ආයුබෝවන් Subz LK කට්ටියටම.අද මේ ගේන උපසිරැසිය සමන් නම් සහෝදරයෙක් කමෙන්ට් එකක් මගින් ඉල්ලපු ෆිල්ම් වගයකින් තෝරාගත් එකක්.ඇත්තටම මේ චිත්‍රපටය ගැන මම ඇහුවෙත් එදාමයි තොරතුරට බොහොම ස්තූතියි සමන්…
2010 වසරේ තිරගත වුණ අපරාධ/නාට්‍යමය ඝනයට අයත් ජර්මන් චිත්‍රපටයක් වන මෙහි ඔරිජිනල් ටයිටල් එක Das letzte Schweigen ඉංග්‍රීසියෙන්නම් The Silence (නිහඬතාවය).IMDB වෙතින් 7.0ක අගයකුත් Rotten Tomatoesලගෙන් 87%ක අගයකුත් ලබාගෙන සම්මාන 4කට නිර්දේශවී එක් සම්මානයක් දිනාගන්නත් සමත්වුණ මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ Jan Costin Wagner නම් ලේඛකයාගේ මේ නමින්ම වූ නවකතාවක් ඇසුරින්.අධ්‍යක්ෂණය සහ තිර රචනය Baran bo Odar ගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ Ulrich Thomsen (පියර් සමර්), Katrin Saß (එලේනා ලෑන්ග්), Burghart Klaußner (ක්‍රිචන් මිච්), Wotan Wilke Möhring (ටීමෝ ෆෙඩ්රිච්), Sebastian Blomberg (ඩේවිඩ් ජාන්) ඇතුළු නළු නිලි පිරිසක්.දැන් අපි යමු කතාව පැත්තට…
සිනිකා කියන්නෙ වයස අවුරුදු 11ක ගැහැණු ළමයෙක්.නිවසේදී දෙමව්පියන් සමග වචන හුවමාරුවක්ද ඇතිකරගෙන ටෙනිස් පුහුණුවීම් සඳහා නිවසෙන් පිටවන ඇය එදින නිවසට නොපැමිණෙන බවද ඇමතුමක් මගින් දෙමව්පියන්ට පවසනවා.එහෙත් ඇය නැවතත් නිවසට පැමිණෙන්නේ නෑ.ඒ වෙනුවට පොලිසීයට ඇයගේ පාපැදිය සහ ගමන්මල්ල හමුවෙනවා කුඹුරු යායකින්.මේ කුඹුරුයායේම මේ සිදුවීමට අතිශයින්ම සමාන මේ වගේම අතුරුදන්වීමක් සිදුවී තිබෙනවා මීට වසර 23කට කලින්.එයට ගොදුරුවූ අවාසනාවන්තිය ෆියෝනා.පොලිසියට හමුවී තිබෙන්නේ ඇයගේ මළසිරුර පමණක් වන අතර ඝාතකයා වසර 23කට පසු අදටත් අභිරහසක්.නමුත් චිත්‍රපටය නරඹන ඔබට ඒක අභිරහසක් නොවෙන්නේ චිත්‍රපටය ආරම්භවෙන්නේම වසර 23ක් පැරණි එම අපරාධයෙන් වන නිසයි.එවකට ඒ අපරාධයේ විමර්ශන කටයුතු කල නිලධාරියා පවසන්නේ මේ අපරාධ දෙකම එක හා සමාන නිසා මෙය එකම අපරාධකරුගේ ක්‍රියාවක් බවයි.පෙර අපරාධයෙන් ඔවුන් සතුව ඇති එකම සාක්ෂිය වන්නේ ෆියෝනාගේ හෙඩ්ෆෝන් යුගලය සහ අපරාධ ස්ථානයේ නවත්වා තිබුණ වාහනයේ වර්ණය පමණක් වන අතර මෙම අපරාධය පිළිබඳව එහෙමවත් සාක්ෂියක් නැහැ.එහෙනම් කොහොමද මේක විසඳන්නේ?ඇත්තටම මේ අපරාධ දෙකම කලේ එකම අපරාධකරුද?සාක්ෂි තිබුණ පෙර අපරාධය විසඳාගන්නට අසමත්වූ පොලිසියම සාක්ෂි නොමැති මේ අපරාධය විසඳාගන්නට සමත්වේද?ඉතිරි ටික නරඹන ඔබට බාරයි…මම ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
Year : 2010
Rating : 7.0
Genre : Crime, Drama, Thriller
Actors : ulrich thomsen, wotan wilke möhring, katrin saß, sebastian blomberg
Writer : baran bo odar , jan costin wagner
Director : baran bo odar
Plot :
13-year-old Sinikka vanishes on a hot summer night. Her bicycle is found in the exact place where a girl was killed 23 years ago. The dramatic present forces those involved in the original case to face their past.
සිංහල උපසිරැස Download කරගන්න
1774 times
|
|
[Send Msg]
|
|