Demolition Man (1993) Sinhala Subtitle

/

යාළුවෝ ඔක්කොටෝම සුභ දවසක්. ඉතිං ඔන්න මම ආවා මගේ සිව්වෙනි උපසිරැසියත් අරගෙනම. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ නම Demolition Man. හැමෝම දන්නවානෙ සිල්වෙස්ටර් ස්ටෙලෝන් නැත්නම් රැම්බෝ ගැන. එයා තමයි මේකෙ ප්‍රධාන චරිතෙට පණ දෙන්නෙ.මේක ගොඩක් ඉස්සර හදපු අනාගතේ වෙන දෙයක් ගැනයි කියවෙන්නෙ…

ඉතිං කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ජෝන් ස්පාර්ටන් කියන්නෙ ලොස් ඇන්ජලීස් පොලිසියේ ඉන්න හොදම නිළධාරියෙක්. නමුත් මොහුව හැදින්වූයේ විනාශකාරී මිනිසා යන නමින්. හේතුව වෙන්නෙ ඔහුට පවරන යම් රාජකාරියක් ඔහු අකුරටම ඉටුකරන නමුත් ඒ නිසා විශාල වශයෙන් දේපළ හානි සිද්ධ වීමයි. මෙයාගෙ ප්‍රථිවාදියා වෙන්නෙ සයිමන් ෆීනික්ස් කියන දාමරිකයා. ඉතිං මොහුව අල්ලන්න ගිය වෙලාවක ‍ජෝන් ස්පාර්ටන් නොසිතූ විදිහට අහිංසක මිනිසුන් රැසකගේ ජීවිත අහිමි වෙනවා. ඒ හේතුවෙන් සයිමන් ඇතුළුව ඔහුටත් දඩුවම් ලැබෙනවා. දඩුවම තමයි වසර 70 ක් අයිස් කුට්ටියක සිරකර තැබීම. කාලයාගේ ඇවෑමෙන් වසර 36 කට පසු කිසියම් කුමන්ත්‍රණයකින් සයිමන් නිදහස් වෙනවා. එවිට තිබෙන්නෙ බොහෝම සාමකාමී සමාජයක්. වැරදි ක්‍රියා සිදුවෙන්නේ නෑ. අවි ආයුධ භාවිතයක් නෑ. ආරක්ෂක අංශ පවා අවි පාවිච්චි කරන්නෙ නෑ. එවැනි සමාජයකට නිදහස් වන සයිමන් තමුන්ගෙ පුරුදු දාමරිකකම් කරන්න පටන් ගන්නවා. නමුත් ඒ සමාජයේ පොලීසියට ඔහුව මෙල්ල කරන්න බැරිවෙනවා. ඔහුව මෙල්ල කරන්න ඔවුන්ගේ අවසන් තුරුම්පුව වන්නේ නැවත ජෝන් ස්පාර්ටන්ව නිදහස් කර සේවයේ පිහිටුවීමයි. ඉතිං මේ පාර ජෝන් මොනා කරයිද?වැඩේ ඉවරවෙලා ආපහු හිරකරයිද කියලා ඔයාලම බලන්නකෝ. කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා හොදේ…

Spoiler Warning : Demolition Man is a 1993 American science fiction action film directed by Marco Brambilla in his directorial debut. The film stars Sylvester Stallone and Wesley Snipes. The film was released in the United States on October 8, 1993…

6.6
IMDB

Year : 1993

Actors : sylvester stallone, wesley snipes, sandra bullock, nigel hawthorne

A police officer is brought out of suspended animation in prison to pursue an old ultra-violent nemesis who is loose in a non-violent future society.

Executive Subtitler

Movies

15

Tv Episodes

22

  • Download : 499
  • File Size : 46.324KB
  • Sub Update :2021-01-06
  • Pasiyaa Unregister User
    Android 5.1Facebook App 23

    Niyamai saho…

    2017-01-07 at 8:28 pm
    • Madura Unregister User
      Android 10Chrome 126

      මට ඩවුන්ලෝඩ් කරන්න බැරි ඇයි

      2024-07-05 at 3:06 pm
  • Sampath Unregister User
    Windows 7Firefox 50

    thnx machan

    2017-01-08 at 9:18 am
  • ajantha lakshitha Unregister User
    Windows 8Chrome 68

    thankz bro

    2018-08-16 at 7:36 am
  • Lakshan Silva User
    Android 5.1Chrome 63

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

    2020-09-17 at 3:37 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *