Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • Movies
  • English Movies
  • Cold Pursuit (2019) Sinhala Subtitle
Cold Pursuit (2019) Sinhala Subtitle
MOVIE

Hasitha Prasad 2019-05-02 / 10:28 PM

 

ආයුබෝවන් Subzlk රසිකයන් හැමදෙනෙක්ටම අදත්. අද මේ එන්නෙ නෝර්වීජියානු Kraftidioten (2014) චිත්‍රපටයේ හොලිවුඩ් ප්‍රතිනිර්මාණය වන Cold Pursuit (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔබවෙත අරගෙනයි. මම මෙහි නොර්වීජියානු මුල් නිර්මාණය නරඹා නැති නිසා සංසන්දනයක් කිරීමට නොහැකි වුණත්, මේ දෙකම බොහෝ සෙයින් එක සමාන බවයි නරඹපු අයගෙ මතය. මෙහි අධ්‍යක්ෂණයත් මුල් නෝර්වීජියානු චිත්‍රපටයේ අධ්‍යක්ෂ හාන්ස් පීටර් මොලන්ඩ්ගෙන්මයි. චිත්‍රපට හතරකින් සමන්විත අපරාධ ඝනයට අයත් ජනප්‍රිය Department Q ඩෙන්මාර්ක චිත්‍රපට මාලාවේ තෙවැන්න වන A Conspiracy if Faith(2016)හි අධ්‍යක්ෂවරයාත් ඔහුයි. එම චිත්‍රපට හතරේ උපසිරැසිත් අප අඩවිය මගින් ලබාදී තිබෙන නිසා එයත් ඔබට නරඹන්න පුළුවන් කැමති වෙලාවක. කොහොමහරි මේ Cold Pursuit චිත්‍රපටය ගොඩක් හොලිවුඩ් රසකයන් මගබලාගෙන සිටි එකක්, විශේෂයෙන්ම එයට හේතුව ජනප්‍රිය ක්‍රියාදාම නළු ලියෑම් නීසන් රංගනයෙන් දායක වන චිත්‍රපටයක් නිසාවෙන්. එසේම ඔහු පවසා තිබෙන ආකාරයට ඔහු මින් ඉදිරියට ක්‍රියාදාම චරිතවලට රංගනයෙන් දායක වෙන්නෙත් නෑ කියලයි ආරංචි වෙන්නෙ. ඒ අනුව මේ තමයි හොලිවුඩ් රසිකයන් ක්‍රියාදාම චරිතයකින් ලියෑම් නීසන්ව දකින අවසන් අවස්ථාව. එසේම නළු නිළියන්ගෙ මතභේදාත්මක අදහස් දැක්වීම්වලින් පිරුණ හොලිවුඩයේ නවතම සාමාජිකයා වෙන්නත් ලියෑම් නීසන් සමත් වුනා පසුගිය පෙබරවාරියේදී The Indipendent වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු හෙලිකල ඔහුගේ අතීත රහසක් හේතුවෙන්. ඒ  මීට වසර 40කට පෙරදී තම ලඟම හිතවතියක කළු ජාතිකයෙකු අතින් දූෂණයට ලක්වීමේ සිත්වේදනාවට ගිනි අවියක්ද රැගෙන අතට අසුවන කළු ජාතිකයෙකු මරාදැමීමට කළු ජාතිකයන් ගැවසෙන නගරවල හතර පස් වතාවක් තමන් සැරි සැරූ බව. මේ කතාව ජාතිවාදී එකක් ලෙස දැඩි විවේචනයට ලක්වුවත් ලියෑම් නීසන් පවසා තිබුණේ තමන් එවැන්නකු නොවෙන බවත් තමන් එය හෙලිකලේ යම් සිදුවීමකට පුද්ගලයෙකුගේ ස්වභාවය කොතරම් වෙනස්කලහැකිද යන්න පෙන්වීමට උදාහරණයක් ලෙස බවත්. ඊට අමතරව කියන්න ඕනෙ මේ චිත්‍රපටය ටිකක් ක්වෙන්ටින් ටැරන්ටිනෝ මාදිලියෙ චිත්‍රපටයක්, හැබැයි පොඩි වෙනසකට තියෙන්නෙ අපිට එක් එක් චරිත නිවැරදිව හඳුන්වා දෙන්නෙ ඔවුන්ගේ මරණයත් සමග වීම. හැබැයි කතාවෙ සෑහෙන හිස්තැන් ගොඩක් තිබෙන බවත් කියන්නම ඕනෙ, ඔබට නරඹද්දි ඒක වැටහෙයි. චිත්‍රපටය සම්බන්ධව මූලිකව කියන්න තියෙන්නෙ එච්චරයි. දැන් අපි බලමු රංගනයෙන් දායක වෙන පිරිස. ප්‍රධාන චරිතය වන නෙල්ස් කොක්ස්මන්ට පණ පොවන්නෙ ලියෑම් නීසන්. ඊට අමතරව ලෝරා ඩර්න් (ග්‍රේස් කොක්ස්මන්), මයිකල් රිචඩ්සන් (කයිල් කොක්ස්මන්), නිකලස් හෝම්ස් (රයන්), ටොම් බේට්මන් (ට්‍රෙවර් කැල්කෝට්), ඩොමෙනික් ලොම්බර්ඩෝසි (මස්ටෑන්ග්), වෙස්ලි මැකින්ස්(ඩාන්ටේ), මයිකල් එක්ලන්ඩ් (ස්පීඩෝ), එමී රොසම් (කිම් ඩෑෂ්), ටොම් ජැක්සන් (වයිට් බුල්) ඇතුළු පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නෙ. දැන් අපි යමු කතාව පැත්තට…

නෙල්ස් කොක්ස්මන් කියන්නෙ රොකී කඳුවැටිය ආසන්නයේ කීහෝ නම් නගරයක සිටින නිහඬව තම සේවය එම නගරයට සලසන පුද්ගලයෙක්. නිතරම හිමෙන් වැසීයන මේ නගරයේ මාර්ගවල හිම ඉවත්කිරීමේ කටයුතු බාර ඔහු තරුණ පුත්‍රයෙක් සිටින පියෙක්. හිම ක්‍රීඩාවලට ප්‍රසිද්ධ මේ නගරය සංචාරක ආකර්ශණයද නො අඩුව ලබාගත්තක් වුණත් නෙල්ස් ඔහුගේ පුත්‍රයා සහ බිරිඳ සමග ජීවත්වෙන්නෙ නගරයට ඈතින් පිහිටි නිස්කලංක නිවසක. රුදුරු හිමෙන් පීඩා විඳින මේ නගරය වෙනුවෙන් දිවා රෑ නොබලා නිහඬව තම සේවය ඉටු කරන නෙල්ස්ට ගරු කිරීමක් විදියට ඔහුට වසරේ නගරවැසියා සම්මානය පුදකරන්නට කීහෝ නගරසභාව තීරණය කරනවා. ඒත් එහි සතුටත් සමගම ඔහුගේ ජීවිතය උඩු යටිකුරු කරන්නට සමත් වෙනවා යම් සිදුවීමක්. එතනින් එහාට නරඹන ඔබට බාරයි.මම මෙතනින් නවතින්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු.

විශේෂ :-
ලබාදී ඇති උපසිරැසිය BLURAY සඳහා වන අතර ඊට දින කිහිපයකට පෙර නිකුත්වූ WEB-DL පිටපත් ඩවුන්ලෝඩ් කරගෙන සිටි අයගේ පහසුව තකා ඊට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත් කර ඇත. එම උපසිරැසි ඒ ඒ පිටපත්වලට නිවැරදිව ගැලපෙන අතර කරුණාකර තමන් සතු පිටපතට අදාල නිවැරදි උපසිරැසිය සමග නරඹන්න.

Information

Year : 2019


Genre : Action, Crime, Drama, Thriller

Actors : Liam Neeson, Laura Dern, Micheál Richardson, Michael Eklund

Writer : N/A

Director : Hans Petter Moland

Plot : A Grieving Snowplow Driver Seeks Out Revenge Against The Drug Dealers Who Killed His Son. Based On The 2014 Norwegian Film 'In Order Of Disappearance'.

Youtube Trailer
BRRip සඳහා වීඩියෝ පිටපත්

Torrent පිටපත (480P)

Torrent පිටපත (720P)

Torrent පිටපත (1080P)

සිංහල උපසිරැස Download කරගන්න 6668 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Hasitha Prasad
CO - Admin
6.5
68%
57%
  1. Thamod Godakanda Subtitler May 2, 2019 at 6:43 pm

    sub ekata thanks saho


    Reply
  2. Denuwan121 Verified Top User May 2, 2019 at 8:20 pm

    Thank you for subtitles


    Reply
  3. Harsha Unregistered User May 2, 2019 at 8:49 pm

    Thanks bro..


    Reply
  4. Mithun Unregistered User May 2, 2019 at 10:12 pm

    සබ් එක දිල නෙද එහෙනම් ..🙂
    ඩෙන්සිල් වොෂින්ටන් ඇරුනම
    තවත් ටිකක් අසවේන් මුවි එකක් එනකල් බලම් ඉන්න නලුවෙක් තම, ඔක්කොම මුවි සුපිරි මිනිහගෙ.
    දැන් නම් මිනිහට ක්‍රියාදාම වැඩි බැරි වෙන එකත් පුදුමයක් නොවෙ.. ඇක්ටින් නම් පට්ට කොහොම උනත්.
    ෆිල්ම් එක කලිම්ම බැව
    WEB-DL එකටත් සබ් එක දුන්නට බොහොම ස්තුතියි සහෝ….


    Reply
  5. කවින්ද Unregistered User May 3, 2019 at 1:34 am

    මචං endgame එකටත් ඉක්මනට ඕන ඉස්සලාම උබලගෙන් අනිත්වා වගෙත්


    Reply
  6. Sulakshana Unregistered User May 3, 2019 at 2:41 am

    web copiyata sub eka wedi wage deela. bohoma isthuthi kapaweemawat! obata jaya wewa.


    Reply
  7. Kantha_DLA Unregistered User May 3, 2019 at 11:11 am

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!


    Reply
  8. සඳකැලුම් Unregistered User May 3, 2019 at 3:54 pm

    සබ් එකට බොහොම ස්තුතී බන්……


    Reply
  9. Hasitha Prasad Co - admin May 4, 2019 at 12:03 am

    “Avengers: Endgame” Coming soon.


    Reply
  10. Hasitha Prasad Co - admin May 4, 2019 at 12:06 am

    @ මිතුන් :- කිව්වොත් දෙනවම තමයි ඉතිං . ලියෑම් නීසන් කොහොමත් දැන් ඇක්ෂන්වලට වයස වැඩියි. Taken වලින් පස්සෙ ආව ෆිල්ම් ගොඩක ඒ ගතිය පැහැදිලිව පේන්න තිබුණා.


    Reply
  11. Mithun Unregistered User May 4, 2019 at 3:59 pm

    මුවි එක බැලුව .අදහස කියන්න ඔන මිනිහගෙ අනිත් මුවි තරම් මෙක මට සෙට් උන් නෑ..
    ලියෑම් නීසන් ගෙ පිටපිට ආව Non-Stop
    2014 , Run All Night 2015, The Commuter
    2018.. අම්මො එව සුපිරි දෙතුන් පාර බලළා තියෙනවා .. එවත් එක්ක බලද්දී මෙක හොදටම මදි … මෙක නලුවගෙ අවුලක් නෙවෙ ෆිල්ම් directorගෙ අවුලක්. ..
    එ උනත් අපි බලනව ලියෑම් නීසන්නෙ……🤩
    ඇත්ත කතාව නම් මිනිහාත් දැම් වයසයි..😍
    තව මුවි ටිකක් ආවොත් හොදයි නවතින් නැතිව..
    උපසිරස වලට බොහොම ස්තුතියි සහෝ !!!!


    Reply
  12. Hasitha Prasad Co - admin May 5, 2019 at 12:55 am

    ඒකට ලොකු හේතුවක් තමයි, ඔය ස්පැනිෂ් වගේ චිත්‍රපටි තව නෝවීජියන්, ඩැනිෂ්, ස්විඩිෂ් වගේ යුරෝපියන් චිත්‍රපටි හොලිවුඩ්වලට හරියන්නෙ නෑ, ඒකම රීමේක් කලත් අර මුල් ඒවයෙ තියන ෆීල් එක දෙන්න බෑ හොලිවුඩ්වලට. ඔය රටවල ගොඩක් ෆිල්ම්වල හොලිවුඩ් රීමේක් මුල් නිර්මාණ තරම් සාර්ථක නැත්තෙ ඒකයි.


    Reply
  13. ṁẚħęṡƕ Unregistered User May 6, 2019 at 1:09 pm

    Sub එකට thanks🔥🔥🔥🔥 ✨️The balkan line 2019 එකට subtitles ඉක්මනට දෙන්න ✨️


    Reply
  14. Geethi Unregistered User May 8, 2019 at 8:30 pm

    උපසිරැසියට ස්තුතියි.
    “Among The Believers” ෆිල්ම් එකට උපසිරැසි දාන්නකෝ


    Reply
  15. Namal Ekanayake Unregistered User May 12, 2019 at 6:57 am

    Sub ekata thanq


    Reply
  16. Gayashan Rox Unregistered User May 20, 2019 at 11:37 am

    thanx mxhoo


    Reply
  17. Mithun Unregistered User May 23, 2019 at 5:14 pm

    Us 2019 හසිත සහෝ මුවි එක පොඩ්ඩක් බලන්නකො
    හොද එකක් වගේ නෙද….


    Reply
    • Mithun Unregistered User May 25, 2019 at 2:29 pm

      Sab thiyanawa .eka supiri movie ekak saho blannaa oyatt


    • Hasitha Prasad Co - admin May 25, 2019 at 10:16 pm

      දැනුම් දුන්නට බොහොම ස්තූතියි, මිතුන්. මම බලන්නම් අනිවාර්යයෙන්ම.


Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      Cold Pursuit (2019) Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK