Das letzte Schweigen AKA The Silence (2010) Sinhala Subtitle

October 12, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් Subz LK කට්ටියටම.අද මේ ගේන උපසිරැසිය සමන් නම් සහෝදරයෙක් කමෙන්ට් එකක් මගින් ඉල්ලපු ෆිල්ම් වගයකින් තෝරාගත් එකක්.ඇත්තටම මේ චිත්‍රපටය ගැන මම ඇහුවෙත් එදාමයි තොරතුරට බොහොම ස්තූතියි සමන්…

2010 වසරේ තිරගත වුණ අපරාධ/නාට්‍යමය ඝනයට අයත් ජර්මන් චිත්‍රපටයක් වන මෙහි ඔරිජිනල් ටයිටල් එක Das letzte Schweigen ඉංග්‍රීසියෙන්නම් The Silence (නිහඬතාවය).IMDB වෙතින් 7.0ක අගයකුත් Rotten Tomatoesලගෙන් 87%ක අගයකුත් ලබාගෙන සම්මාන 4කට නිර්දේශවී එක් සම්මානයක් දිනාගන්නත් සමත්වුණ මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ Jan Costin Wagner නම් ලේඛකයාගේ මේ නමින්ම වූ  නවකතාවක් ඇසුරින්.අධ්‍යක්ෂණය සහ තිර රචනය Baran bo Odar ගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ Ulrich Thomsen (පියර් සමර්), Katrin Saß (එලේනා ලෑන්ග්), Burghart Klaußner (ක්‍රිචන් මිච්), Wotan Wilke Möhring (ටීමෝ ෆෙඩ්රිච්), Sebastian Blomberg (ඩේවිඩ් ජාන්) ඇතුළු නළු නිලි පිරිසක්.දැන් අපි යමු කතාව පැත්තට…

සිනිකා කියන්නෙ වයස අවුරුදු 11ක ගැහැණු ළමයෙක්.නිවසේදී දෙමව්පියන් සමග වචන හුවමාරුවක්ද ඇතිකරගෙන ටෙනිස් පුහුණුවීම් සඳහා නිවසෙන් පිටවන ඇය එදින නිවසට නොපැමිණෙන බවද ඇමතුමක් මගින් දෙමව්පියන්ට පවසනවා.එහෙත් ඇය නැවතත් නිවසට පැමිණෙන්නේ නෑ.ඒ වෙනුවට පොලිසීයට ඇයගේ පාපැදිය සහ ගමන්මල්ල හමුවෙනවා කුඹුරු යායකින්.මේ කුඹුරුයායේම මේ සිදුවීමට අතිශයින්ම සමාන මේ වගේම අතුරුදන්වීමක් සිදුවී තිබෙනවා මීට වසර 23කට කලින්.එයට ගොදුරුවූ අවාසනාවන්තිය ෆියෝනා.පොලිසියට හමුවී තිබෙන්නේ ඇයගේ මළසිරුර පමණක් වන අතර ඝාතකයා වසර 23කට පසු අදටත් අභිරහසක්.නමුත් චිත්‍රපටය නරඹන ඔබට ඒක අභිරහසක් නොවෙන්නේ චිත්‍රපටය ආරම්භවෙන්නේම වසර 23ක් පැරණි එම අපරාධයෙන් වන නිසයි.එවකට ඒ අපරාධයේ විමර්ශන කටයුතු කල නිලධාරියා පවසන්නේ මේ අපරාධ දෙකම එක හා සමාන නිසා මෙය එකම අපරාධකරුගේ ක්‍රියාවක් බවයි.පෙර අපරාධයෙන් ඔවුන් සතුව ඇති එකම සාක්ෂිය වන්නේ ෆියෝනාගේ හෙඩ්ෆෝන් යුගලය සහ අපරාධ ස්ථානයේ නවත්වා තිබුණ වාහනයේ වර්ණය පමණක් වන අතර මෙම අපරාධය පිළිබඳව එහෙමවත් සාක්ෂියක් නැහැ.එහෙනම් කොහොමද මේක විසඳන්නේ?ඇත්තටම මේ අපරාධ දෙකම කලේ එකම අපරාධකරුද?සාක්ෂි තිබුණ පෙර අපරාධය විසඳාගන්නට අසමත්වූ පොලිසියම සාක්ෂි නොමැති මේ අපරාධය විසඳාගන්නට සමත්වේද?ඉතිරි ටික නරඹන ඔබට බාරයි…මම ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

Spoiler Warning : One night a teen vanishes where a girl was killed 23 years earlier, forcing those involved in the original case to face their past…

Available Torrents
720p bluray 1.07 GB
1080p bluray 2.19 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (27)
  • wiki Unregistered
    Windows 7 Firefox 57

    බොහොම ස්තූතියි

  • yuki Unregistered
    Windows 8.1 Chrome 31

    සමහර link weda krn ne brooo.

  • a.r perera Unregistered
    Windows XP Opera 36

    kollo ape rate internet slow mb low ehemane kattiya duken duwnanne eka nisa mb adu link 1k denna balannaloku mb film ganna amrui ne kollo duppat amaruven ne kard da gena duwnne mama nam kohoma hari adu mb 1k aransub set kara gannava godak ayata terenne na ne

  • a.r perera Unregistered
    Windows XP Opera 36

    hei kollane mata hachet 1 and 2 move 2ta sub denna brrip nam ona taram tiyenawa kollanta baa gannat lesi ne

  • Zebu Senior User
    Windows 10 Chrome 76

    ඔබගේ උපසිරැසි ලබා ගැනීම කල නොහැක්කකි. නිරපරාදේ වෙනත් ඇඩ් සහ වෛරස වලට අපව යොමු කිරීමට හේතුව කුමක්ද? දින කිහිපයක සිට මෙම උපසිරසිය බාගත තිරීමට වෙහෙසෙන නමුදු තවම එය කරගත නොහැකිවිය. එයට අමතරින් දැන් පෙර නොතිබූ වෛරස කීපයක්ම පරිගනකයේ ස්ථාපනය වී ඇත. ඉතා කණගාටුදායකයි. තව දුරටත් මෙම අඩවිය වෙත නෙඒමට තීරණය කලෙමි.

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6

      ඇඩ් කීපයක් ක්ලික් කිරීමට අපහසුතාවයක් බව ඇඩ්මින්වරුන්ද උපසිරැසිකරුවෙක් වන මමද හොඳින්ම දන්නා නමුදු, යමෙකුට නොමිලේ සේවයක් ලබාදෙන ඕනෑම අඩවියක් තමන් ඒ වෙනුවෙන් දරන වියදම සොයාගැනීමට වෙළඳ දැන්වීමක් දෙකක් ඇතුලත් කිරීමේ කිසිදු වරදක් මම නොදකිමි . ඔබ එය ඇඩ් එකතුකිරීමක් ලෙස දැක ඇති නමුත්, එහි තවත් පැත්තක්ද ඇත. මුලින්ම ඔබ ( මේ ලියන මමද) ඩවුන්ලෝඩ් කරගන්නේ නිතීවිරෝධී පිටපත් බව අමතක නොකරන්න. දැන් දැන් ඒවා අඩවිවල පළකිරීම සම්බන්ධයෙන් දැඩි නීතිරීති පනවා ඇත (DMCA ගිවිසුමකට බැඳී සිටින අඩවියකට එම පිටපත්වල ටොරන්ට් හෝ ඩිරෙක්ට් යන කිසිදු ලින්ක් එකක් සෘජුව පලකිරීම තහනම්ය) . මේ වසර තුල යුරෝපා සංගමය විසින් සම්මත කරගත් බුද්ධිමය දේපල පිලිබඳ පනතේ 13 වගන්තිය (ඔබට මෙම පණතේ බරපතල භාවය Article 13 ලෙස අන්තර්ජාලයේ සෙවීමක් කිරීම මගින් සොයාගත හැක) අනුව දැන් දැන් එම නීති රීති දැඩිවෙමින් පවතී. පසුගිය මාස දෙක ඇතුලත VIFY ටොරන්ට් අඩවියට පමණක් දැවැන්ත නඩු දෙකක් ( එයින් එකක් HELLBOY චිත්‍රපටයේ නිර්මාණකරුවන්) පවරා ඇති බව ඔබ දන්නවාද?

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6

      එසේම එම පිටපත් ඩවුන්ලෝඩ් කල සහ ෂෙයා කල 19 දෙනෙක්ද එහි චූදිතයන් බව ඔබ දන්නවාද? අප එම ඇඩ් පළකර ඇත්තේ අදාල නීතිවිරෝධී ඩවුන්ලෝඩ් ලින්ක් , අප අඩවිය තහනම් කරගැනීමකින්ද තොරව, ඔබ වෙත දිගින් දිගටම ලබාදීමටයි. එසේ නොමැතිව ඇඩ්වලින් කෝටි ගණන් ඉපැයිය නොහැකි බවද නොදන්නා කෙනෙක් නැති අතර, අපගෙන් නොව ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගැනීමේදීම ඇඩ් යන්න සාමාන්‍ය දෙයක් බවද ඔබට මතක් කර සිටිමි. උදා: PSARIPS.

  • Hasitha Prasad Junior Admin
    Windows 10 Vivaldi 2.6

    එසේම (VPN භාවිතයකින් තොරව) එම පිටපත ඩවුන්ලෝඩ් කල සහ ෂෙයා කල 19 දෙනෙකුද අද එහි චූදිතයන් බව ඔබ දන්නවාද? තත්වය එසේ තිබියදී අප සිටින්නේ තුන්වන ලෝකයේ රටක වීම යන කාරණයට පින් සිදුවන්නට අපට එහි ඒතරම් බලපෑමක් නැත. නමුත් නුදුරු අනාගතයේදීම අපද එහි ගොදුරු වීමට ඉඩ ඇත.ඒවාද නොසලකා අප ඔබට මේ ආකාරයට හෝ ඩවුන්ලෝඩ් ලින්ක් ලබාදීම ( අපට පමණක් නොව එසේ කරන ඕනෑම දේශීය හෝ විදේශීය අඩවියකට) ඔබ කෘතඥ විය යුතුය. ඔබ ඔය චෝදනා කර ඇඩ් යොදාඇත්තේ අපගේ වාසියට නොව ( එයින් තබා යූටියුබ් කරන අයටවත් එයින් සැලකියයුතු ආදායමක් නොලැබෙන බව ඕනෑම කෙනෙක් දනී) එම ඩවුන්ලෝඩ් ලින්ක් පලකිරීම හරහා අඩවිය තහනමකට ලක් නොකරගෙන ඔබ වෙත දිගටම සේවය ලබාදීමටය. ඔබ අන්තර්ජාලය හුරු අයෙක්නම් හා, යම් බුද්ධියක් සහිතව ඇඩ් මගහැර යාමට ඉගෙනගත්තේනම් ඔවැනි ඇබැද්දිවලට ලක් නොවන බවද මතක් කරමි. ඔබ අප අඩවියට පැමිණීම හෝ නොපැමිණීම ඔබේ අයිතියක් වන අතර, ඔබව බලෙන් ගෙන්වාගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද මතක් කරමින්, ඇඩ්මගහැර යන ආකාරය දන්නා අයෙකුගෙන් අසා දැනගන්නා ලෙසද ඉල්ලා සිටිමි. අනිත් අතට ඔබ ලින්ක් වැඩනොකරන බවක් හෝ ඩවුන්ලෝඩ් කරගත නොහැකි බවක් ඔය චෝදනාව කිරීමට පෙර මා වෙත දැන්වූවේනම් ඔබට ඇඩ්ලි රහිත ලින්ක් එක එවීමට තිබුණි. දැන් එය නොකරන ලෙසද කරුණාවෙන් දන්වා සිටිමි.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search