Das letzte Schweigen AKA The Silence (2010) Sinhala Subtitle
ආයුබෝවන් Subz LK කට්ටියටම.අද මේ ගේන උපසිරැසිය සමන් නම් සහෝදරයෙක් කමෙන්ට් එකක් මගින් ඉල්ලපු ෆිල්ම් වගයකින් තෝරාගත් එකක්.ඇත්තටම මේ චිත්‍රපටය ගැන මම ඇහුවෙත් එදාමයි තොරතුරට බොහොම ස්තූතියි සමන්…
2010 වසරේ තිරගත වුණ අපරාධ/නාට්‍යමය ඝනයට අයත් ජර්මන් චිත්‍රපටයක් වන මෙහි ඔරිජිනල් ටයිටල් එක Das letzte Schweigen ඉංග්‍රීසියෙන්නම් The Silence (නිහඬතාවය).IMDB වෙතින් 7.0ක අගයකුත් Rotten Tomatoesලගෙන් 87%ක අගයකුත් ලබාගෙන සම්මාන 4කට නිර්දේශවී එක් සම්මානයක් දිනාගන්නත් සමත්වුණ මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ Jan Costin Wagner නම් ලේඛකයාගේ මේ නමින්ම වූ නවකතාවක් ඇසුරින්.අධ්‍යක්ෂණය සහ තිර රචනය Baran bo Odar ගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ Ulrich Thomsen (පියර් සමර්), Katrin Saß (එලේනා ලෑන්ග්), Burghart Klaußner (ක්‍රිචන් මිච්), Wotan Wilke Möhring (ටීමෝ ෆෙඩ්රිච්), Sebastian Blomberg (ඩේවිඩ් ජාන්) ඇතුළු නළු නිලි පිරිසක්.දැන් අපි යමු කතාව පැත්තට…
සිනිකා කියන්නෙ වයස අවුරුදු 11ක ගැහැණු ළමයෙක්.නිවසේදී දෙමව්පියන් සමග වචන හුවමාරුවක්ද ඇතිකරගෙන ටෙනිස් පුහුණුවීම් සඳහා නිවසෙන් පිටවන ඇය එදින නිවසට නොපැමිණෙන බවද ඇමතුමක් මගින් දෙමව්පියන්ට පවසනවා.එහෙත් ඇය නැවතත් නිවසට පැමිණෙන්නේ නෑ.ඒ වෙනුවට පොලිසීයට ඇයගේ පාපැදිය සහ ගමන්මල්ල හමුවෙනවා කුඹුරු යායකින්.මේ කුඹුරුයායේම මේ සිදුවීමට අතිශයින්ම සමාන මේ වගේම අතුරුදන්වීමක් සිදුවී තිබෙනවා මීට වසර 23කට කලින්.එයට ගොදුරුවූ අවාසනාවන්තිය ෆියෝනා.පොලිසියට හමුවී තිබෙන්නේ ඇයගේ මළසිරුර පමණක් වන අතර ඝාතකයා වසර 23කට පසු අදටත් අභිරහසක්.නමුත් චිත්‍රපටය නරඹන ඔබට ඒක අභිරහසක් නොවෙන්නේ චිත්‍රපටය ආරම්භවෙන්නේම වසර 23ක් පැරණි එම අපරාධයෙන් වන නිසයි.එවකට ඒ අපරාධයේ විමර්ශන කටයුතු කල නිලධාරියා පවසන්නේ මේ අපරාධ දෙකම එක හා සමාන නිසා මෙය එකම අපරාධකරුගේ ක්‍රියාවක් බවයි.පෙර අපරාධයෙන් ඔවුන් සතුව ඇති එකම සාක්ෂිය වන්නේ ෆියෝනාගේ හෙඩ්ෆෝන් යුගලය සහ අපරාධ ස්ථානයේ නවත්වා තිබුණ වාහනයේ වර්ණය පමණක් වන අතර මෙම අපරාධය පිළිබඳව එහෙමවත් සාක්ෂියක් නැහැ.එහෙනම් කොහොමද මේක විසඳන්නේ?ඇත්තටම මේ අපරාධ දෙකම කලේ එකම අපරාධකරුද?සාක්ෂි තිබුණ පෙර අපරාධය විසඳාගන්නට අසමත්වූ පොලිසියම සාක්ෂි නොමැති මේ අපරාධය විසඳාගන්නට සමත්වේද?ඉතිරි ටික නරඹන ඔබට බාරයි…මම ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
Spoiler Warning : One night a teen vanishes where a girl was killed 23 years earlier, forcing those involved in the original case to face their past…
නියමයි සහෝ.
තෑන්ක්ස් සබ් එකට.
බොහොම ස්තූතියි, ළහිරු 🙂
ela ela saho thanks
Thanks, Asitha 🙂
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
බොහොම ස්තූතියි, මධූෂ 🙂
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
උපසිරැසියටතුති සහෝ
ඔබටජය
බොහොම ස්තූතියි, පසිඳු 🙂
Thawath supiri german paharak wage….
Balalama idimuko…
Jaya wewa saho…
බොහොම ස්තූතියි, මහේෂ් 🙂 තව ස්පැනිෂ් එකක් තියනව ඒකත් ඉවරකරල දෙන්නම් ලඟදිම
Ela..batman vs twoface akata sub oni mcn..
Thanks supiri filumak wage puluwannam deewange 2002 hindi film eka denna supiri thriller movie ekak
ane saho donnie darko movie ekata sub dennako tham mekata sub kauruwath dila na
Srike back season 3 eke sinhala sub dennako
මේක නම් සුපිරි කථාවක් වගේ. මේ Film එකේ direct link එක වැඩ කරන් නැහැනේ?. torrents වලත් මේ Film එක නැහැ වගේ. පුළුවන් නම් Direct link එකක් හරි, torrent link එකක් හරි දෙන්න. සබ් වලට බොහොම ස්තුතියි.
ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි 🙂 ඩිරෙක්ට් ලින්ක් එක වැඩ කරනවා, ජීවන්ත. සයිට් එකට ගිහින් එතන තියන ලින්ක් දෙකෙන් යට ලින්ක් එක ක්ලික් කරල , මෙන්න මේ ඉමේජ් එකේ තියන විදියට කරන්න. https://imgur.com/xuI9Lea
බොහොමත්ම ස්තුතියි. Film එක Download කරගත්තා. ඔබට ජය.
හසිත .පුද්ගලිකවම ඔයාගෙ උපසිරැසි වලට ඇලුම් කරනව උපසිරැසි ලියන විදිය නම් GREAT . එක අමුතුවෙන් කියන්න ඔනෙ නැ සබ් දිගටම දෙන්න ඔන්න. ඔයා තොරගන්න චිත්‍රපට තමා නියම. The invisible Guest 2016 එව නම් ලොවෙත් නැති ෆිල්ම් . ඔයාට ගොඩක් ස්තුතියි එවගෙ චිත්‍රපටයක් බලන්න සැලැවිමට. තව මොන කතාද මම මෙ සයිඩ් එකෙන් බලපු පලවෙනි උපසිරැසි ය මාර්ශලැන්ඩ් මුවි එක. ලොකු පැහැදිම ඇති උනා ඇත්තටම . නියමයි සහෝදරයා