Control (2004) Sinhala Subtitle
ආයුබෝවන් හැමෝටම සුබ දවසක්! මම අරගෙන ආවෙ අවුරුදු කීපයකට කලින් නිර්මාණය වූ සුපිරි චිත්‍රපටයක්.. මුලින්ම කියන්න ඕනෙ මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය ඉතිං වැරැද්දක් තිබුනොත් සමාවෙන්න ඕනෙ. 2004 දෙසැම්බර් මාසෙ තමයි මේක තිරගතවීම් ආරම්භ වෙලා තියෙන්නෙ මේ චිත්‍රපටය සම්මාන කීපයක් සඳහා නිර්දේශ වෙලා තියෙනව. ඩොලර් බිලියන 9.8 ආදායමක් ලබාගෙන තියෙනව. චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ Tim Hunter. ප්‍රධාන චරිත විදියට නම් වලින් කිවුවොත් හැමෝම අහල නැතිව ඇති ඒත් හැමෝම දැකල ඇති සුපිරි නලු,
1.Ray Liotta
2.Willem Dafoe
3.Michelle Rodriguez
කතාව පැත්තට හැරුනොත්, මනස පාලනය කරන්න පුලුවන් බෙහෙතක් තිබුනොත් කොහොමද? ඉතිං ඒ විදියෙ බෙහෙතක් මේකෙ ඉන්න කීපදෙනෙක් හොයාගන්නව. හොයාගත්තට මදි ඒක අත්හදා බලන්නත් ඕනෙනෙ, මේකට ඔවුන් හොයාගෙන යන්නෙ මිනීමැරුම් කීපයකට වරදකරු වෙලා මරණ දන්ඩනය හිමිවෙලා ඉදපු කෙනෙක්ව. ඇත්තම කිවුවොත් ඔවුන්ගෙ පරීක්ෂණය සාර්ථක වෙනව
මිනීමරුවෙක් ගෙ මනස පාලනය කරනව කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඔයාලට චිත්‍රපටය බලාගෙන යද්දි තේරෙයි. මේ බෙහෙතට මොනව වෙයිද මිනීමරු අදහස් වෙනස් වෙයිද?? ඉතිං ඔයාලට මම ආරාධනා කරනව චිත්‍රපටය නරඹන්න, අදහස් පහලින් කොටාගෙන යන්න.. තව එකක් කියන්න ඕනෙ පාට කීපයකින් උපසිරැසි හදල ඇති කැමති පාටක් දාගෙන බලන්න පුලුවන් එලනෙ??
එහෙනම් ගිහින් එන්නම්.. හැමෝටම සුබම සුබ දවසක්…
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ.දිගටම අපිත් එක්ක රැඳිලා ඉඳලා මේ වගේ කතා ලබාදෙන්න.
bohoma sthuuthi..
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
bohoma sthuthi.. esema wewa
පළමු උපසිරැසියට සුභ පැතුම්! දිගටම කරන් යමු.. මරු ෆිල්ම් එකක් වගේ…
bohoma sthuthi..