Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • Deadpool 2 (2018) Sinhala Subtitle

Deadpool 2 (2018) Sinhala Subtitle

October 21, 2018 Junior Admin

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. සෑහෙන දවසකට පස්සෙ අද මේ එන්නෙ තවත් මාවල් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මේ තමයි Deadpool 2. මේ චිත්‍රපටය මට බාරදුන්නු අපේ කවීෂ සහෝදරයටත් බොහොම ස්තූතියි කියන්න ඕනෙ මුලින්ම. මොකද මේ චිත්‍රපටයෙ WEB පිටපත ආව දවස්වලම අපේ මිතුන් සහෝදරය මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න කියල ඉල්ලීමක් කරල තිබුණ. ඒත් අපේ උපසිරැසි වෙන්කරගැනීම් පද්ධතියෙ බලද්දි අපේ සහෝදරයෙක් මේක වෙන් කරගෙන තියනව කියල පෙන්නුම් කල නිසා මම උපසිරැසිය කිරීමේ අදහස අත්හැරියා. කොහොමින්හරි ඔන්න අවසානයේ Deadpool 2 මගෙ ලඟට ආවා කවීෂ සහෝදරයට ස්තූතිවෙන්න. ටිකක් පරක්කු වෙලා දෙන එකේ මම කල්පනා කලා උපසිරැසිය හැකි උපරිම උසස් තත්වයෙන් ලබාදෙන්න. මම හිතන්නෙ මේ උපසිරැසිය කිරීමෙදි තමයි මම වැඩිපුරම අන්තර්ජාලයෙසෙවුම් කරන්න ඇත්තෙ. මොකද ඩෙඩ්පූල් කියන්නෙ බොහොම උසුළු විසුළුවලට, අනිත් අයට නම් හදන්න එහෙම කැමති  චරිතයක්නෙ. මේකෙදි කියලත් ඒකෙ කිසි වෙනසක් වෙලා නෑ. ඔහුගේ විහිළු, දෙබස් එහෙම බොහොමයක් එක්කො Easter Egg එකක් නැත්තං තවත් මොකක හරි Referance එකක්. අන්තර්ජාලයෙ උදවුවෙන් ඒ සියල්ලම රසවින්දනයට බාධා නොවෙන විදියට උපසිරැසියට ඇතුලත් කරන්න මම උත්සාහ කලා. මොකද එහෙම නොකලොත් ඒ Easteregg හෝ Referance හුරුපුරුදු නැති කෙනෙකුට චිත්‍රපටියෙ තියෙන දැනෙන දෙබස් නිකම්ම දෙබස් විතරක් වෙන්න ඉඩ තියන නිසා. හරි ඒ කතා ඇතිනෙ. දැන් අපි යමු චිත්‍රපටය පැත්තට. ඩෙඩ්පූල් (2016) නරඹල නැති අයට ලිපියේ මෙතනින් එහාට Spoiler Alert. ඔන්න කිව්වා කලින්ම.

මුලින්ම කියන්න ඕනෙ මාවල් කොමික්ස්වලදි වගේ නෙමෙයි මාවල් සිනමා විශ්වයේ ඉන්න වේඩ් විල්සන් නොහොත් මේ ඩෙඩ්පූල් චරිතය ටිකක් පටලැවිලි සහගතයි. ඒක මම දන්න විදිහට ලෙහන්නයි මේ උත්සාහය. අපි මුලින්ම වේඩ් විල්සන්ව දකින්නෙ X-Men Origins : Wolverine (2009) චිත්‍රපටයෙන්. ඔබට මතක ඇති ඔහු විලියම් ස්ට්‍රයිකර්ගෙ අණ යටතෙ ක්‍රියාත්මක වුණ, ජාන විකෘතිකයන්ගෙන් සැදුම්ලත්, ලෝගන් (පසුව වොල්වරීන්) එහෙමත් සාමාජිකයෙක් වුණ X -Team විශේෂ මෙහෙයුම් බලකායෙ සාමාජිකයෙක් වෙනව. ඒ 1973 වසරෙ. ඊට වසර හයකට පස්සෙ වේඩ් විල්සන්ව ගෙනයනවා ත්‍රී මයිල් දූපතට. මේ වෙනකොට X-Team එක විසිරිලා ගිහින්. ස්ට්‍රයිකර් විසින් දූපතේ කරගෙන ගිය වෙපන් XI ව්‍යාපෘතියේ අත්හදාබැලීම්වලට වේඩ් ලක්වෙනවා. අවසානයේ වේඩ් මියගොස් ඉතුරුවෙන්නෙ ජාන විකෘතිකයන් රැසකගේ (වොල්වරීන්ගේ ඉබේ සුවවීමේ හැකියාවද ඇතුළුව) ජාන එකතුවකින් සැදුම්ලත්, කතාකල නොහැකි ලෙස කට මසා වසා දැමූ ජාන විකෘතිකයන්ගේ මාරයා නොහොත් වෙපන් XI. ස්ට්‍රයිකර් විසින් තමයි ඔහුට ඩෙඩ්පූල් (Deadpool) නම දෙන්නෙ. ඊට  හේතුව විදියට ඔහු දක්වන්නෙ මියගිය ජාන විකෘතිකයන්ගේ ජාන එකතුවකින් සැදුම්ලත් අයෙක් නිසා කියලයි. ඔබට මතකනම් මේ ඩෙඩ්පූල්ට තිබුණා වොල්වරීන්ගේ නිය වගේ අත් තුල සවිකල හැකිලිය හැකි  කඩු දෙකක්. ඒ වගේම වොල්වරීන් හා සටනට යන මේ ඩෙඩ්පූල් වොල්වරීන්ගේ ප්‍රහාරයකින් හිස කඳින් වෙන්වී මියයනවා චිත්‍රපටය අවසානයේ. නමුත් එහි ක්‍රෙඩිට් දර්ශණයෙන් අපි දැක්කා ඔහු මියගොස් නැති බව. එතනින් එහාට අපි X-Men චිත්‍රපටයකින් ඔහුව දකින්නෙ නෑ.

X-Men : Days of Future Past (2014)

මේ චිත්‍රපටයෙදි සිදුවුණ දේ තමයි වොල්වරීන් කාලයෙන් ආපස්සට එනම් නැවතත් 1973 වසරේ ජනවාරි මාසයට ගොස් මිස්ටික් අතින් බොලිවර් ට්‍රාස්ක් මියයාම වැලැක්වීම. කෙටියෙන් කිව්වොත් මේ අතීතය වෙනස් කිරීම නිසා 1973 වසරෙන් පසුව X-Men චිත්‍රපටවල සිදුවූ සියලු දේ  රීසෙට් වෙනවා. ඇත්තටම කිව්වොත් මට හිතෙන විදියට මේ චිත්‍රපටය හදන්න හේතුව මාවල් සිනමා ටයිම්ලයින්වල තිබුණ පැටලිල්ල යම් තරමකින් ලිහා දැමීම. විශේෂයෙන්ම ඩෙඩ්පූල් සම්බන්ධව. මොකද අපි X-Men Origins : Wolverine වලින් දැක්කෙ කොමික්වල ඉන්න ඩෙඩ්පූල් නෙමෙයි, තනිකරම විකෘතිවූ චරිතයක්. කොහොමහරි මේ Future Past වල සිදුවූ ටයිම්ලයින් රීසෙට් එක අනුව බැලුවොත් X-Team එක බිහිවෙන්න ඉඩකුත් නෑ. ඒ වගේම ඩෙඩ්පූල් ඒකෙ සාමාජිකයෙක් වෙන්න ඉඩකුත් නෑ. ඔහු කවදාවත්ම වෙපන් X ව්‍යාපෘතියෙ ගොදුරක් වෙන්නෙත් නෑ. ඒ විතරක් නෙමෙයි ඔහුගේ කට මසා දාන්න ඉඩකුත් නෑ. එහෙම බැලුවාම X-Men Origins: Wolverine තනිකරම වැරදීමක්. ඇත්තටම රයන් රෙනෝල්ඩ්ස් ස්ටුඩියෝ එකට කියල තියනව ඩෙඩ්පූල් චරිතය ඒ විදියට කරලියට ගෙන ඒම වැරැද්දක් බව. නමුත් ඔවුන් කියල තියෙන්නෙ ඔබට මේ චරිතය  කරන්න බැරිනම් ඒකට අපි වෙන කෙනෙක් ගන්නම් කියලයි. නමුත් ඩෙඩ්පූල්ට ඇති ආශාව නිසාම ඔහු වසර ගණනාවක් ඉවසනවා ඩෙඩ්පූල්ටම වෙන්වූ සිනමාපටයකට ඔවුන්ගෙන් කැමැත්ත ලබාගන්න. ඒ අතරෙදි ඔහුට අසාර්ථක නිර්මාණයක් සේ ගැනෙන ග්‍රීන් ලැන්ටර්න්හි රඟපාන්නත් වෙනවා. එයට සහ X-Men Origins: Wolverine චිත්‍රපටයට රයන් රෙනෝල්ඩ්ස්ගේ  ඇති දැඩි අකමැත්ත ඔබට බලාගන්න පුළුවන් Deadpool 2 මිඩ් ක්‍රෙඩිට් දර්ශනය තුලින්. ඔහු අදටත් විශ්වාස කරන්නේ ඩෙඩ්පූල් චරිතයට ස්ටුඩියෝව සලකන්නේ අවතක්සේරු කොට බවයි. මුල් චිත්‍රපටයේදී වගේම මෙවරත් ඒ අප්‍රසාදය පිටපත තුලින් එලියට දාන්න ඔහු දෙපාරක් හිතන්නේ නෑ. පරණ ඩෙඩ්පූල් හා මේ අලුත් ඩෙඩ්පූල් එකම පුද්ගලයා වුණා හෝ නැතා, දැන් අපිට ඉන්නෙ අලුත් ඩෙඩ්පූල් නිසා අපි යමු අලුත් ඩෙඩ්පූල් දිහාවට.

Deadpool (2016) RECAP

වේඩ් විල්සන්, කැනේඩියානු විශේෂ බළකා සෙබලෙක්. නමුත් ඔහුගේ අත්තනෝමතික වැඩ නිසා ඔහුව හමුදා සේවයෙන් පහ කෙරෙනවා. ඉන් පසුව කුලී ඝාතකයෙකු වන ඔහු ඇදෙන්නේ නිව්යෝක් වෙත. එහිදී ඔහු යනවා තැබෑරුමක් වෙත. ඒ තමයි කූලී ඝාතකයන්ගේ හමුවීම්පලක් වන “සිස්ටර් මාග්‍රට්ස් හෝම් ෆෝ වේවර්ඩ් ගර්ල්ස්” ඔහු මිතුරු වෙනව එහි බාටෙන්ඩර්වරයා වන වීසල් සමග. වේඩ් වැඩිපුරම කරන දේ තමයි ගැහැණු ලමයින්ට වදයක් වන ලෙස පස්සෙන් යන තරුණයන්ව මට්ටු කරන එක. හැබැයි නිකං නෙමෙයි මුදලට. මේ වගේ වැඩකදි එක් ගැහැණු ලමයෙක් ඔහුට කියනවා ඔහු වීරයෙක් බව. වේඩ්ට වීරකම ඔළුවට එන්නෙ මෙතනින්. කොහොමහරි තැබෑරුමේදි ඔහුට අඳුනගන්න ලැබෙනව වැනීසාව. ස්කී-බෝල් එහෙම සෙල්ලම් කරන මේ දෙන්නා අවසානයේ ප්‍රේමවන්තයො බවට පත් වෙනව අතර විවාහ වෙන්නටත් හිතාගෙන ඉන්නව. නමුත් මේ අතරෙදි තමයි දැනගන්න ලැබෙන්නෙ වේඩ් මාරාන්තික පිළිකාවකට ගොදුරුවී ඇති බව. වැනීසා සෙවණැල්ලක් මෙන් ඔහු ලඟින්ම සිටියත් මරණයට නියමිත තමන් නිසා ඇයට අත්විය හැකි ඉරණම ගැන දුක්වන වේඩ් තැබෑරුමට වී බීමතින් කාලය ගත කරන ඔහුට රිකෘටර් නොහොත් බඳවාගන්නාව මුණගැහෙන්නෙ ඒ අතරෙදියි. ඔහු කියන්නේ තමන් වැඩකරන්නේ ඔහුගේ පිළකාව සුව කිරීමෙන් නොනැවතී ඔහුට සුපිරි බලයක්ද ලබාදිය හැකි පර්යේෂණ සංකීර්ණයක බවත් ඔහුටත් එයට එකතු වියහැකි බවත්. මුලදි අකමැති වුණත්, වැනීසා වෙනුවෙන් හෝ සුවවිය යුතු බවට කල්පනා කරන වේඩ් අවසානයේ එයට එකඟ වී වැනීසාටත් නොකියාම පිටත්ව යනවා. මේ කියන පර්යේෂණාගාරය ජාන විකෘතිකයන් විවිධ අත්හදාබැලීම්වලට භාජනය කෙරෙන තැනක්. එතනදී ඔහුට හමුවෙනවා ඒජැක්ස් (Ajax) නම් සුපිරිබලැති විද්‍යාඥයෙක් සහ ඔහු මෙන්ම ශක්තිමත් ඔහුගේ සහායිකාව ඒන්ජල්ඩස්ට් (AngelDust)ව. හැබැයි මේ දෙන්න ඉස්සරහවත් කට තියාගෙන ඉන්න බෑ මේ කයිවාරුකාර වේඩ්ට.ඔහු පටන්ගන්නවා මේ දෙන්නටම විහිළු කරන්න. ඊලඟට ඒජැක්ස් විසින් වේඩ්ට පිළිකා සුවකාරක ද්‍රාවණය එන්නත් කරන අතර, ඔහුගේ සැඟවී ඇති ජාන-විකෘතික හැකියාවන් මතු කරගැනීමට ඔහුව විවිධාකාර දරුණු වධ බන්ධනයන්ට ලක් කරනවා. හැබැයි එච්චර දුක් විඳලවත් වේඩ් නෙමෙයි හැදෙන්නෙ. ඔහු නවත්තන්නෙම නෑ ඒජැකස්ට සහ ඒන්ජල් ඩස්ට්ට ඇස්රතුවන විහිළු කිරීම. ඒක තවත් වැඩිවෙන්නෙ ඒ ජැක්ස්ගෙ සැබෑ නම ෆ්‍රැන්සිස් බව දැනගත්තට පස්සෙ. මෙයින් කෝපවෙන ඒජැක්ස් වේඩ්ව හුස්ම ගැනීමට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් රහිත වීදුරු කුටීරයක සිරකරන අතර අවසානයේ එයින් ඔහුගේ සැඟවී තිබූ ඉබේසුවවීමේ හැකියාව ඉස්මතු වෙනවා. නමුත් එයින් වෙන්නෙ ඔහුගේ සම පිළිස්සුණු ආකාරයක් ගැනීමයි. තමන්ට මේ කල දෙය ගැන ඒජැක්ස්ට දොස් නගන වේඩ් අවසානයේ ඒජැක්ස්ගේ පර්යේෂණාගරය පුපුරුවා විනාශ කරන අතර ඔහු හා සටනක්ද කරනවා. වේඩ්ගේ පිළිස්සුණු පෙනුම සුව කල හැක්කේ තමන්ට පමණක් බව පවසන ඒජැක්ස් වේඩ්ව මියයන්නට ඉඩ හැර එතනින් යන්නට යන්නට ගියත්, වේඩ් එයිනුත් ජීවිතය බේරාගන්නවා. ඉන්පසු වැනීසාව මුණගැහෙන්නට යන ඔහු පසුව අදහස වෙනස් කරගන්නවා ඇය තම පෙනුම දැක බියපත්වේය යන සැකය මත. කරන්නට යමක් තීරණය කරගන්න වීසල්ව හමුවෙන්න තැබෑරුමට යන වේඩ්ට වීසල්ගෙන් ලැබෙන උපදෙස වෙන්නෙ තමන්ට ලැබී ඇති නව හැකියාවන් උපයෝගීකරගෙන වෙස්වලාගත් අවනීතිකයෙකු වන ලෙසයි. මෙතනදී තමයි වේඩ් තෝරාගන්නෙ ඩෙඩ්පූල් කියන නම. එය වීසල් විසින් තම තැබෑරුමට එන කුලී ඝාතකයන් අතරින් පලමුව මියයන තැනැත්තා කවුරුන්දැයි තබන ඔට්ටුවක නම. මේ විදියට ඩෙඩ්පූල් බවට පත්වෙන වේඩ් විසින් ඇල්තියා නොහොත් අන්ධ ඇල් නම් කාන්තාවකගේ නිවස තම මෙහෙයුම් මූලස්ථානය කරගන්නා අතර ඒජැක්ස් සොයා මෙහෙයුම අරඹනවා. ඔය අතරෙදියි එක්ස්-මෙන් වරයෙකු වන කොලෝසස්ගෙ අවධානය මේ ඩෙඩ්පූල් දිහාට යොමුවෙන්නෙ. ඔහුට අවශ්‍ය ඔහුව එක්ස්-මෙන් වෙත බඳවාගැනීමට. කෙසේ හො දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ඒජැක්ස් සිටින තැනක් හොයාගන්නා වේඩ් එතනට යාමට ටැක්සියකට ගොඩවෙනවා. පිටුපසට වී සිටීමට කම්මැලි ඩෙඩ්පූල් ඉදිරි අසුනට ගොස් එහි රියදුරු හා කතාබහ කරන අතරෙ ඩෑෂ්බෝඩයේ රඳවා ඇති තරුණියගේ ඡායාරූපයක් දැක ඒ ගැන ඔහුගෙන් විමසනවා. රියදුරු පවසන්නේ ඇය තමන්ගේ සිත්ගත් තරුණිය බවත් ඇයගේ මස්සිනාවන බන්දු නිසා තමන්ට ඇයව හිමිකරගත නොහැකියි කියලයි. මෙන්න මෙතනින් තමයි මේ ඉන්දියානු ජාතික කැබ්රථ රියදුරා වන ඩොපින්දර් සහ ඩෙඩ්පූල් අතර මිත්‍රකම පටන්ගන්නෙ. කෙසේ හෝ ගමනාන්තයට යන ඩෙඩ්පූල් දැඩි සටනකින් පසුව ඒජැක්ස්ව කොටුකරගත්තත් මේ සිදුවීම සැලවී එතනට එන කොලෝසස් සහ නෙගාසොනික් ටීනේජ් වෝහෙඩ් නම් එක්ස්-මෙන්වරුන්ගේ මැදිහත්වීමෙන් උපරිම පලනෙලාගන්නා ඒජැක්ස් පැනයනවා. ඉන්පසු මංචු දමා ඩෙඩ්පූල්ව තමන් යටතට ගත් කොලෝසස් ඔහුව තම එක්ස්-මෙන් උපදේශක ආචාර්ය ක්ෂේවියර් ලඟට ගෙනයාමට උත්සාහ කරන නමුත්, මාංචුවට මෙපිටින් තම අත කපාගන්නා ඩෙඩ්පූල් ගැලවී යන්නෙ කොලෝසස්ට මැද ඇඟිල්ලද පෙන්වමිනුයි. අත නැවත වැඩෙන තුරු ඇල්ගේ නිවසට වී සිටින ඩෙඩ්පූල්ට ඇල් දෙන උපදේශය වෙන්නෙ වැනීසා  හමුවෙන ලෙසයි. නමුත් එය කරන්නට මොහොතකට පෙර ඒජැක්ස් වැනීසාව පැහැරගන්නවා. තනිව සටනට යාම වෙනුවට ඩෙඩ්පූල් එක්ස් මන්දිරයට ගොස් නෙගාසොනික්ව සහ කොලෝසස්ව කැමති කරගන ඩොපින්දර්ගේ කැබ් රථයෙන්ම යනවා. ඒජැක්ස් විසින් වැනීසාව සිරකරගෙන සිටින පැරණි දිරාගිය ගුවන්යානා ප්‍රවාහක නෞකාවක් වෙතට. මේ ගමන අතරෙදි  ඩෙඩ්පූල් කියනවා කොලෝසස් සහ නෙගාසොනික් තමන්ට මේ කරන උදවුවට හිලව්වක් ලෙස තමන්ද එක්ස්-මෙන් වෙත එකතුවීමට සිතා සිටින බව. එතකොටමයි අපිට දැනගන්නට ලැබෙන්නේ ඩොපින්දර් විසින් බන්දුව පැහැරගෙන කැබ්රථයේ ඩිකියේ දමා ඇති බව. මෙතනදී ඩෙඩ්පූල් හෙමින් සීරුවේ ඩොපින්දර්ට සුබ පතන්නටත් අමත කරන්නේ නෑ. දිරාගිය යානා ප්‍රවාහක නෞකාව මත සටනින් පසු ඩෙඩ්පූල් අවසානයේ ඒජැක්ස්ව අල්ලාගන්නා අතර එහිදී ඔහු පවසන්නේ තමන් කීවෙ බොරුවක් බවත්  ඔහුව සුවකිරීමට ක්‍රමයක් තමන් සතුව නැති බවත්. මෙයින් කෝපවන ඩෙඩ්පූල් ඔහුව මරාදැමීමට සැරසෙද්දී කොලෝසස් පවසන්නේ එසේ කිරීමට අවශ්‍ය නැති බවත්, සමාව දීම මගින් වීරයෙකු විය හැකි බවත්, නමුත් එයට ඇහුම්කන් නොදෙන ඔහු ඒජැක්ස්ව මරාදමනවා. අවසානයේදි ඩෙඩ්පූල් තමන්ගේ සැබෑ ස්වරූපය වැනීසාට පෙන්වන අතර ඇය පවසන්නේ ඔහුගේ පෙනුම තම ආදරයට ගැටලුවක් නොවන බවයි. ඉන්පසු පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනය තුලදී අපිට ඩෙඩ්පූල්ම කියනවා මීලඟ චිත්‍රපටයේ එනම් Deadpool 2 දී කේබල්ව දකින්න ලැබෙන බවයි. මේ තියෙන්නෙ ඒක.

හරි දැන් අපිට යන්න තියෙන්නෙ Deadpool 2 පැත්තට. හැබැයි ඊට කලින් මිනිත්තු හතරක පූර්ව ප්‍රචාරක පටයක් ආවා ඔබට මතක ඇති 2017 වසරේදී. ඒ තමයි මෙන්න මේ Deadpool: No Good Deed Trailer එක. Deadpool 2 බලන්න කලින් ඒකත් නිකමට බලන්න. සියලු විස්තර අන්තර්ජාලය ඇසුරිණි. වැරදි ඇතොත් කමෙන්ට් මගින් නිවැරදි කරන්න.

Deadpool 2 (2018)

මේ වනවිට ඩෙඩ්පූල් කියන්නෙ ඇමරිකාවට සීමාවෙච්ච කෙනෙක් නෙමෙයි. ඔහු දැන් ජාත්‍යන්තර කුලී ඝාතකයෙක්. ඔහුගේ වචනයෙන්ම කියනවනම් ජාත්‍යන්තර පොරක්.මේ වගේ ලොකූ ලෝක සවාරියකින් පස්සෙ ඔහු නිවෙස බලා එනවා වැනීසා එක්ක තම විවාහ සංවත්සරය සමරන්න. හැබැයි ඒක ඔහු හිතපු තරම් සුන්දර වෙන්නෙ නෑ. එතනින් එහාට ඔබට බාරයි. එහෙනම් ඉහල ලිපියෙ තියන ටිකත් මතක තියාගෙනම මේ IMDB වෙතින් 7.9ක අගයකුත්, Rotten Tomatos වෙතින් 82%කුත් වශයෙන් ඉහල අගයන් ලබාගෙන සම්මාන 10කට නිර්දේශ වී එයින් දෙකක්ම තමන් සතුකරගත් මේ මාවල් නිර්මාණය නරඹන්නට ඔබට ඉඩදෙමින් මම මෙතනින් නවතින්නම්. හමුවෙමු තවත් උපසිරැසියකින් අපි.

  • උපසිරැසිය ගැලපෙන්නේ Super Duper Cut පිටපත්වලට පමණක් බව සලකන්න.

විශේෂ :-

  • Top gun (1986) චිත්‍රපටයේ Talk To Me, Goose (මට කතාකරනව, ගූස්) (වීඩියෝ)
  • ඩෙඩ්පූල් සහ වැනීසා හමුව. (වීඩියෝ)
  • ස්කී-බෝල් යන්ත්‍රය සහ එම ටෝකනය ඇතුලත් කරන ආකාරය. (වීඩියෝ)
  • ඩෙඩ්පූල්ට එක සමානයැයි පෙනෙන ගීත දෙක,
  1. Frozen (2013) චිත්‍රපටයේ Do You Want to Build a Snowman (වීඩියෝ)
  2. Yentle (1983) චිත්‍රපටයේ PaPa, Can you hear me? (වීඩියෝ)
  • George Micheal- I’m Never Gonna Dance Again (වීඩියෝ)
  • මුල් චිත්‍රපටයේදී ඩෙඩ්පූල් ඇල්තියාට පවසනවා අන්ධ භාවයට ප්‍රතිකාරයක් නිවස තුල ඇති බව. මේ තියෙන්නෙ ඒ සිදුවීම. මෙවර චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් එය ඇත්තද කියල.
  • මැතිව් මැක්කොනරිගේ ‘Just Keep Living’ Mantra (වීඩියෝ)
  • එක් තැනකදී ඩෙඩ්පූල් බියොන්සේගේ ලෙමනේඩ් ඇල්බමය මතක් කරනව. බොහෝ දෙනා පවසන්නේ ඇයගේ සැමියා Jay-Z අන් කාන්තාවක ඇසුරුකලබවත්, ඇය මේ ඇල්බමයේ ගීත තුලට එම සිදුවීම ඇතුල්කර ඇති බවත්.
  • හොලෝ පොයින්ට් උණ්ඩය. (වීඩියෝ)
  • ඩෙඩ්පූල් නිකං ඉන්නෙ නෑ, එ:ජ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑනා සහ උපදේශකවරයා වන ජෙරාඩ් කුෂ්නර්වත් මතක් කරනවා.
  • තේරීම් තොප්පිය නොහොත් හැරීපොටර්හි Sorting Hat. (වීඩියෝ)
  • ස්කිට්ල්ස් (Skittels) -Touch The Rainbow දැන්වීම. (වීඩියෝ)
  • ඩෙඩ්පූල් එක්තැනකදී කේබල්ට කියනව එකැස් විලී (One Eyed Willy) කියල. ඒ 1985 වසරේ තිරගතවූ The Goonies චිත්‍රපටයේ එන එකැස් මූදුකොල්ලකාර චරිතයක්. මෙහි කේබල් චරිතයට පණපොවන ජොෂ් බ්‍රෝලිනුත් රංගනයෙන් දායක වුණා එයට.
  • Basic Instincts (1992) චිත්‍රපටයේ ජනප්‍රිය Leg Cross එක. (වීඩියෝ)
  • මිනියාපොලිස් ගුවන්තොටුපොලේ අපචාර සිදුවීම. විස්තර තියනව මේ ලින්ක් එකේ.
  • “ඔබ වළහෙක්ද දෙවියනි? මේ මම, මාග්‍රට්” සරදම – මේක ජූඩි බ්ලම් ලේඛිකාව 1970 වසරේ පළකල Are You There God? It’s Me, Margaret කෘතියට කල පොඩි සරදමක්. මේක ඇත්තටම ඩෙඩ්පූල් නළු රයන් රෙනෝල්ඩ්ස් කැමතිම කෘතියක්ලු.
  • ජගර්නාත් විසින් කේබල්ට කියනවා “Beat It, Midget”කියල. මෙහෙම කියන්නෙ ඇත්තටම සමහරවිට කොමික් චරිතයට වඩා චිත්‍රපටයේ කේබල් උසින් අඩු නිසා වෙන්නත් පුළුවන්. සමහරවිට මයිකල් ජැක්සන්ගේ Beat It ගීතයට නර්තනයේ යෙදෙන මෙන්න මේ මිටි පුද්ගලයා නිසා වෙන්නටත් පුළුවන්.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
18761 වාරයක්
Available Torrents
720p bluray 1.11 GB
GET
1080p bluray 2.14 GB
GET
2160p bluray 6.09 GB
GET
720p web 1.1 GB
GET
1080p web 2.13 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (17)
← Older
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 8.1 UC Browser 7
    2018-11-02

    බොහොම ස්තූතියි සහෝ!

    Reply
  • Sahan Dilanka User
    Windows 8.1 Firefox 63
    2018-11-02

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved