Cyborg X (2016) Sinhala Subtitle
eve mauro, danny trejo, rocky myers, adam johnson
ඉතින් කොහොමද ඔන්න අදත් සුපිරිම ෆිල්ම් එකක සබ් එකක් ගෙනාවා.2016 වර්ශයේ චිත්‍රපටියක්.සබ් එක ගැන කියනවනම් ඉතින් අනේ මන්දා..මම හිතුවේවත් නැති තරම් ලොකු කාලයක් ගියා මේක හදන්න.ඒ තරමටම වැඩ වැඩිවුනා. කොහොමහරි හරියට ඉවර කරගන්න පුලුවන් උනා.අපේ සමීර සහෝටත් කවීශ සහෝටත් ස්තූතිවන්ත වෙන්න තමයි මේ වැඩේ ඉවරකරගන්න පුලුවන් වුනේ.
ෆිල්ම් එක තමයි cyborg x.ඔයාලා අහලා තියෙනවනේ සයිබර් යුද්ධ, නැත්තම් සයිබර් අපරාධ වගේ දේවල්. මේකත් ඒවගේ තමයි. x corp කියලා රහසිගත ආයතනයක් තියෙනවා. ඒක රජයත් එක්ක එකතුවෙලා රහසිගත අවි නිශ්පාදනය කරනවා. ඒත් හිටපුගමන් හඳුනාගත නොහැකි ප්‍රහාරයක් මේ ආයතනයට එල්ලවෙනවා. එතනින් තමයි ෆිල්ම් එක පටන්ගන්නේ. ඒකෙන් මිනිස්සු ගොඩක් මිය යනවා. මේ ප්‍රහාරය ගැන හොයන්න විශේෂ කන්ඩායමක් යනවා. එතනදී එයාලට ජැක් කියලා කෙනෙක්ව හමුවෙනවා.ඊට පස්සේ තමයි මේ ප්‍රහාරේ අග-මුල හෙලිවෙන්නේ. එයාලට ඊටපස්සේ මූනදෙන්න වෙන්නේ අවාසනාවන්ත ඉරනමකට. ඉතින් එයාලට මොකක්වෙයිද, කන්ඩායමේ සාමාජිකයෝ ආරක්ශාවෙයිද, කෘතීම බුද්ධියත් එක්ක සටන්කරන්න එයාලට පුලුවන්වෙයිද? ඒක සිංහල උපසිරැසිත් එක්කම බලන්න.
මේ ෆිල්ම් එක අධ්‍යක්ශනය කරලා තියෙන්නේ k.king පිටපත් රචනයත් එයාමයි.Eve mauro, danny trejo , Rocky myers වගේ ශිල්පීන් රංගනයෙන් දායකවෙලා තියෙනවා. ඒවගේම IMDB 5.1/10 ලැබිලා තියෙනවා.ධාවන කාලය පැය 1 යි මිනිත්තු 30යි.එහෙනම් හරිනේ තවත් සුපිරිම ෆිල්ම් එකකින් හම්බවෙමු.
මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න..හොඳේ…!!!
Spoiler Warning : After a weapons manufacturer is taken over by a cyber virus, a group of survivors must fight to save humanity from an army of machines…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
elama saho thanks
බොහොම ස්තුතියි…
patta bn..digatama sub dennh..
ELA BRO….