Death Warrant (1990) Sinhala Subtitle

August 15, 2020 Admin
Subtitle by Rasika Samanjith

 

                            මාරක බන්ධනාගාර මෙහෙයුම

ජනප්‍රිය සටන් නලු Jean Claude Van Damme ගේ තවත් පැරණි සිනමා සිත්තමක් තමයි DEATH WARRANT. මුලින්ම තිරගත වුනේ 1990 සැප්තැම්බර් 14 දිනයි. Action, Crime, Thriller කාණ්ඩවලට අයත් වෙනවා. IMDb අගය 5.7/10 ලබාගෙන Google පරිශීලකයන්ගේ කැමැත්ත 91% ලබාගත් සිනමා නිර්මාණයක්. Van Damme සමඟ ප්‍රධාන නිළි චරිතයට රංගනයෙන් දායකවෙන්නේ සුරූපී Cynthia Gibb. ධාවන කාලය විනාඩි 89 යි.  ඇ.ඩො. මිලියන 6 ක වියදමකින් නිර්මාණය කල Death Warrant ප්‍රදර්ශනය ඇරැඹි මුල් සතිය තුලම ඇ.ඩො. මිලියන 5 ක වාර්තාගත ආදායමක් උපයාගෙන බොක්ස් ඔෆීස් ලැයිස්තුවේ අංක 3 ස්ථානයට පත්වූ අතර සමස්ත බොක්ස් ඔෆීස් ආදායම ලෙස ඇ.ඩො. මිලියන 46.7 ක් උපයාගැනීමට සමත්විය.


පොලිස් පරීක්ෂක ලුයිස් බර්ක් දක්ෂ පොලිස් නිලධාරියෙක්. “සෑන්ඩ්මෑන්” ලෙස තමාම හඳුන්වාගන්නා භයානක දාම මිනීමරුවෙක් පසුපස ලුහුබැඳ ගොස් ඔහුව මරා දැමීමට සමත්වීම නිසා දෙපාර්තමේන්තුව තුල කතා බහට ලක්වූ කෙනෙක්. මේ නිසා ආණ්ඩුකාරවරයා විසින් ඉතා රහසිගත මෙහෙයුමකට ඔහුව යොදාගන්නවා. ඒ තමයි කැලිෆෝර්නියාවේ හැරිසන් ස්ටේට් බන්ධනාගාරය තුල සිදුවූ සහ සිදුවෙමින් පවතින අභිරහස් මරණ දාමයක් සම්බන්ධව කරුණු අනාවරනය කරගැනීම. ඒ සඳහා බර්ක්ව ආයුධ ජාවාරම්වලට වැරදිකරුවෙකු ලෙස හැරිසන් බන්ධනාගාරයට යවනවා. ඉතා සුලු කීප දෙනෙක් ඇරෙන්න මේ ගැන කවුරුවත් දන්නෙ නෑ. බර්ක් සහ මෙහෙයුමේ ප්‍රධානීන් අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ තරුණ නීතිඥවරියක වන ඇමන්ඩා බෙකට් (Cynthia Gibb) විසින්. ඇය බර්ක්ගේ බිරිඳ ලෙස පෙනී සිටිනවා. එක් අවස්ථාවකදී හෝකින්ස් නමැති අයෙක්ට බන්ධනාගාරය තුල මැරයෙක් පහර දීමට යනවිට බර්ක් විසින් බේරාගනු ලබනවා. ඔහුත් පසුව බර්ක්ට උදව් කරනවා. බන්ධනාගාරයෙන් පිටත සිට බන්ධනාගාරය ලිපි ගොනු හා සම්බන්ධ පරිගණක දත්ත විශ්ලේෂණයන් මගින් බර්ක්ට උදව් කරන ඇමන්ඩා සුවිශේෂී කරුණු කීපයක් සොයා ගැනීමට සමත් වෙනවා. ඒ මියගිය සියලු දෙනාගෙම නම් සහ රුධිර ගණය විශේෂිත වූ රහසිගත ගොනුවක ඇතුලත් කර තිබූ බවයි. ඔවුන් සියලු දෙනාම මත් ද්‍රව්‍ය පාවිච්චියෙන් තොර යහපත් ශරීර සෞඛ්‍යයෙන් හෙබි අය බවත් අනාවරණය කරගන්නවා. බර්ක් කියන්නේ එය “හිට් ලිස්ට්” එකක් (ප්‍රහාරක නම් ලැයිස්තුවක්) බවයි. තවත් විශේෂිතම කාරණයකුත් ඇමන්ඩා හෙලිකරනවා. ඒ තමයි එම ලිස්ට් එකේ තව එක නමක් පමණක් ඉතිරි වී ඇති බවත්, ඒ බර්ක්ගේ නම බවත්ය. ඒ වගේම මේ මරණ වලට බන්ධනාගාර නිලධාරින්ගේ සම්බන්ධයක්ද ඇති බවත් බර්ක් සොයාගන්නවා. මේ මරණ වල අභිරහස කුමක්ද? ඒ වගේම බර්ක් සිහිනෙකින්වත් නොසිතූ කෙනෙකුත් ඔහුට බන්ධනාගාරයේදී දකින්නට ලැබෙනවා. ඒ කවුද? තරුණ රහසිගත පොලිස් නිලධාරියෙකුගේ බන්ධනාගාර වික්‍රමය : Death Warrant නැරඹීමෙන් මේ සියල්ලටම පිළිතුරු ලැබේවි. ජය වේවා!

BRRip / 720p / 1080p

Available Torrents
720p bluray 795.09 MB
1080p bluray 1.46 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (7)
  • ශාමල් මනෝජන් Unregistered
    Android 7 Chrome 83

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    දිගටම මෙවැනි පැරණි චිත්‍රපට වලටම උපසිරැසි ලබාදෙන්න.

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 74

      Thanx for the comment.

  • ලහිරු සඳරුවන් Expert Subtitler
    Windows 7 Opera 70

    ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා සබ් එක දෙනකන් හිටියේ.
    බොහොම ස්තූතියි.:star_struck::star_struck:

  • Rasika Thushara Samanjith Admin
    Windows 10 Chrome 74

    සන්තෝසයි. ඊළඟට Derailed දෙන්නම් BR වලින්.

  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 70

    බොහෝම ස්තූති සබ් එකට
    ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන් හිටියට සබ් නැති නිසා බැලුවේ ..
    පුලුවන්නම් මේ ෆිල්ම් එකටත් සබ් එක දෙන්න
    Only The Strong 1993
    මේ ෆිල්ම් එකට සබ් නැති එක සැහෙන්න පාඩුවක් පුලුවන්නම් ලොකු පිනක්..
    ස්තූති

    • Rasika Thushara Samanjith Admin
      Android 10 MIUI Browser 12.4

      mark dacascosge supiri film ekak. dvd eka man laga thiyenawa. eth net eke honda copy ekak hoyaganna ne.

  • Lakshan Silva User
    Android 5.1 Chrome 63

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search