ලෝකෙ වීරයා…මිගෙල්ටත් ඕනෙ දවසක ඔහු වගේ දක්ෂ සංගීතඥයෙක් වෙන්න.. හැබැයි ඒකට තියනව ලොකූ බාධාවක්… ඒක මැඩගෙන තමන්ගේ හීනය දිනාගන්න මිගෙල් ගන්න උත්සාහය තමයි චිත්‍රපටයේ ඇතුලත් වෙන්නේ… එහෙනම් මම ගියා මේ සුන්දර නිර්මාණය මහැරගන්න එපා .
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..?හොද පිටපතක් ආ සැනින් අප්ඩේට් එක දෙමු..?ඔබට ජය..☺️
අනිවාර්යයෙන්ම අප්ඩේට් එකක් දෙන්නම්,සුමින්ද 🙂 බොහොම ස්තූතියි.
Thnx bro. Tad the lost explorer 2 ekata sub denn puluwanda
niyamayi …digatama me wage waata sub denna
brrip ekak awama update karrana
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Brotherhood.of.Blades.II.The.Infernal.Battlefield.2017
sub denna puluwanda..
Thanks ……………….good ………luck ………………….
Numb 2015,boogeyman ,the last exorcism 2010 movie valata sub denna.
මම හොද animation movie fan කෙනෙක් නිසා මේ කට සබ් “කොකො”කියල බල බල හිටියේ ??හැම ද ාමත් හොදම ෆිල්ම් එකක් ගෙන හසිත සහො එකට සබ්දිලා ඇත්තටම ස්තුති එකට සහො.ඇනිමිමෙෂන් ගැන කියනවනම් මට නම් හොදම dreamwork හරි disney හරි ඇනිමේ එකක් හොද එකක්ද කියල හොයාගන්න පොඩි ටිරික් එකක් තියනව එක තමා “පොඩි ළමයෙක්වටා එගොල්ලන්ට වෙන මොකක් හරි අලකලංචියක්වටා ගෙතෙන කතාවක් නම් අනිවා supiri movie එකක් ඔනතරම් උදාහරන තියනව එකට
ලගදිආපු boss baby,up,home,httyd,big hero six අැයි මේක coco(ඉතිං මේක එනවුන්ස් කරනකොටම මම දැනගත්ත හරි කියල???).ගොඩාාාාක් තැන්ක්ස් bro
big hero six ❤️❤️ ෆිල්ම් එකක්ම තමයි ඉතිං. තුන්පාරක් විතර බැලුව මං. මේකත් එසේම තමයි Imdb top 250වල 39. ඔස්කා 2කට නොමිනේටඩ්. බලපු සැනින් සබ් කරන්න ආසාවක් ආවා ( අනික ස්පැනිෂ් වචන 😉 තොගයක්). දැනට බලන්න, BR ආවම අප්ඩේට් එකක් දෙන්නම්. ප්‍රතිචාරයට ස්තූතියි, මිත්‍රයා 🙂
ඔයාට ඇත්තට විශේෂෙයෙන්ම ස්තුති මෙක කරන්න තොරගත්තට සහො.මෙවගෙ FILM එකකට blu ray එනකං හිටිය කෙනෙක්ද කොහෙද තමා කියල තියෙන්නෙ උනු හින්ද බොන්නත්බෑ කිරි හින්ද…..:-D:-D මටත් එකම තමා වෙලා තියෙන්නෙ
thanx bro. Update one. Hdrip web-dl
HDrip අප්ඩේට් කලා.
thanks bro
thanks bro
? awesome …………!!!!!!!!!!!!!!!!!
😉 බොහොම ස්තූතියි, දමිත්.