Cold Pursuit (2019) Sinhala Subtitle
ආයුබෝවන් Subzlk රසිකයන් හැමදෙනෙක්ටම අදත්. අද මේ එන්නෙ නෝර්වීජියානු Kraftidioten (2014) චිත්‍රපටයේ හොලිවුඩ් ප්‍රතිනිර්මාණය වන Cold Pursuit (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔබවෙත අරගෙනයි. මම මෙහි නොර්වීජියානු මුල් නිර්මාණය නරඹා නැති නිසා සංසන්දනයක් කිරීමට නොහැකි වුණත්, මේ දෙකම බොහෝ සෙයින් එක සමාන බවයි නරඹපු අයගෙ මතය. මෙහි අධ්‍යක්ෂණයත් මුල් නෝර්වීජියානු චිත්‍රපටයේ අධ්‍යක්ෂ හාන්ස් පීටර් මොලන්ඩ්ගෙන්මයි. චිත්‍රපට හතරකින් සමන්විත අපරාධ ඝනයට අයත් ජනප්‍රිය Department Q ඩෙන්මාර්ක චිත්‍රපට මාලාවේ තෙවැන්න වන A Conspiracy if Faith(2016)හි අධ්‍යක්ෂවරයාත් ඔහුයි. එම චිත්‍රපට හතරේ උපසිරැසිත් අප අඩවිය මගින් ලබාදී තිබෙන නිසා එයත් ඔබට නරඹන්න පුළුවන් කැමති වෙලාවක. කොහොමහරි මේ Cold Pursuit චිත්‍රපටය ගොඩක් හොලිවුඩ් රසකයන් මගබලාගෙන සිටි එකක්, විශේෂයෙන්ම එයට හේතුව ජනප්‍රිය ක්‍රියාදාම නළු ලියෑම් නීසන් රංගනයෙන් දායක වන චිත්‍රපටයක් නිසාවෙන්. එසේම ඔහු පවසා තිබෙන ආකාරයට ඔහු මින් ඉදිරියට ක්‍රියාදාම චරිතවලට රංගනයෙන් දායක වෙන්නෙත් නෑ කියලයි ආරංචි වෙන්නෙ. ඒ අනුව මේ තමයි හොලිවුඩ් රසිකයන් ක්‍රියාදාම චරිතයකින් ලියෑම් නීසන්ව දකින අවසන් අවස්ථාව. එසේම නළු නිළියන්ගෙ මතභේදාත්මක අදහස් දැක්වීම්වලින් පිරුණ හොලිවුඩයේ නවතම සාමාජිකයා වෙන්නත් ලියෑම් නීසන් සමත් වුනා පසුගිය පෙබරවාරියේදී The Indipendent වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු හෙලිකල ඔහුගේ අතීත රහසක් හේතුවෙන්. ඒ මීට වසර 40කට පෙරදී තම ලඟම හිතවතියක කළු ජාතිකයෙකු අතින් දූෂණයට ලක්වීමේ සිත්වේදනාවට ගිනි අවියක්ද රැගෙන අතට අසුවන කළු ජාතිකයෙකු මරාදැමීමට කළු ජාතිකයන් ගැවසෙන නගරවල හතර පස් වතාවක් තමන් සැරි සැරූ බව. මේ කතාව ජාතිවාදී එකක් ලෙස දැඩි විවේචනයට ලක්වුවත් ලියෑම් නීසන් පවසා තිබුණේ තමන් එවැන්නකු නොවෙන බවත් තමන් එය හෙලිකලේ යම් සිදුවීමකට පුද්ගලයෙකුගේ ස්වභාවය කොතරම් වෙනස්කලහැකිද යන්න පෙන්වීමට උදාහරණයක් ලෙස බවත්. ඊට අමතරව කියන්න ඕනෙ මේ චිත්‍රපටය ටිකක් ක්වෙන්ටින් ටැරන්ටිනෝ මාදිලියෙ චිත්‍රපටයක්, හැබැයි පොඩි වෙනසකට තියෙන්නෙ අපිට එක් එක් චරිත නිවැරදිව හඳුන්වා දෙන්නෙ ඔවුන්ගේ මරණයත් සමග වීම. හැබැයි කතාවෙ සෑහෙන හිස්තැන් ගොඩක් තිබෙන බවත් කියන්නම ඕනෙ, ඔබට නරඹද්දි ඒක වැටහෙයි. චිත්‍රපටය සම්බන්ධව මූලිකව කියන්න තියෙන්නෙ එච්චරයි. දැන් අපි බලමු රංගනයෙන් දායක වෙන පිරිස. ප්‍රධාන චරිතය වන නෙල්ස් කොක්ස්මන්ට පණ පොවන්නෙ ලියෑම් නීසන්. ඊට අමතරව ලෝරා ඩර්න් (ග්‍රේස් කොක්ස්මන්), මයිකල් රිචඩ්සන් (කයිල් කොක්ස්මන්), නිකලස් හෝම්ස් (රයන්), ටොම් බේට්මන් (ට්‍රෙවර් කැල්කෝට්), ඩොමෙනික් ලොම්බර්ඩෝසි (මස්ටෑන්ග්), වෙස්ලි මැකින්ස්(ඩාන්ටේ), මයිකල් එක්ලන්ඩ් (ස්පීඩෝ), එමී රොසම් (කිම් ඩෑෂ්), ටොම් ජැක්සන් (වයිට් බුල්) ඇතුළු පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නෙ. දැන් අපි යමු කතාව පැත්තට…
නෙල්ස් කොක්ස්මන් කියන්නෙ රොකී කඳුවැටිය ආසන්නයේ කීහෝ නම් නගරයක සිටින නිහඬව තම සේවය එම නගරයට සලසන පුද්ගලයෙක්. නිතරම හිමෙන් වැසීයන මේ නගරයේ මාර්ගවල හිම ඉවත්කිරීමේ කටයුතු බාර ඔහු තරුණ පුත්‍රයෙක් සිටින පියෙක්. හිම ක්‍රීඩාවලට ප්‍රසිද්ධ මේ නගරය සංචාරක ආකර්ශණයද නො අඩුව ලබාගත්තක් වුණත් නෙල්ස් ඔහුගේ පුත්‍රයා සහ බිරිඳ සමග ජීවත්වෙන්නෙ නගරයට ඈතින් පිහිටි නිස්කලංක නිවසක. රුදුරු හිමෙන් පීඩා විඳින මේ නගරය වෙනුවෙන් දිවා රෑ නොබලා නිහඬව තම සේවය ඉටු කරන නෙල්ස්ට ගරු කිරීමක් විදියට ඔහුට වසරේ නගරවැසියා සම්මානය පුදකරන්නට කීහෝ නගරසභාව තීරණය කරනවා. ඒත් එහි සතුටත් සමගම ඔහුගේ ජීවිතය උඩු යටිකුරු කරන්නට සමත් වෙනවා යම් සිදුවීමක්. එතනින් එහාට නරඹන ඔබට බාරයි.මම මෙතනින් නවතින්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු.
විශේෂ :-
ලබාදී ඇති උපසිරැසිය BLURAY සඳහා වන අතර ඊට දින කිහිපයකට පෙර නිකුත්වූ WEB-DL පිටපත් ඩවුන්ලෝඩ් කරගෙන සිටි අයගේ පහසුව තකා ඊට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත් කර ඇත. එම උපසිරැසි ඒ ඒ පිටපත්වලට නිවැරදිව ගැලපෙන අතර කරුණාකර තමන් සතු පිටපතට අදාල නිවැරදි උපසිරැසිය සමග නරඹන්න.
sub ekata thanks saho
Thank you for subtitles
Thanks bro..
සබ් එක දිල නෙද එහෙනම් ..🙂
ඩෙන්සිල් වොෂින්ටන් ඇරුනම
තවත් ටිකක් අසවේන් මුවි එකක් එනකල් බලම් ඉන්න නලුවෙක් තම, ඔක්කොම මුවි සුපිරි මිනිහගෙ.
දැන් නම් මිනිහට ක්‍රියාදාම වැඩි බැරි වෙන එකත් පුදුමයක් නොවෙ.. ඇක්ටින් නම් පට්ට කොහොම උනත්.
ෆිල්ම් එක කලිම්ම බැව
WEB-DL එකටත් සබ් එක දුන්නට බොහොම ස්තුතියි සහෝ….
මචං endgame එකටත් ඉක්මනට ඕන ඉස්සලාම උබලගෙන් අනිත්වා වගෙත්
web copiyata sub eka wedi wage deela. bohoma isthuthi kapaweemawat! obata jaya wewa.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සබ් එකට බොහොම ස්තුතී බන්……
“Avengers: Endgame” Coming soon.
@ මිතුන් :- කිව්වොත් දෙනවම තමයි ඉතිං 😉 . ලියෑම් නීසන් කොහොමත් දැන් ඇක්ෂන්වලට වයස වැඩියි. Taken වලින් පස්සෙ ආව ෆිල්ම් ගොඩක ඒ ගතිය පැහැදිලිව පේන්න තිබුණා.
මුවි එක බැලුව .අදහස කියන්න ඔන මිනිහගෙ අනිත් මුවි තරම් මෙක මට සෙට් උන් නෑ..
ලියෑම් නීසන් ගෙ පිටපිට ආව Non-Stop
2014 , Run All Night 2015, The Commuter
2018.. අම්මො එව සුපිරි දෙතුන් පාර බලළා තියෙනවා .. එවත් එක්ක බලද්දී මෙක හොදටම මදි … මෙක නලුවගෙ අවුලක් නෙවෙ ෆිල්ම් directorගෙ අවුලක්. ..
එ උනත් අපි බලනව ලියෑම් නීසන්නෙ……🤩
ඇත්ත කතාව නම් මිනිහාත් දැම් වයසයි..😍
තව මුවි ටිකක් ආවොත් හොදයි නවතින් නැතිව..
උපසිරස වලට බොහොම ස්තුතියි සහෝ !!!!
ඒකට ලොකු හේතුවක් තමයි, ඔය ස්පැනිෂ් වගේ චිත්‍රපටි තව නෝවීජියන්, ඩැනිෂ්, ස්විඩිෂ් වගේ යුරෝපියන් චිත්‍රපටි හොලිවුඩ්වලට හරියන්නෙ නෑ, ඒකම රීමේක් කලත් අර මුල් ඒවයෙ තියන ෆීල් එක දෙන්න බෑ හොලිවුඩ්වලට. ඔය රටවල ගොඩක් ෆිල්ම්වල හොලිවුඩ් රීමේක් මුල් නිර්මාණ තරම් සාර්ථක නැත්තෙ ඒකයි.